ඇඳ කඩා වැටුනනෙ…

ඔන්න ඉතිං ඉබ්බගේ හොඳ යාළුවෙක් වෙන පතී බැන්දා. පතී ඉස්සර සතර සති පඨ්ඨානෙ කියෝ කියෝ හිටියේ. අපිටත් ජීවිතේ අනිත්‍ය ගැනමයි දේශනා කළේ. හැබැයි හදිස්සියෙම බඳින්න හිතිලා බැන්දා. හිහ්… 🙂 ඔන්න ඉතිං පතී බැඳලා හා හා පුරා කියලා අළුත් ගෙදරකටත් ගියා. දැං ඉතිං සරා දුන්නළු පතීට කෝල් එකක්. සැප දුක් බලන්නටත් වඩා පොඩි කීචොක් පාරක් දාන්න තමා ඉතිං සරා කෝල් කරළා තියෙන්නෙ. ඔන්න තොරතුරු කතා කර කර ඉන්නකොට පතී කිවුවළු නියම නිවුස් එකක්.

පතී: මාර වැඩක් වුනානෙ මචං

සරා: ඇයි මොකද වුනේ?

පතී: අර අළුතෙං ගත්ත ඇඳ කඩා වැටුනනෙ

සරා: බකස්… 😀

සරාත් ඉතිං පතීට නෝන්ඩියක් එහෙම දාලා කෝල් එක ඉවර කළාළු. ටික වෙලාවකට පස්සෙ පතීට දිගට හරහට කෝල් එනවළු. ටිකක් වෙලා ගියාට පස්සෙ මෙන්න මෙහෙමළු කොන්වර්සේෂන් එක.

යාළුවා:හලෝ පතී… කො… (කොහොමද එකේ ඉතුරු ටික සම්පූර්ණ කරන්න හම්බ වෙන්නෙ නෑළු 🙂 )

පතී: ආ… ඔවු ඔවු ඇඳ කඩං වැටුනා, දැං උඹට තව මොනාද දැන ගන්න ඕනෙ

යාළුවා: හික්..හික්.. හී….

පතී: දැං ඕක තියපං. වද නොදී….

සිරි යහන ගිනි ගනී කියලා නං ෆිල්ම් එකක් ආවා. ඒත් සිරි යහන කඩා වැටෙයි කියල නං තාම ෆිල්ම් එකක් ආවෙ නෑ. පතී මම හිතන්නෙ අනාගතේදි එහෙම එකක් අධ්‍යක්ෂණය කරයි. එතකොට චිත්‍රපටි විචාරෙක ප්‍රධාන අමුත්තා හැටියට ඇවිත් උජාරුවෙන් කියන්න බැරියැ මේක මගේ තරුණ කාළෙ සැබෑ අත්දැකීමක් පාදක කරගෙන හදපු චිත්තරපටියක් කියලා. හිහ්… හිහ්… 🙂

Advertisements

සර්, ඇතුලෙන් පත්තු වෙනවනෙ… 

ඉබ්බගෙ යාළුවෙක් ඉන්නවා පතී කියලා.පතී කාලයක් ඔෆිස් ආවෙ ස්ටාෆ් සර්විස් වෑන් එකක.ඔන්න දැං වෑන් එක උදේම ඇවිත් කොම්පඤ්ඤවීදියේ ඇහැළ මාවතට හරවන්න බලාගෙන ඉන්නවළු පාර මැද ලේන් එකේ නවත්තගෙන.තත්පර කීපෙකින් ට්‍රැෆික් රාළහාමි කෙනෙක් වේගෙන් එනවළු වෑන් එක දිහාට.

රාළහාමි: කෝ මනුස්සයෝ සිග්නල් ලයිට්?

රියදුරා දොර කවුළුවෙන් එබී නොදන්නා නියාවෙන් සිග්නල් ලයිට් එක දෙස බලයි.

රියදුරා: සර්(යටහත් පහත් ලෙස), ඇතුලෙන් පත්තු වෙනවනෙ…

රාළහාමි: මොකක්ද ඕයි? මේකත් හරියට තමුසෙගෙ ජීවිතේ වගේ. ඇතුලෙන් පත්තු වෙනවා, ඒත් පිටින් කිසි එළියක් නෑ.

පතී කරකෝලා ගියාළු.කොහොමද රාළහාමිගෙ සාහිත්‍ය?ලංකාවේ පොලිසියෙත් තාම සිරා මිනිස්සු ඉන්න පාටයි.