මේ කතාව ඉතිං සරා තමා ඉබ්බට කිවුවෙ. ඔන්න සරා ක්ෂීරපත විද්‍යාලෙට යනකොට ඒ බැච් එකේම එකෙක් හිටියළු ටිකක් ෂෝ කාරයෙක්. පුළුවං ඉංග්‍රීසියක් නැති වුනාට ඉංග්රීසියෙන්මලු කතාව. දෙමළ යාළුවොත් එක්ක හිටියම උන්ට මුළින් මුළින් සිංහල බැරි නිසා ඉංග්‍රීසියෙන් එපෑ අදහස් හුවමාරු කරගන්න. ඉතින් මේ හාදයා වැඩිපුර ඉන්නෙ දෙමළ සෙට් එකක් එක්කලු. එතකොට වැඩියෙන් ඉංග්‍රීසි ෂෝ එක දාන්න පුළුවන්නෙ. කොහොම කොහොම හරි ඔන්න කට්ටිය ට්‍රිප් එකක් ගියාලු. දැං මුළු බැච් එකම මුහුදෙ නාලා හවස් යාමෙ බීච් එකට වෙලා සතුටු සාමීචියේ යෙදෙනවලු. දැං අපේ යාළුවගෙ ෂෝ එකේ අඩුවක් නෑලු. අනිත් උං ඔක්කොම නාල ගොඩ ආවට පස්සෙ මූ ෆුල් ෂෝ එකක් දාගෙන යනවලු තනියම මුහුදෙ නාන්න.
ඔන්න ටික වෙලාවකින් කෑගහන සද්දයක් ඇහිලා බීච් එකේ ඉන්න සෙට් එක බැලුවලු. මූ මහ හයියෙන් ඉංග්‍රීසියෙන් කෑගහනවලු. ටිකක් කන්දීලා බැළුවම මූ කෑ ගහන්නෙ I can help you කියලලු.එහෙම බෙරිහන්දීලා තත්පර 10ක් ඉතර නොපෙනී යනවලු. ආයිත් මතු වෙලා අත පය උස්සලා මහ හයියෙන් බෙරිහන් දෙනවලු I can help you කියලා. ඉතිං කට්ටිය බැලුවලු යකෝ මූ කාවද මේ ඉංග්‍රීසියෙන් බේරගන්න යන්නෙ කියලා.විනාඩියක් ඉතර ගියාට පස්සෙ කට්ටියට තෙරුනාලු වෙන මොකාවත් නෙවෙයි මූ මේ ගිලෙනවා කියලා. Can you help me කියන එක පැටලිලා මූ I can help you කියලා කෑගහලලු 😀 . ඉතිං එහෙම කිවුවම කවුරුත් help කරන්න ඕනෙ නෑනෙ.කොහොම කොහොම හරි ගොඩ ගන්න කොට සෑහෙන්න ලුණු වතුර පෙවිලලු.හිහ්… 🙂 හිතා ගන්න පුළුවන්නෙ ඊට පස්සෙ යාළුවට මොකද වුනේ කියලා.
Chanaka said,
ඔක්තෝබර් 17, 2011 at 2:02 ප.ව.
කාලෙකට පස්සෙ ආයෙත් ඇවිල්ලා තියෙන්නෙ..ඌට ඉස්පිරිතාලෙ යන්න උනෙ නැද්ද?
ඉබ්බා said,
ඔක්තෝබර් 17, 2011 at 2:13 ප.ව.
මම හිතන්නෙ සරාලා මේවා පොඩි ආතල් එකක් ගන්නත් එක්ක තමා කියන්නෙ. ඔතන මඩත් ඇති සෑහෙන්න 😀 . ඉස්පිරිතාලෙ ගිය කතාවක් නම් කිවුවෙ නෑ.
සාතන් said,
ඔක්තෝබර් 17, 2011 at 2:07 ප.ව.
ඉබි අයිය කාලෙකින්…
ඉබ්බා said,
ඔක්තෝබර් 17, 2011 at 2:15 ප.ව.
හී…හී… ඔවු ඔවු… ඊයෙ විභාගයක් ඉවර වුනා. ඒක නිසා පොඩ්ඩක් මේ පැත්තෙ ආවා 🙂
The Lion said,
ඔක්තෝබර් 18, 2011 at 1:51 පෙ.ව.
සුවර් එකට අර මෑන් ආයෙත් ඉංග්‍රීසියෙන් නම් කතා කරන්න නැතුව ඇති ….:D
pissa palaamalla said,
ඔක්තෝබර් 18, 2011 at 9:03 පෙ.ව.
උබ තව කොයි කාලෙකින් වගේද එන්නෙ… හික් හික්….
ඉබ්බා said,
ඔක්තෝබර් 18, 2011 at 9:15 පෙ.ව.
තව මාස 3 කින් වගේ එන්න තමා ට්‍රයි එක… හිහ්… හිහ්… (ඉඳලා හිටලා ආවමත් උඹලා මට කීචොක් දානවනෙ 😛 )