සර්, ඇතුලෙන් පත්තු වෙනවනෙ… 

ඉබ්බගෙ යාළුවෙක් ඉන්නවා පතී කියලා.පතී කාලයක් ඔෆිස් ආවෙ ස්ටාෆ් සර්විස් වෑන් එකක.ඔන්න දැං වෑන් එක උදේම ඇවිත් කොම්පඤ්ඤවීදියේ ඇහැළ මාවතට හරවන්න බලාගෙන ඉන්නවළු පාර මැද ලේන් එකේ නවත්තගෙන.තත්පර කීපෙකින් ට්‍රැෆික් රාළහාමි කෙනෙක් වේගෙන් එනවළු වෑන් එක දිහාට.

රාළහාමි: කෝ මනුස්සයෝ සිග්නල් ලයිට්?

රියදුරා දොර කවුළුවෙන් එබී නොදන්නා නියාවෙන් සිග්නල් ලයිට් එක දෙස බලයි.

රියදුරා: සර්(යටහත් පහත් ලෙස), ඇතුලෙන් පත්තු වෙනවනෙ…

රාළහාමි: මොකක්ද ඕයි? මේකත් හරියට තමුසෙගෙ ජීවිතේ වගේ. ඇතුලෙන් පත්තු වෙනවා, ඒත් පිටින් කිසි එළියක් නෑ.

පතී කරකෝලා ගියාළු.කොහොමද රාළහාමිගෙ සාහිත්‍ය?ලංකාවේ පොලිසියෙත් තාම සිරා මිනිස්සු ඉන්න පාටයි.

Advertisements

හෙල්මට් රාළහාමි

මේ ලියන කතාවෙනම් සම්පූර්ණ ගෞරවේ හිමිවෙන්න ඕනෙ ඉබ්බගෙ දෙවෙනි ජොබ් එකෙන් හම්බුවෙච්ච අතිජාත යාළුවෙක් වෙන වන සරාට. සරා කතා ලෝකයක්. රඟ පාලා තමා කතා කියන්නෙ. හැමදාම දවල්ට කනකොට සරා කතා කියනවා.කට්ටිය නම් කියන්නෙ අපි කන ගමන් කත කරනවා නෙවෙයි කතා කරන ගමන් කනවා කියලයි. හිහ් 😀 . ප්‍රධාන කාර්‍රය කතා කිරීම. දෙවනුව තමා කෑම.

කොහොම කොහොම හරි ඔන්න එක දවසක් සරාගේ කැම්පස් එකේ යාළුවෝ දෙන්නෙක් ගමේ ගිහිල්ලලු. දෙන්නත් එක්ක මෝටර් බයික් එකක නැගලා දැං වේගෙන් යනවළු. හැබැයි කම්මැලි කමට හෙල්මට් නොදා හෙල්මට් දෙක අතේ (වැලමිට හරියෙ) පටලෝගෙන වෙලක් මැද්දෙ පටු පාරක කෙළගෙන යනවළු.මාර වැඩේ. ඉස්සරහට එනවළු පොලිස් ජීප් එකක්. යාළුවෝ දෙන්නට කරගන්න දෙයක් නෑ.ආපහු හරෝගන්න වෙලාවකුත් නෑ. අතුරු පාරකුත් නෑ දාලා බේරෙන්න. ඇයි වෙල මැද්දනෙ.ජීප් එක ඉස්සරහට ඇවිත් පාර හරස් කරළා නැවැත්තුවළු.දැං යාළුවෝ දෙන්නත් නවත්තගෙන ඉන්නවා.රාළහාමි කෙනෙක් ජීප් එකෙං බැහැලා වේගෙන් එනවළු.ඇවිත් බැලුවළු දෙන්න දිහා.වචනයක් වත් කිව්වෙ නෑළු.ගත්තළු හෙල්මට් දෙක අතින් උදුරලා.වීසි කරළා දැම්මළු වෙල මැද්දෙ මඩ ගොඩකට.ඊට පස්සෙ රාළහාමි මුකුත් වුනේ නෑ වගේ සද්ද නැතුව හරිලා ගිහින් ජීප් එකට නැගලා යන්න ගියාළු.

