උඹේ යට කෑල්ලත් ඔහොමද?

මේකත් ඉතිං ඉබ්බට කිවුවේ සරා තමා. ඉබ්බගේ කතා වගේ නෙවෙයි සරාගෙ කතා. කියලා වැඩක් නෑ. එකම අවුල සරා බ්ලොග් ලියන්න අදහසක් නැති එක තමා. සරා රඟ පාලා තමා කතා කියන්නෙ. හිහ්… 🙂

ඔන්න දවසක් සරා හෝගි අයියට මෙහෙම කියනවළු.

සරා: මොනාද හෝගියා… උඹේ හැටි බලපං

හෝගි අයියා: ඇයි මොකද? 

සරා: බැනියමක් ඇඳලා ඔය ෂර්ට් එක ඇඳපංකෝ

හෝගි අයියා අර ඒ දවස් වල ජනප්‍රිය වුන පොඩ්ඩක් සී තෲ කොට්න් ෂර්ට් එකක් බැනියම නැතුව ඇඳං ඇවිල්ලා. ඒකනේ ඒ දවස් වල හොට් හොට් ස්ටයිල් එක.

හෝගි අයියා: සරා… හරි… උඹ කියපං බැනියමක ගාන කීයද කියලා…

සරා: ම්ම්ම්… අ…අ….අ… බැනියමකට… කීයද?

හෝගි අයියා: හරි… අපි කියමු රුපියල් 200යි කියලා. දැං මේ ෂර්ට් එක කීයද? රුපියල් 1500යි. කීයද?රු..පි..ය..ල්.. එක්දා…ස් පන්සී…යයි. උඹ කැමති රුපියල් දෙසීයක් වටින බැනියම ඇඟේ ගෑවෙනවටද? රුපියල් එක්දාස් පන්සීයක් වටින ෂර්ට් එක ඇඟේ ගෑවෙනවටද?

සරා: හරි හරි හරි… (තත්පරයක විරාමයක්)
මේ… දැං උඹේ යට කෑල්ලත් ඔහොමද?

හෝගි අයියා කට තද කරගෙන සිනා සෙනවා පමණි (ඔබ ඇමතූ අංකයෙන් ප්‍රතිචාරයක් නොමැත. කරුණාකර ඉදිරියට 2ක යොදා නැවත අමතන්න…) හිහ්… හිහ්… 😀

ප. ලි. හැබැයි ඒ දවස් වල ඇත්තටම හෝගි අයියා ඒ ෂර්ට් එක ඇන්දම අර දෙහිවල සත්තු වත්තෙ ඔරං ඔටංට සවුකොලයක් ඇන්දුවා වගේ තිබ්බේ හිහ්… 🙂

Advertisements

හෝගි අයියාගේ අත පිහදැමිල්ල

මේ කතාවෙ කැමරා ඈංගල් දෙකක් තියනවා. පළවෙනි ඈංගල් එක තමා හෝගි අයියාගේ ඈංගල් එක. දෙවෙනි එක සරාගේ කැමරා ඈංගල් එක. ඉබ්බා මුලින්ම බ්‍රෝඩ්කාස්ට් කරන්නෙ හෝගි අයියාගේ ඈංගල් එකෙං කතාව. ඔන්න ඉතිං සුපුරුදු පරිධි හවසට මොනා හරි කමු කියලා හෝගි අයියයි සරායි ගියාළු ඇහැළ මාවතේ තිබ්බ කඩේකට. ඒ දවස් වල හෝගි අයියා තනිකඩයා. සරා ඉතිං බෝඩිං කාරයා. දැං දෙන්නම ගිහින් කෑවළු ඇහැළ මාවතේ හිනාල්ගෙ කඩෙං.කාලා, වතුර බීලා, එතන තිබ්බ අත පිහිදන්න කොල කඩා ගන්න පොතෙං කොලයක් කඩාගෙන අතත් පිහිදගෙන දෙන්නම එන්න පිටත් වුනාළු. දැං ඒ ඈංගල් එකෙං රෙකෝර්ඩ් කරපු කතාව ඉවරයි.

