සා… ගේ දත් තියන තැන්

මේකත් ඉතිං සරාගෙ කතාවක් තමා. සරාගෙ ක්ෂීරපථ විද්‍යාලෙ යාළුවෙක් ඉන්නව සා… කියලා. සා… ඉතිං ඉබ්බගෙත් යාළුවෙක් තමා. සා… ඉඳලා ඉඳලා දෙනවා හොඳ හොඳ ආතල්. කාලයක් සරා සා…ත් එක්ක බෝඩ් වෙලා හිටියා වැල්ලවත්තෙ. ඔන්න දවසක් සරාගේ දතක් ඇදුම්කනවළු ඉවසන්න බැරි ලෙවල් එකෙන්. හවස වැඩ ඇරිලා බෝඩිමට ගියාම සරා සා…ට මෙහෙම කිව්වලු.

සරා: අම්මෝ සා… මේ දතක් රිදෙනව ඉන්න බෑ…

සා…: නෑ…හ්… කොහෙද? කටේ?

සරා: නෑ පු* …!

teeth

Advertisements

රොමානි හරකෙක් නිදහස් කිරීම

buffalo

මේ කතාව කියලා නම් මිනිස්සු මාත් එක්ක තරහා වෙයිද මන්දා. ඒත් නොකියම බෑ. කට නිකං කසනව වගේ.

ඔන්න ඉතිං සරාලත් එක්ක වැඩ කරන රොමානි බැන්දාළු. ටික දවසකට පස්සෙ ඔෆිස් ආවම කට්ටිය වටකරගෙන විස්තර අහනවළු, බයිට් කරනවළු. සරාත් ගියාළු වචනයක් දෙකක් කතා කරන්න. ටික වෙලාවකින් මෙන්න මෙහෙම සංවාදයක් ඇති වුනාළු.

රොමානි: මට හරී ආසයි අනේ හරකෙක් නිදහස් කරන්න

සරා: එහෙනං ඇයි ඔයා බැන්දේ?

සරාගෙ හිත: මොකක්ද යකෝ මම ඒ කිවුව කතාව?

රොමානිගෙ මූණ කලු වෙලා කොටු වෙලා ගියාළු… 😀

ඇඳ කඩා වැටුනනෙ…

ඔන්න ඉතිං ඉබ්බගේ හොඳ යාළුවෙක් වෙන පතී බැන්දා. පතී ඉස්සර සතර සති පඨ්ඨානෙ කියෝ කියෝ හිටියේ. අපිටත් ජීවිතේ අනිත්‍ය ගැනමයි දේශනා කළේ. හැබැයි හදිස්සියෙම බඳින්න හිතිලා බැන්දා. හිහ්… 🙂 ඔන්න ඉතිං පතී බැඳලා හා හා පුරා කියලා අළුත් ගෙදරකටත් ගියා. දැං ඉතිං සරා දුන්නළු පතීට කෝල් එකක්. සැප දුක් බලන්නටත් වඩා පොඩි කීචොක් පාරක් දාන්න තමා ඉතිං සරා කෝල් කරළා තියෙන්නෙ. ඔන්න තොරතුරු කතා කර කර ඉන්නකොට පතී කිවුවළු නියම නිවුස් එකක්.

පතී: මාර වැඩක් වුනානෙ මචං

සරා: ඇයි මොකද වුනේ?

පතී: අර අළුතෙං ගත්ත ඇඳ කඩා වැටුනනෙ

සරා: බකස්… 😀

සරාත් ඉතිං පතීට නෝන්ඩියක් එහෙම දාලා කෝල් එක ඉවර කළාළු. ටික වෙලාවකට පස්සෙ පතීට දිගට හරහට කෝල් එනවළු. ටිකක් වෙලා ගියාට පස්සෙ මෙන්න මෙහෙමළු කොන්වර්සේෂන් එක.

යාළුවා:හලෝ පතී… කො… (කොහොමද එකේ ඉතුරු ටික සම්පූර්ණ කරන්න හම්බ වෙන්නෙ නෑළු 🙂 )

පතී: ආ… ඔවු ඔවු ඇඳ කඩං වැටුනා, දැං උඹට තව මොනාද දැන ගන්න ඕනෙ

යාළුවා: හික්..හික්.. හී….

පතී: දැං ඕක තියපං. වද නොදී….

සිරි යහන ගිනි ගනී කියලා නං ෆිල්ම් එකක් ආවා. ඒත් සිරි යහන කඩා වැටෙයි කියල නං තාම ෆිල්ම් එකක් ආවෙ නෑ. පතී මම හිතන්නෙ අනාගතේදි එහෙම එකක් අධ්‍යක්ෂණය කරයි. එතකොට චිත්‍රපටි විචාරෙක ප්‍රධාන අමුත්තා හැටියට ඇවිත් උජාරුවෙන් කියන්න බැරියැ මේක මගේ තරුණ කාළෙ සැබෑ අත්දැකීමක් පාදක කරගෙන හදපු චිත්තරපටියක් කියලා. හිහ්… හිහ්… 🙂

සරාගේ ෆැමිලි ප්ලෑනිං

ඉබ්බට තාම ලියන්න බැරි වුන සරාගෙ කතා කීපයක් තියනවා. ඒවා නම් නොලියම බෑ. ඔන්න ඉතිං සරාලගෙ රට මැද ක්ෂීරපථ විද්‍යාලෙ සෙට් එකෙං මුලින්ම පිළිවෙලක් වෙච්ච කොල්ලෙක් තමා සරා.ඊට පස්සෙ පිළිවෙලක් වෙන යාළුවෝ ඒ සඳහා සියළු උපදෙස් ගත්තෙ ඉතිං සරාගෙං තමා. සරාගේ හොඳ යාළුවෙක් ඉන්නවා ඩොටා කියලා. දැං ඔන්න ඩොටාත් පිළිවෙලක් වෙන්නයි යන්නෙ. සුපුරුදු පරිදි කල් වේලා ඇතුව ඩොටා කෝල් එකක් දුන්නළු සරාට.

ඩොටා: මේ සරා…

සරා: ඔවු මචං කියපං

ඩොටා: මේ… පිළිවෙලක් වෙන්න කළිං උඹෙං ඇඩ්වයිස් එකක් ඕනෙ ෆැමිලි ප්ලෑනිං වලට. කොහොමද බං ප්ලෑන් කර ගන්නෙ.

සරා: ආ… ඒක මචං සුළු දෙයක්. ඕකට ඔය ඩොක්ටර් කෙනෙක් ගාවට ගිහින් කතා කළාම අවශ්‍යතාවය අනුව බේත් එහෙම දීලා ඇඩ්වයිස් කරනවා. දැංමම ඩොක්ටර් කෙනෙක් ගාවට පලයං.

ඩොටා: හා… එළ කිරි සරා අපි එහෙම කරන්නං.

ඩොටාගෙ ප්‍රියම්භිකාව ඩොටාව බඳින්න යන්නෙ A/L ඉවර වුන ගමන්. තාම පොඩි ළමයා ඉතිං. එකපාරට ළමයි හදලත් බැහැ නොවැ. කොහොම වුනත් ඩොටාට අන්තිම මොහොත වෙනකං අමතක වෙන සීන් එකකුත් තියනවා. පිළිවෙලක් වෙන්න කළින් දවසෙ ඩොටා සරාට කෝල් කරනවළු.

ඩොටා: මේ සරා… මාර වැඩේනෙ. අපිට ඩොක්ටර් කෙනෙක් ගාවට යන්න අමතක වුනානෙ. දැං මුකුත් කරන්න බැරිද මචං.

සරා: යකෝ… උඹ මාර යකෙක් නෙ… නෑ ඉතිං… ඕවා එහෙම එක පාරටම වෙන්නෙත් නෑ. ඒවට දවස් එහෙම තියනවා. මම කියන්නද… උඹ භය වෙන්න එපා. ඕන එකක් කරපං. අවුලක් වෙන එකක් නෑ. මාසයකට ඉතර පස්සෙ ඩොටා ගෙං කෝල් එකක් එනවා.

සරා: හලෝ ඩොටා

ඩොටා:!@#$% මොනාද යකෝ තෝ කරේ

සරා: ඇයි මං දැං මොකද කරළා තියෙන්නෙ.

ඩොටා: තොගෙ ඇඩ්වයිස් අරං ___(ඩොටාගෙ වයිෆ්) ප්‍රෙග් නන්ට් වෙලා. !@#$%.යකෝ ඒ පොඩි කෙල්ල ඉස්කෝලෙං අවුට් වුනා ඉතරයි.!@#$%.

ඊට පස්සෙ මාස කීපයක් යනකං ඩොටා සරාගෙ කෝල් වලට අන්සර් කළෙත් නෑළු. මේ සිද්ධියෙන් පස්සෙ සරා ෆැමිලි ප්ලෑනිං වලට උපදෙස් දෙන එක නැවැත්තුවා.හිහ්…ඒත් සරාගේ යාළුවෝ ඔක්කොම වගේ අනිත් ඕනෙ කෙනෙක්ට උපදෙසක් දෙනවා. ඒ හැමෝම දෙන්නෙ එකම උපදෙස. ඒක තමා කාගෙං ඇඩ්වයිස් ගත්තත් කමක් නෑ සරාගෙන් නම් ෆැමිලි ප්ලෑනිං වලට උපදෙස් ගන්න එපා කියලා 🙂 .

දැං පොඩි ඩොටීට අවුරුදු 2කටත් කිට්ටුයි මගෙ හිතේ. කාටද ආඩම්බර. (සරාට තමා… හිහ්… 😀 )

උඹේ යට කෑල්ලත් ඔහොමද?

මේකත් ඉතිං ඉබ්බට කිවුවේ සරා තමා. ඉබ්බගේ කතා වගේ නෙවෙයි සරාගෙ කතා. කියලා වැඩක් නෑ. එකම අවුල සරා බ්ලොග් ලියන්න අදහසක් නැති එක තමා. සරා රඟ පාලා තමා කතා කියන්නෙ. හිහ්… 🙂

ඔන්න දවසක් සරා හෝගි අයියට මෙහෙම කියනවළු.

සරා: මොනාද හෝගියා… උඹේ හැටි බලපං

හෝගි අයියා: ඇයි මොකද? 

සරා: බැනියමක් ඇඳලා ඔය ෂර්ට් එක ඇඳපංකෝ

හෝගි අයියා අර ඒ දවස් වල ජනප්‍රිය වුන පොඩ්ඩක් සී තෲ කොට්න් ෂර්ට් එකක් බැනියම නැතුව ඇඳං ඇවිල්ලා. ඒකනේ ඒ දවස් වල හොට් හොට් ස්ටයිල් එක.

හෝගි අයියා: සරා… හරි… උඹ කියපං බැනියමක ගාන කීයද කියලා…

සරා: ම්ම්ම්… අ…අ….අ… බැනියමකට… කීයද?

හෝගි අයියා: හරි… අපි කියමු රුපියල් 200යි කියලා. දැං මේ ෂර්ට් එක කීයද? රුපියල් 1500යි. කීයද?රු..පි..ය..ල්.. එක්දා…ස් පන්සී…යයි. උඹ කැමති රුපියල් දෙසීයක් වටින බැනියම ඇඟේ ගෑවෙනවටද? රුපියල් එක්දාස් පන්සීයක් වටින ෂර්ට් එක ඇඟේ ගෑවෙනවටද?

සරා: හරි හරි හරි… (තත්පරයක විරාමයක්)
මේ… දැං උඹේ යට කෑල්ලත් ඔහොමද?

හෝගි අයියා කට තද කරගෙන සිනා සෙනවා පමණි (ඔබ ඇමතූ අංකයෙන් ප්‍රතිචාරයක් නොමැත. කරුණාකර ඉදිරියට 2ක යොදා නැවත අමතන්න…) හිහ්… හිහ්… 😀

ප. ලි. හැබැයි ඒ දවස් වල ඇත්තටම හෝගි අයියා ඒ ෂර්ට් එක ඇන්දම අර දෙහිවල සත්තු වත්තෙ ඔරං ඔටංට සවුකොලයක් ඇන්දුවා වගේ තිබ්බේ හිහ්… 🙂

« Older entries