හනුමගෙ බජට් එක

ඉබ්බා ඉතිං කැම්පස් යන කාලෙ ඕනෙ සෙට් එකකට ප්ලගබල්. ඔය ඉන්න කාට කාට හරි තැනට සුදුසු විදියට සෙට් වෙනවා. ඒ වුනාට ඉබ්බගේ කෝ ටීම් එක ඇවිල්ල ඉබ්බයි සිරිපාලයි. ඉතිං මෙහෙම නිතර ප්ලග් වුන සෙට් එකක තමා හනුමා හිටියේ. හනුමා බර කාරයා. කැම්පස් ආවේ වොල්වෝ එකක. හැබැයි ඒකට පෙට්‍රල් ගැහුවේ අපි. ඌ ඕන වෙලාවක එම්ප්ටි පොකට්. පෙට්‍රල් තියා ඌට සමහර දාට කැන්ටිමේ බත් එක කන්න වත් රුපියල් 13ක් තිබ්බෙ නෑ. හනුමගෙ අම්මා ටිකක් වසයි.හනුමයි තාත්තයි නංගියි මල්ලියි ඔක්කොමලා අම්මට භයයි.

ඉතිං හනුමා ඒ දවස් වල යාළු වෙලා හිටියේ පාරෙන් එහා පැත්තෙ තියෙන ෆයිනෑන්ස් ෆැකල්ටියේ සෑහෙන්න ඇහැට කණට පේන ලලනාවක් එක්ක.ලලනාවත් ඉතිං ෆුල් පොෂ්.මේන්ටේන් කිරිල්ලත් ලේසි නෑ වගේ. විජ්ජා පීඨෙ තියනවා ප්‍රසිද්ධ දොඹ ගහක්. ඒකෙ ඉංගිරිසියෙන් බෝඩ් එකක් එල්ලලා තියනවා බොට්නි ඩිපාර්ට්මන්ට් එකේ එවුන්. ඉංග්‍රීසි බෝඩ් එක සිංහලෙන් කියෙවුවාම එන්නෙ ඩොම්බ(Domba) කියලා. ඉතිං කට්ටිය කවුරු කවුරුත් ඒ ගහ හැඳින්නුවේ ඩොම්බ ගහ කියලා.ඒ ගහ වටේට සිමෙන්තියෙන් බැම්මක් බැඳලා තියෙන්නෙ. ඒ බැම්මත් වාඩි වෙලා අල්ලාප සල්ලාපයේ යෙදෙන අයගේ හොඳ තැනක් තමා. ඉතිං ඔන්න දවසක් 10ක 12ක සෙට් එකක් ඔතන වාඩි වෙලා හිටියා.ජුන්ඩා, සුද්ධෝදන, සාධාරණ කොටා නොහොත් තෙල් බේත් කොටා, සිරිපාලයා, අත උඩ,නිලා, හසනි, චනා, සුහේ,   බ්‍රහ්මෙ එහෙමත් හිටියා වගේ මතකයි.කට්ටිය කියෝ කියෝ හොඳ ජොලියේ ඉන්නකොට එකපාරට හනුමා දුවගෙන ආවා.කලබලෙන් වගේ හනුමා ජුන්ඩාට පොතක් දීලා කිවුවා ලලනාව කතා කරනවා, මේ පොත පොඩ්ඩක් තියාගෙන ඉන්න කියලා හනුමා අතුරුදන් වුනා.ජුන්ඩයි සුද්ධෝදනයි බයිලා කියෝ කියෝ ඉඳලා පොත පෙරලන්න පටං ගත්තා. ඒක ඔය මොනාහරි එකවුන්ටිං ලියපු CR පොතක්. ඒ දවස් වල හනුමා CIMA කරන කාලෙ.පොතේ තියන ඒවා ගැන විකාර කතා කිය කිය අන්තිම පිටුවටත් ආවා.මෙන්න මෙහෙමයි ඒකෙ තිබ්බෙ.

අම්මා දුන්නා 100

උදේ කෑම 14

දවල්ට 13

නාරාහේන්පිටට බස් ගාස්තු 6.50

ප්ලේන් ටී 3

……

……

……

ලලනාවත් එක්ක කන්න 48

ඉතුරු 11.75

ගනං හරියටම මතක නෑ. ඒත් ඔහොම තමා තිබ්බෙ 🙂 .

අප්පටසිරි! කිරි අප්පට බල්ලො පැනපි! හනුමා බජට් එකක් ගහලා. ඒ දවස් වල ලවු කරන කාළෙ වියදනුත් සැරයිනෙ 🙂 . උගෙ බජට් එකේ හිඟය පියවන්න තමා අපේ විදේශාධාර අරන් තියෙන්නෙ. ජුන්ඩටයි සුද්ධෝදනටයි මේ වෙලාවෙ ගණ දෙවි නුවණ පහළ වුනා.ගත්තා කොලේ, උඩින්ම ලිවුවා හනුමගෙ බජට් එක කියලා. ගැහුවා මාතෘකාවට යටින් ඉරක්. ඊට පස්සෙ කෙලීන්ම ගියා ෆොටොකොපි ගහන තැනට. ගැහුව කොපි 10ක් 15ක්. ගම් බෝතලේකුත් ගත්තා. ඊට පස්සෙ විජ්ජා පීඨෙ පුරා නෝටිස් බෝඩ් වල ඇලෙවුවා හනුමගෙ බජට් එක. හිතා ගන්න පුළුවන් නේද ඊට පස්සෙ වෙච්ච හරිය. හනුමට ඉන්න නැති වුනා 😀 . විළි ලැජ්ජාවේ සංතෝසෙ බෑ ඕයි….!

හැබැයි හනුමට නම් මේ වැඩේට මළ පැන්නා. ඇයි උගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංගනය වෙලානෙ. අනේ ඉතිං අපි දන්නවායැ ඕවා.බොහොම අමාරුවෙන් තමා ආපහු ඌව යාළු කරගත්තෙ 🙂 .

Advertisements

හොඳම කපල් එක

ඔන්න ඉතිං ඉබ්බා කැම්පස් එකට තේරුනාම කට්ටියට ඉංග්‍රීසි පන්තියකුයි කම්පියුටර් ප්‍රාථමික පන්තියකුයි තිබ්බා මුල සති තුන හතර වගේ.ඉතිං මේ ඉංග්‍රීසි පන්තිය එක්සෙම්ප්ට් වෙච්ච කට්ටියත් හිටියා.කම්පියුටර් පන්තියනම් ඉතිං කැමති අයට එන්න පුළුවං.ඉංග්‍රීසි එක්සෙම්ප්ට් වෙච්ච අය හවස කම්පියුටර් පන්තියට එනවා.ඇයි යාළුවෝ අඳුරගන්නත් එපෑ.ඉබ්බට ජීවිත කාලෙට හම්බුන හොඳම යාළුවන්ගෙන් එක්කෙනෙක් වෙන සිරිපාලත් මේ හවසට හවසට රූටන කෙනෙක්.සිරිපාල කැම්පස් ආවම සෙට් වෙලා ඉන්නෙ අප්පමදෝ අමතපදංලගෙ සහෝදර පාසලේ(ඉබ්බනං ඒකට කියන්නෙ පමාදෝ මච්චුනෝ පදංලගේ ඉස්කෝලේ කියලයි. හිහ්…) සිරිපාලයගේ 9වසරෙ ඉඳලම හිටපු හොඳම යාළුවා අත උඩ එක්කයි.සිරිපාලයා ඔෆිස් යනවා වගේ තමා එන්නෙ.පිලිවලකට ඇඳලා සපත්තු දාලා එහෙම තමා ඉතිං ආවෙ.ඉබ්බා හිටියේ අලුතෙං පටං ගත්ත කෝස් එකක නිසා ජ්‍යේෂ්ඨ උත්තමයෝ නෑ සද්ද දාන්න.හිටියේ අල්ලපු වත්තෙ විජ්ජා පීටෙ ජ්‍යේෂ්ඨ උත්තමයෝ තමා.ඒක නිසා ඉබ්බලට සෑහෙන නිදහසක් තිබ්බා.කොහොම කොහොම හරි සිරිපාලයා ආවම ලැබ් එකේ එහෙම ඉඳගෙන හෙන හර බර සාකච්ඡා.බැළුවමත් තියෙන්නෙ නිකං හෙන ප්‍රොෆෙසර් ලුක් එකක්.මේ ගොඩට මුලිංම සෙට් වෙච්ච තව එකෙක් තමා චම්ලියා.තුන්දෙනාම සිංදුවක් ගැන කාතාවුනත් ඉතිං එක්කො විට්ටර් මහත්තයගේ නැත්තං සුනිල් මහත්තයගෙ.දන්නෙ නැද්ද, දරුණු ඩයල්නෙ.ඉබ්බා ඉතිං ඔය කාව කාවත් සුපුරුදු විදියට ඔරොප්පු කර ගන්නෙ නැතුව ආස්සරේ කොරගෙන හිටියා.

ටික දවසක් යනකොට  චම්ලියගේ ගාල්ලෙ ඉන්න ඉස්කෝල කාළේ පටන්ම පෙමින් වෙලී සිටි දිනාකා කොළඹ යන්න එන්න පටන් ගත්තා. ඉතින් චම්ලියා මිසිං. ඩියුටි යන්න එපැයි.ඊට පස්සෙ අත උඩ විජ්ජා පීඨෙට පාළමක් ගහන්න පටන් ගත්තා. ඉතිං මිනිහා කොයි වෙලෙත් ප්ලෑනෙ හැටියට තමා වැඩ.වැඩේ ගොඩ දාගන්න එපැයි.අන්තිමේදි අත උඩගෙ වැඩේ හරි ගියා. චම්ලියයි දිනාකයිත් බැන්දා. මට මේ ඊයෙත් දෙන්නව හම්බුනා.මේ සෙට් එකේ හිටපු අනිත් යාළුවා තමා චන්දරේ. චන්දරේට එක පාරටම ලිනක්ස් මේනියාවක් හැදුනා.ඉතින් ඒ වැඩ නිසා මිනිහත් මිසිං.අන්තිමටම කොහොම හරි කැරකිලා කැරකිලා සිරිපාලයව ඉබ්බට සෙට් වුනා.දැං සෙට් එකේ ඉන්නෙ දෙන්නයි. සිරිපාලයි ඉබ්බයි.සිරිපාලයා ඩොටේ ඉඳලා එන්නෙ. ඒ වුනාට හිතං ඉන්නෙ පිට කොටුවෙ තරම්ම නාගරිකයි කියලා (ඒ කතාව වෙනම ලියන්න වෙනවා. හිහ්…). සිරිපාලයා උදේම ඉන්ටර්සිටියක නැගලා 7 වෙනකොට ඇවිත් ඉන්නවා. ඉබ්බත් බස් වල හිර වෙලා යන්න අකමැති නිසා 7 වෙනකොට එතන.කොහොම කොහොම හරි සිරිපාලයි ඉබ්බයි නිකං කැම්පස් එකේ යුගල පද වගේ වුනා.

දන්නෙම නැතුව අවුරුද්දකුත් ගියා.දැං ඔන්න අළුත් නැවක් ඇවිල්ලා. ජ්‍යේෂ්ඨ උත්තමයො අනං මනං ලෑස්ති කරන්නත් ඕනෙනෙ.ඔන්න ඉතිං අළුත් කට්ටිය ඇවිත් ටික කාළෙකින් ෆ්‍රෙෂාලගෙ ස්පෝර්ට්ස් ඩේ එක තියන දවස ආවා. සර්ලා මැඩ්ම්ලා, අනිත් ස්ටාෆ් එක, ළමයි සේරම ඇවිත් හොඳට විනෝද වුනා. ඔන්න දැං හවස් වෙලා.තෑගිත් බෙදන වෙලාව. ඒ අස්සෙ එකේක ඉවෙන්ට්ස් තියනවා. හොඳම ක්‍රීඩකයා තෝරලා තෑගි දෙනවා වගේ.ඔන්න දැං ස්පීකර් එකෙන් ඇහෙනවා…

ජූනියර් බැච් එකේ හො…ඳ…ම….. කපල් එක……..

අහවලා සහ අහවලා…..

ඔවු මෙන්න දැං සීනියර් බැච් එකේ හොඳම කපල් එක තෝරන වැදගත් අවස්ථාව…. මිත්‍රවරුනි…. මේක නම් හැබැයි ලංකාවෙ ටිකක් අප්සට් වැඩක්…. ඒත් ඉතිං හරි කපල් එක තෝරන්න එපැයි… මෙන්න…. සී නියර් බැච් එකේ හොඳම කපල් එක….

සිරිපාල සහ ඉබ්බා…. (කට්ටිය විසිල් ගහනවා… හූ තියනවා…. කෑ ගහනවා…)

ඉබ්බයි සිරිපාලයි කලිසං ග්‍රවුන්ඩ් එකේ තියෙද්දිම වාෂ්ප වුනා… හිහ්… 😀

Near the උසාවිය…!

ඔන්න ඉතිං මේ කතාවත් සරාගෙම තමා. හා හා පුරා කියලා සරා ගියාලු ඉන්ටර්වීව් එකකට. ඉබ්බට හරියටම මතක නම් මේ ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් වෙන්න ඕනෙ. සරාත් ඉතිං ඔන්න බයෙන් බයෙන් ගියාලු. දැං සරාගෙ වාරෙ. සරා ගියාලු ඉන්ටර්වීව් රූම් එක ඇතුලට. ලොක්කො දෙන්නෙක් ඉන්නවලු වාඩි වෙලා සරාට ප්‍රහාර එල්ල කරන්න. සාරාත් ඉතිං තැනට සුදුසු පරිදි ග්‍රීට් කරළා එහෙම පෙන්නපු පුටුවෙන් ඉඳ ගත්තලු.

ලොක්කා: Sara, tell us about yourself

සරා: I’m Sara Rathne. I have 4 in my family…………. I live in Kandy

ලොක්කා: Aaah… you live in Kandy. Where about in Kandy?

සරා: Near the උසාවිය…! (හුටා… විද්දනෙ… මොකද යකෝ දැං කරන්නෙ)

සරාව නිකං කීං ගාලා ගියාලු.එකපාරට පොඩි නිෂ්ශබ්ධතාවයක් ඇතිවුනාලු. එක ලොක්කෙක්ට තෙරුනාලු මොකක් හරි අප්සට් වැඩක් වුනා කියලා. හැබැයි මොකක්ද අවුල කියලා ක්ලික් වුනේ නෑලු. අනිත් ලොක්කා හෝ ගාලා හිනා වෙනවලු (මිනිහට ක්ලික් වෙලා. හිහ්…හිහ්… 🙂 ) ඊට පස්සෙ සරාට දිගටම මේක මතක් වෙලා දන්න ඉංගිරිසි වචන ටිකත් අමතක වෙලා අලි හුට පටයක් වුනාලු. ඒ වුනාට අන්තිමේදි සරා ඉන්ටර්වීව් එකෙං ගොඩ ගිහින් එතන ට්‍රේනිනුත් ගිහින් තිබුනා. තාමත් ඉතිං සරා living  near  the  උසාවිය තමා හිහ්… 😀

I can help you…!

මේ කතාව ඉතිං සරා තමා ඉබ්බට කිවුවෙ. ඔන්න සරා ක්ෂීරපත විද්‍යාලෙට යනකොට ඒ බැච් එකේම එකෙක් හිටියළු ටිකක් ෂෝ කාරයෙක්. පුළුවං ඉංග්‍රීසියක් නැති වුනාට ඉංග්‍රීසියෙන්මලු කතාව. දෙමළ යාළුවොත් එක්ක හිටියම උන්ට මුළින් මුළින් සිංහල බැරි නිසා ඉංග්‍රීසියෙන් එපෑ අදහස් හුවමාරු කරගන්න. ඉතින් මේ හාදයා වැඩිපුර ඉන්නෙ දෙමළ සෙට් එකක් එක්කලු. එතකොට වැඩියෙන් ඉංග්‍රීසි ෂෝ එක දාන්න පුළුවන්නෙ. කොහොම කොහොම හරි ඔන්න කට්ටිය ට්‍රිප් එකක් ගියාලු. දැං මුළු බැච් එකම මුහුදෙ නාලා හවස් යාමෙ බීච් එකට වෙලා සතුටු සාමීචියේ යෙදෙනවලු. දැං අපේ යාළුවගෙ ෂෝ එකේ අඩුවක් නෑලු. අනිත් උං ඔක්කොම නාල ගොඩ ආවට පස්සෙ මූ ෆුල් ෂෝ එකක් දාගෙන යනවලු තනියම මුහුදෙ නාන්න.

ඔන්න ටික වෙලාවකින් කෑගහන සද්දයක් ඇහිලා බීච් එකේ ඉන්න සෙට් එක බැලුවලු. මූ මහ හයියෙන් ඉංග්‍රීසියෙන් කෑගහනවලු. ටිකක් කන්දීලා බැළුවම මූ කෑ ගහන්නෙ I  can  help  you  කියලලු.එහෙම බෙරිහන්දීලා තත්පර 10ක් ඉතර නොපෙනී යනවලු. ආයිත් මතු වෙලා අත පය උස්සලා මහ හයියෙන් බෙරිහන් දෙනවලු I  can  help  you  කියලා. ඉතිං කට්ටිය බැලුවලු යකෝ මූ කාවද මේ ඉංග්‍රීසියෙන් බේරගන්න යන්නෙ කියලා.විනාඩියක් ඉතර ගියාට පස්සෙ කට්ටියට තෙරුනාලු වෙන මොකාවත් නෙවෙයි මූ මේ ගිලෙනවා කියලා. Can  you  help  me කියන එක පැටලිලා මූ I  can  help  you  කියලා කෑගහලලු 😀 . ඉතිං එහෙම කිවුවම කවුරුත් help  කරන්න ඕනෙ නෑනෙ.කොහොම කොහොම හරි ගොඩ ගන්න කොට සෑහෙන්න ලුණු වතුර පෙවිලලු.හිහ්… 🙂 හිතා ගන්න පුළුවන්නෙ ඊට පස්සෙ යාළුවට මොකද වුනේ කියලා.