දැං ඔන්න සරාගේ කැමරා ඈංගල් එකෙං කතාව. හෝගි අයියා ආහාර බුදිමින් සිටියි. ටියුෂන් යන පෙනුමැති කොල්ලෙක් කඩේට පැමිණෙයි. පොත් මිටිය කෑම පිළිගන්වන කඩේ කණ්ඩිය මත තබයි. කඩෙන් යමක් ගන්නා ඔහු එහි රස බලයි. හෝගි අයියා ආහාර අනුභව කොට ඉවර කරයි. වතුර බොයි. ටියුෂන් මල්ලීගේ පොත් මිටිය උඩම තිබූ පොතක් උගේ වගේ පෙරළයි. පොතේ මැද හරියේ පිටු 2ක් හෝගියාට අහු වෙයි. හෝගි අයියා බරාස් ගා මොනාදෝ ලියා තිබූ පිටු දෙක ඉරාගෙන මෙලෝ ගානක් නැතුව අත පිසදා එය ගුලි කොට කුණු බක්කියට විසි කරයි. සරා ටියුෂන් මල්ලී දෙස බලයි. ඔහු සිද්ධිය නොදකියි.

දැං සරාට හීන් දාඩියත් දාගෙනළු එන්නෙ. ඇයි යකෝ මේකා කොම්පඤ්ඤවීදියේ කොහේ හරි වත්තක මරුසි පොරක් නම් මේක දැන ගත්තොත් එහෙම විනාඩි 5ක් වත් බිම වැටෙන්න දෙන්නෙම නැතුව නෙලයිනෙ උගේ නෝට් පොතට කරපු වැඩේට. හෝගි අයියට මෙලෝ ගානක් නෑළු. කොහොම කොහොම හරි කඩේට ගණං බේරලා දෙන්න දැං ආයිත් ඔෆිස් එනවළු.

සරා: මොකක්ද යකෝ තෝ අර කළේ?

හෝගි අයියා: ඇයි මොකක්ද?

සරා: තෝ අර ක්ලාස් යන කොල්ලෙක්ගෙ පොතක මැද පිටුවක් ඉරලා අත පිහදැම්මෙ

හෝගි අයියා: නෑ… මම එහෙම එකක් කළාද? උඹ මට ඒ වෙලාවෙ කියන්න එපැයි.

සරා: කියන්න…කොහෙ කියන්නද? තෝ එක පාරම බරාස් ගාලා කොලේ කඩාගෙන අත පිහදලා ඒක විසික්කරානෙ…

හිහ්… හිහ්… ටියුෂන් මල්ලි විභාගෙට පාඩං කරන කොට කොල දෙක ඉරපු එකාගෙ අම්ම මුත්තා මතක් කර කර පාඩං කරන්න ඇති 😀 .

ආ… එහෙනං මට දෙන්න පැණි කජු එකක්…

ඉස්සර ඉබ්බ කාලයක් හිටියෙ ඇහැළ මාවතේ ඔෆිස් එකක. එතනම එහා පැත්තෙ පොඩි කඩයක් තිබ්බා. දවල්ට කොහේ හරි කඩේකිං ජරාව කාලා අතුරුපසට මේ කඩෙං මොනා හරි නොකෑවොත් ඉතිං පුදුම අඩුවක් තිබ්බෙ :). ඔන්න දවසක් සරායි, ඉබ්බයි, හෝගි අයියයි, රමායි ගියා මේ කඩේට අතුරුපසට යමක් කන්න.

සරා: අංකල්, මොනාද තියෙන්නෙ. යෝගට්? අයිස්ක්‍රීම්?

අංකල්: අයිස්ක්‍රීමුයි යෝගටුයි තියනවා.

සරා: යෝගට් කමු නේද?
ඉබ්බා සහ හෝගි අයියා දෙස බලයි. ඉබ්බාත් හෝගි අයියාත් ඔළුව වනයි.

රමා: උඹලා ගනිංකො. මම ගන්නං.

සරා: අපිට දෙන්න යෝගට් 3ක්

රමා: පැණි කජු තියනවද?

අංකල්: පැණි කජු නෑ

රමා: ආ… එහෙනං මට දෙන්න පැණි කජු එකක්… (දීපංකො උත්තර… හිහ්… 😀 )

අර කතාවක් තියෙන්නෙ හාවෙක් හාඩ්වෙයාර් එකකිං කැරට් ඉල්ලපු. රමා ඒ හාවගේ ළඟම නෑයෙක් කියලා අපි තීරණය කළා… 😀