නිවුටන්ගේ 6 වෙනි නියමෙ

මේ දවස් වල ඉබ්බා වැඩ ගොඩක හිර වෙලා. කොනක් පේන්නවත් නෑ :(. ඒත් හදිසියේම හිතුනා මතක් වෙච්ච පොඩි කතාවක් ලියන්න ඕනෙ කියලා.මේකත් වුනේ ඉබ්බගේ කතා ගොඩක් වර්ණවත් කරපු සීනි කූරටම තමා.සීනි කූරා 10 වසරෙ ඉතර ඉන්න කාළෙ(9දි ද මන්දා) ඒ පැත්තෙම බාලිකාවියක් එක්ක යාළු වුනා.කට්ටිය කතාවට නං කිවුවේ සීනි කූරා ළමයගෙං ඇහුවම ළමයා කිවුවළු ශිෂ්‍යත්තෙං පස්සෙ උත්තරයක් දෙන්නං කියලා 😛 .ඔහොම කිවුවම කූරට අසූ හාරදාහට නගිනවා.කොහොම කොහොම හරි ඒ දවස් වල දැං වගේ මොබයිල් ෆෝන්, ඉන්ටර්නෙට් අනං මනං නෑනෙ.ගෙවල් වල මිනිස්සු කෝල් එකක් ගන්නෙත් බඳිනවා කියනයි, මළා කියන්නයි ඉතරනෙ 🙂 .ඉන්කමිං වලටත් හිටු කියලා ගාණ කපපු කාලෙනෙ.

ඉතිං මේ බාධක මැද්දෙ කූරට සුවඳ කැවූ පෙම් පත් එනවා.මේ A/L කරන කාළෙ.ධූතයා ඉස්කෝලෙ එහා කොනේ තියන වාණිජ මණ්ඩලේ ඉඳලා මෙහා කොණේ තියන ගණිත සභාවට ඇවිත් තමා සංදේශෙ භාර දෙන්නෙ.මේක ආපු වෙලේ ඉඳලා යාළුවෝ පොර කනවා ඒක කියවන්න.බේරෙන්න බැරිම තැන කූරත් ප්‍රසිද්ධියේ කියවන්න පුළුවන් තෝරාගත් ඡේද කීපයක් ශබ්ධ නගා පන්තියටම ඇහෙන්න කියවනවා.නොකියවපු ඡේද බලන්න පොර කන එවුන්ව කූරා එලෝනවා උඹලා තාම පොඩි වැඩියි මේවා කියවන්න කියලා.එතකොට කීප දෙනෙක් අයිඩෙන්ටිය පෙන්නනවා මේ මට දහ අටයි පෙන්නපංකො කියලා.කූරා කොහොම හරි එලෝගන්නවා.ලස්සනම වැඩේ තමා පිළිතුරු ලිපිය ලියන්න හත් අට දෙනෙක්ම සෙට් වෙනවා.ඔක්කොමලා අදහස් දාලා තමා ලස්සනට ලියන්නෙ.සංස්කාරක මණ්ඩලේ රිවීව් කරළා සුමටනය කරපු ලියුම තමා කූරගෙ ප්‍රියම්භිකාවට යන්නෙ.

මේ ලියන කතාව ඉබ්බට කිවුවේ ඉතිං කූරම තමා.කූරාගෙ ගෙවල් පැත්තෙ හෙන සෙට් එකක් හිටියා කූරට.එක යාළුවෙකුත් කූරත් අතර තමා මේ සංවාදෙ සිද්ධ වෙලා තිබුනෙ.

කූරා: මචං, උඹ දන්නවද වැඩක්?

යාළුවා: මොකක්ද?

කූරා: හැම ලස්සන කෙල්ලගෙම යාළුවා කැතයිළු

(තත්පර 10ක් ඉතර යනකං යාළුවා සද්ද නැතුව බිම බලාගෙන ලොකු කල්පනාවකළු)

කූරා: මොකෝ උඹ කල්පනා කරන්නෙ?

යාළුවා: නෑ මචං මේ…උඹේ කෙල්ලගේ යාළුවා ලස්සනද?

කූරට සවලක් අරගෙන පොලව හාරගෙන බහින්න හිතුනළු.කං දෙකත් නිකං කීං ගෑවලු.ඇයි යකෝ මම මූට මේ වගේ එකක් කිවුවේ කියලත් හිතුනලු.කූරත් ඉතිං ඉඳලා හිටලා ඇන ගන්නවා හොඳම එකෙං.හිහ්… 😀

මතකනේ…කෙල්ලගේ යාළුවා ලස්සනනං ඉතිං බඩුම තමා 😛 .ඉබ්බට හිතෙන විදියට මේක නිවුටන්ගේ 6 වෙනි නියෙමෙට වගේ දාන්න පුළුවං.මුල් 3 නං අපි ඔක්කොමලා වගේ දන්නවනෙ. 4 වෙනි එකයි 5 වෙනි එකයි ඕගොල්ලො දන්නවද? 4 වෙනි එක නැවත හොයා ගත්තෙ ඉබ්බගෙ තවත් හොඳ යාළුවෙක් වෙන වූෂු මැස්සා.මේක මේ සියවස් කීපයක් අස්ථානගත වෙලා තිබිලා මැස්ස තමා ආයෙත් කරළියට ගෙනාවෙ. ඔන්න එහෙනං නිවුටන්ගේ 4 වෙනි නියමේ ඉබ්බා ලියන්නයි යන්නෙ.

සද්ද ප* ගඳ නෑ…ගඳ ප* සද්ද නෑ…
(නියමෙ ටිකක් අප්සට්ද මන්දා.ඒක නිසා තමා මම හිතන්නෙ පාඩං පොත තුන්වෙනි නියමෙට පස්සෙ කතාව නවත්තන්නෙ. හිහ්… 😛 )

5 වෙනි නියමෙත් සියවස් ගාණක්ම මග ඇරිලා තිබිලා ඉබ්බලා A/L කරන කාළෙ ඩිකාද මන්දා නැවත හොයා ගත්තෙ. එහෙනං 5 වෙනි නිවුටන් නියමෙත් කියන්නංකෝ.මේක හැබැයි පිරිමි කට්ටියට ඉතරයි වලංගු(කාන්තාවට සම තැන නෑ කියලා කේස් වෙයි කියලා තමා මම හිතන්නෙ මේක පාඩං පොතට දාලා නැත්තෙ 😛 ). ඔන්න එහෙනං නිවුටන්ගේ 5 වෙනි නියමය

චූ කළ පසු, සොලවන තුරු, අවසාන බින්දුව ගුරුත්වාකර්ශනයට හසු නොවේ. ( 😀 )

හයවෙනි නියමෙං පැහැදිලි කළ හැකි ප්‍රායෝගික අවස්ථාවක් තමා ඔය උඩ කතාවෙ අපේ කූරට වුනේ. 6 වෙනි නියමෙට අනුව

හැම ලස්සන කෙල්ලගෙම යාළුවා කැතය.

දැං ඉතිං කෙල්ලො ඉන්න කවුරු කවුරුත් 6 වෙනි නියමෙ දාලා බැලුවනම් හොඳයි නේද? හිහ්… 😛 කොහොමද මලේ රිසල්ට්ස්?

Advertisements

මයියංගනේ

ඉස්සර ඉබ්බා ඉබි පැටියා කාළේ ඉස්කෝලේ ගිහිං ආවේ ස්කූල් වෑන් එකේ. දෙක වසරෙ ඉඳලා හත් වසර ඉතර වෙනකං ආපු වෑන් එකේ හිටපු ඉබ්බගේ යාළුවෝ දෙන්නා තමා කැවුමා සහ මයියංගනේ.මයියංගනේට ඒ නම වැටුනෙත් ඔය කාලෙදි තමා. ඒකෙ ගෞරවේ යන්නේ කැවුමට.

ඔන්න ඉස්සර මයියංගනේ පොඩි කාළේ හෙන පච ගහනවා.ගොඩක් ඒවා කැවුමගේ අතේම පත්තු වෙනවා.ඊට පස්සෙ මයියංගනේ අම්බානක් බයිට් වෙනවා. ඉස්සර දෙක වසර ඇරුනෙ එකොලහමාරට. තුන වසර ඇරෙන්නෙ 12ට. හතරෙ ඉඳලා තමා එකහමාරට.ඉතිං දෙකේදි එකොලහමාරට ඇරුනට වෑන් එක එන්නෙ 12ට. ඇයි 3 වසරෙ කට්ටියවත් ගන්න එපෑ.ඔය පැය බාගෙයි වෑන් එකේ ඉන්න පැය බාගෙයි ඉතර තමා මයියංගනේ බයිට් වෙන්නෙ.කාලයක් මයියංගනේගෙ තාත්තා මයියංගනේ පැත්තේ ආර්මි කෑම්ප් එකක හිටියා. ඒ කාළේ බුවා වචන 10ක් ක්වුවොත් ඉතිං 9ක්ම මයියංගනේ තමා.ඉබ්බටයි කැවුමටයි මයියංගනේ ගැන විස්තර අහලම එපා වෙලා 😛 .එලෝගෙන ඇවිත් මයියංගනේ ගැන විස්තර කියනවා.ඔය මයියංගනේ තියන වැදි පෙරහැර ගැන කියන්න ගිහිං තමා කාර්ඩ් එකත් වැටුනේ.ඒ දවස් වල කැවුමා කවියකුත් හැදුවා. මෙන්න මෙහෙමයි ඒකෙ තිබ්බෙ

මයියංගන පිස්සා

සීනි බෝල ගත්තා

ඒක විකා ගන්න බැරුව

රැවුල හපා ගත්තා

එහෙම කියලා දිවුවම මයියංගනේ එලෝගෙන එනවා ඉබ්බටයි කැවුමටයි ගහන්න.

මයියංගනේ ඉස්සර ඇඳපු නිල් පාට ඉස්කෝල කලිසම් පොඩි වල සිප් එකේ තිබ්බා අර කී ටැග් වල තියනවා වගේ මුද්දක් අමුණලා.ඒකේ බරට කොයි වෙලෙත් සිප් එක ඔටෝ ඇරිලා තමා තියෙන්නෙ.කැවුමා අහනවා

ඒ, කඩේ ඇරලද? කියලා.

මයියංගනේ ඒ දවස් වලත් ටිකක් උස බුවා. කැවුමව එලෝගෙන යනවා ගහන්න.ඉබ්බත් කැවුමත් එක්ක ෆිට් එකට දුවනවා. පොඩි කාළෙ ආතල්නෙ 😛 .ඉස්සෙල්ලම අහු වෙන එකා මයියංගනේගෙං අම්බානක් කනවා.මයියංගනේ හී හී ගගා හිනා වෙවී තමා නෙලන්නෙ.

තව තියනවා මයියංගනේගෙ අමතක නොවෙනම පචේ. මයියංගනේගෙ මාමට තියනවලු කාර් එකක්.ඒකට ආපු පොඩි රිමෝට් එකකුත් තියනවලු.ඒකෙ එක බට්න් එකක් එබුවම ට්‍රී… ගාලා මුලු කාර් එකම වෙන පාටක් වෙනවලු.රතු පාට, කොල පාට, නිල් පාට ඔය කොයි කොයි පාටත් දාන්න පුළුවංලු.ඉබ්බයි කැවුමයි කට ඇරගෙන අහං හිටියා.කැවුම අන්තිමට ඇහුවා ඒකේ තව මුකුත් නැද්ද කියලා.ඒ බොරුවට නං මයියංගනේ සෑහෙන කාලයක් යනකං බයිට් වුනා.මම මේ කල්පනා කළේ ඒ කාලෙ අර වයිපර් පෙන්නුවෙත් නෑ ටී වී එකේ.මූට කොහොමද ඔය අදහස ආවෙ කියලා.මූ මේ පචේ කියනවා අහං හිටපු සුද්දෙක්ද දන්නෙ නෑ වයිපර් හැදුවේ. පාට මාරු වෙන්න.හිහ්… 😀

කොහොම කොහොම හරි කට්ටිය ලොකු වුනා.ඊට පස්සෙත් ඉබ්බා ගිය වෑන් එකේ මයියංගනේ හිටියා.කැවුමා පරණ වෑන් එකේම ගියා.A/L කරන කාලෙ මයියංගනේ වෙන කාර්ඩ් එකකිං අති ප්‍රසිද්ධ වුනා.ඉබ්බලගෙ ඉස්කෝලෙ ඉතරක් නෙවේ. කොළඹ ඉස්කෝල බොහොමෙක ප්‍රසිද්ධ වුනා.අන්තර් පාසල් වලි කුසලානය සඳහා එහෙම මයියංගනේ උඩිංම සෙට් වුනා.කොච්චර චණ්ඩියා වුනත් ගෑණිට බයයිලුනෙ 😛 .මයියංගනෙත් එහෙම තමා.පණ ඇරලා.මයියංගනේ ඉස්කෝලෙ යන කාලෙදිම තමා හානි එක්ක යාළු වුනේ.හානි ගියේ නුගේගොඩ කෙහෙල් ලෙලි බාලිකාවට.කොච්චර චණ්ඩි පාර්ට් දැම්මත් මයියංගනේ හානි ඉන්න තැං වල තවත් එක බෝධිසත්වයෙක් පමණයි. හානියි මයියංගනේයි ගියා නුගේගොඩ පේරු සර්ගේ හවුතික විජ්ජාව පන්තියකට.ඔන්න දැං හානි ඉන්නවලු ඉස්සරහා පේළියේ.මයියංගනේ පිටි පස්සෙ පේළියකලු.

පේරු සර්: (මයික් එකෙං) ඔයාගෙ ගෙදර ඉන්නෙ කවුද?

හානි: අම්මයි තාත්තයි මමයි මල්ලියි

පේරු සර්: මල්ලි කීය වසරෙද?

හානි: මල්ලි එකේ

පේරු සර්: ආ…මල්ලි එකේද?(බැරෑරුම් මූනක් මවාගනියි) ඔයාගෙ අම්මයි තාත්තයි එච්චර කල් රෙස්ට් කළාද?

මුලු පන්තියම දෙවනත් වෙන්න මහ හයියෙං බක බක ගාලා කොල්ලො කෙල්ලො හිනා වෙනවලු.හානි ලැජ්ජවෙං රතු වෙලා කේන්තියෙං ඔරෝනවලු.මයියංගනේ ඉතරක් පේරු සර්ට පතුරු යන්න බනිනවලු.මයියංගනේ එදා සර්ව නොමරා ආවෙ හෙන ආයාසයෙන්ලු 😛 .ඔය කතාව ඇහුවත් මයියංගනේට මළ පනිනවා.අහන එවුන්ටත් ඇඟ පත තලා ගන්න වෙනවා.දුවලා බේරෙන්නත් බෑ.ඌ අඩියක් දෙකක් තියපු ගමං අපි අහු වෙනවා. ඇයි දිගානෙ.

මයියංගනේ බැන්දෙත් හානිවම තමා.දැන් දෙන්නම කැන්ගරුවෝ ගනිනවලු.ඉබ්බට නං ළඟදි හම්බුනේ නෑ.කැවුමට නං හම්බෙලා තිබ්බා.මතකනෙ, වැඩියම රෙස්ට් කරන්න හිතන්නත් එපා ඉතිං. එතකොට ඊළඟ පරම්පරාවට නුගේගොඩ ක්ලාස් යන්න අමාරු වෙනවනෙ. හිහ්…. 😛

ඉබ්බා නිඝන්ඨ :P

ආ…මේ පහුගිය දවසක ඉබ්බට ආයෙත් ඉස්කෝලේ කතාවක් මතක් වුනානෙ 🙂 .ඔන්න ඉතිං ඒක ලියන්නයි යන්නෙ.

මේක වුනේ ඉස්කෝලේ A/L කරන්න ගිය අළුත.ඉස්සර ඉබ්බා දෙක වසරෙ ඉඳලා හත වසර ඉතර වෙනකං ගෙදර ආපු ස්කූල් වෑන් එකක් තිබ්බා.ඒකේ හිටියා අයිදි කියලා ගෑනු ළමයෙක්.ඒ ළමයව ඉබ්බගෙ යාළුවෙක් වුන කැවුමා හොඳට අඳුරනවා.කොහොම හරි පොඩි කාලෙ කාර්ඩ් එක වැටිලා තිබ්බෙ කැවුමට තමා.ඉතිං අයිදිගෙ අක්කත් මේ වෑන් එකේම තමා යන්නෙ.දෙන්නම ගියේ මැතිනිගෙ ඉස්කෝලෙට.පොඩි කාළෙ ඉබ්බට අයිදිව දිරවන්නෙම නෑ.අපෝ, හෙන ඔළුව.ඒ දවස් වල අයිදි රූප පෙට්ටියෙ ඇඩ් එකකත් හිටියා.අයිදියි අක්කයි ඉතිං පොළවට බඹ කීපයක් උඩිං තමා ගමන 😛 .කොහොම කොහොම හරි ඉබ්බා අටේ ඉඳලා ආවේ වෙන වෑන් එකක.ඊට අවුරුදු දෙකකට ඉතර පස්සෙ ඉබ්බව අම්ම දැම්මා විජ්ජාව පන්තියකට.ගෙදර ඉඳං හෝල්ට් දෙකයි.ඒ පන්තියට ඉතින් ඉබ්බගෙ ඉස්කෝලෙත් හිටිය තාමත් හොඳම ෆිට් එකක් වෙන ඉබ්බලගෙ අල්ලපු පාරෙ ඉන්න මීයත් ආවා.මෙන්න බොලේ අයිදියි යාළුවෙකුයිත් ඉන්නවා විජ්ජාව පන්තියේ.කොහොම කොහොම හරි ඉබ්බගේ ඒ දවස් වල මීටරෙත් හොඳයි.හැබැයි ඉතිං ඔය දවස් වල ඉබ්බා හෙන හොඳ බුවා.පස්සෙ තමා ඇට්ටර වුනේ.හිහ්… 😛 කොහොම කොහොම හරි O/L ඉවර වුනා.

A/L පටං ගත්තා.ඉබ්බා ගියා ගණිත සාත්තරේ ඉගන ගන්න.අයිදිලා කළේ හර බැර.ඉබ්බට කනිං කොනිං දැනගන්න ලැබුනා අයිදිට ඉබ්බා ගැන පොඩි මොකක්ද සීන් එකක් හිතිලා කියලා.ඉබ්බගේ හර බැර කරන්න ගිය යාළුවෝ අහනවා

ඒ, උඹ මැතිනිගෙ බාලිකාවෙ අයිදිව දන්නවද? කියලා.

ඊට පස්සෙ උං ඉතිං බයිට් එක දෙනවා හිටු කියලා.ඉබ්බට මේ වැඩේ ටිකක් වාත වුනා.අනික් අතට අර පොඩි කාළෙ අයිදිගෙ ඔළු පාර්ට් නිසා ඉබ්බට කොහොමටත් අයිදිව දිරෙවුවෙම නෑ 😦 .මෙහෙම යනකොට දවසක් උදේ පාන්දරම හර බැර යාළුවෙක් ඉබ්බව හොයාගෙන ගණිත සභාවට ආවා.ඉබ්බලගෙ ඉස්කෝලේ හර බැර එකේ ඉඳලා ගණිත සභාවට එනවා කියන්නෙ ඉතිං ට්‍රිප් එකක් යනවා වගේ තමා 😀 .ඉස්කෝලෙ එහා කොනේ ඉඳලා මෙහා කොනටම එන්න ඕනෙ.හති දාගෙන ආවෙ ජල්ලියා හරි සයිබු හරි වෙන්න ඕනෙ.ඇවිත් දිග ලියුම් කවරයක් දුන්නා.දීලා කිවුවා අයිදි උඹට දුන්නා කියලා.ඉබ්බා බැළුවා මේ මොකක්ද යකෝ මේ කියලා.කඩලා බැලුවම අර මතකද ඒ කාළේ බොරූ ප්‍රොජෙක්ට් කෙරුවාවක් තිබ්බා 🙂 .අන්න ඒකට අයිදි දත්ත එකතු කරන ෆෝර්ම් එකක්.ඒක පිටු කීපයක් තිබ්බ හෙන දිග ෆෝර්ම් එකක්.ඉබ්බට මතක හරිය තමා ඔය පහළ ලියන්නෙ.ප්‍රොජෙක්ට් එක කුල මල, ජාති, ආගම් ගැන.

ප්‍ර: ඔබ වෙනත් කුල වල හෝ ආගම් වල අය ඇසුරු කරනවාද?

පි: නැත.

ප්‍ර: පිළිතුරට හේතු

පි: ඒ අය පහත් කුල වල නිසා.

ප්‍ර: ඔබ මිතුරන් ඇසුරු කරනවාට ඔබේ දෙමවුපියන් බලපෑම් කරනවාද?

පි: ඔවු.

ප්‍ර: පිළිතුරට හේතු

පි: ඒ අය වෙනත් ආගම් වල නිසා. 😛

ප්‍ර: ඔබ අනුගමනය කරන පුදගලයකු හෝ කිහිප දෙනෙකු සිටිනවාද?

පි: ඔවු.

ප්‍ර: පිළිතුර ඔවු නම් ඒ කවුරුන්ද?

පි: මක්ඛලී ගෝසාල

ප්‍ර: ඔබේ පියාගේ ආගම

පි: අකිරිය වාදය

ප්‍ර: මවගේ ආගම

පි: අමරා වික්ඛේපවාදය

ප්‍ර: ඔබේ ආගම

පි: නිඝන්ඨ!

ඔන්න ඔය වගේ උත්තර තමා ඉබ්බා ඔක්කොම ලිවුවෙ 😛 . අනිත් ප්‍රශ්න වලටත් ලිවුවේ ඔය සංජය බෙල්ලට්ඨිපුත්ත,පූරණ කස්සප, අජිත කේසකම්බල වගේ උත්තර තමා. ඊට පස්සෙ ෆෝර්ම් එක අර ලියුම් කවරෙම දාලා දූතයට බලන්න බැරි වෙන්න හොඳට අලෝලා ගෙනාපු දූතයා අතේම යැවුවා.මෙන්න යකෝ, ඊළඟ සතියේ සඳුදා උදේ පාන්දරම දූතයා එනවා දුම් පිඹගෙන.

දූතයා: මොනාද යකෝ තෝ අරෙක ලියලා තියෙන්නෙ? අන්න අරකි අපිට පලු යන්න බණිනවා. මූණක් වත් බලන්නෙ නෑ.

ඉබ්බා: ඉතිං උඹ කියපං උඹ දන්නෙ නෑ කියලා.

දූතයා: කිවුවා යකෝ. ඒ ගෑනි කියනවා ඉබ්බනං හරිම හොඳයි. ඔය වගේ වැඩ කරන්නෙ නෑ. ඕගොල්ලො තමා මේක පුරෝලා තියෙන්නෙ කියලා. මොනාද යකෝ තෝ ඒකෙ ලිවුවෙ?

මලකෙළියයි! ලෝක රූ රැජින සහ පොල් ගහ කිවුවලු 😛 .කොහොම කොහොම හරි කාලයක් යනකං හර බැර යාළුවෝ හම්බුනාම ඉබ්බගෙං අහනවා මොනාද යකෝ තෝ අර කරලා තියෙන්නෙ කියලා. දැං මතක් වෙනකොට නං හිනාත් යනවා 😀 .

මතකනේ? ඉබ්බා නිඝන්ඨ….හිහ් 😛

කතුරුමුරුංගා

මේ වැඩේ වුනේ ඉබ්බගෙ හොඳම ගජ යාළුවෙක් වෙන ජුන්ඩයියට.

ඔන්න ඉතිං ජුන්ඩයි දඩ බුවායි තව කීප දෙනෙකුයි කැම්පස් එකට කිට්ටුව බෝඩිමක ඉන්නවලු.දවසක් උදේ පන්න්දරම ජුන්ඩා නැගිට්ටලු නිදි මරගාතෙම පාන්දරම ලෙක්චර්ස් දාපු එවුන්ට හිතිං බැන බැන ජුන්ඩා ආවලු තේ එකක් හදාගෙන බොන්න කියලා.රස කර කර උදේ තේ එක බොන්න හිතාගෙන උගුරක් බිවුවම තිත්තේ බෑලු.ජුන්ඩා කල්පනා කළාලු යකෝ මේ ඊයෙ රෑත් හොඳට හිටපු මට උණ හැදිලා කට තිත්ත වුනාවත්ද කියලා.ජුන්ඩා අත නලලට තියලා බැලුවලු උණද කියලා.මොන…උදේ පාන්දර ඌ මළ මිනියකටත් වඩා සීතලයිලු.ඒ ගමන බැලුවලු යකෝ මේ ඊයෙත් හොඳට තිබිච්ච කිරි පිටි එක එකපාරට අද වෙද්දි නරක් වුනාවත්ද කියලා.ඒ වෙන්න විදියකුත් නෑනෙ. මේ එක දවසට.කොහොම හරි තේ එක බොන්නත් එපෑ.නිදි මරගාතෙ නිසා තිත්තට දැනෙනවා ඇති කියලා අර කටේ තියන්න බැරි රසම රස තේ එකෙං උගුරු කීපය බීපු ජුන්ඩා ලෙක්චර්ස් ගියාලු.

මොකකද දන්නවද සීන් එක?ඉබ්බ අර ඉස්සෙල්ල කතාවකත් කිවුවේ දඩ බුවා හිතිං දඩ වුනාට ගතිං ඇනෝෆිලස් මදුරුවෙක් වගේ කියලා.දඩ බුවා බැරිම තැන ගිහිල්ලලු සිංහල වෙදෙක් හම්බුවෙන්න මහත් වෙන හැටි අහන්න.වෙදා කියලලු උදේ පාන්දරම කතුරුමුරුංගා කොටලා බොන්න කියලා.ඉතිං දඩ බුවා උදේම(ජුන්ඩා කියන විදියටනම් පාන්දර පහමාරට ඉතර) කතුරුමුරුංගා කොටලා බීලා හෝදන්නෙ නැතුව තියලා ගිය කෝප්පෙට තමා ජුන්ඩා තේ එක දාගෙන තියෙන්නෙ 😛 . ජුන්ඩා බණිනවා වෙදාගෙ අම්මගෙ මුත්තගෙ ඉඳලා.කොහොමත් වෙදාව ජුන්ඩා මතක් කරන හැටියට කිවිසුම් නවත්ත ගන්න පීනස් බේත් ගන්න සිද්ද වෙන්න ඇති 🙂 .දඩ බුවා ඇඟ හදාගන්න හැමදාම උදේට උදේට කතුරුමුරුංගා බීලා තියෙන්නෙත් බෝඩිමේ කට්ටියට හොරෙං.මේ කතාවෙං පස්සෙ දඩ බුවාට සතියක් ඉතර කැම්පස් එක පැත්තෙ එන්නත් අමාරු වුනා.ඇයි කට්ටිය කතුරුමුරුංගා පොවන්න හදනවනෙ 😛 .

මේ කතාව කියවන ඇඟ හදා ගන්න කැමති කට්ටිය ඉන්නවා නං උදේම කතුරුමුරුංගා කොටලා බිවුවට වරදක් නෑ ඕං.හිහ්…. 😀

කරනවනං ජාවා තමා කරන්න ඕනෙ

මේකත් මේ දඩ බුවාගෙම කතාවක්.දඩ බුවා ගියාලු ගමේ.ඒ කිඅයන්නෙ මාතර, නැත්තං දෙවුන්දර, එහෙමත් නැත්තං තංගල්ලෙ, ඒත් නැත්තං හම්බන්තොට. කොහොම හරි ඉතිං ගමේ කට්ටියත් දන්නවා ඇතිනෙ මේ කොල්ලා ශිෂ්‍යත්තෙ පාස් වෙලා තුම්මුල්ලෙ ඉස්කෝලෙටත් ගිහිං A/Lලුත් පාස් වෙලා කැම්පසුත් ගිහිං වැඩිදුර ඉගන ගන්නවා කියලා.ගං වල ඉතිං එහෙමනෙ. දඩ බුවාත් ඉතිං ඔය වගේ ක්‍රෙඩිට් වැටෙනවටත් කැමතියිනෙ 🙂 .

ඔන්න අපේ බුවා දවසක් උදේම එළියට බැස්සලු අවට සිරි නරඹන්න කියලා.අල්ලපු ගෙදර අංකලුත් ඉන්නවළු එළියේ.

අංකල්: ආ…පුතා, මොකද දැං කරන්නෙ?

දඩ බුවා: දැන් මම කැම්පස් යනවා අංකල්

අංකල්: පුතා මොනාද කැම්පස් එකේ ඉගන ගන්නෙ?

දඩ බුවා: (ටිකක් ඉතර ආඩම්බරෙං)කම්පියුටර් අංකල්(දඩ බුවා හිතුවා මෙච්චර මෙහෙ ඉන්න අංකල් ඕවා වැඩිය දන්නෙ නෑනෙ. ඒක නිසා සරළව කියන්න ඕනෙ කියලා)

අංකල්: කම්පියුටර් මොනාද?

දඩ බුවා: (අංකල්ට තේරෙන විදියට කියන්නත් එපෑ) ඔය අර ටී වී එකේ එහෙම තියෙන්නෙ අංකල්, අර මල් පිපෙනවා, එකේක ඒවා කැරකෙනවා, ඒ වගේ ග්‍රැෆික්ස් එහෙමත් කරනවා.

අංකල්: (මුහුණ බැරෑරුම් කරගෙන දෙනෙත් බිමට යොමයි)ඒවා කරලා වැඩක් නෑ පුතා. කරනවනං ජාවා තමා කරන්න ඕනෙ. 😉

හෙන ගහපිය ගණං බලාපිය.දඩ බුවාගෙ සරම එතනම වැටුනලු.බුවාට හිතුණලු යකෝ කියපු මෝඩකං කියලා.දඩ බුවා කට පියාගෙන තොල් විකාගෙනම හිටියලු ටික වෙලාවක් ගිහිං පියවි සිහිය එනකං.බුවාට කළිං අංකල්ව සෙට් වෙච්ච කවුරු හරි ෆුල් ජාවා මාර්කටිං පාරක් දාලා තිබුන නිසා දඩ බුවාට අංකල් ඉස්සරහා චොර වෙන්න සිද්ධ වුනාලු 😛 .

දැං තේරුනානෙ, කරනවනං ජාවා තමා ඉතිං. ආයෙ වෙන මොනාද? 😛

« Older entries