ඇඳ කඩා වැටුනනෙ…

ඔන්න ඉතිං ඉබ්බගේ හොඳ යාළුවෙක් වෙන පතී බැන්දා. පතී ඉස්සර සතර සති පඨ්ඨානෙ කියෝ කියෝ හිටියේ. අපිටත් ජීවිතේ අනිත්‍ය ගැනමයි දේශනා කළේ. හැබැයි හදිස්සියෙම බඳින්න හිතිලා බැන්දා. හිහ්… 🙂 ඔන්න ඉතිං පතී බැඳලා හා හා පුරා කියලා අළුත් ගෙදරකටත් ගියා. දැං ඉතිං සරා දුන්නළු පතීට කෝල් එකක්. සැප දුක් බලන්නටත් වඩා පොඩි කීචොක් පාරක් දාන්න තමා ඉතිං සරා කෝල් කරළා තියෙන්නෙ. ඔන්න තොරතුරු කතා කර කර ඉන්නකොට පතී කිවුවළු නියම නිවුස් එකක්.

පතී: මාර වැඩක් වුනානෙ මචං

සරා: ඇයි මොකද වුනේ?

පතී: අර අළුතෙං ගත්ත ඇඳ කඩා වැටුනනෙ

සරා: බකස්… 😀

සරාත් ඉතිං පතීට නෝන්ඩියක් එහෙම දාලා කෝල් එක ඉවර කළාළු. ටික වෙලාවකට පස්සෙ පතීට දිගට හරහට කෝල් එනවළු. ටිකක් වෙලා ගියාට පස්සෙ මෙන්න මෙහෙමළු කොන්වර්සේෂන් එක.

යාළුවා:හලෝ පතී… කො… (කොහොමද එකේ ඉතුරු ටික සම්පූර්ණ කරන්න හම්බ වෙන්නෙ නෑළු 🙂 )

පතී: ආ… ඔවු ඔවු ඇඳ කඩං වැටුනා, දැං උඹට තව මොනාද දැන ගන්න ඕනෙ

යාළුවා: හික්..හික්.. හී….

පතී: දැං ඕක තියපං. වද නොදී….

සිරි යහන ගිනි ගනී කියලා නං ෆිල්ම් එකක් ආවා. ඒත් සිරි යහන කඩා වැටෙයි කියල නං තාම ෆිල්ම් එකක් ආවෙ නෑ. පතී මම හිතන්නෙ අනාගතේදි එහෙම එකක් අධ්‍යක්ෂණය කරයි. එතකොට චිත්‍රපටි විචාරෙක ප්‍රධාන අමුත්තා හැටියට ඇවිත් උජාරුවෙන් කියන්න බැරියැ මේක මගේ තරුණ කාළෙ සැබෑ අත්දැකීමක් පාදක කරගෙන හදපු චිත්තරපටියක් කියලා. හිහ්… හිහ්… 🙂

Advertisements

සරාගේ ෆැමිලි ප්ලෑනිං

ඉබ්බට තාම ලියන්න බැරි වුන සරාගෙ කතා කීපයක් තියනවා. ඒවා නම් නොලියම බෑ. ඔන්න ඉතිං සරාලගෙ රට මැද ක්ෂීරපථ විද්‍යාලෙ සෙට් එකෙං මුලින්ම පිළිවෙලක් වෙච්ච කොල්ලෙක් තමා සරා.ඊට පස්සෙ පිළිවෙලක් වෙන යාළුවෝ ඒ සඳහා සියළු උපදෙස් ගත්තෙ ඉතිං සරාගෙං තමා. සරාගේ හොඳ යාළුවෙක් ඉන්නවා ඩොටා කියලා. දැං ඔන්න ඩොටාත් පිළිවෙලක් වෙන්නයි යන්නෙ. සුපුරුදු පරිදි කල් වේලා ඇතුව ඩොටා කෝල් එකක් දුන්නළු සරාට.

ඩොටා: මේ සරා…

සරා: ඔවු මචං කියපං

ඩොටා: මේ… පිළිවෙලක් වෙන්න කළිං උඹෙං ඇඩ්වයිස් එකක් ඕනෙ ෆැමිලි ප්ලෑනිං වලට. කොහොමද බං ප්ලෑන් කර ගන්නෙ.

සරා: ආ… ඒක මචං සුළු දෙයක්. ඕකට ඔය ඩොක්ටර් කෙනෙක් ගාවට ගිහින් කතා කළාම අවශ්‍යතාවය අනුව බේත් එහෙම දීලා ඇඩ්වයිස් කරනවා. දැංමම ඩොක්ටර් කෙනෙක් ගාවට පලයං.

ඩොටා: හා… එළ කිරි සරා අපි එහෙම කරන්නං.

ඩොටාගෙ ප්‍රියම්භිකාව ඩොටාව බඳින්න යන්නෙ A/L ඉවර වුන ගමන්. තාම පොඩි ළමයා ඉතිං. එකපාරට ළමයි හදලත් බැහැ නොවැ. කොහොම වුනත් ඩොටාට අන්තිම මොහොත වෙනකං අමතක වෙන සීන් එකකුත් තියනවා. පිළිවෙලක් වෙන්න කළින් දවසෙ ඩොටා සරාට කෝල් කරනවළු.

ඩොටා: මේ සරා… මාර වැඩේනෙ. අපිට ඩොක්ටර් කෙනෙක් ගාවට යන්න අමතක වුනානෙ. දැං මුකුත් කරන්න බැරිද මචං.

සරා: යකෝ… උඹ මාර යකෙක් නෙ… නෑ ඉතිං… ඕවා එහෙම එක පාරටම වෙන්නෙත් නෑ. ඒවට දවස් එහෙම තියනවා. මම කියන්නද… උඹ භය වෙන්න එපා. ඕන එකක් කරපං. අවුලක් වෙන එකක් නෑ. මාසයකට ඉතර පස්සෙ ඩොටා ගෙං කෝල් එකක් එනවා.

සරා: හලෝ ඩොටා

ඩොටා:!@#$% මොනාද යකෝ තෝ කරේ

සරා: ඇයි මං දැං මොකද කරළා තියෙන්නෙ.

ඩොටා: තොගෙ ඇඩ්වයිස් අරං ___(ඩොටාගෙ වයිෆ්) ප්‍රෙග් නන්ට් වෙලා. !@#$%.යකෝ ඒ පොඩි කෙල්ල ඉස්කෝලෙං අවුට් වුනා ඉතරයි.!@#$%.

ඊට පස්සෙ මාස කීපයක් යනකං ඩොටා සරාගෙ කෝල් වලට අන්සර් කළෙත් නෑළු. මේ සිද්ධියෙන් පස්සෙ සරා ෆැමිලි ප්ලෑනිං වලට උපදෙස් දෙන එක නැවැත්තුවා.හිහ්…ඒත් සරාගේ යාළුවෝ ඔක්කොම වගේ අනිත් ඕනෙ කෙනෙක්ට උපදෙසක් දෙනවා. ඒ හැමෝම දෙන්නෙ එකම උපදෙස. ඒක තමා කාගෙං ඇඩ්වයිස් ගත්තත් කමක් නෑ සරාගෙන් නම් ෆැමිලි ප්ලෑනිං වලට උපදෙස් ගන්න එපා කියලා 🙂 .

දැං පොඩි ඩොටීට අවුරුදු 2කටත් කිට්ටුයි මගෙ හිතේ. කාටද ආඩම්බර. (සරාට තමා… හිහ්… 😀 )

උඹේ යට කෑල්ලත් ඔහොමද?

මේකත් ඉතිං ඉබ්බට කිවුවේ සරා තමා. ඉබ්බගේ කතා වගේ නෙවෙයි සරාගෙ කතා. කියලා වැඩක් නෑ. එකම අවුල සරා බ්ලොග් ලියන්න අදහසක් නැති එක තමා. සරා රඟ පාලා තමා කතා කියන්නෙ. හිහ්… 🙂

ඔන්න දවසක් සරා හෝගි අයියට මෙහෙම කියනවළු.

සරා: මොනාද හෝගියා… උඹේ හැටි බලපං

හෝගි අයියා: ඇයි මොකද? 

සරා: බැනියමක් ඇඳලා ඔය ෂර්ට් එක ඇඳපංකෝ

හෝගි අයියා අර ඒ දවස් වල ජනප්‍රිය වුන පොඩ්ඩක් සී තෲ කොට්න් ෂර්ට් එකක් බැනියම නැතුව ඇඳං ඇවිල්ලා. ඒකනේ ඒ දවස් වල හොට් හොට් ස්ටයිල් එක.

හෝගි අයියා: සරා… හරි… උඹ කියපං බැනියමක ගාන කීයද කියලා…

සරා: ම්ම්ම්… අ…අ….අ… බැනියමකට… කීයද?

හෝගි අයියා: හරි… අපි කියමු රුපියල් 200යි කියලා. දැං මේ ෂර්ට් එක කීයද? රුපියල් 1500යි. කීයද?රු..පි..ය..ල්.. එක්දා…ස් පන්සී…යයි. උඹ කැමති රුපියල් දෙසීයක් වටින බැනියම ඇඟේ ගෑවෙනවටද? රුපියල් එක්දාස් පන්සීයක් වටින ෂර්ට් එක ඇඟේ ගෑවෙනවටද?

සරා: හරි හරි හරි… (තත්පරයක විරාමයක්)
මේ… දැං උඹේ යට කෑල්ලත් ඔහොමද?

හෝගි අයියා කට තද කරගෙන සිනා සෙනවා පමණි (ඔබ ඇමතූ අංකයෙන් ප්‍රතිචාරයක් නොමැත. කරුණාකර ඉදිරියට 2ක යොදා නැවත අමතන්න…) හිහ්… හිහ්… 😀

ප. ලි. හැබැයි ඒ දවස් වල ඇත්තටම හෝගි අයියා ඒ ෂර්ට් එක ඇන්දම අර දෙහිවල සත්තු වත්තෙ ඔරං ඔටංට සවුකොලයක් ඇන්දුවා වගේ තිබ්බේ හිහ්… 🙂

ලොවෙත් නෑ…ලොවි ගහෙත් නෑ…ගහ යටත් නෑ… – ඉලංදාරියා

හ්ම්… මේ පෝස්ට් එක නම් මෙතන තියන අනිත් පෝස්ට් වලට වඩා ගොඩාක් වෙනස් වෙයි. මම ඉතිං හාවා හඳ දකිනවා වගේ දැං ලියන්නෙ මේ බ්ලොග් එක ඉතරක් නිසා මේ ලිපියත් මෙතනම දාන්න හිතුනා.මේක සතුටින් ලියන පෝස්ට් එකක් නම් නෙවෙයි. හිතේ අමාරුවට ලියන එකක්.

ඉබ්බා ගොඩාක් කල් හරියට බ්ලොග් එක ලිවුවෙ නෑනෙ. විවිධ හේතු නිසා. මේ ටික දවසින් පස්සෙ ආයිත් ගොඩාක් විට එහෙම වෙයි. ඉතිං මේ ගිය සඳුදා ඉබ්බා සමනළ තටු එක ආයිත් කියෙවුවා. ලියලා තියන ඒවා අවුලක්මත් නෑ කියලා ඉබ්බට හිතුනා. ලිපියක් දෙකක් කියෝනකොට කමෙන්ට්සුත් බලන්න ඕනෙ කියලා ඉබ්බට හිතුනා. එක ලිපියක තිබ්බා මෙන්න මෙහෙම කමෙන්ට් එකක්. ‘ලොවෙත් නෑ… ලොවි ගහෙත් නෑ… ගහ යටත් නෑ…’. ලියලා තිබ්බේ පරණ යාළුවෙක්.

ඉබ්බට ගිය අවුරුද්දෙත් හොඳටම වැඩ තියන අස්සේ පොඩි වෙලාවක් ආවා බ්ලොග් අවකාශෙ කරක් ගහන්න. අම්මටසිරි, දැං කට්ටිය දියුණුයි නොවැ කියලා ඉබ්බට හිතුනා. ඉබ්බා ගියා දුකා අයියා බලන්න, තව රන්දිල් අක්කා, පූසො සෙට් එක, හා පැටික්කී, පලා මල්ලෙ පිස්සා ආදී එකී නොකී මතක අමතක පුළුවන් කට්ටියව බලන්න ආවා (ඒ ගොල්ලො නම් දන්නෙ නෑ මගෙ හිතේ). සමහරුන්ගෙ ඇනෝනිමස් ස්ටේටස් එක ගිහිල්ලා. කට්ටිය බ්ලොගර් ගෙට් ටුගෙදරුත් තියලා.හප්පා… ගොඩක් දුර ගිල්ලනෙ කියලා ඉබ්බට හිතුනා. ඊට පස්සෙ තමා ඉබ්බා සයිඩ් බාර් වල, පරණ පෝස්ට් වල තියන දුක හිතෙන විස්තරයක් දැක්කෙ. ඒ විස්තරේ තිබ්බෙ ඉලංදාරියා ගැන. ඉලංදාරියා තමා ලොවි ගහේ කමෙන්ට් එක දාලා තිබ්බෙ. ඒක නිසා ඉබ්බගේ මතකය මෑත අතීතයට යන්න පටං ගත්තා.ඇහෙන් දැකලා නැතිවුනත්, ජීවිතේටම කතා කරලා නැති වුනත් ඉබ්බා ඉලංදාරියාව හොඳට දන්නවා. බ්ලොග් ලියන්න ආපු කාලෙ කොච්චර හැපනිං නමක් හැටියටද තිබ්බෙ. ඉබ්බා ඒ බ්ලොග් එකට ගියා, මේ බ්ලොග් එකට ගියා. හැම බ්ලොග් එකේම තිබ්බ ඒ ලිපිය, එහෙම නැත්තං පොඩි දුක හිතෙන නෝටිස් එක, එහෙමත් නැත්තං ඔළුව කැරකෙන ලෙවල් එකෙං ලියලා තිබ්බ කවිය එතකොට තමා ඉබ්බට පේන්න පටං ගත්තෙ.

ඉබ්බට කණගාටුව ටිකක් වැඩි වෙන්න තව හේතුවක් තිබ්බා. ඉබ්බට දවසක් මේල් එකක් ආවා. ඒකෙ තිබ්බෙ ඉලංදාරියට පොඩි සප් එකක් දෙමු කියලා. ඉබ්බා ඔක්කොම විස්තර ටික කොලේක ලියලා දා ගත්තා පර්ස් එකේ. මාස 6කටත් වඩා යනකං ඒ කොලේ තිබ්බා පර්ස් එකේ. ලෝකෙ තිබ්බ අනිත් ඔක්කොම වැඩ වෙනුවෙන් වියදම් කරන්න ඉබ්බට සල්ලි තිබ්බා. ඒත් මේකට සල්ලි තිබ්බෙ නෑ.අනුංගේ ඇද පේනවා මිසක් අපේ ඒවා පේන්නෙ නෑ නොවැ.

ඉබ්බා ගියා ඉලංදාරියගේ බ්ලොග් එකට අන්තිම ලිපිය තිබ්බෙ අප්‍රේල් මාසෙ. ඊට මාසෙකට දෙකකට පස්සෙ යාළුවා අපෙන් ඈත් වෙලා තිබ්බා. ඊට පස්සෙ ඉබ්බා දැක්කා බ්ලොග් අවකාශයේ හිටපු නියම මිනිස්සු ඉලංදාරියා වෙනුවෙන් ගොඩාක් මහන්සි වෙලා තිබ්බා.ඒ පින් ඒ ඒ අයට ලැබෙයි. ඉබ්බා හිටියේ මර නින්දේ.

සමනළ තටු පටං ගනිද්දි මට හිතුනා වෙන කවුරුත් නොකියෙවුවත් මම වත් නාකි වෙලා මේක බලලා සතුටු වෙයිනේ කියලා. බලාගෙන ගියාම මම ඇර මේවා කියෝන සෙට් එකකුත් ඉන්නවනෙ බොලේ දැං. ඉතිං, මම මේ ආපු බ්ලොග් ගමනෙ අමතක නොවෙන නමක් ඉලංදාරියා. ඕනෙ වෙච්ච වෙලාවේ මට සප් එකක් දෙන්න බැරි වුනා. ඒ වුනාට මට ඒ නම හැමදාම මතකයි. මතක තියාගන්න වටින කොල්ලෙක් නිසා ගොඩාක් ප්‍රමාද වෙලා හරි මම මේ සටහන තියන්න හිතුවා. මට මේක දැං නම් ලියන්නම ඕනෙ කියලා හිතුනේ මම මේ ඊයේ පෙරේදා වෙනක්ම නොදැන හිටපු, ඒත් සමුගත්තට පස්සෙ දැනගෙන බ්ලොග් එකට ගියාම සිරා පොරක් කියලා තේරිච්ච ඔබා මාමාගෙ කනගාටුදායක ප්‍රවෘතිය දැක්කට පස්සෙ. ඔබා මාමගෙ සම්පූර්ණ බ්ලොග් සුවිසැරියම ඉබ්බට මිස් වුනා.

හ්ම්ම්… කවුරු හරි දාලා ගියාම ඒක ගැන හිතලා කළකිරෙනවා. ඊට පස්සෙ දර්ශනේ පහළ වෙනවා. ආයිත් දවස් කීපෙකිං අමතකයි. ඉස්සර විදියටම ජීවිතේ ඔහේ ගලා යන්න පටං ගන්නවා.සමහර යාළුවෝ නෑදෑයෝ උන්නද මලාද කියලවත් හෙන කාලෙකිං හොයලා බලලා නෑ. මතකයන් විතරක් ඔහේ හිතේ තියනවා. අනේ මන්දා. ඒ කොහොම වුනත් සමනළතටු දාපු කාලෙ ඉඳලම නිතර ආව ගිය, බ්ලොග් අවකාශෙ ලකුණක් තියපු ඉලංදාරියා සහෘදයාව හැමදාම මතක් වෙන්න ඉබ්බගෙ 50 වෙනි පෝස්ට් එක වෙන් වුනා.ඉස්සර අපි ආසාවෙන් බලපු රොබින් හුඩ් එකේ කෝට් එකකින් කවදාවත් නොදුටු බ්ලොග් යාළුවෙක්ගේ මතක සැමරුම් ලිපිය ඉවර කරන්න හිතුනා.

Nothing’s forgotten. Nothing is ever forgotten.

මීට කළිං ඉබ්බා එකම එක දුක හිතෙන ලිපියක් ලියලා තියනවා සමනළ තටු එකේ. ඉබ්බා කැමතිම සර් ගැන. ඉබ්බට ආයිත් එකම එක දෙයක් කියන්න හිතුනා. හොඳ මිනිස්සු ඉකමණටම යනවා. ඉලංදාරියා, ඉතිං අපි නැවත හමුවෙමු. හමු වෙලා මකා දමා මේ ලෝ තලය, නැවත පින්තාරු කරමු මීට වඩා වෙනස් ලස්සන විධියකට.

Excuse me, ඔයා ප*යක් ඇරියද?

ඉබ්බා ඉතිං වැඩිදුර අධ්‍යාපනයට ගියේ තුම්මුල්ලේ ක්ෂීරපථ විද්‍යාලෙටනෙ. මේ කාලෙ විජ්ජා පීඨෙ හිටියා සුරුස් බුරුස් ගාලා ඉංගිරිසියෙන්ම කතා කරන බුල්ටෝ ලලනාවියෝ ටිකක්. මේ කතාවත් සිද්ධ වෙලා තියෙන්නෙ ඉබ්බලගේ ඒ ජාතියේ ජ්‍යේෂ්ඨ උත්තමාවියකට තමා.

ඔන්න දවසක් හවස තිබ්බළු ටියුට් ක්ලාස් එකක්. ඉබ්බලගේ ජ්‍යේෂ්ඨ උත්තමයෙක් හිටියා මිනිහා ටිකක් ඔඩ් පොරක්. ඉබ්බා දන්න විදියට මිනිහා මීටරේ. පොෂ් බුවා. හැබැයි බොරු සෝබන නෑ. ඉතිං ටියුට් ක්ලාස් එකෙ මිනිහත් ඉස්සරහම පේළියේ ඉඳගෙන ඉන්නවළු. එහා පැත්තෙ ඉන්නෙ බුල්ටෝ අක්කා කෙනෙක්ළු. ටික වෙලාවකින් අපේ මීටර් අයියා මූන ඇඹුල් කරගෙන බුල්ටෝ අක්කාගෙන් මෙහෙම අහනවළු.

මීටර් අයියා: Excuse me, ඔයා ප*යක් ඇරියද?

මේ අනපේක්ෂිත ප්‍රශ්නයෙන් අපේ බුල්ටෝ අක්කා තුෂ්නිම්භූත වුනාළු. එයා රෝස පාට වෙලා මූන කොටු වෙලා ගියාළු. ඊට පස්සෙ අපේ මීටර් අයියා මෙහෙම කිවුවළු.

මීටර් අයියා: නෑ මේ bad smell එකක් ආවා ඒකයි බැළුවේ කවුද කියලා.

එහෙම කියලා බුවා මුකුත් නොවෙච්ච ගානට ඉස්සරහ බලාගෙන පාඩම අහගන්න පටං ගත්තළු. හිහ්… 🙂 ඊට පස්සෙ ටිකක් දවස් යනකං කවුරු හරි කඩ්ඩෙං කතා කරනකොට මේ කතාව දන්න අය අහන්නෙ ඔයා ප*යක් ඇරියද කියලයි හිහ්… 😀

« Older entries