සබ්සේ බඩා කිලාඩී

කොහොම කොහොම හරි ඉබ්බත් ඉතිං කැම්පස් යන්න සෙට් වුනා. මෙතන ඉඳං ඉතිං ඒ කාලෙ කතා තමා කියන්න වෙන්නෙ.

ඉස්සර ඉබ්බා පහ වසරේ මාස 3ක් ඉතර ගණං පන්තියකට ගියා. ශිෂ්‍යත්තෙට හෙල්ප් එකක් වෙන්න තමා ගියේ.ඒත් ඉබි අම්මයි ඉබි තාත්තයි කිවුවෙ ඔයාට පුළුවං හැටියට කරන්න කියලයි.කිසිම පුෂ් කිරීමක් තිබ්බෙ නෑ.ඊට පස්සෙ ඉබි අම්මයි ඉබි තාත්තයි ඉබ්බව පන්ති යැවුවේ නෑ.පුළුවං වෙලාවට තාත්තා ගණං ටිකක් කියලා දුන්නා.අම්මා සිංහල ටිකක් කියලා දුන්නා.ට්‍රැක් එක පැන්නද මන්දා.ඉතිං කොහොමහරි ඒ පන්තියේ හිටපු මීටරේ තමා සබ්සේ.සබ්සේ නිකං උස කෙට්ටු දංඩක් වගේ ඩයල් එක.සබ්සේ හිටියේ ඉබ්බලගෙ ගෙදරට පොඩ්ඩක් එහායින් තියන පාරෙ ටිකක දුර ගියාම.සබ්සෙලගෙ ගෙදර වහල ඉබ්බලගෙ ගෙදරට පේනවා.කැම්පස් ගියාම මෙන්න බොලේ සබ්සෙත් ඉන්නවා ඒ බැච් එකේම(සබ්සේ ක්ලාස් යනකොටත් ඉබ්බට හම්බුනා.සබ්සේ තමා ඉබ්බලගෙ බැච් ටොපා වුනේ.තාමත් එළම මීටරේ තමා ඉතිං).

දැං ඉතිං මුල සෙමෙස්ටරේම මුලිංම බැච් ට්‍රිප් එක යන්නත් එපෑ.ඔය කොයි කැම්පස් එකෙත් වගේ ඉබ්බලත් හන්තානෙ යන්න දා ගත්තා.ඒකනෙ සම්ප්‍රදාය.ඔන්න කට්ටිය හන්තානෙ ගියා.කඳු නගින අය කඳු නැග්ගා. සමහරු රත් වුනා.රත් වෙන අය ළඟ හිටපු සමහර මූඩි පෑගිච්ච අය වාත වුනා. 😛 වැඩ ගොඩයි.අමාරුවෙං කඳු නගින කෙල්ලන්ට අත්වැල සපයපු කොල්ලො කන්ද බහිනකොටත් අත අල්ලගෙනම බැස්සලු. හා හා පුරා කියලා ඉබ්බලගෙ බැච් එකේ පළවෙනි කපල් එක සෙට් වුනෙත් එහෙමයි. කාටද ආඩම්බර?

ඉබ්බත් තව යාළුවො කීප දෙනෙක් එක්ක හන්තාන නැගලා බැස්සා.දැං කට්ටියක් බස් එක ඇතුලේ සීට් වල වාඩි වෙලා මහන්සි අරිනවා.ටික වෙලාවකිං සබ්සේ එනවා.මෙන්න යකෝ මූ සීතලට අඳින ජැකට් එකක් දාගෙන.මේ කනෙං දාඩිය වැක්කෙරෙනවා.මූට පිස්සුද මන්දා 🙂 (ඌ හිතලා තියෙන්නෙ හන්තානත් අයිති වෙන්නෙ හිමාල කඳු වැටියට කියලා.ඇති ඔයිං ගියා. 😛 ).ඒ දවස් වල කට්ටිය ඉතිං ෆිට් වෙන කාලෙනෙ.පොඩි කාලෙ කතා කලාට පස්සෙ සබ්සේව ඉබ්බට හරියට සෙට් වුනේ කැම්පස් එකේදි.ඒ වෙලාවේ ඉබ්බයි තව කොල්ලො කීප දෙනෙකුයි කෙල්ලො තුං හතර දෙනෙකුයි තමා බස් එක ඇතුලෙ හිටියේ.සබ්සෙ ආවා(ජැකට් එකත් දාගෙන), මොනාද බඩු වගයක් බස් එකේ උඩට දාපු සබ්සේ කෙල්ලො සෙට් එක ඉන්න හරියට කිට්ටුවෙං බස් එකේ හරස් බාර් එකේ එල්ලුනා.සබ්සේ ඉතිං දිගානෙ.ජැකට් එක උඩට ඇදිලා බඩත් කීප පාරක් පෙනුනා.මේක බලං ඉඳලා කට්ටිය කෑ ගහුවා මොකක්ද යකෝ කොට ජැකට් ඇඳං ඇවිත් බඩ පෙන්නලා කෙල්ලො දාගන්න යන්නෙ කියලා.මේ කතා මැද ඉබ්බට මතක් වුනා නමක්.නම තමා

සබ්සේ බඩා කිලාඩී.

සිංහලෙං කියනවනං මෙවන් බඩක් ඇති කොල්ලෙක් තවත් සිටීද?

ඉබ්බ මේ කතාව එතන ප්‍රසිද්ධියේ කිවුවා.සබ්සේ හොඳ හැටි බයිට් වුනා 😀 .බස් එකේ නොහිටපු අයත් මේ කතාව දැනගත්තා.සබ්සේ බඩා කිලාඩී කියන කාර්ඩ් එක දිග වැඩි නිසා ඉබ්බලගෙ යාළුවෙක් වෙන අත උඩ ඒක කෙටි කළා සබ්සේ කියලා.එහෙම තමා අපේ බැච් ටොපා අති ප්‍රසිද්ධියට පත් වුනේ.

කොහොම හරි ට්‍රිප් එක ගිහිං ගෙදර ආවා. මහන්සි ඇරියට පස්සෙ මෙන්න කෝල් එකක්.

සබ්සේ: ඒයි ඉබ්බා, උඹ වැඩක්ද?

ඉබ්බා: නෑ.විශේෂ වැඩක් නෑ.

සබ්සේ: එහෙනං තව විනාඩි 5කිං ගේට්ටුව ගාවට වරෙං.

ඉබ්බා: හා

විනාඩි 5කිං සබ්සේ ආවා. ඊට පස්සෙ ඉබ්බට කට අරින්න හම්බුනේම නෑ.සබ්සේට මළ පැනලා(සබ්සේ කොහොමත් කුකුල් කේන්ති කාරයා 😛 ) සබ්සේ බැන්නා එකසිය ගානට.ඉබ්බා සබ්සෙව බයිට් කළාම සබ්සේ මේක තමා කරන්නෙ.කෝල් එකක් දීලා ගේට්ටුව ගාවට එන්න කියලා බණිනවා.දැං නම් ඉබ්බා බැණුං අහන්න ලෑස්ති වෙලයි ගේට්ටුව ගාවට යන්නෙ 🙂 .

කැම්පස් එකෙං අවුට් වුනාට පස්සෙත් සබ්සේයි ඉබ්බයි එකම කොම්පැණියෙ වැඩ කළේ. දවසක් සබ්සේයි ඉබ්බයි බෙට් එකක් දැම්මා.සබ්සේ කිවුවා අද වහින්නෙ නෑ කියලා.ඉබ්බා කිවුවා වහිනවා කියලා.බෙට් එක තමා සබ්සෙගෙ කාර් එක.අනේ ඉතිං එදා රෑ වැස්සා.පහුවෙනිදා උදේ සබ්සේ සද්ද නැතුව හිටියා.ඉබ්බටත් මතක නෑ.එකපාරට ඉස්සරහා හිටපු අයියා ඇහුවා අර ඊයෙ උඹලා දෙන්නා දාපු බෙට් එකට මොකද වුනේ කියලා.එතකොට තමා ඉබ්බට සීන් එක මතක් වුනේ.බෙට් එක පැරදුනාට මොකෝ සබ්සේ තාම ඉබ්බගෙ කාර් එක තමා පදින්නෙ.හිහ්… 😛

සබ්සේ ගැන තව හොඳ හොඳ කතා තියනවා.ඒවත් හිමීට ලියන්නම්.හැබැයි බැරි වෙලාවත් සබ්සේ මේ බ්ලොග් එක දැක්කොත් හෙම, මොනාද ඉතිං ඉබ්බට ආයිත් කෝල් එකක් එයි මචං ගේට්ටුව ගාවට පොඩ්ඩක් වරෙං කියලා.

සබ්සේ බඩා කිලාඩී…හිහ්… 😀 මට සබ්සෙගෙ මූණ මැවිලා පේනවා.මළ පැන්නම උගෙ මූණ නිකං අර අම්බලංගොඩ පාර අයිනේ ලණු වල එල්ලලා තියන යක් මූණක් වග්ගෙමයි. හිහ්… 😛

ඌ හිතලා තියෙන්නෙ හන්තානත් අයිති වෙන්නෙ හිමාල කඳු වැටියට කියලා.ඇති ඔයිං ගියා.

ප්‍රතිචාර 26

  1. ජූලි 1, 2010 at 9:49 පෙ.ව.

    හික් හික්!! එළ කතාව.ඉබ්බගෙ කැම්පස් එක මොකද්ද කියලා කියල නෑනෙ! අත උඩ කියන නම හැදිච්ච හැටිනං හිතාගන්න පුලුවන් 🙂

    • ජූලි 1, 2010 at 9:56 පෙ.ව.

      හිහ් හිහ්… 😀 ඉබ්බත් හිටියේ බ්ලොග් ගඩොල් මලයා ඉන්නා කැම්පස් එකේම තමා.ඔය රීඩ් මහත්තයගේ පාරට කිට්ටුවෙංම එලොවටත් නැති මෙලොවටත් අමුතුම එකක් තියෙන්නෙ.ඒකෙ පළවෙනිම බැච් එකේ තමා ඉබ්බා හිටියේ.

      • SL said,

        ජූලි 1, 2010 at 10:53 පෙ.ව.

        IT Faculty?

      • ජූලි 1, 2010 at 11:12 පෙ.ව.

        ඒ දවස් වල ඒක CS විතරයි.ඉබ්බලට බැච් 2කට පස්සෙ ඉඳලා තමයි IT කියලා සම්බෝල කළේ.ඒක ෆැකල්ටියක්මත් නෙමේ.තියෙන්නෙනං සයන්ස් ෆැකල්ටියේ භූමියෙම තමා. ඒක නිකං සෙමි ගවර්න්මන්ට් බොඩි එකක්.ඩිපාර්ට්මන්ට් එකක් නෙවේ.අපි තමා යූ ජී සී එක පැත්තෙං ආණ්ඩුව වෙනුවෙං යන්නෙ.ඒකෙ වෙන වෙන ප්‍රොජෙක්ටුත් තියනවා.ජයිකා, අයි ආර් කිවු ඒ, ස්ලීඩා එහෙමත් ඉස්සරම උදවු කළා.ඒ ලෙවල් වලිං යූ ජී සී හරහා යන අයට අගනුවර විශ්වවිද්‍යාලෙ ඩිග්ග්‍රිය දෙනවා.අනික් අයටනං කොහොමද දන්නෙ නෑ 🙂 .

  2. හෙළයා said,

    ජූලි 1, 2010 at 10:00 පෙ.ව.

    😀 😀

  3. palaamalla said,

    ජූලි 1, 2010 at 11:49 පෙ.ව.

    පව් අර අහිංසක සබ්සේ හික් හික්. ඉබ්බට බැරි උනාද ඉතින් හන්තානේ කදු මුදුන සිසාරා යන්න

  4. isimbuwa said,

    ජූලි 1, 2010 at 12:37 ප.ව.

    සබ්සේ බඩා කිලාඩී …………………..

  5. සොබනි said,

    ජූලි 1, 2010 at 1:39 ප.ව.

    මාත් ඔපීසියෙ ඉන්න ගමන් දින දෙකකට සැරයක් විතර ඉබි කතා ටික කියවනවා.. කම්මැලි වෙලාවට කියවලා තනියම හිනාවෙනවා. ඔපිස් එකේ යාලුවන්ටත් කියනවා, ගෙදර ගිහින් මල්ලිට ත් කියලා හිනාවෙනවා, මගේ අධික ලෙස බිසී වෙන්ඩ-මහත්තයා රැට කතා කරාම එයාටත් මේවා එකක් දෙකක් කියනවා. මෙකී නොකී සියළුම දෙනාගේ සිත් පහන් කිරීමේ පින ඉබි අයියා සහ යහළුවන්ට අනුමෝදන් වේවා!
    මේ ඔයා කො.වි.ප.අ එකේ අතිම අති ජ්‍යේෂ්ට අයියා කෙනෙක් වගේ… දැනගැනීම සතුටක්. කො.වි.ප.අ එකේ රසකතා තව ලියන්න..

    • ජූලි 1, 2010 at 4:32 ප.ව.

      සාධූ….සාධූ…සාධූ…අනුමෝදන් වුනා. හප්පද බොල. ඉබ්බට ගිය කළක් 😛 .

      හිහ්…ඒකෙ තමා ඉගන ගත්තෙ 🙂 .

      අපේ ගෙවල් පැත්තෙත් ඉන්නවා සොබනි කියලා අක්කා කෙනෙක්.එයා ඉස්සර ඉස්කෝලෙ යන කාලෙ හෙන සෝබනේ.ඇඹරි ඇඹරි තමා යන්නේ.එයාව දැක්කම අපිටත් නිකං කිචි වගේ. ඇඹරෙන්න හිතෙනවා 😛 .ඉතිං ඉබ්බගෙ පොඩි අක්කා පුහුලං බට්ටි එයාට දැම්මා සොබනි කියලා.සොබනි නගා එයාගෙ කවුරුත් නෙවෙයි නේද?

      • සොබනි said,

        ජූලි 13, 2010 at 3:05 ප.ව.

        නැ නෑ මට අක්කලා නැහැ. මම තමයි ඉතින් අක්කා.. මගෙ ඇත්ත නමට සොබනි කියන නම පොඩ්ඩක් ගැලපෙනවා කියලා හිතුන නිසයි මේ නම පාවිච්චි කරන්නෙ.. ‘ශෝභන’ කියන්නෙ ඉතින් ලස්සන කියන එකනේ.. ඒක තමයි ඔයාට ඔය සොබනි අක්කා දැක්කම කිචි කැවෙන්න ඇත්තේ.. ලොල්

  6. rava said,

    ජූලි 1, 2010 at 1:59 ප.ව.

    හරිම සුන්දර මතකයන් අතර අපි ඇවිදිනවා ඔබත් එක්ක.. ස්තුති.

  7. RanDil said,

    ජූලි 1, 2010 at 4:09 ප.ව.

    අනේ අප්පේ අප්‍රමාණ ලෙස ප්‍රමාදයි මම අද. දැන්නේ බොලේ මේ සබ්බේ දැක්කේ. හොඳයි හොඳයි මල්ලි ෆලෝවර්ස් ඇඩ් කලා නම් අපිට ලේසියි එතකොට අපේ බ්ලොග් වල ඔයාගේ අළුත් ලිපි වැටුනාහම පෙන්වනවානේ

    • ජූලි 1, 2010 at 4:34 ප.ව.

      තරහා අවසර.ගැත්තාට සමා වුව මැනව.ඉබ්බා තාම වර්ඩ්ප්‍රෙස්ස් එච්චර දන්නෙ නෑ.අද අනිවාර් යෙංම හොයාගෙන දාන්නං 🙂

    • ජූලි 2, 2010 at 9:13 පෙ.ව.

      මට දැනට නං හම්බුනේ මෙන්න මෙහෙම ෆික්ස් එකක්

      බ්ලොගර් එකේ බ්ලොග් කරනවා නම් බ්ලොග් එකේ ඩෑෂ්බෝඩ් එකෙං සෙටිංස් යන්න, ගිහිං ඩිසයින් යන්න. ඇඩ් ගැජට් ඔබන්න.එතකොට එන පොපප් එකේ ඇඩ්ඩ් බ්ලොග් ලිස්ට් ඔබන්න.ඊටත් පස්සෙ එන පොපප් එකේ ඕනෙ විදියට සෙටිංස් හදලා ෆොලෝ කරන බ්ලොග් එකේ යූ ආර් එල් එක දාන්න.ඊටත් පස්සෙ සේව් කරන්න.දැං වැඩේ හරි.ඕගොල්ලංගේ සයිඩ් බාර් එකේ බ්ලොග් එකේ පොඩි ෆීඩ් එකක් ඩිස්ප්ලේ වෙයි.මම දැක්කා අපේ පිස්සා සහෝදරයා මේ වගේ මොකක් හරි කොරළා තිබ්බා 🙂 .

      • RanDil said,

        ජූලි 2, 2010 at 10:57 පෙ.ව.

        හා මල්ලි වෙලාවක් ලැබුනු වහාම එහෙම කරන්නම්

      • ජූලි 3, 2010 at 11:01 ප.ව.

        අපි නම් ගූගල් රීඩර් පාරිභෝගිකයොලු.. 😉

  8. tharindu said,

    ජූලි 1, 2010 at 6:43 ප.ව.

    මං ගැනත් කවුරු හරි ලියනවද දන්නෙ නෑ. හොඳ වෙලාවට SLIIT එකේ උන් වැඩිය බ්ලොග් ලියන්නෙ නෑ. හිකිස්…

  9. Hasitha said,

    ජූලි 1, 2010 at 10:44 ප.ව.

    එල කතාව අයියා….
    සබ්සේ බඩා කිලාඩි කියන හින්දි වාක්‍යයේ ඇත්තම තේරුම මම දන්න විදිහට හැමෝටම වඩා දක්ෂ ක්‍රීඩකයා කියන එක.

    මේක ආක්ෂේ කුමාර් හිටිය ෆිල්ම් එකක නමක්ද කොහෙදෝ මතක විදිහට 🙂

  10. ජූලි 2, 2010 at 4:49 ප.ව.

    නියම කතා ටික මචන් .. මෙච්චර දවසක් මම් මෙ බ්ලොග් එක දැක්කෙ නැති එක මාර පුදුමයි……. කමක් නැ මේ ටිකට කතා ගොඩක් කියෙව්වා……. Google friend connect ……. වලින් followers ඇඩ් කාලනම් හොදයි කියල මටත් හිතෙනව ……

  11. සොබනි said,

    ජූලි 13, 2010 at 3:07 ප.ව.

    @RanDil: ඒ මොකද්ද ඒ සින්දුව? 😮

  12. sabse said,

    මාර්තු 28, 2012 at 4:40 ප.ව.

    thank you ibba. i am sambse. i have sold your car and bought a new one. I will meet you next time not near your gate but in my wedding. cu


ඉබ්බා වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න