හොඳම කපල් එක

ඔන්න ඉතිං ඉබ්බා කැම්පස් එකට තේරුනාම කට්ටියට ඉංග්‍රීසි පන්තියකුයි කම්පියුටර් ප්‍රාථමික පන්තියකුයි තිබ්බා මුල සති තුන හතර වගේ.ඉතිං මේ ඉංග්‍රීසි පන්තිය එක්සෙම්ප්ට් වෙච්ච කට්ටියත් හිටියා.කම්පියුටර් පන්තියනම් ඉතිං කැමති අයට එන්න පුළුවං.ඉංග්‍රීසි එක්සෙම්ප්ට් වෙච්ච අය හවස කම්පියුටර් පන්තියට එනවා.ඇයි යාළුවෝ අඳුරගන්නත් එපෑ.ඉබ්බට ජීවිත කාලෙට හම්බුන හොඳම යාළුවන්ගෙන් එක්කෙනෙක් වෙන සිරිපාලත් මේ හවසට හවසට රූටන කෙනෙක්.සිරිපාල කැම්පස් ආවම සෙට් වෙලා ඉන්නෙ අප්පමදෝ අමතපදංලගෙ සහෝදර පාසලේ(ඉබ්බනං ඒකට කියන්නෙ පමාදෝ මච්චුනෝ පදංලගේ ඉස්කෝලේ කියලයි. හිහ්…) සිරිපාලයගේ 9වසරෙ ඉඳලම හිටපු හොඳම යාළුවා අත උඩ එක්කයි.සිරිපාලයා ඔෆිස් යනවා වගේ තමා එන්නෙ.පිලිවලකට ඇඳලා සපත්තු දාලා එහෙම තමා ඉතිං ආවෙ.ඉබ්බා හිටියේ අලුතෙං පටං ගත්ත කෝස් එකක නිසා ජ්‍යේෂ්ඨ උත්තමයෝ නෑ සද්ද දාන්න.හිටියේ අල්ලපු වත්තෙ විජ්ජා පීටෙ ජ්‍යේෂ්ඨ උත්තමයෝ තමා.ඒක නිසා ඉබ්බලට සෑහෙන නිදහසක් තිබ්බා.කොහොම කොහොම හරි සිරිපාලයා ආවම ලැබ් එකේ එහෙම ඉඳගෙන හෙන හර බර සාකච්ඡා.බැළුවමත් තියෙන්නෙ නිකං හෙන ප්‍රොෆෙසර් ලුක් එකක්.මේ ගොඩට මුලිංම සෙට් වෙච්ච තව එකෙක් තමා චම්ලියා.තුන්දෙනාම සිංදුවක් ගැන කාතාවුනත් ඉතිං එක්කො විට්ටර් මහත්තයගේ නැත්තං සුනිල් මහත්තයගෙ.දන්නෙ නැද්ද, දරුණු ඩයල්නෙ.ඉබ්බා ඉතිං ඔය කාව කාවත් සුපුරුදු විදියට ඔරොප්පු කර ගන්නෙ නැතුව ආස්සරේ කොරගෙන හිටියා.

ටික දවසක් යනකොට  චම්ලියගේ ගාල්ලෙ ඉන්න ඉස්කෝල කාළේ පටන්ම පෙමින් වෙලී සිටි දිනාකා කොළඹ යන්න එන්න පටන් ගත්තා. ඉතින් චම්ලියා මිසිං. ඩියුටි යන්න එපැයි.ඊට පස්සෙ අත උඩ විජ්ජා පීඨෙට පාළමක් ගහන්න පටන් ගත්තා. ඉතිං මිනිහා කොයි වෙලෙත් ප්ලෑනෙ හැටියට තමා වැඩ.වැඩේ ගොඩ දාගන්න එපැයි.අන්තිමේදි අත උඩගෙ වැඩේ හරි ගියා. චම්ලියයි දිනාකයිත් බැන්දා. මට මේ ඊයෙත් දෙන්නව හම්බුනා.මේ සෙට් එකේ හිටපු අනිත් යාළුවා තමා චන්දරේ. චන්දරේට එක පාරටම ලිනක්ස් මේනියාවක් හැදුනා.ඉතින් ඒ වැඩ නිසා මිනිහත් මිසිං.අන්තිමටම කොහොම හරි කැරකිලා කැරකිලා සිරිපාලයව ඉබ්බට සෙට් වුනා.දැං සෙට් එකේ ඉන්නෙ දෙන්නයි. සිරිපාලයි ඉබ්බයි.සිරිපාලයා ඩොටේ ඉඳලා එන්නෙ. ඒ වුනාට හිතං ඉන්නෙ පිට කොටුවෙ තරම්ම නාගරිකයි කියලා (ඒ කතාව වෙනම ලියන්න වෙනවා. හිහ්…). සිරිපාලයා උදේම ඉන්ටර්සිටියක නැගලා 7 වෙනකොට ඇවිත් ඉන්නවා. ඉබ්බත් බස් වල හිර වෙලා යන්න අකමැති නිසා 7 වෙනකොට එතන.කොහොම කොහොම හරි සිරිපාලයි ඉබ්බයි නිකං කැම්පස් එකේ යුගල පද වගේ වුනා.

දන්නෙම නැතුව අවුරුද්දකුත් ගියා.දැං ඔන්න අළුත් නැවක් ඇවිල්ලා. ජ්‍යේෂ්ඨ උත්තමයො අනං මනං ලෑස්ති කරන්නත් ඕනෙනෙ.ඔන්න ඉතිං අළුත් කට්ටිය ඇවිත් ටික කාළෙකින් ෆ්‍රෙෂාලගෙ ස්පෝර්ට්ස් ඩේ එක තියන දවස ආවා. සර්ලා මැඩ්ම්ලා, අනිත් ස්ටාෆ් එක, ළමයි සේරම ඇවිත් හොඳට විනෝද වුනා. ඔන්න දැං හවස් වෙලා.තෑගිත් බෙදන වෙලාව. ඒ අස්සෙ එකේක ඉවෙන්ට්ස් තියනවා. හොඳම ක්‍රීඩකයා තෝරලා තෑගි දෙනවා වගේ.ඔන්න දැං ස්පීකර් එකෙන් ඇහෙනවා…

ජූනියර් බැච් එකේ හො…ඳ…ම….. කපල් එක……..

අහවලා සහ අහවලා…..

ඔවු මෙන්න දැං සීනියර් බැච් එකේ හොඳම කපල් එක තෝරන වැදගත් අවස්ථාව…. මිත්‍රවරුනි…. මේක නම් හැබැයි ලංකාවෙ ටිකක් අප්සට් වැඩක්…. ඒත් ඉතිං හරි කපල් එක තෝරන්න එපැයි… මෙන්න…. සී නියර් බැච් එකේ හොඳම කපල් එක….

සිරිපාල සහ ඉබ්බා…. (කට්ටිය විසිල් ගහනවා… හූ තියනවා…. කෑ ගහනවා…)

ඉබ්බයි සිරිපාලයි කලිසං ග්‍රවුන්ඩ් එකේ තියෙද්දිම වාෂ්ප වුනා… හිහ්… 😀

Advertisements