කොහොමද රාළහාමිගෙ ටිකිරි මොළේ.නරකම නෑ නේද? 😛 හිහ්…

මඩ සෝදාගත් හෙල්මට් වැලමිටේ දැමීමට පවා සුදුසුය”

අන්තර්ජාතික මැඩම්

ඉබ්බා උසස් පෙළ කරන කාලෙ අන්තර්ජාතික විෂය උගන්නන්න ආපු මැඩම් ඉබ්බලගෙ පන්තියේ කට්ටිය එක්ක හොඳට ෆිට්. දවසක් මැඩම් කිවුවා අළුතෙං ඉංග්‍රීසි පොත් ඇවිල්ල තියෙන්නෙ දෙන්නෙක් එන්න පහළ ස්ටාෆ් රූම් එකේ ඉඳං ඒවා අරන් එන්න කියලා. වූෂු මැස්සයි සීනි කූරයි ගියා මැඩම්ගේ පස්සෙන්. ටික දුරක් යනකොට සීනි කූරයි වූෂු මැස්සයි මැඩම්ගේ පස්සෙන් මැඩම් යන විදියට පැද්දි පැද්දි යනවලු.එක පාරට මැඩම් හැරිලා බැළුවලු! වූෂු මැස්සයි සීනි කූරයි අට පට්ටං වෙලා හිටපු විදියටම හිටියළු කරගන්න දෙයක් හිතා ගන්න බැරුව.

මැඩම්: (සිංහලෙං) හනේ හනේ ළමයි. යනවා මගේ ඉස්සරහෙං.

සීනි කූරයි වූෂු මැස්සයි සද්ද නැතුව බිම බලාගෙන මැඩම්ගේ ඉස්සරහෙන් ඇවිදං ගිහින් පොත් ටිකත් අරං ඉස්සරහෙන්ම ඇවිදගෙන ආවා.හරියට ඉස්සරහෙන් යන හරක් සෙට් එකයි පිටිපස්සෙන් යන ගොපල්ලයි වගේ.

ඉබ්බලගෙ අල්ලපු බයෝ පන්තියට අන්තර්ජාතික විෂය ඉගැන්නුවෙ මිටි තරුණ මැඩම් කෙනෙක්. ඒ දවස් වල මැඩම්ට දාල තිබ්බ කාඩ් එක තමා සුදු චූටි.ඉබ්බලගෙ පන්තියයි බයෝ පන්තියයි වෙන් කරලා තිබ්බෙ ලී පාටිෂන් එකකින්.ඒකෙ එක තැනක පොඩි සිදුරක් තිබ්බා.ඒකෙන් බැළුවම කෙලින්ම එහා පන්තියේ ගුරු මේසෙ පේනවා.ඉතින් සුදු චූටි බයෝ පන්තියට උගන්නන්න ආවම සීනි කූරා යනවා එතනට.ගිහින් සිදුරෙන් බලනවා.බලලා සිදුර ගාවට ලං වෙලා චූටී කියලා කෑ ගහලා දූවගෙන ඇවිත් පුටුවෙ වාඩි වෙලා මුකුත් වුනේ නෑ වගේ ඉන්නවා.හැබැයි සුදු චූටි කවදාවත් මේවට සැළුනේ නෑ.එහෙම වුනා නම් මේවා තව වැඩි වෙන බව මැඩම් දැනගෙන ඉන්න ඇති.කොල්ලො ඉස්කෝලෙක කාන්තාවකට උගන්නන එකත් බලාගෙන යනකොට ලේසි නෑ.මතක් වෙනකොට හිනාත් යනවා ඒ කාළෙ වැඩ ගැන.