Did you come tomorrow?

ඉබ්බලගෙ බැච් එකේ හිටියා යාළුවෙක් දඩ බුවා කියලා.දඩ බුවා කිවුවට යාළුවා ඉතිං ඇනෝෆිලස් මදුරුවා වගේ තමා 😛 . ඒ වුනත් එයා හිතිං ආර්නෝල්ඩ් සුභසිංහට දෙවෙනි නෑ කියලා තමා හිතං හිටියෙ.කොළඹ කට්ටිය ඇහුවම මචං උඹ කොහෙද කියලා දඩ බුවා කියනවා මම මචං මාතර හැබැයි ඉස්කෝලෙ ගියේ මෙහෙ තුම්මුල්ලේ ඉස්කෝලෙ කියලා(ආඩම්බරෙං වගේ තමා කියන්නෙ. දඩ බුවා ටිකක් ඉතර සෝබන කාරයා 🙂 ).මාතර එවුං ඇහුවම කියනවා දෙවුන්දර කියලා.දෙවුන්දර එවුං ඇහුවම කියනවා තංගල්ලෙ කියලා.ඉබ්බට හිතෙන විදියට තංගල්ලෙ කිවුවට තංගල්ලෙම නෙවේ, හම්බන්තොටද දන්නෙත් නෑ 🙂  .කොහොම හරි දඩ බුවා ඉතිං ආයාසයෙං හරි ෆුල් පොෂ් පිට ඉන්න තමා කැමති.හෙන ලැජ්ජයි එහෙම නොවෙන සීන් එකක් වුනොත්.

මේ කතාවෙ අනික් චරිතෙ ජුලා.ජුලා ෆුල් මැන්ටලේ.දෙණියාය තමා ගම.ජුලාට ගාණක් නෑ ඔය පොෂ් කතා.කොටිංම ජුලාට තේරෙන්නෙ නෑ මේක පොෂ් විදියද නැත්තං අනික් විදියද කියලා.උදාහරණයක් හැටියට කියනවනං බවුසරේක හැප්පුණාම පොෂ් විදියටනං අවුච් කියලනේ කෑ ගහන්න ඕනෙ.අනික් විදිය බුදු අම්මෝ…මං මළෝ කියලා ලතෝනි තියන එකනෙ.ජුලාට ඉතිං ඕක තේරෙන්නෙ නෑ 😛 .

ඔන්න එක කාලයක් ජුලයි, දඩ බුවායි තව කීප දෙනෙකුයි බෝඩිමක හිටියලු.මේ කාලේ ජුලාවත් එකඟ කරගෙන දඩ බුවා සුද්දෙක් ගාවට කඩ්ඩ හදා ගන්න කියලා ක්ලාස් ගියාළු.දඩ බුවා ජුලාව එකඟ කර ගත්තලු කාටවත් මේ ක්ලාස් යන සීන් එක කියන්නෙ නෑ කියලා.දවසක් ක්ලාස් ගියාම සුද්දා දඩ බුවා ගාවට ආවලු.

සුද්දා: වට් ඩිඩ් යූ සෙන්ඩ් මී යස්ටර්ඩේ?

දඩ බුවා: අයි ඩිඩ්න්ට් සෙන්ඩ් යූ එනිතිං(දඩ බුවා බැලුවළු මොකාටද යකෝ සුද්දා එන්න හදන්නෙ කියලා).

සුද්දා: දෙන් වට් ඊස් දිස්?

සුද්දා ෆෝන් එකේ තිබුනු එස් එම් එස් එකක් පෙන්වයි.ඒක දැකපු දඩ බුවාගෙ කොණ්ඩෙ කෙළිං වුනාලු.කං දෙකත් නිකං කීං ගෑවළු.කළිසම තිබිලත් ඒක නැති වුනා වගේ හිතුනලු.කොටිංම දඩ බුවාට චූ නොගිය ටික විතරලු 😛 .ඇයි හත් වලාමෙ මේ පන්තිය මැද්දෙ.සුද්දගෙ ෆෝන් එකේ මැසේජ් එකක් තියනවළු ඊයෙ දඩ බුවා එවපු.ඒකෙ තියෙන්නෙ මෙන්න මෙහෙමලු.

DID YOU COME TOMORROW?

සුද්ද පන්තිය මැදම දුන්නලු දඩ බුවාට ග්‍රැමර් පාඩමක්.දඩ බුවාට තේරෙන්නෙ නෑලු මොකක්ද වෙලා තියෙන්නෙ කියලා.බුවා ලැජ්ජාවෙං ඇඹරි ඇඹරි අහං හිටියලු.දඩ බුවාට දැං කන්න තරං කේන්තිලු.කවුද යකෝ මට මේ හෙණේ පාත් කරපු එකා කියලා.

මොකද දන්නවද වෙලා තියෙන්නෙ.ජුලයට ඕනෙ වුනාලු සුද්දගෙං අහන්න හෙට පන්ති තියනවද කියලා.ජුලයා ගත්තලු ෆෝන් එක.ඒ කාළෙ ඉතිං අපි ඔක්කොම දුප්පත් කාලෙනෙ.ජුලයගෙත් සුපුරුදු පරිදි ක්‍රෙඩිට් ඉවර වෙලාලු.ජුලයා බැළුවලු දඩ බුවා ඉන්නවද කියලා.බුවා ගිහිංලු ඇනුවල් බාත් එක දාන්න 🙂 .අහෝ කරුමෙක මහත! ජුලයා ගත්තලු දඩ බුවාගෙ ෆෝන් එක.ගැහුවලු මෙච්චර කල් ඉංග්‍රීසි දන්න කිසිම ජගතෙකුට හොයා ගන්න බැරි ව්‍යාකරණ විධියක් දාලා did you come tomorrow? කියලා.භය නැතුව සුද්දට යැවුවලු.නොම්මරේ දඩ බුවාගෙනෙ.අනික ඌ සුද්දනේ.ඕන ඉංග්‍රීසියක් දැනගන්න එපෑ.ඕගොල්ලන්ට හිතා ගත්තෑකිනේ ඊට පස්සෙ දඩ බුවාට වුන විනම්බෑසිය.සුද්දා සියළු දෝෂ දඩ බුවාගේ එකවුන්ට් එකට දැම්මලු.දඩ බුවා ජුලයව මැරුවේ නැති ටික විතරලු.

ඉබ්බට මේක කිවුවේ ඉබ්බගේ හොඳම ෆිට් එකක්. හැබැයි මේක කතා නායකයන්ට කිසිම විටෙක නොකියන පොරොන්දුව පිටයි කිවුවේ.ඉබ්බ පතනවා මේක ඒ දෙන්නම කියෝන එකක් නෑ කියලා. හිහ්…  DID YOU COME TOMORROW? 😉

Advertisements

ප්‍රතිචාර 16

  1. ilandhariya said,

    ජූලි 2, 2010 at 9:44 ප.ව.

    patta pataa niyama kathaawa……

  2. හෙළයා said,

    ජූලි 2, 2010 at 10:08 ප.ව.

    😀 😀

  3. හෙළයා said,

    ජූලි 2, 2010 at 10:08 ප.ව.

    Underwear your shirt වගේ තමා

  4. abeetha said,

    ජූලි 2, 2010 at 10:32 ප.ව.

    පට්ට පට්ට

  5. SL said,

    ජූලි 2, 2010 at 11:23 ප.ව.

    Lecturer: Who is your Batch Rep?

    Batch Rep: I IS batch Rep.

    Lecturer: (Slightly hesitated) Oh you ARE the Batch Rep?

    Batch Rep: (Without any hesitation) Yes I ARE the Batch Rep.

    Lecturer then spoke to him in Sinhala.

  6. rava said,

    ජූලි 3, 2010 at 6:13 පෙ.ව.

    කැගැස්සෙනවා.

  7. RanDil said,

    ජූලි 3, 2010 at 9:18 පෙ.ව.

    Teacher: How old are you?

    Pupil: I am sixteen years old are you

    (This is true, happened at Gangarama English School)

  8. Hasitha said,

    ජූලි 3, 2010 at 9:38 පෙ.ව.

    ජුලයාට දැන් හොඳට කඩ්ඩ පුලුවන් ඇති….

  9. palaamalla said,

    ජූලි 3, 2010 at 3:35 ප.ව.

    හික් හික් සුද්දටත් නොතේරෙන්න ඌ යවල තියෙන්නෙ.

  10. tharindu said,

    ජූලි 3, 2010 at 8:02 ප.ව.

    මාර කඩු කාරයෙක්නේ. සුද්දත් කොර වෙන්න ඇති.

  11. නොවැම්බර් 5, 2010 at 8:51 පෙ.ව.

    […] ගෝල්ඩ් fish ගේ ඉංග්‍රිසි වලට. මතකනේ ඉබ්බයියාගේ “did u come tomorrow” ඒ වගේ […]


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: