උරුසිමොටා

ඉබ්බා අද නං පොඩි කුණ්ඩලීන යෝග පාරක් දාලා ආපහු හය වසරට යන්නයි හදන්නෙ(මේ දවස් වල කිය කිය හිටියේ A/L කාලෙ කතානේ).

ඉබ්බගේ ලොකු අක්කගේ නම යකබණ්ඩා. පොඩිකාලෙ එයා යකා වගේ(තාමත් ටිකක් එහෙම තමා. දැං ඒ යහපත් වැඩ වඩා මොඩනයිස්ඩ් ආකරයකට යකබණ්ඩගේ පොඩි පුතා ඉදිරියට ගෙන යනවා 😛 ). පොඩි අක්කා පුහුලං බට්ටී. ඉබ්බගේ ලොකු අම්මාගේ පොඩිම පුතා උරුසිමොටා. උරුසිමොටා ඉබ්බට වඩා අවුරුදු 4ක් ඉතර බාලයි. උරුසිමොටා ඉබ්බට කියන්නේ තේ කොළ මුල්ල කියලයි. උරුසිමොටාලා ඉන්නේ කළුතර.ඉස්සර ඉස්කෝලෙ නිවාඩු දීපු ගමං උරුසිමොටා එදාම හවස එනවා ඉබ්බලගේ ගෙදර නවතින්න. මාසයක්ම ඉඳලා ඉස්කෝලෙ පටංගන්න කළිං දවසේ තමා උරුසිමොටා ගෙදර යන්නේ.ඒ කාලේ උරුසිමොටා දෙක වසරේ ඉතර ඇති. හවසට කට්ටියම සෙල්ලං කරළා යකබණ්ඩගෙයි පුහුලං බට්ටිගෙයි කාමරේට ඇවිත් ෆෑන් එක දාගෙන මහන්සි නිවාගන්නවා.කාමරේ තිබ්බා උස කන්නාඩියක්.උරුසිමොටා පුරුද්දක් හැටියට කන්නාඩිය ඉස්සරහට වෙලා එකේක විකාර කරනවා.ඉබ්බගෙ අම්මාට ඒ දවස් වල නිවියා ක්‍රීම් මේනියාවක් තිබ්බා.කෑමට පෙර සහ කෑමට පසු වශයෙනුත් අම්මා නිවියා ක්‍රීම් මූණ පුරා ගාගන්නවා 🙂 .අම්මගේ නිවියා මේනියාව දන්න රට ගිහිං එන නෑදෑයෝ පවා ඒ දවස් වල අනිවාර් යයෙන් තඩි නිවියා ක්‍රීම් එකක් ගෙනත් දෙනවාමයි.ඔන්න දවසක් දාඩිය පෙරාගෙන ආපු උරුසිමොටාට කන්නාඩි මේසෙ උඩ තිබිලා නිවියා එකක් අහු වුනා.දැං උරුසිමොටා නිවියා එක ඇරලා හොඳ තලියක් උලාගන්නයි කල්පනාව.මේ වෙලාවේ යකබණ්ඩට හොඳ නුවණක් පහළ වුනා.

යකබණඩා: හා…හා…වොෂ් එකක් දාලත් නෑ නේද?දුවල ගිහිං ඇඟ හෝදං එන්න. ඊට පස්සෙ ඕක දෙන්නං.

උරුසිමොටාත් ඉතිං පොඩියිනේ. ටක්ගාලා ගියා ඇඟහෝදගෙන එන්න.ගිය අතරෙදි යකබණඩා මරු වැඩක් කළා.යකබණ්ඩා ගත්තා අම්මගේ ඉවර වෙච්ච නිවියා ටින් එකක්. අරගෙන ඒකේ බාගයක් ඉතර පිරෙන්න දැම්මා වින්ටර්ජිනෝ.දෙකම ටිකක් එක පාටනේ.දාලා කන්නාඩි මේසෙ උඩිං තියලා හොඳ නිවියා එක හැංගුවා.විනාඩි 10කිං 15කිං ඉතර උරුසිමොටා එකේක විකාර කර කර එනවා නිවියා උලාගන්න.දැං නිවියා ටින් එක තියනවා කන්නාඩි මේසෙ උඩ.උරුසිමොටා ටින් එක ගත්තා.ඇරියා ටින් එක.අතට ගත්තා හෙන තලියක්(සුවඳ බලන්නවත් උරුසිමොටාට සිහියක් තිබ්බෙ නෑ.යකබණ්ඩයි,පුහුලං බට්ටියි, ඉබ්බයි හිනාව තද කරගෙන බලං ඉන්නවා).දෙඅත්ලේ හොඳට උලාගෙන මූණ පුරා ගාගෙන ගාගෙන ගියා.උරුසිමොටා තත්පර දෙක තුනක් කන්නාඩියෙන් බලං හිටියා.මූණ අත් දෙකෙං වහගත්තා.බුදු අම්මෝ! ගාගෙන කාමරේ පෙරලගෙන දිවුවා.යකබණ්ඩයි, පුහුලං බට්ටියි, ඉබ්බයි හොඳ හැටි හිනාවුනා.ඊට පස්සෙ නං උරුසිමොටා කන්නාඩිය පැත්ත පලාතටවත් ගියේ නෑ 😀 .

