ඉබ්බා නිඝන්ඨ :P

ආ…මේ පහුගිය දවසක ඉබ්බට ආයෙත් ඉස්කෝලේ කතාවක් මතක් වුනානෙ 🙂 .ඔන්න ඉතිං ඒක ලියන්නයි යන්නෙ.

මේක වුනේ ඉස්කෝලේ A/L කරන්න ගිය අළුත.ඉස්සර ඉබ්බා දෙක වසරෙ ඉඳලා හත වසර ඉතර වෙනකං ගෙදර ආපු ස්කූල් වෑන් එකක් තිබ්බා.ඒකේ හිටියා අයිදි කියලා ගෑනු ළමයෙක්.ඒ ළමයව ඉබ්බගෙ යාළුවෙක් වුන කැවුමා හොඳට අඳුරනවා.කොහොම හරි පොඩි කාලෙ කාර්ඩ් එක වැටිලා තිබ්බෙ කැවුමට තමා.ඉතිං අයිදිගෙ අක්කත් මේ වෑන් එකේම තමා යන්නෙ.දෙන්නම ගියේ මැතිනිගෙ ඉස්කෝලෙට.පොඩි කාළෙ ඉබ්බට අයිදිව දිරවන්නෙම නෑ.අපෝ, හෙන ඔළුව.ඒ දවස් වල අයිදි රූප පෙට්ටියෙ ඇඩ් එකකත් හිටියා.අයිදියි අක්කයි ඉතිං පොළවට බඹ කීපයක් උඩිං තමා ගමන 😛 .කොහොම කොහොම හරි ඉබ්බා අටේ ඉඳලා ආවේ වෙන වෑන් එකක.ඊට අවුරුදු දෙකකට ඉතර පස්සෙ ඉබ්බව අම්ම දැම්මා විජ්ජාව පන්තියකට.ගෙදර ඉඳං හෝල්ට් දෙකයි.ඒ පන්තියට ඉතින් ඉබ්බගෙ ඉස්කෝලෙත් හිටිය තාමත් හොඳම ෆිට් එකක් වෙන ඉබ්බලගෙ අල්ලපු පාරෙ ඉන්න මීයත් ආවා.මෙන්න බොලේ අයිදියි යාළුවෙකුයිත් ඉන්නවා විජ්ජාව පන්තියේ.කොහොම කොහොම හරි ඉබ්බගේ ඒ දවස් වල මීටරෙත් හොඳයි.හැබැයි ඉතිං ඔය දවස් වල ඉබ්බා හෙන හොඳ බුවා.පස්සෙ තමා ඇට්ටර වුනේ.හිහ්… 😛 කොහොම කොහොම හරි O/L ඉවර වුනා.

A/L පටං ගත්තා.ඉබ්බා ගියා ගණිත සාත්තරේ ඉගන ගන්න.අයිදිලා කළේ හර බැර.ඉබ්බට කනිං කොනිං දැනගන්න ලැබුනා අයිදිට ඉබ්බා ගැන පොඩි මොකක්ද සීන් එකක් හිතිලා කියලා.ඉබ්බගේ හර බැර කරන්න ගිය යාළුවෝ අහනවා

ඒ, උඹ මැතිනිගෙ බාලිකාවෙ අයිදිව දන්නවද? කියලා.

ඊට පස්සෙ උං ඉතිං බයිට් එක දෙනවා හිටු කියලා.ඉබ්බට මේ වැඩේ ටිකක් වාත වුනා.අනික් අතට අර පොඩි කාළෙ අයිදිගෙ ඔළු පාර්ට් නිසා ඉබ්බට කොහොමටත් අයිදිව දිරෙවුවෙම නෑ 😦 .මෙහෙම යනකොට දවසක් උදේ පාන්දරම හර බැර යාළුවෙක් ඉබ්බව හොයාගෙන ගණිත සභාවට ආවා.ඉබ්බලගෙ ඉස්කෝලේ හර බැර එකේ ඉඳලා ගණිත සභාවට එනවා කියන්නෙ ඉතිං ට්‍රිප් එකක් යනවා වගේ තමා 😀 .ඉස්කෝලෙ එහා කොනේ ඉඳලා මෙහා කොනටම එන්න ඕනෙ.හති දාගෙන ආවෙ ජල්ලියා හරි සයිබු හරි වෙන්න ඕනෙ.ඇවිත් දිග ලියුම් කවරයක් දුන්නා.දීලා කිවුවා අයිදි උඹට දුන්නා කියලා.ඉබ්බා බැළුවා මේ මොකක්ද යකෝ මේ කියලා.කඩලා බැලුවම අර මතකද ඒ කාළේ බොරූ ප්‍රොජෙක්ට් කෙරුවාවක් තිබ්බා 🙂 .අන්න ඒකට අයිදි දත්ත එකතු කරන ෆෝර්ම් එකක්.ඒක පිටු කීපයක් තිබ්බ හෙන දිග ෆෝර්ම් එකක්.ඉබ්බට මතක හරිය තමා ඔය පහළ ලියන්නෙ.ප්‍රොජෙක්ට් එක කුල මල, ජාති, ආගම් ගැන.

