හනුමගෙ බජට් එක

ඉබ්බා ඉතිං කැම්පස් යන කාලෙ ඕනෙ සෙට් එකකට ප්ලගබල්. ඔය ඉන්න කාට කාට හරි තැනට සුදුසු විදියට සෙට් වෙනවා. ඒ වුනාට ඉබ්බගේ කෝ ටීම් එක ඇවිල්ල ඉබ්බයි සිරිපාලයි. ඉතිං මෙහෙම නිතර ප්ලග් වුන සෙට් එකක තමා හනුමා හිටියේ. හනුමා බර කාරයා. කැම්පස් ආවේ වොල්වෝ එකක. හැබැයි ඒකට පෙට්‍රල් ගැහුවේ අපි. ඌ ඕන වෙලාවක එම්ප්ටි පොකට්. පෙට්‍රල් තියා ඌට සමහර දාට කැන්ටිමේ බත් එක කන්න වත් රුපියල් 13ක් තිබ්බෙ නෑ. හනුමගෙ අම්මා ටිකක් වසයි.හනුමයි තාත්තයි නංගියි මල්ලියි ඔක්කොමලා අම්මට භයයි.

ඉතිං හනුමා ඒ දවස් වල යාළු වෙලා හිටියේ පාරෙන් එහා පැත්තෙ තියෙන ෆයිනෑන්ස් ෆැකල්ටියේ සෑහෙන්න ඇහැට කණට පේන ලලනාවක් එක්ක.ලලනාවත් ඉතිං ෆුල් පොෂ්.මේන්ටේන් කිරිල්ලත් ලේසි නෑ වගේ. විජ්ජා පීඨෙ තියනවා ප්‍රසිද්ධ දොඹ ගහක්. ඒකෙ ඉංගිරිසියෙන් බෝඩ් එකක් එල්ලලා තියනවා බොට්නි ඩිපාර්ට්මන්ට් එකේ එවුන්. ඉංග්‍රීසි බෝඩ් එක සිංහලෙන් කියෙවුවාම එන්නෙ ඩොම්බ(Domba) කියලා. ඉතිං කට්ටිය කවුරු කවුරුත් ඒ ගහ හැඳින්නුවේ ඩොම්බ ගහ කියලා.ඒ ගහ වටේට සිමෙන්තියෙන් බැම්මක් බැඳලා තියෙන්නෙ. ඒ බැම්මත් වාඩි වෙලා අල්ලාප සල්ලාපයේ යෙදෙන අයගේ හොඳ තැනක් තමා. ඉතිං ඔන්න දවසක් 10ක 12ක සෙට් එකක් ඔතන වාඩි වෙලා හිටියා.ජුන්ඩා, සුද්ධෝදන, සාධාරණ කොටා නොහොත් තෙල් බේත් කොටා, සිරිපාලයා, අත උඩ,නිලා, හසනි, චනා, සුහේ,   බ්‍රහ්මෙ එහෙමත් හිටියා වගේ මතකයි.කට්ටිය කියෝ කියෝ හොඳ ජොලියේ ඉන්නකොට එකපාරට හනුමා දුවගෙන ආවා.කලබලෙන් වගේ හනුමා ජුන්ඩාට පොතක් දීලා කිවුවා ලලනාව කතා කරනවා, මේ පොත පොඩ්ඩක් තියාගෙන ඉන්න කියලා හනුමා අතුරුදන් වුනා.ජුන්ඩයි සුද්ධෝදනයි බයිලා කියෝ කියෝ ඉඳලා පොත පෙරලන්න පටං ගත්තා. ඒක ඔය මොනාහරි එකවුන්ටිං ලියපු CR පොතක්. ඒ දවස් වල හනුමා CIMA කරන කාලෙ.පොතේ තියන ඒවා ගැන විකාර කතා කිය කිය අන්තිම පිටුවටත් ආවා.මෙන්න මෙහෙමයි ඒකෙ තිබ්බෙ.

අම්මා දුන්නා 100

උදේ කෑම 14

දවල්ට 13

නාරාහේන්පිටට බස් ගාස්තු 6.50

ප්ලේන් ටී 3

……

……

……

ලලනාවත් එක්ක කන්න 48

ඉතුරු 11.75

ගනං හරියටම මතක නෑ. ඒත් ඔහොම තමා තිබ්බෙ 🙂 .

අප්පටසිරි! කිරි අප්පට බල්ලො පැනපි! හනුමා බජට් එකක් ගහලා. ඒ දවස් වල ලවු කරන කාළෙ වියදනුත් සැරයිනෙ 🙂 . උගෙ බජට් එකේ හිඟය පියවන්න තමා අපේ විදේශාධාර අරන් තියෙන්නෙ. ජුන්ඩටයි සුද්ධෝදනටයි මේ වෙලාවෙ ගණ දෙවි නුවණ පහළ වුනා.ගත්තා කොලේ, උඩින්ම ලිවුවා හනුමගෙ බජට් එක කියලා. ගැහුවා මාතෘකාවට යටින් ඉරක්. ඊට පස්සෙ කෙලීන්ම ගියා ෆොටොකොපි ගහන තැනට. ගැහුව කොපි 10ක් 15ක්. ගම් බෝතලේකුත් ගත්තා. ඊට පස්සෙ විජ්ජා පීඨෙ පුරා නෝටිස් බෝඩ් වල ඇලෙවුවා හනුමගෙ බජට් එක. හිතා ගන්න පුළුවන් නේද ඊට පස්සෙ වෙච්ච හරිය. හනුමට ඉන්න නැති වුනා 😀 . විළි ලැජ්ජාවේ සංතෝසෙ බෑ ඕයි….!

හැබැයි හනුමට නම් මේ වැඩේට මළ පැන්නා. ඇයි උගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංගනය වෙලානෙ. අනේ ඉතිං අපි දන්නවායැ ඕවා.බොහොම අමාරුවෙන් තමා ආපහු ඌව යාළු කරගත්තෙ 🙂 .

ප්‍රතිචාර 8

  1. ඔක්තෝබර් 25, 2011 at 11:08 පෙ.ව.

    කෙල්ලත් දැක්කද දන්නෙ නෑ බන්…. පව් කොල්ලා….

  2. ඔක්තෝබර් 25, 2011 at 11:38 පෙ.ව.

    හප්පේ දැක්ක කල්…………. ඊයේ පෙරේදා තව එව්වා ලිව්වද දන්නෙත් නැහැ…….. මේකට කොමෙන්ට් කරලා ගිහින් බලන්ට ඕනා….. 😀

  3. ශානු said,

    ඔක්තෝබර් 25, 2011 at 11:42 පෙ.ව.

    පව් හලේ කෙල්ල දැක්කද දන්නේ නෑ

  4. ඔක්තෝබර් 25, 2011 at 12:52 ප.ව.

    ඉස්සර අපෙත් ඔහොමයි. පොඩ්ඩ බැරි වෙන්න බෑ කැන්ටින් පුරාවට මඩ පෝස්ටර්.

  5. ඔක්තෝබර් 25, 2011 at 1:25 ප.ව.

    හපෝ මුන් නං මාර ඉබ්බො නෙ බොලේ. අපෙත් එකෙක් හිටිය ඔහොම. එක එක දවසට එන්නෙ එක එක කාර් වල. හැබැයි පෙට්‍රල් ගහන්න ගියොත් අපෙන් රුපියල් 100 ඉල්ලන් තමයි පෙට්‍රල් ගහන්නෙ. ( ඒ දවස් වල පෙට්‍රල් මීට ටිකක් අඩුයි)

  6. ඔක්තෝබර් 25, 2011 at 6:53 ප.ව.

    මල පයින්නේ නැද්ද ඉතිං ඒ වගේ එව්වට. අපරාදේ ලලනාවටත් එකක් යවන්න තිබුනේ, අනාගත සුවාමි පුරුසයාගේ අරපිරිමැස්ම ගැන කියලා.

  7. ඔක්තෝබර් 26, 2011 at 4:34 පෙ.ව.

    පව් අහිංසකයා…….

  8. hasithag said,

    මැයි 28, 2012 at 10:17 ප.ව.

    දැන් කාලේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ ෆෝන් බිල හරි කාඩ් දාන එකටත් රුපියල් 100 ට වඩා යනවා. අනික් ඒවා ගැණ කවර කතාද


ඔබ නොදු‍ටු ලොවක් වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න