තව දවසක් ඉබ්බගේ තාත්තා කිවුවා උරුසිමොටාට පුතා, ගිහිං ෂැම්පූ බෝතලේ අරං එන්න කියලා.උරුසිමොටා කියලා ඉවරවෙන්නත් කලිං ගියා ගේන්න.ටික වෙලාවකිං උරුසිමොටා ෂැම්පු බෝතලේ ගෙනත් දුන්නලු.බෝතලේ ටිකක් ලොකු වැඩියි වගේලු.තාත්තා බැලුවලු මේ මොකෝ මේ කියලා.බැලින්නං කොල්ලා බාත්රූම් එක මදින හාර්පික් බෝතලේ ගෙනත් දීලාලු බාප්පගේ ඔළුවේ ගාන්න(ගෑවනං එහෙම ඉබ්බගේ තාත්තාගේ කොණ්ඩේ ගිහිං මෙලහට සෑහෙන කල් 😛 ).ඊට පස්සෙ උරුසිමොටාට හාර්පික් කියලත් කාර්ඩ් එකක් වැටුනා 🙂 .

උරුසිමොටාගෙ ඇඩ්වෙන්චර්ස් තව සෑහෙන්න තියනවා.දවසක් මොන්ටිසෝරි යන කාලෙ උරුසිමොටා උදේ ටූත් බ්‍රෂ් එකත් කටේ ගහගෙන උරුසිමොටාගෙ පොඩි අයියා, නුග නට් එක්ක කොට්ට පොර ගේම් එකක් ගියාලු.කොට්ට පොර ගේම් එක නැගලා ගිහිං නුග නට්ගේ දක්ෂ ප්‍රහාරයකින් උරුසිමොටා බිම ඇදවැටුනාලු.උරුසිමොටාගේ ටූත් බ්‍රෂ් එක හක්ක පළාගෙන කන ගාවට ගිහිං නැවතුනාලු.බ්‍රෂ් එක ගන්න නාගොඩ හොස්පිටල් එකේ දොස්තර මහත්තයා ඔපරේෂන් එකකුත් කළාලු.ඒකෙං පස්සෙ උරුසිමොටාට කාර්ඩ් එකක් වැටුනා බුරුසු කියලා 😛 .තාමත් නුග නට් උරුසිමොටාට කියන්නේ කෝ මේ බුරුසු කොළු කියලයි.

උරුසිමොටා ශිෂ්‍යත්තෙ පාස් වෙලා ලොකු නමට ගියේ. A/L කරනකංම උරුසිමොටා හිටියේ ඉබ්බලගේ ගෙදර.උරුසි මොටා අළුත් ඉස්කෝලෙට ගිය ගමං ඉබ්බා හවුසස් ගැන ඇහුවා.

ඉබ්බා: ඕගොල්ලංගේ ඉස්කෝලෙ හවුසස් කීයක් තියනවද?

උරුසිමොටා: හතරයි

ඉබ්බා: මොනාද ඒවෑ නං?

උරුසිමොටා: ජේම්ස්, අ…කේර්, ම්…හප්, ටුයි.

ඉබ්බා කල්පනා කළා යකෝ මුංගේ ඉස්කෝලෙ ජපානෙ හිරෝහිතෝ අධිරාජ්‍යයාවත් දාපු එකක්ද කියලා. ජේම්ස්, කේර්,හප්,ටුයි. තුම්මුල්ලේ ඉස්කෝලෙවත් නැතුව ඇති මෙහෙම අප්සට් හවුසස් 4ක් කියලා ඉබ්බට හිතුනා.කොහොම වුනත් උරුසිමොටා ඒ කාලේ ටොම් පච අත අරිනවා ගේමක් නැතුව.ටික වෙලාවකිං ඉබ්බට තේරුනා මේක මොටාගේ තවත් එක් බොරුවක් වග.ඒත් විනාඩි කීපෙකට හරි උරුසිමොටා ඉබ්බව ඇන්දුවා 🙂 .

ඉස්සර උරුසිමොටාගෙ පොඩි අයියා නුග නට්ගෙයි ලොකු අයියා මයිනාගෙයි ඔලුවේ කපුටෝ කොටලා වගේ කොණ්ඩේ තැනිං තැන නෑ.ඇයි කියලා ඇහුවාම උරුසිමොටා සෙල්ලං බඩු වල තිබිච්ච බැට්‍රි කෑලි ගලෝලා ප්‍රහාර එල්ල කරලා ඔළු පැලිච්ච මාර්ක් තමා ඒ.ලොකු අම්මාට ඉන්නේ කොල්ලොම තුන් දෙනෙක්.ගෙදර නිකං යකුන් නැටූ පිටිය වගේ 😛 .දවසක් හොඳ වැඩක් වෙලා තිබ්බා.උරුසිමොටාගේ ලොකු අයියා, මයිනා, මොකක්දෝ කරලා ඉබ්බගේ මහප්පාට මළ පැනලලු.මයිනට නෙළන්න මහප්පා එලෝගෙන ආවාලු.මයිනා මැදසාලේ මේසෙ වටේ දුවන නිසා අල්ලගන්නත් බෑලු.බැරිම තැන මහප්පා එළියට ගිහිං ගඩොල් බාගයක් අරං ආවාලු.

නැවතියං, ගහනවා කිවුවලු.

මූ නෙමේ නවතින්නේ.මහප්පා හොඳටම මළ පැනලා කෙලලා ඇරියලු.මයිනා ඔළුව පාත් කළාලු.

සලබලාං…

කැබිනට් එකේ වීදුරුව කුඩේ කුඩු වුනාලු.ඉන්න යක් පැටවු තුන්දෙනා මදිවට යක් තාත්තත් ගේමට බැහැලලු.ලොකු අම්මා බනිනවලු හෝ ගාලා අලි මදිවට හරක් කියලා 😀

Advertisements

ප්‍රතිචාර 19

  1. ජූනි 24, 2010 at 9:30 පෙ.ව.

    අපේ අම්මාගේ නංගිටත් ඉන්නේ පුතාලාම තුන්දෙනෙක්. ඒ මදිවාට තුන්දෙනා පඩිපෙළ වගෙයි. ලොක්කා 9 වසර දෙවැනියා 8 වසර තුන්වැනියා 7 වසර. බාප්පාටත් ගේ වටේ දුවලා පණ නැහැ. කරන දඟ වැඩ කියන්න ගියොත් නම් කියලා නිමක් නැහැ. හැබැයි ඉතිං කවදා හරි මම්මාට හොඳ හයියක් වෙයි කියලා හිතනවා.

    • ජූනි 24, 2010 at 9:52 පෙ.ව.

      මයිනයි, නුග නටුයි, උරුසිමොටායි හයියක් වෙනකොට අපේ ලොකු අම්මෙගේ හොඳ හයිය ගිහිල්ලා 😛 . උරුසිමොටා ඉපදුන වෙලාවේ ලොකු අම්මා ඇඬුවලු කෙල්ලෙක් නෙමේ කියලා.තුන්දෙනා ඇඳේ වැරදි පැත්තෙං නැගිට්ට දාට ඉතරයි ගෙදර වැඩ වලට උදවු කරන්නේ.ලොකු අම්මා ඉස්සර ඉඳලම වන් මෑන් ෂෝ 😀 .දැං නං සහෝදර සමාගම ගෙදර වැඩ බලාගන්නවා.

  2. රවා said,

    ජූනි 24, 2010 at 12:32 ප.ව.

    යකො කෑගැස්සෙනවා මෙව්වා බලද්දි… උඹලා යුද්ද කරද්දි කොහෙද හිටියෙ… නියමෙට තියන්න ඇති පලාතම.. තව නොකියපු සෙට් එකකුත් ඉන්නවද… වෙලාවක් හම්බුන ගමන් ඔක්කොම කියවනවා… ඉබි කතා ටික… නියමයි. ස්තුති අපිත් එක්ක මතකයන් බෙදා ගන්නවට

    • ජූනි 24, 2010 at 1:27 ප.ව.

      ඉස්සර බ්ලොග් කෙරුවාව පටං ගන්න කළිං ඉබ්බ මේවා යාළුවොත් එක්ක කිය කිය හිටියා.ඊට පස්සෙ සමහර වෙලාවට මේවා මතක් වෙලා තනියෙනුත් හිනා යනවා.කිරි ඉබ්බි හම්බුනාට පස්සෙ මේ කතා සෙට් එකම කිරි ඉබ්බිටත් කියලයි තියෙන්නෙ.ඊටත් පස්සෙ හිතුනා ලියලා තිබ්බනං කැමති අය කියවයිනේ කියලා.එකක් දෙකක් ලියලා දැම්මාම ප්‍රතිචාර ලැබුණා.හිතුව්ට වඩා ගොඩාක් සයිබර් යාළුවෝ ඉබ්බව දිරිමත් කළා.බොහොම ස්තූතියි.ඉබ්බගේ කතා මල්ලේ තව කතා තියනවා.ඒවත් ලියන්නම්.දිරිමත් කරනවට ස්තූතියි!

  3. හසී said,

    ජූනි 24, 2010 at 2:21 ප.ව.

    බිපෙසි… හික් හික්….හරිම ෂොයි කථා ටික

  4. Vampire said,

    ජූනි 24, 2010 at 3:36 ප.ව.

    ටොප් ක්ලාස් ඉබ්බා.. දිගටම ලියමු!

  5. palaamalla said,

    ජූනි 24, 2010 at 3:46 ප.ව.

    මැවිල පේනවා… අර යක් තාත්තයි පුතයි ගේ සීන් එක තමා පට්ටම හික් හික්

  6. ජූනි 24, 2010 at 7:07 ප.ව.

    එල එල… ෆට්ට අය්යෙ…!! අම්බෝ.. අර අන්තිම සීන් එක තමා මරු ,, ම්ට මැවිලා පේනෝ… !!! නියමෙට තියෙන්න ඇතිනේ…!!

    අයියා D.S නේ… එල එල… ෆට්ට මට බ්ලොග් එකක් සෙට් උන 1st DS කොල්ලා…!!

    • ජූනි 25, 2010 at 1:10 ප.ව.

      පෙර කල අප රජ දරුවෝ
      අකුරු උගෙන බස මැරුවෝ
      එ අකුරු අලසව වැරුවෝ
      නම ගම සමගින් දිරුවෝ

      බලං ගියාම රජ දරුවෝ මර්ඩර් ගේම්නෙ දීලා තියෙන්නෙ. බස මරලා!
      කමක් නෑ මලේ උඹයි මායි දැනට ඉන්නවනේ.
      අනික සුළු පටු හරඹයක්ද? මහසෝණත් අපේ ඉස්කෝලෙ ඩයල් එකක් නෙ. මෝහිනී මොකේද දන්නෙ නෑ. 😀 හිහ්

      • ජූනි 26, 2010 at 9:18 පෙ.ව.

        ඔය ජී ටෝක් හරි ස්කයිප් හරි සෙට් වෙමුකෝ…
        ජී ටෝක් – uthpalarox
        ස්කයිප්- yohan.uthpala

      • ජූනි 26, 2010 at 9:27 පෙ.ව.

        එතකොට ඉබ්බා මාට්ටු වෙනවනෙ මලේ 😛

  7. ජූනි 24, 2010 at 8:17 ප.ව.

    තවත් සිරා ඉබි කතාවක්! එලකිරි!!

  8. Hasitha said,

    ජූනි 24, 2010 at 9:17 ප.ව.

    උරුසිමොටා කියලා කාඩ් එක වැටුණ හැටි කිව්වේ නැහැ නේද අයියා ?

    • ජූනි 25, 2010 at 1:14 ප.ව.

      උරුසිමොටාගේ නමේ අකුරු කීපයක් එහාට මෙහාට කරාම ඌරා කියලා හැදෙනවා. කාලයත් එක්ක ඌරා උරුසි වුනා. මොටා, බුටා කියන්නේ ඉබ්බලගෙ ගෙදර පාවිච්චි වෙන උපසර්ගයක්. උදා. අම්මා බුටා, අක්කා බුටා, මල්ලි බුටා ආදී වශයෙන්. ඉතිං උරුසි කෑල්ල අගට මොටා කෑල්ල එකතු වෙලා උරුසිමොටා වුනා 🙂 .

  9. ජූනි 26, 2010 at 12:48 ප.ව.

    බලාගෙන ගියහම මාර නම් නේ ඉබ්බගේ ගෙදර අයට තිබිලා තියෙන්නේ. මම මැරෙන්න හිනා වුනා කතා ටික කියවලා.. ජය වේවා…

  10. namila007 said,

    ජූනි 26, 2010 at 10:11 ප.ව.

    මරු කතා style එකක් ඉබ්බො ඔයට තියෙන්නේ…ඔබට ජය

  11. ජූනි 30, 2010 at 9:06 පෙ.ව.

    හිනාවෙලා පණ යනවා. නියමයි! දිගටම ලියන්න අපි කියවනවා…..

  12. Lochana said,

    ජූලි 31, 2010 at 8:20 ප.ව.

    mamath machoo giye thummulle iskoleta…. Matath thama thiyena prasnayak house 4 ta nam dapu eka mokada kiyala.. 😀

    Ube katha ela… Digatama liyapan….


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: