අම්බලංගොඩ ඉඳලා එනකොට ලෑන්ඩ්සයිඩ් එකේ

ප්‍රධාන කතාව කියන්න කළිං තියනවා පොඩි බැක්ග්‍රවුන්ඩ් කතාවක්. ඒක කියන්නම වෙනවා ප්‍රධාන කතාවට කළිං. ඔන්න ඉබ්බගේ පරණ ඔෆිස් එකේ යාළුවෝ සෙට් එකට ගාල්ල පැත්තේ වෙඩිමකට ආරාධනාවක් ලැබුනළු (පතීගෙ වෙඩිමද මන්දා). ඔන්න කට්ටිය සදර්න් හයිවේ එකේ එහෙම ගිහිල්ලා එළියට ආවළු. පාර පෙන්නන්න භාර අරං තිබ්බෙ පෝකා අයියා සහ ප්‍රින්ස්. දෙන්නම හරි හරි ඔහොම කෙළිංම යං කිව්වට පාර හරියටම දන්නෙ නැති බව තමාළු පෙනුනෙ. ඒක නිසා සරා තිරණය කළාළු සරාගෙ අතිජාත මිත්‍රයෙක් වෙන සුසාට කෝල් එකක් දීලා පාර හරියටම අහගන්න. සුසා මේ වෙනකොටත් වෙඩිමට ගිහින් හිටපු නිසා මේ වෙලාවේ උපදෙස් ගන්න සුදුසුම පුද්ගලයා බවට පත් වුනේ ඉතින් සුසාළු.

සරා: හලෝ… සුසා, උඹ වෙඩිමට ගිහින්ද ඉන්නෙ?

සුසා: හලෝ සරා. ඔවු ඔවු. දැං මොකක්ද වෙන්න ඕනෙ?

සරා: අපිට පාර කියපන්කො.

සුසා: ආ… උඹලා හොල්සිම් ෆැක්ටරිය ගාවට ආවද?

සරා: ඔවු ඔවු. මේ ඒ කිට්ටුවමයි ඉන්නෙ. පේන දුර

සුසා: ආ… ස්පොට් එක ඒ ළඟමයි තියෙන්නෙ. කෙළින්ම පොඩ්ඩ දුරක් ඉස්සරහට වරෙන්. එතකොට තියනවා ___ කියලා තැනක්. එතන තමා ස්පොට් එක. හොල්සිම් එක පහු වෙච්ච ගමන්මයි තියෙන්නෙ. වැඩි දුර නෑ.

දැං කට්ටිය බොහොම සන්තෝසෙන් හොල්සිම් එක පහු කරාළු. කිලෝමීටරයක් ගියාළු. තාම නෑ. දෙකක් ගියාළු, ඔහෙ නෑ. දැං කිලෝමීටර් 5ක් ඉතරම ගියාළු. වෑන් එක දැං යන්නෙ නියරවල් වැටවල් උඩිංළු (තාර පාර ඉවර වෙලා. හිහ්… 🙂 )දැං නම් කට්ටිය හෙම්බත් වෙලාළු. ටික ටික තේරුනාළු පාර වැරදියි කියලා. මොකද දන්නවද වෙලා තියෙන්නෙ? අපේ යාළුවෝ සෙට් එක ගියේ කොළඹ ඉඳලනෙ. සුසා ඇවිත් තියෙන්නෙ මාතර ඉඳලා. ඒක නිසා ඌ පාර කියලා තියෙන්නෙ මාතර ඉඳලා එන විදියට හොල්සිම් එක පහු කරළා. ඒ කියන්නෙ කොළඹ ඉඳලා එනකොට හොල්සිම් එකට කළිං. හිහ්… හිහ්… කොහොමද සුසාගෙ වැඩ?

