නිවුටන්ගේ 6 වෙනි නියමෙ

මේ දවස් වල ඉබ්බා වැඩ ගොඩක හිර වෙලා. කොනක් පේන්නවත් නෑ :(. ඒත් හදිසියේම හිතුනා මතක් වෙච්ච පොඩි කතාවක් ලියන්න ඕනෙ කියලා.මේකත් වුනේ ඉබ්බගේ කතා ගොඩක් වර්ණවත් කරපු සීනි කූරටම තමා.සීනි කූරා 10 වසරෙ ඉතර ඉන්න කාළෙ(9දි ද මන්දා) ඒ පැත්තෙම බාලිකාවියක් එක්ක යාළු වුනා.කට්ටිය කතාවට නං කිවුවේ සීනි කූරා ළමයගෙං ඇහුවම ළමයා කිවුවළු ශිෂ්‍යත්තෙං පස්සෙ උත්තරයක් දෙන්නං කියලා 😛 .ඔහොම කිවුවම කූරට අසූ හාරදාහට නගිනවා.කොහොම කොහොම හරි ඒ දවස් වල දැං වගේ මොබයිල් ෆෝන්, ඉන්ටර්නෙට් අනං මනං නෑනෙ.ගෙවල් වල මිනිස්සු කෝල් එකක් ගන්නෙත් බඳිනවා කියනයි, මළා කියන්නයි ඉතරනෙ 🙂 .ඉන්කමිං වලටත් හිටු කියලා ගාණ කපපු කාලෙනෙ.

ඉතිං මේ බාධක මැද්දෙ කූරට සුවඳ කැවූ පෙම් පත් එනවා.මේ A/L කරන කාළෙ.ධූතයා ඉස්කෝලෙ එහා කොනේ තියන වාණිජ මණ්ඩලේ ඉඳලා මෙහා කොණේ තියන ගණිත සභාවට ඇවිත් තමා සංදේශෙ භාර දෙන්නෙ.මේක ආපු වෙලේ ඉඳලා යාළුවෝ පොර කනවා ඒක කියවන්න.බේරෙන්න බැරිම තැන කූරත් ප්‍රසිද්ධියේ කියවන්න පුළුවන් තෝරාගත් ඡේද කීපයක් ශබ්ධ නගා පන්තියටම ඇහෙන්න කියවනවා.නොකියවපු ඡේද බලන්න පොර කන එවුන්ව කූරා එලෝනවා උඹලා තාම පොඩි වැඩියි මේවා කියවන්න කියලා.එතකොට කීප දෙනෙක් අයිඩෙන්ටිය පෙන්නනවා මේ මට දහ අටයි පෙන්නපංකො කියලා.කූරා කොහොම හරි එලෝගන්නවා.ලස්සනම වැඩේ තමා පිළිතුරු ලිපිය ලියන්න හත් අට දෙනෙක්ම සෙට් වෙනවා.ඔක්කොමලා අදහස් දාලා තමා ලස්සනට ලියන්නෙ.සංස්කාරක මණ්ඩලේ රිවීව් කරළා සුමටනය කරපු ලියුම තමා කූරගෙ ප්‍රියම්භිකාවට යන්නෙ.

මේ ලියන කතාව ඉබ්බට කිවුවේ ඉතිං කූරම තමා.කූරාගෙ ගෙවල් පැත්තෙ හෙන සෙට් එකක් හිටියා කූරට.එක යාළුවෙකුත් කූරත් අතර තමා මේ සංවාදෙ සිද්ධ වෙලා තිබුනෙ.

කූරා: මචං, උඹ දන්නවද වැඩක්?

යාළුවා: මොකක්ද?

කූරා: හැම ලස්සන කෙල්ලගෙම යාළුවා කැතයිළු

(තත්පර 10ක් ඉතර යනකං යාළුවා සද්ද නැතුව බිම බලාගෙන ලොකු කල්පනාවකළු)

කූරා: මොකෝ උඹ කල්පනා කරන්නෙ?

යාළුවා: නෑ මචං මේ…උඹේ කෙල්ලගේ යාළුවා ලස්සනද?

කූරට සවලක් අරගෙන පොලව හාරගෙන බහින්න හිතුනළු.කං දෙකත් නිකං කීං ගෑවලු.ඇයි යකෝ මම මූට මේ වගේ එකක් කිවුවේ කියලත් හිතුනලු.කූරත් ඉතිං ඉඳලා හිටලා ඇන ගන්නවා හොඳම එකෙං.හිහ්… 😀

මතකනේ…කෙල්ලගේ යාළුවා ලස්සනනං ඉතිං බඩුම තමා 😛 .ඉබ්බට හිතෙන විදියට මේක නිවුටන්ගේ 6 වෙනි නියෙමෙට වගේ දාන්න පුළුවං.මුල් 3 නං අපි ඔක්කොමලා වගේ දන්නවනෙ. 4 වෙනි එකයි 5 වෙනි එකයි ඕගොල්ලො දන්නවද? 4 වෙනි එක නැවත හොයා ගත්තෙ ඉබ්බගෙ තවත් හොඳ යාළුවෙක් වෙන වූෂු මැස්සා.මේක මේ සියවස් කීපයක් අස්ථානගත වෙලා තිබිලා මැස්ස තමා ආයෙත් කරළියට ගෙනාවෙ. ඔන්න එහෙනං නිවුටන්ගේ 4 වෙනි නියමේ ඉබ්බා ලියන්නයි යන්නෙ.

සද්ද ප* ගඳ නෑ…ගඳ ප* සද්ද නෑ…
(නියමෙ ටිකක් අප්සට්ද මන්දා.ඒක නිසා තමා මම හිතන්නෙ පාඩං පොත තුන්වෙනි නියමෙට පස්සෙ කතාව නවත්තන්නෙ. හිහ්… 😛 )

5 වෙනි නියමෙත් සියවස් ගාණක්ම මග ඇරිලා තිබිලා ඉබ්බලා A/L කරන කාළෙ ඩිකාද මන්දා නැවත හොයා ගත්තෙ. එහෙනං 5 වෙනි නිවුටන් නියමෙත් කියන්නංකෝ.මේක හැබැයි පිරිමි කට්ටියට ඉතරයි වලංගු(කාන්තාවට සම තැන නෑ කියලා කේස් වෙයි කියලා තමා මම හිතන්නෙ මේක පාඩං පොතට දාලා නැත්තෙ 😛 ). ඔන්න එහෙනං නිවුටන්ගේ 5 වෙනි නියමය

චූ කළ පසු, සොලවන තුරු, අවසාන බින්දුව ගුරුත්වාකර්ශනයට හසු නොවේ. ( 😀 )

හයවෙනි නියමෙං පැහැදිලි කළ හැකි ප්‍රායෝගික අවස්ථාවක් තමා ඔය උඩ කතාවෙ අපේ කූරට වුනේ. 6 වෙනි නියමෙට අනුව

හැම ලස්සන කෙල්ලගෙම යාළුවා කැතය.

දැං ඉතිං කෙල්ලො ඉන්න කවුරු කවුරුත් 6 වෙනි නියමෙ දාලා බැලුවනම් හොඳයි නේද? හිහ්… 😛 කොහොමද මලේ රිසල්ට්ස්?

චූ කරලා නිදියපාං…

මෙතන ඉතිං කතා 2ක් තියනවා.  කමක් නෑ නේද? මුලිංම 176 කතාව කියන්නංකො. මාතෘකාවට අදාල කතාව තියෙන්නෙනං ඊට පස්සෙ. දෙකම ටිකක් එක වගේ නිසා එකටම ලියන්න හිතුවා.

ඉබ්බා ඉස්කෝලෙ යන කාලෙ බ්‍රහස්පතින්දා හවස නුගේගොඩ ලීඩ්ස් එකෙ තිබ්බා කළුවගේ ෆිසික්ස් ක්ලාස් එකක්. ඉබ්බත් ඉතිං බ්‍රහස්පතින්දා 176 ස්කූල් බස් එකේ නැගලා නුගේගොඩ හන්දියෙං බැහැලා නාවල පාරෙ තියන ලීඩ්ස් එකට යනවා. නුගේගොඩ හන්දියෙං මුලිංම යන්නේ 176 ස්කූල් බස් එක. ඊට පස්සෙ තමා හෝමාගම ස්කූල් බස් එක එන්නෙ. හෝමාගම ස්කූල් බස් එක රන් කළේ සීනි කූරා. කොහොම හරි ඒක හන්දියට එන්න කලිං පන්තියට පැනගන්න ඕනෙ. නැත්තං විනාසයි. එක්කෝ හූ තියනවා, නැත්තං වතුර ගහනවා, ටර්ම් එක ඉවර වෙන්න ළඟ නම් බිත්තර පාරවල් වදින්නත් ඉඩ තියනවා.

ඔන්න දවසක් ඉබ්බත් බුවා වගේ 76 බස් එකෙං බැහැලා නුගේගොඩ හන්දිය මැද්දෙං පාර පනින කොට හෙන සද්දයක් ඇහිලා බැලුවා.හෙණගහපිය! හෝමාගම ස්කූල් බස් එක එනවා.බාගයක් පාර පැනලා හිටපු ඉබ්බා දඩ බඩ ගාලා ඉතුරු බාගෙ පැන්න ඉතරයි මෙන්න යකෝ මුං ටික කෑගහනවා

ඕකා පො*** කියලා.

මළකෙළියයි. ඉබ්බත් ඉතිං ඉබ්බට නෙවෙයි වගේ හිමීට ඇවිදං යනවා. මෙන්න බොලේ ඒ පාර මුං කියනවා

ඔය දුඹුරු පාට බෑග් එකක් අරං යන එකා පො*** කියලා.

දැං නං වැඩේ පොඩ්ඩක් අවුල් වගේ. ක්ලාස් යන කෙල්ලො හිනා වෙනවා. බස් හෝල්ට් එකේ ඉන්න අංකල්ලයි ඇන්ටිලයි ඔරෝනවා 🙂 .ඉබ්බා අඩියට දෙකට එතන හිටපු රටකජු කාරයෙක්ගේ කරත්තයක් අස්සට රිංග ගත්තා.

මෙන්න යකෝ මුං ඒ පාර කෑගහනවා ඔවු ඔවු, අර රටකජු කරත්තෙ අස්සට ගිය එකා පො*** කියලා.

බේරුමක් ඇත්තෙම නෑ. ඒ මදිවට ස්කූල් බස් එක ට්‍රැෆික් එකේ හිරවෙලා. යන්නෙත් නෑ.ඉබ්බට පොළව පලාගෙන යන්න හිතිලයි හිටියේ.ඉබ්බ දඩබඩ ගාලා අර අතුරුපාරට පැනලා පන්තියට රිංග ගත්තා.

ඒ කාලෙ ඉතිං පාරෙ ඉන්න අයට කෑගහගෙන යන එකත් ලොකු වැඩක් නේ.පුදුම ආතල් එකක් ගත්තෙ.ඉබ්බා පැළවත්තේ පියතිලක සර්ගේ ගණං පන්ති ගිහිං රෑ වෙලා ගෙදර එන්නේ බත්තරමුල්ලට ඇවිත් එතනිං තව බස් එකක නැගලා. ඒ පැත්තට එන්නේ ඉබ්බයි මල්මාලුයි තව කීප දෙනෙකුයි ඉතරයි. කොල්ලො 15ක් ඉතර යුධබාහුගේ වෑන් එකේ සෙට් වෙලා බොරැල්ල පැත්තට යනවා. මල්මාල් ක්ලාස් එන්නෙ යලට මහට. මල්මාල් ඒ දවස් වල ඊස්ටන් බෑන්ඩ් එකේ ලොකු සෙනෙවියෙක්. ඊට පස්සෙ අවුරුද්දේ මල්මාල් ලොකුම සෙනෙවියා වෙලා පළවෙනි තැනත් දිනලා දුන්නා 🙂 .

කොහොම කොහොම හරි ඉබ්බත් ඔන්න දවසක් තනියෙං අටාමාරට ඉතර බත්තරමුල්ලේ හෝල්ට් එකට වෙලා ඉන්නවා ඊළඟ බස් එක එනකං. වේගෙන් ආපු වෑන් එකක් ජරබරාස් ගාලා බ්‍රේක් ගහලා ඉබ්බ ඉස්සරහා මහපාරෙ නැවැත්තුවා. ඉක්මණටම වීදුරු කීපයක් ඇරුනා.

අඩෝ ඉබ්බා, චූ කරලා නිදා ගනිං, චූ කරපාං… කිය කිය බොරැල්ලට යන සෙට් එක කෑගහනවා.

හෝල්ට් එකේ මිනිස්සු ඉබ්බා දිහායි වෑන් එක දිහායි බල බල මේ මොකක්ද බොලේ මේ වෙන්නෙ කියලා කල්පනා කරනවා.ඉබ්බ එකසිය ගානට ඇඹරෙනවා.අන්තිමටම ඩිකා කෑගහනවා

චූ කරාට ඉතරක් මදි, හොල්ලලා නිදා ගනිං…කියලා(ඩිකා හැමදාම ඒ කෑල්ල කියනවා).

ඉක්මනට වීදුරු වහගන්න කට්ටිය වේගෙං නොපෙනී යනවා.

මේ වැඩේ කීප පාරක් වුනා.ඒක නිසා ඉබ්බට සිද්ධ වුනා බත්තරමුල්ලෙන් බහින එක අතඇරලා තව ටිකක් ඉස්සරහින් බහින්න. එතකොට ඊළඟ බස් එකක් අල්ලගන්නත් ලේසියි.දවසක් ඉබ්බයි මල්මාලුයි අළුත් තැනින් බැස්සා.සුපුරුදු ජරබරාස් සද්දෙ ඇහුනා.දැං කට්ටියා හෝ ගාලා කෑ ගහනවා.මල්මාලුත් ඉතිං සෙනෙවියනේ.ලේසියෙං අත අරින්නෙ නෑ.මල්මාල් මහ හයියෙන් කෑගහපි

ආ…කට ඇරගෙන හිටපාං…කටට චූ කරන්නෙ කටට…කියලා.

වෑන් එක වෙනදට වඩා ඉක්මණට අතුරුදහං වුනා.මල්මාල් හිටපු නිසා බේරුනා. 😛 හිහ්.