ප්‍ර: ඔබ වෙනත් කුල වල හෝ ආගම් වල අය ඇසුරු කරනවාද?

පි: නැත.

ප්‍ර: පිළිතුරට හේතු

පි: ඒ අය පහත් කුල වල නිසා.

ප්‍ර: ඔබ මිතුරන් ඇසුරු කරනවාට ඔබේ දෙමවුපියන් බලපෑම් කරනවාද?

පි: ඔවු.

ප්‍ර: පිළිතුරට හේතු

පි: ඒ අය වෙනත් ආගම් වල නිසා. 😛

ප්‍ර: ඔබ අනුගමනය කරන පුදගලයකු හෝ කිහිප දෙනෙකු සිටිනවාද?

පි: ඔවු.

ප්‍ර: පිළිතුර ඔවු නම් ඒ කවුරුන්ද?

පි: මක්ඛලී ගෝසාල

ප්‍ර: ඔබේ පියාගේ ආගම

පි: අකිරිය වාදය

ප්‍ර: මවගේ ආගම

පි: අමරා වික්ඛේපවාදය

ප්‍ර: ඔබේ ආගම

පි: නිඝන්ඨ!

ඔන්න ඔය වගේ උත්තර තමා ඉබ්බා ඔක්කොම ලිවුවෙ 😛 . අනිත් ප්‍රශ්න වලටත් ලිවුවේ ඔය සංජය බෙල්ලට්ඨිපුත්ත,පූරණ කස්සප, අජිත කේසකම්බල වගේ උත්තර තමා. ඊට පස්සෙ ෆෝර්ම් එක අර ලියුම් කවරෙම දාලා දූතයට බලන්න බැරි වෙන්න හොඳට අලෝලා ගෙනාපු දූතයා අතේම යැවුවා.මෙන්න යකෝ, ඊළඟ සතියේ සඳුදා උදේ පාන්දරම දූතයා එනවා දුම් පිඹගෙන.

දූතයා: මොනාද යකෝ තෝ අරෙක ලියලා තියෙන්නෙ? අන්න අරකි අපිට පලු යන්න බණිනවා. මූණක් වත් බලන්නෙ නෑ.

ඉබ්බා: ඉතිං උඹ කියපං උඹ දන්නෙ නෑ කියලා.

දූතයා: කිවුවා යකෝ. ඒ ගෑනි කියනවා ඉබ්බනං හරිම හොඳයි. ඔය වගේ වැඩ කරන්නෙ නෑ. ඕගොල්ලො තමා මේක පුරෝලා තියෙන්නෙ කියලා. මොනාද යකෝ තෝ ඒකෙ ලිවුවෙ?

මලකෙළියයි! ලෝක රූ රැජින සහ පොල් ගහ කිවුවලු 😛 .කොහොම කොහොම හරි කාලයක් යනකං හර බැර යාළුවෝ හම්බුනාම ඉබ්බගෙං අහනවා මොනාද යකෝ තෝ අර කරලා තියෙන්නෙ කියලා. දැං මතක් වෙනකොට නං හිනාත් යනවා 😀 .

මතකනේ? ඉබ්බා නිඝන්ඨ….හිහ් 😛

Advertisements

ප්‍රතිචාර 37

  1. ජූලි 7, 2010 at 8:26 ප.ව.

    පට්ට සිරා කථාවක් ඉබ්බො..නිඝන්ඨ ඉබ්බෙක් ට අයිදි ගේ හිත ගියාය කියන්නේත් ඉබ්බත් ටිකක් ලයින් පාරක් දාන්න අති නේද? ඔවා ඉතින් කිරි ඉබ්බිගේ කණට ගියොත්…@#*!

  2. blog gadol said,

    ජූලි 7, 2010 at 8:31 ප.ව.

    හික් හික්!! ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ….!!

  3. Londonboy said,

    ජූලි 7, 2010 at 8:43 ප.ව.

    සිරා කතාව. ඉස්සර අපිත් ඔය වගේ ප්‍රොජෙක්ට් කරනව. මට මතක හැටියට එකට නම දැම්මෙ ‘optimism of youth’ කියල. A/L වලට කිසිම සම්බන්දයක් නෑ. එකෙ තිබ්බෙ ඔය dating, love at first sight අනං මනං lol…( ඔය කොළඹ ළමාතැනීලට සිංහල අමාරු ලෙඩක් තිබ්බ නිසා තමයි කඩ්ඩෙන් කලේ) ඒක නෙවේ, ඉබ්බ ගියෙ විජ්ජාව පන්තිය තිබ්බෙ බුදුන් වැඩිය පන්සලකට යන පාරෙද?

    • ජූලි 8, 2010 at 7:44 පෙ.ව.

      නෑ නෑ 🙂 . ඔහොම පාඩමක් ඉබ්බලගෙ 9 වසර බුද්ධාගම පොතේ තිබ්බා.මේ කතාව කීප දෙනෙක්ට කියනකොට දැනගන්න ලැබුනා මේ පාඩම එකේක කාල වල එකේක වසරවල් වලට නිර්දේශ වෙලා තිබ්බා කියලා.

      ඔන්න ඉතිං ඉස්සර අටේ නවයේ ඉන්නකොට ඉබ්බට බුද්ධාගමට ලකුණු හෙන අඩුයි. හැට පහයි, හැට නවයයි ඔහොම තමා.ඉබ්බා බැලුවා යකෝ මේක හරියන්නෙ නෑ.මොකෝ කරන්නෙ කියලා.ඊට පස්සෙ ඉබ්බා ගිරවා දාලා මිහිතලය ඔබටයි ටෝක්ස් ලියන්න ගත්තා බුද්ධාගම පේපරේ.ගෞතම බුදුන් ගැන ලියන්න ඕනෙ ඒවට ඉබ්බ පටංගන්නවා සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයකට ඉතර එපිට හිටපු මෙත්තෙයිය හරි අනෝමදස්සි වගේ බුදු කෙනෙක්ගේ සාසනෙං.ඊට පස්සෙ ඉස්සර පිටු භාගයක් ලියපුවට ඉබ්බා පිටු එකමාරක් ඉතර ලියනවා.මෙන්න බොලේ ඊළඟ වාරෙ ඉඳලා බුද්ධාගමට ලකුණු එනවා අනූ පහයි, අනූ අටයි.බලනකොට හාමුදුරුවො ලකුණු දීලා තියෙන්නෙ අඩි රූලෙං මැනලා 😛 .ඒ ගිරවා දාපුවා තමා ඔය එහෙං මෙහෙං තාම මතක 🙂 .

  4. හෙළයා said,

    ජූලි 7, 2010 at 9:44 ප.ව.

    😀 😀 😀
    උඹ ලිව්වොත් බඩ පැලෙන්න හිනාවෙන එකක් තමයි ලියන්නේ

  5. ජූලි 7, 2010 at 10:10 ප.ව.

    ලොවෙත් නැහැ ලොවි ගහෙත් නැහැ …..ගහ යටත් නැහැ……

  6. tharindu said,

    ජූලි 7, 2010 at 10:17 ප.ව.

    බලාගෙන ගියහම ඉබ්බත් රජ වැඩකාරයෙක්නේ….

  7. ජූලි 8, 2010 at 5:01 පෙ.ව.

    උඹ තමයි දවසකට වත් ඉබ්බා!

  8. ජූලි 8, 2010 at 5:36 පෙ.ව.

    නියම කතාව. කියලා වැඩක් නෑ.

    “…ඉස්කෝලේ හර බැර එකේ ඉඳලා ගණිත සභාවට එනවා කියන්නෙ ඉතිං ට්‍රිප් එකක් යනවා වගේ තමා…”

    අපේ ඉස්කෝලෙත් මේ වගේ තමා 😀

  9. ජූලි 8, 2010 at 7:31 පෙ.ව.

    හි! පට්ට සිරා…නියමයි

    ඊට පස්සෙ ඒ කෙල්ල ලයින් දැම්මෙ නැද්ද? 😀

    • ජූලි 8, 2010 at 7:58 පෙ.ව.

      ඊට පස්සෙත් එකේක දූතයෝ හිටි ගමං ඉබ්බට කිවුවා අන්න උඹ ගැන විස්තර අහනවා කියලා.හලා ගන්න හිතාගෙන ඉබ්බ කිවුවා පුල්ලියට උඹ කියපං මට ඉබ්බියෙක් ඉන්නවා කියලා.පුල්ලියා දන්නවා ඉබ්බා ඒ දවස්වල ඉබ්බා පැළවත්තේ පියතිලක සර්ගේ පන්ති යන වග.වැඩි පණ්ඩිත කමට පුල්ලියා අයිදිට කියලා ඉබ්බට පැළවත්තේ ක්ලාස් එකේ ඉබ්බියෙක් ඉන්නවා කියලා.ගොං මැට්ටා කළොත් කරන්නේ ඔය වගේ වැඩක්මයි 🙂 .පැළවත්තේ පන්තියේ බාලිකාවංගෙං සියට 99ක්ම මැතිනිගේ බාලිකාවෙ.පුල්ලියා ඕවා දන්නෙ නෑනෙ.දැං ඉතිං බැඳපංකො උත්තර.අයිදි ඒ බාලිකාවංගෙං අහලා.වැඩේ කොට උඩ.ඉබ්බගේ යාළුවෙක් වුන ජයේ තමා ඒ දවස් වල මැතිනිගේ බාලිකාවේ ප්‍රින්සිපල් වැඩේ කළේ 😛 .ජයේගෙ ප්‍රියම්භිකාව ඒ විස්තර වගයක් ජයේට කියලා.ඊටපස්සෙ කතාව ගියේ ඉබ්බා නිසා මැතිනිගේ බාලිකාවේ යුද්ධයක් ඇතිවෙලා කියලා.හිහ්…හිහ්… 😛 .ඉබ්බගෙං නෝ රෙස්පොන්ස් හින්දා ඒක ෂේප් එකේ හිමීට නැතිවෙලා ගියා.

      • ජූලි 8, 2010 at 8:39 පෙ.ව.

        ඇයි නෝ රෙස්පොන්ස්?

      • ජූලි 8, 2010 at 9:17 පෙ.ව.

        කිරි ඉබ්බිට කළිං ඉබ්බා කැමතිද කියලා අහලා තියෙන්නෙ එකම එක ගෑණු ළමයෙක්ගෙං ඉතරයි 😛 . ඒ A/L ඉවරවුනාටත් පස්සෙ. ඊට පස්සෙ තව අවුරුදු 4ක් යනකං ඉබ්බට හිතට යන හොයපු කෙනා මුණගැහුනේ නෑ.ඉබ්බා සාම්පල් කෝස් කරන ටයිපුත් නෙවේ. ඊට පස්සෙ තමා සුදුසුම කෙනා හම්බුනේ. ඒ තමා කිරි ඉබ්බි 🙂 . ඒ කතාවත් පස්සෙ කියන්නම්කෝ.

        මැලිබන් මාරි කඩේ නෑ කියලා ඉබ්බා කවදාවත් කඩෙං මන්චි මාරි ගේන්නේ නෑ.කිරි ඉබ්බි තමා මැලිබන් මාරි 🙂 . මාරි නං ඔය ඕන තරං තිබ්බා. ඒත් මැලිබන් නෙමෙයිනෙ. හිහ්… 😛 කෑවට පස්සෙ කට සවුත්තු වෙනවට ඉබ්බට අකමැති හිතුනා 🙂 .

      • ජූලි 8, 2010 at 9:30 පෙ.ව.

        ජෙනුයින් ඉබ්බෙක් අහ්, එල එල.

  10. ජූලි 8, 2010 at 7:44 පෙ.ව.

    ස්තූතියි කට්ටියටම කමෙන්ට් වලට 🙂

  11. මාරයාගේ හෝරාව said,

    ජූලි 8, 2010 at 10:20 පෙ.ව.

    එළ කතා පෙළ මම පහුගිය ටිකේම පැරණි ලිපි සියල්ලම කියෙව්වා.
    මාත් ඉතින් ඔය කොලෙංපුරෙ ඉස්කෝලෙකට බඩ ගෑව එකෙක් තමයි කාලයක්ම.
    ලියන්න තියෙන කතා ඔක්කෝම උඹම ලියලා තියෙනවා නෙව කොල්ලෝ.
    ආයේ අපිට ඉතිරි කරලා නැහැ.
    සුන්දර ජීවිතේ. අපි හැමෝම ඒ කාලේ එකම රූලේ තමා දුවලා තියෙන්නේ.
    දිගටම කරගෙන යන්න ඔං මාත් සුභ පැතුවා.

  12. RanDil said,

    ජූලි 8, 2010 at 11:04 පෙ.ව.

    ආ..මල්ලී මේ ඉන්නේ රජ ඉබ්බාය
    පැන පැන යන එකා නම් ගෙම්බාය
    අඩුයි ඈයෝ පතනා එක කම්බාය
    කිරි ඉබ්බි ඒ ඉබි සැමි මුව සිම්බාය

    කිරි ඉබ්බිට ජය වේවා!!!

    (මොනවා වුනත් අයිදිට කරපු වැඩේ කැතැයි හො‍ඳේ!!!!!!!!!)

    • ජූලි 8, 2010 at 11:33 පෙ.ව.

      හිහ් හිහ්… 🙂 කොහෙන්ද අප්පා මේ කවි සිතුවිලි පහළ වෙන්නෙ? මට නම් කරන්න අමාරුම වැඩක් තමා. ඉස්තූතියි…ඉස්තූතියි.
      (අයිදිව අප්සට් කරවන්න හිතාගෙන නෙවේ කළේ.නවත්තන්නයි ඕනෙ වුනේ.නොවෙන දේකට මහන්සි වෙන එක අපරාදෙනෙ.එහෙම හිතලයි කළේ. හිහ්… 🙂 ඒ වෙනුවෙං කරපු දේවල් දිහා හැරිලා බලපුවම හිනා ගියා. ඒක නිසා ලියන්න හිතුනා.)

      • SL said,

        ජූලි 8, 2010 at 9:06 ප.ව.

        I think you took your revenge………

      • ජූලි 9, 2010 at 7:43 පෙ.ව.

        May be! Ibba thinks it is impossible even for ibba to identify what was in the most bottom layer of the mind. To justify we may come up with a marketable explanation but still something different may have run underneath unnoticeably 🙂 . Your suggestion is a possible answer if we solve the generalized equation 😛 .

      • SL said,

        ජූලි 9, 2010 at 10:19 පෙ.ව.

        “……..something different may have run underneath unnoticeably……..”

        exactly! this is like love/hate at first sight that may be due to the encounters we had in the past lives of us, if you believe in reincarnation.

      • ජූලි 9, 2010 at 11:28 පෙ.ව.

        Agreed. From time to time the thought of reincarnation gets doubtful and undoubted to ibba. Thinking of looking into the subject when ibba gets time. Probably it may need years to reach there 🙂 . Thank you for the thoughts 🙂

      • SL said,

        අගෝස්තු 2, 2010 at 9:57 පෙ.ව.

        Aidi >>Divya???

      • අගෝස්තු 2, 2010 at 11:40 පෙ.ව.

        hee…hee… try guessing 😛
        nope!

  13. palaamalla said,

    ජූලි 8, 2010 at 11:46 පෙ.ව.

    ඉබ්බ ගෙත් මාර ගනන් නෙ තිබිල තියෙන්නේ… ඔරිගිනල් ඉබ්බෙක් නේ උබ හික් හික්. පට්ට කතාව.

  14. Hasitha said,

    ජූලි 16, 2010 at 6:56 ප.ව.

    අයිදි ගැන මොකුත් නිව්ස් එකක් නැද්දි අයියා ?

    • ජූලි 16, 2010 at 8:28 ප.ව.

      හ්ම්…අවුරුද්දකට ඉතර කලිං කැවුමව හම්බුනා.අයිදි කැම්පස් යන්න පාස් වෙලත් නොගිය කතාවක් කිවුවා.දැං පරධාන පෙළේ බැංකුවක වැඩ කරන වගත් කිවුවා.අයිතිකාරයකු සිටින වගත් අයිතිකාරයා සිරාවට නොකරනවා වගේ කතාවකුත් කිවුවා.අයිදි නං සිරාවට කරන්නේ කියලත් කිවුවා.ඉබ්බට විස්තර දැන ගන්න එතරං උනන්දුවක් ඇති වුනෙත් නෑ.හිහ්… 😛

      • ජූලි 26, 2010 at 8:40 පෙ.ව.

        ඉබ්බා ඉතින් වැඩිය හොයන්න ගියොත් කිරි ඉබ්බිගෙන් කයි කට්ට කුඩු වෙන්න.. හික් හික්..

      • ජූලි 26, 2010 at 9:41 ප.ව.

        😛

  15. Ansh Lucky Sri Jay said,

    ජූලි 25, 2010 at 5:06 ප.ව.

    පට්ට කතාව

  16. Suka said,

    අගෝස්තු 4, 2010 at 2:36 ප.ව.

    ela kathawa.. Mokaddha අයිදි hitapu ad eka???

  17. ජනවාරි 8, 2012 at 11:21 ප.ව.

    අද තමයි meka set une…… ganitha anshe idan hara bara ansheta godak durai kwwe!!!!!!! ayya gye agamathi knk ge school ekakatada??


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: