මොකද මේ චර්ච් එකක් බෙල්ලෙ එල්ලගෙන?

ඉබ්බා ඉස්සර වැඩ කරපු ඔෆිස් එකේ යාළුවෙක් තමා මේවා කිවුවෙ.යාළුවට වැඩ බැරි වුනාට ගම ගාල්ලෙ.හිහ් හිහ්.යාළුවාට අපි කියමුකො සනා කියලා. සනාට වැඩත් පුලුවං.දැං බුවා එතන ලොක්කෙක්. කොහොමහරි… මේවා නිකං ජෙනරල් තියන කතා මම හිතන්නෙ.ඒවුනාට ඒවා සනායි සනාගෙ යාළුවොයි ඒගොල්ලො ගිය ඉස්කෝලෙ ප්‍රින්සිපල්ට සෙට් කරළා තමා තියෙන්නෙ.

සනා ගිහින් තියෙන්නෙ ගාල්ල මිහිඳු පාසලට. ඔන්න දවසක් ඉස්කෝලෙ නිවාඩු දවසක කොල්ලො සෙට් එකක් ඉස්කෝලෙ ඇවිත්ළු වැඩ වගේකට. දන්නෙ නැද්ද ඒ කාලෙ ඉතිං ඉස්කෝලෙ වැඩක් කිව්වම කසනවා වගෙනෙ.ගෙදර ඉන්නම බෑනෙ.එළියට බැහැපු ප්‍රින්සිපල් දැක්කළු මේ සෙට් එක.


churchප්‍රින්සිපල්: ආ.. පුතාලා මොකද මේ පැත්තෙ?

ළමයි: මේ පොඩි වැඩ වගේකට ආවා සර්

එතන හිටපු එක ශිෂ්‍යයෙක් කුරුස පෙන්ඩන්ට් එකක් සහිත මාලයක් පැළඳ සිටින බව ප්‍රින්සිපල් දකියි.

ප්‍රින්සිපල්: ආ… මොකද මේ චර්ච් එකක් බෙල්ලෙ එල්ලගෙන?

හහ්හා…. (චර්ච් එකක් බෙල්ලෙ එල්ල ගත්තා නම් කොල්ලා එතනම චර්ච් එකට යට වෙලා මැරෙනවා… 😀 )

සනා තව කතාවක් කියනවා ප්‍රින්සිපල් ගැන.ඔන්න මිහිඳු පාසලේ ශිෂ්‍ය නායකයෝ එකතු වෙලා තර්ටි ෆස්ට් නයිට් පාර්ටි එකක් සංවිධානය කළාළු.දැං ප්‍රින්සිපල්ටත් ඉන්වයිට් කරන්න එපැයි. කට්ටිය ගියාළු දෙසැම්බර් මාසෙ මැද හරියෙ දවසක ප්‍රින්සිපල්ව හම්බු වෙන්න.

ප්‍රින්සිපල්: ආ… මොකද පුතාලා?

ශිෂ්‍යයෝ: සර් මේ තර්ටි ෆස්ට් නයිට් පාර්ටියට සර්ට ආරාධනා කරන්න ආවා. සර් එහෙනං එනවනෙ?

ප්‍රින්සිපල්: හා… බොහොම හොඳයි.මම අනිවාර්‍රයෙන් එනවා.

ශිෂ්‍යයෝ: එහෙනං අපි යන්නං සර්.

ප්‍රිෆෙක්ට්ස්ලා ටික ආපසු හැරී මද දුරක් යයි.

ප්‍රින්සිපල්: ස්… ස්…. පුතා… පුතා…

ශිෂ්‍යයෙක්: ඇයි සර්?

ප්‍රින්සිපල්: ඉතිං කිවුවෙ නෑනෙ කවද්ද දවස කියලා…

හහ්හා…. දීපංකෝ උත්තර…. 😀

Advertisements

ශ්‍රී වික්‍රම රාජසිංහ

ඔන්න ඉබ්බා සාමාන්‍ය පෙළ කරන කාලෙ.ඉබ්බගෙ ඒ දවස් වල හොඳම යාළුවෝ දෙන්න තමා නින්ජයි මුනියි. ඉබ්බලගේ ඉතිහාසය පීරියඩ් එක වෙලාව. ඉතිහාසය ඉගැන්නුවේ චාර්ලි සර්.සර්ට චාර්ලි කියලා දාලා තියෙන්නෙ ඉබ්බලගෙ ඉස්කෝලෙ කළිං හිටපු සහෝදරයෝ තමා. ඒ දවස් වල 10 වසරේ ඉතිහාසෙ පොත පටං ගන්නකොටම වගේ තියනවා චාර්ලිමේන් කියලා අධිරජ්‍යයෙක් ගැන. චාර්ලි සර් මේ අධිරජ්‍යයා ගැන කියන්න ගිහිං තමා කාර්ඩ් එක හදාගෙන තියෙන්නෙ. සර් 10 වසරෙ සෙක්ෂනල් හෙඩ්. ඒකත් මේ අධිරජ්‍යවාදී නමට හේතු වෙන්න ඇති.

ඔන්න සර් ප්‍රශ්නයක් ඇහුවා.

සර්: හොඳයි… කියන්න බලන්න අනුරාධපුර රාජධානිය ආක්‍රමණය කරපු දකුනු ඉන්දියානු රජෙක් ගේ නමක්… කෝ දන්න අය අත උස්සන්න.

(ඉබ්බට සර් අහපු ප්‍රශ්නෙ හරියටම මතක නෑ.ඒත් ඔය වගේ ප්‍රශ්නයක් තමා ඇහුවෙ.)

මෙන්න යකෝ කවදාවත් නැතුව මුනියත් අත උස්සගෙන ඉන්නවා…ඉබ්බට නම් ෂුඅර් මුනි මේකට උත්තරේ දන්නෙ නෑ කියලා. සර් පන්තිය පුරා බලයි. ළමයි භාගයක් පමණ අත උස්සාගෙන සිටිති.සර් බලලා බලලා පන්තියේ මැද හරියේ ඇස් රඳවයි.

rajasingheසර්: හා… කියන්න බලන්න ඔයා…

හත් වලාමයි… චාර්ලි ඍජුව අත ඔසවාගෙඅ සිටින මුනිව පෙන්වයි. මුනි කෙළින් නැගිට සිටියි.වීරයා සේ හඩ අවදි කර මහ හඩින්…

මුනි: ශ්‍රී වික්‍රම රාජසිංහ

(ඩෝං පටෝං චට පටාස් චුස් බුස් ඩිම්ම්ම්ම්….ඉබ්බටත් නින්ජටත් කට පියාගෙන බඩ පැළෙන්න හිනා…)

සර්: ආහ්… ශ්‍රී වික්‍රම රාජසිංහ? ඔයා නම් පොත බලලම නෑ…

මුනි ෂේප් එකේ වාඩි වෙයි (වෙලාවට සර් එදා හොඳ මූඩ් එකක හිටියෙ. නැත්තම් මුනිය ගුටිත් කනවා. මුනියගෙ නරක වෙලාව තමා.ඌ හිතලා නෑ සර් ඌවම පෙන්නයි කියලා…හිහ්…)

සර්: වෙන කවුරු හරි කියන්න… වෙන කෙනෙක්…

කවුදෝ හරි උත්තරය දෙයි.එදා පීරියඩ් එක ඉවර වෙනකම් ඉබ්බා හිටියේ පුදුම අමාරුවෙං.පීරියඩ් එක ඉවරුවනාම මුනිට වෙච්ච හරිය හිතා ගන්න පුලුවන් නෙ.

එදා පටං මුනිට තව කාර්ඩ් එකක් වැටුනා ශ්‍රී වික්‍රම රාජසිංහ….! නින්ජා නම් තාමත් ඉඳලා හිටලා මුනියට කතා කරන්නෙ ඒයි…රාජසිංහ කියලයි.හිහ්… 😀

අපේ තාත්තගෙ දුවෙක්…

ඔන්න සුපුරුදු පරිදි දවසක් ඉබ්බයි ඔෆිස් එකේ යාළුවො ටිකයි ගියා දවල්ට කන්න. ඒ දවස් වල ඉතිං වැඩිපුරම කලේ කන ගමං කතා කරන එක නෙවෙයි කතා කරන ගමං කන එක. හිහ්…ප්රධාන වැඩේ කන එක නෙවෙයි කතා කරන එක.කතාවෙං කතාව කැරකිලා කැරකිලා ආවා ටියුෂන් කතාවක්.පන්ති ගියපු සර්ලා ගැන කතාව ඇදිලා ආවා කළුවා ගාවට.

බ්රහ්මයා: අපෝ ඕකා මහ මැර ඩයල් එක. දන්නවද? බැන්දෙ ක්ලාස් ආපු හෙන පොඩි කෙල්ලෙක්ව.ඒකත් බලෙන්ම වගේ තමා බැන්දෙ.

ජුන්ඩා: කවුද බං කෙල්ල?

බ්රහ්මයා: අපේ තාත්තගෙ දුවෙක් (කිරි අප්පට බල්ලො පැනපි…)

ඉබ්බා: ඈහ්…දැං ඔය සීන් එක උඹලගෙ අම්මා දන්නවද? උඹලගෙ තාත්තට දුවෙක් ඉන්නව කියලා?

(බ්රහ්මයට අපි දන්න තරමිං හිටියෙ මල්ලි කෙනෙක් ඉතරයි.අක්කා කෙනෙක් වත් නංගි කෙනෙක් වත් නෑ)

සීන් එක බලනකොට බ්රහ්මයට හදිස්සියට දිව පැටලිලා වචනයක් හැලිලා.බුවාට කියන්න ඕනෙ වෙලා තියෙන්නෙ අපේ තාත්තගෙ යාළුවෙක්ගේ දුවෙක් කියලා.යාළුවා හැලිලා.හිහ්..හිහ්…තව පොඩ්ඩෙන් අලි ජරමරයක් වෙන්නෙ උංගෙ අම්මා දැනගත්තා නම් එහෙම :D.

daughter

කෙහෙල් කැන අත පැන්නා වාගේ

banana

මේක නම් කියන්න හොඳ කතාවක් ද මන්දා.

ඉබ්බා එක කාලෙක වැඩ කරපු කොම්පැණියේ ලොක්කා ගෑණු ළමයි නැති තැන්වල බොහොම සද්දෙට නරක වචන පාවිච්චි කරනවා.බොස් ජොලියට කාට හරි නෝන්ඩියක් දාන්න තමා එහෙම කරන්නෙ.

ඉබ්බලා එක්ක වැඩ කරපු අවුරුදු 50ක ඉතර බොහොම තලතුනා අයියා (එල්. එම්. ඊ. අයියා කියලා තමා ඉතිං කවුරුත් බොහොම ගරු සරු ඇතිව කිවුවෙ) කෙනෙක් හිටියා.කට්ටිය බොහොම ගෞරව සම්ප්‍රයුක්තව තමා එයාට ආමන්ත්‍රණය කළෙත් සැළකුවෙත්. ඔන්න දවසක් මෙන්න මෙහෙම කතාවක් ඇති වුනාළු.

බොස්: ආ… එල්. එම්. ඊ. මෙහෙ එනවා මෙහෙ එනවා… තමුසෙව ගොඩ කාලෙකිං දැක්කෙ නෑනෙ.

එල්. එම්. ඊ. අයියා: නිවාඩු හිටියනෙ සේලක. මගේ දකුණු අත කැපුණනෙ මේ ගෙදර කෙහෙල් කනක් කපන්න ගිහින්…

බොස්: ආහ්… කෝ බලන්න… ගොඩක් කැපිලනෙ.

එල්. එම්. ඊ. අයියා: ඔවු සේලක.මේ දැං ටිකක් හොඳයි. වේදනාව ඉවසන්න බැරුව හිටියෙ.තාමත් දකුණු අතිං මුකුත් වැඩක් කරන්න බෑ.

බොස්: හහ්…එතකොට දැං තමුසේ මේ දවස් වල අ* ග*** වං අතින්ද? (ටොයිං….ටොයිං….ඩ්‍රීරීරීං… හිහ්… එල්. එම්. ඊ. අයියව කැරකිලා ගියාළු)

එල්. එම්. ඊ අයියට කොච්චර මළ පැන්නද කියනවා නම් තව තව හේතු කීපෙකුත් මුල් කරගෙන එල්. එම්. ඊ. අයියා ඒ කොම්පැණියෙන් අස් වුනා.