දැං අපේ ප්‍රධාන කතාව. සති දෙකකට ඉතර කලිං ඉබ්බගේ හොඳ යාළුවෙක් වෙච්ච ප්‍රින්ස් බැන්දා. වැඩ බැරි වුනත් ගම ගාල්ලෙනෙ හිහ්… හිහ්… 🙂 (මේක නං මේ ගුටි කන්න වෙන කතාවක්. මම කිවුවෙ ගාල්ල ගැන කිව්ව එක 😀 )ප්‍රින්සුත් ඒ පැත්තෙම තමා. හැබැයි ප්‍රින්ස් වැඩ කාරයා. මොකද ප්‍රින්ස් ගාල්ලෙ කිවුවට ගාල්ලෙම නෙවෙයි. අම්බලන්ගොඩ (ඇති යාන්තං ගොඩ ගියා. හිහ්…).ඔන්න දැං ඉබ්බත් පරණ යාළුවෝ එක්ක ගමනට එකතු වුනා. නඩේ ගුරා සුපුරුදු පරිදි පෝකා අයියා. ඔන්න දැං කට්ටිය සදර්න් හයිවේ එකේ එහෙම ගිහිල්ලා දැම්මා කොහෙන්ද මන්දා ස්පොට් එකකින් සාමාන්‍ය පාරට. පාර දන්නෙ නැති වුනත් පෝකා අයියා ෆුල් කොන්ෆිඩන්ස් පිට නොදන්න පාරවල් පෙන්නලා කියනවා මේක මේක කියලා. යනවා යනවා තාම නෑ.දැං කට්ටිය කෑ ගහනවා. පාර ෂුවර්ද ෂුවර්ද කිය කිය. පෝකා අයියත් ගේම අත අරින්නෙම නෑ.සෑහෙන ගමනකින් පස්සෙ යාන්තම් ආවා ගාළු පාරට. පෝක අයියා කෑ ගහනවා ‘ඒකනෙ මම කිව්වෙ පාර හරි කියලා’ කිය කිය. දැං එහෙන් මෙහෙන් අර පරන හොල්සිම් කතාවෙ කෑලිත් කනිං කොනිං ඇදිලා එනවා. මේ වෑන් එකේ හිටියෙත් ඒ වෑන් එකේ හිටිය සෙට් එකම තමා (ගොඩ දෙනෙක් මගෙ හිතේ). දැං ගාළු පාරෙත් ටිකක් දුර ගියා. ස්පොට් එක තාම නෑ.

සරා: ඒයි පෝකා… ප්‍රින්ස් කිව්වෙ කොයි පැත්තෙ කියලද

පෝකා: ආ… ලෑන්ඩ් සයිඩ් ලෑන්ඩ් සයිඩ්

සරා: උඹට ෂුවර්ද ලෑන්ඩ් සයිඩ් කියලා

පෝකා: ඌ කිවුවෙ නං එහෙමයි. පොඩ්ඩක් හිටපං බලන්න. ඌ කිවුවේ අම්බලංගොඩ පැත්තෙ ඉඳලා එනකොට ලෑන්ඩ් සයිඩ් කියලද දන්නෙ නෑ

වෑන් එක තත්පරයකට නිෂ්ශබ්ධ වෙයි ඉන්පසු විශාල ඝෝෂාවකි. පෝකා අයියාගේ කලිසම නැත. ඒ කියන්නේ අම්බලංගොඩ සිට පැමිණෙන විට ලෑන්ඩ් සයිඩ් තිබෙන පැත්ත කොළඹ සිට එන විට ලෑන්ඩ් සයිඩ් තිබෙන පැත්ත දෙකක් බව පෝකා අයියා සිතා සිටින බවයි. වෙනස් විදියකට කියනවා නම්, ශ්‍රී ලංකාවේ මුහුදට පැත්ත මාරු කිරීමේ හැකියාවක් ඇති බවයි (ඕගොල්ලො කවුරු හරි දැකලා තියනවද මුහුද ගාළු පාර පැනලා පැත්ත මාරු වෙනවා. පෝකා අයියා එහෙම දැකලා තියනවළු. හිහ්… හිහ්…).
එහෙම කියලා විනාඩියක් යන්නත් කළිං ප්‍රින්ස් ගේ වෙඩිම තියන ස්පොට් එක කොළඹ ඉඳලා යනකොට ලෑන්ඩ් සයිඩ් එකේ හම්බුනා. ඝෝෂාව පොඩ්ඩක් අඩු වුනා ඉතරයි පෝකා අයියා මෙන්න මෙහෙම කියනවා.

ෂිහ්… මට වයිෆුත් කිවුවා කල්පනාවෙං කතා කරන්න කියලා…මෙච්චර කල්පනාවෙං කතා කරලත් මෙහෙම එකක් වුනානෙ

ප්‍රතිචාර 7

  1. Nish said,

    මැයි 23, 2012 at 1:58 ප.ව.

    අඩේ උඹ කාලෙකින් ඇවිත්….

    එළ එළ

    ඕවා මොනාද බන් මට දවසක් වැල්ලවත්ත හරියෙදි ලෑන්ඩ් සයිඩ් මාරු වෙලා බම්බලපිටියටම ආවම තමා මීටර් උනේ

  2. මැයි 23, 2012 at 4:32 ප.ව.

    ඔහොම කියන දේවල් අහගෙන මලගෙදරක යන්න ගියපු අපිත් අවසානෙදි එහෙ ගියේ මිනිය වළලලා අපු එවුනුත් විසිර ගියාට පස්සේ.

  3. මැයි 23, 2012 at 4:42 ප.ව.

    නැහැ මං නං කොමෙන්ට් කරන්නේ ම නැහැ… එනවා යනවා … මොන වදයක්ද මේක… 🙂

  4. kpgtharaka said,

    මැයි 23, 2012 at 4:52 ප.ව.

    පට්ට පට්ට

  5. kpgtharaka said,

    මැයි 23, 2012 at 4:53 ප.ව.

    පට්ට කතාව.. උතුර දකුණ මාරුවෙන්න උගේ කනේ කාන්දම්ද?


අවතාර් වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න