නිවුටන්ගේ 6 වෙනි නියමෙ

මේ දවස් වල ඉබ්බා වැඩ ගොඩක හිර වෙලා. කොනක් පේන්නවත් නෑ :(. ඒත් හදිසියේම හිතුනා මතක් වෙච්ච පොඩි කතාවක් ලියන්න ඕනෙ කියලා.මේකත් වුනේ ඉබ්බගේ කතා ගොඩක් වර්ණවත් කරපු සීනි කූරටම තමා.සීනි කූරා 10 වසරෙ ඉතර ඉන්න කාළෙ(9දි ද මන්දා) ඒ පැත්තෙම බාලිකාවියක් එක්ක යාළු වුනා.කට්ටිය කතාවට නං කිවුවේ සීනි කූරා ළමයගෙං ඇහුවම ළමයා කිවුවළු ශිෂ්‍යත්තෙං පස්සෙ උත්තරයක් දෙන්නං කියලා 😛 .ඔහොම කිවුවම කූරට අසූ හාරදාහට නගිනවා.කොහොම කොහොම හරි ඒ දවස් වල දැං වගේ මොබයිල් ෆෝන්, ඉන්ටර්නෙට් අනං මනං නෑනෙ.ගෙවල් වල මිනිස්සු කෝල් එකක් ගන්නෙත් බඳිනවා කියනයි, මළා කියන්නයි ඉතරනෙ 🙂 .ඉන්කමිං වලටත් හිටු කියලා ගාණ කපපු කාලෙනෙ.

ඉතිං මේ බාධක මැද්දෙ කූරට සුවඳ කැවූ පෙම් පත් එනවා.මේ A/L කරන කාළෙ.ධූතයා ඉස්කෝලෙ එහා කොනේ තියන වාණිජ මණ්ඩලේ ඉඳලා මෙහා කොණේ තියන ගණිත සභාවට ඇවිත් තමා සංදේශෙ භාර දෙන්නෙ.මේක ආපු වෙලේ ඉඳලා යාළුවෝ පොර කනවා ඒක කියවන්න.බේරෙන්න බැරිම තැන කූරත් ප්‍රසිද්ධියේ කියවන්න පුළුවන් තෝරාගත් ඡේද කීපයක් ශබ්ධ නගා පන්තියටම ඇහෙන්න කියවනවා.නොකියවපු ඡේද බලන්න පොර කන එවුන්ව කූරා එලෝනවා උඹලා තාම පොඩි වැඩියි මේවා කියවන්න කියලා.එතකොට කීප දෙනෙක් අයිඩෙන්ටිය පෙන්නනවා මේ මට දහ අටයි පෙන්නපංකො කියලා.කූරා කොහොම හරි එලෝගන්නවා.ලස්සනම වැඩේ තමා පිළිතුරු ලිපිය ලියන්න හත් අට දෙනෙක්ම සෙට් වෙනවා.ඔක්කොමලා අදහස් දාලා තමා ලස්සනට ලියන්නෙ.සංස්කාරක මණ්ඩලේ රිවීව් කරළා සුමටනය කරපු ලියුම තමා කූරගෙ ප්‍රියම්භිකාවට යන්නෙ.

මේ ලියන කතාව ඉබ්බට කිවුවේ ඉතිං කූරම තමා.කූරාගෙ ගෙවල් පැත්තෙ හෙන සෙට් එකක් හිටියා කූරට.එක යාළුවෙකුත් කූරත් අතර තමා මේ සංවාදෙ සිද්ධ වෙලා තිබුනෙ.

කූරා: මචං, උඹ දන්නවද වැඩක්?

යාළුවා: මොකක්ද?

කූරා: හැම ලස්සන කෙල්ලගෙම යාළුවා කැතයිළු

(තත්පර 10ක් ඉතර යනකං යාළුවා සද්ද නැතුව බිම බලාගෙන ලොකු කල්පනාවකළු)

කූරා: මොකෝ උඹ කල්පනා කරන්නෙ?

යාළුවා: නෑ මචං මේ…උඹේ කෙල්ලගේ යාළුවා ලස්සනද?

කූරට සවලක් අරගෙන පොලව හාරගෙන බහින්න හිතුනළු.කං දෙකත් නිකං කීං ගෑවලු.ඇයි යකෝ මම මූට මේ වගේ එකක් කිවුවේ කියලත් හිතුනලු.කූරත් ඉතිං ඉඳලා හිටලා ඇන ගන්නවා හොඳම එකෙං.හිහ්… 😀

මතකනේ…කෙල්ලගේ යාළුවා ලස්සනනං ඉතිං බඩුම තමා 😛 .ඉබ්බට හිතෙන විදියට මේක නිවුටන්ගේ 6 වෙනි නියෙමෙට වගේ දාන්න පුළුවං.මුල් 3 නං අපි ඔක්කොමලා වගේ දන්නවනෙ. 4 වෙනි එකයි 5 වෙනි එකයි ඕගොල්ලො දන්නවද? 4 වෙනි එක නැවත හොයා ගත්තෙ ඉබ්බගෙ තවත් හොඳ යාළුවෙක් වෙන වූෂු මැස්සා.මේක මේ සියවස් කීපයක් අස්ථානගත වෙලා තිබිලා මැස්ස තමා ආයෙත් කරළියට ගෙනාවෙ. ඔන්න එහෙනං නිවුටන්ගේ 4 වෙනි නියමේ ඉබ්බා ලියන්නයි යන්නෙ.

සද්ද ප* ගඳ නෑ…ගඳ ප* සද්ද නෑ…
(නියමෙ ටිකක් අප්සට්ද මන්දා.ඒක නිසා තමා මම හිතන්නෙ පාඩං පොත තුන්වෙනි නියමෙට පස්සෙ කතාව නවත්තන්නෙ. හිහ්… 😛 )

5 වෙනි නියමෙත් සියවස් ගාණක්ම මග ඇරිලා තිබිලා ඉබ්බලා A/L කරන කාළෙ ඩිකාද මන්දා නැවත හොයා ගත්තෙ. එහෙනං 5 වෙනි නිවුටන් නියමෙත් කියන්නංකෝ.මේක හැබැයි පිරිමි කට්ටියට ඉතරයි වලංගු(කාන්තාවට සම තැන නෑ කියලා කේස් වෙයි කියලා තමා මම හිතන්නෙ මේක පාඩං පොතට දාලා නැත්තෙ 😛 ). ඔන්න එහෙනං නිවුටන්ගේ 5 වෙනි නියමය

චූ කළ පසු, සොලවන තුරු, අවසාන බින්දුව ගුරුත්වාකර්ශනයට හසු නොවේ. ( 😀 )

හයවෙනි නියමෙං පැහැදිලි කළ හැකි ප්‍රායෝගික අවස්ථාවක් තමා ඔය උඩ කතාවෙ අපේ කූරට වුනේ. 6 වෙනි නියමෙට අනුව

හැම ලස්සන කෙල්ලගෙම යාළුවා කැතය.

දැං ඉතිං කෙල්ලො ඉන්න කවුරු කවුරුත් 6 වෙනි නියමෙ දාලා බැලුවනම් හොඳයි නේද? හිහ්… 😛 කොහොමද මලේ රිසල්ට්ස්?

Advertisements