මේ වැඩේ වුනේ ඉබ්බගෙ හොඳම ගජ යාළුවෙක් වෙන ජුන්ඩයියට.
ඔන්න ඉතිං ජුන්ඩයි දඩ බුවායි තව කීප දෙනෙකුයි කැම්පස් එකට කිට්ටුව බෝඩිමක ඉන්නවලු.දවසක් උදේ පන්න්දරම ජුන්ඩා නැගිට්ටලු නිදි මරගාතෙම පාන්දරම ලෙක්චර්ස් දාපු එවුන්ට හිතිං බැන බැන ජුන්ඩා ආවලු තේ එකක් හදාගෙන බොන්න කියලා.රස කර කර උදේ තේ එක බොන්න හිතාගෙන උගුරක් බිවුවම තිත්තේ බෑලු.ජුන්ඩා කල්පනා කළාලු යකෝ මේ ඊයෙ රෑත් හොඳට හිටපු මට උණ හැදිලා කට තිත්ත වුනාවත්ද කියලා.ජුන්ඩා අත නලලට තියලා බැලුවලු උණද කියලා.මොන…උදේ පාන්දර ඌ මළ මිනියකටත් වඩා සීතලයිලු.ඒ ගමන බැලුවලු යකෝ මේ ඊයෙත් හොඳට තිබිච්ච කිරි පිටි එක එකපාරට අද වෙද්දි නරක් වුනාවත්ද කියලා.ඒ වෙන්න විදියකුත් නෑනෙ. මේ එක දවසට.කොහොම හරි තේ එක බොන්නත් එපෑ.නිදි මරගාතෙ නිසා තිත්තට දැනෙනවා ඇති කියලා අර කටේ තියන්න බැරි රසම රස තේ එකෙං උගුරු කීපය බීපු ජුන්ඩා ලෙක්චර්ස් ගියාලු.
මොකකද දන්නවද සීන් එක?ඉබ්බ අර ඉස්සෙල්ල කතාවකත් කිවුවේ දඩ බුවා හිතිං දඩ වුනාට ගතිං ඇනෝෆිලස් මදුරුවෙක් වගේ කියලා.දඩ බුවා බැරිම තැන ගිහිල්ලලු සිංහල වෙදෙක් හම්බුවෙන්න මහත් වෙන හැටි අහන්න.වෙදා කියලලු උදේ පාන්දරම කතුරුමුරුංගා කොටලා බොන්න කියලා.ඉතිං දඩ බුවා උදේම(ජුන්ඩා කියන විදියටනම් පාන්දර පහමාරට ඉතර) කතුරුමුරුංගා කොටලා බීලා හෝදන්නෙ නැතුව තියලා ගිය කෝප්පෙට තමා ජුන්ඩා තේ එක දාගෙන තියෙන්නෙ 😛 . ජුන්ඩා බණිනවා වෙදාගෙ අම්මගෙ මුත්තගෙ ඉඳලා.කොහොමත් වෙදාව ජුන්ඩා මතක් කරන හැටියට කිවිසුම් නවත්ත ගන්න පීනස් බේත් ගන්න සිද්ද වෙන්න ඇති 🙂 .දඩ බුවා ඇඟ හදාගන්න හැමදාම උදේට උදේට කතුරුමුරුංගා බීලා තියෙන්නෙත් බෝඩිමේ කට්ටියට හොරෙං.මේ කතාවෙං පස්සෙ දඩ බුවාට සතියක් ඉතර කැම්පස් එක පැත්තෙ එන්නත් අමාරු වුනා.ඇයි කට්ටිය කතුරුමුරුංගා පොවන්න හදනවනෙ 😛 .
මේ කතාව කියවන ඇඟ හදා ගන්න කැමති කට්ටිය ඉන්නවා නං උදේම කතුරුමුරුංගා කොටලා බිවුවට වරදක් නෑ ඕං.හිහ්…. 😀