සීනි කූරා

මේක නම් පොඩි පොඩි කතා ගොඩක එකතුවක්. සීනි කූරා ගැන තමා කියන්නේ.

ඉස්කෝලේ යන කාලේ ඉබ්බට මුලින්ම සීනි කූරව හම්බුනේ අටේදි. ඒ වුනාට ඉබ්බ සීනි කූරව හයේ ඉඳලම දන්නවා. සීනි කූරා බ්‍රයිටා. සීනි කූරා හිටියේ ඉබ්බ හිටපු සෙට් එකේ නෙවෙයි. ඒ වුනාට සීනි කූරා ඉබ්බත් එක්ක යාළුයි.ඉස්සර අටේදී සීනී කූරා නිතරම ලැවරියා ගේනවා. ඉන්ටර්වල් එකෙං පස්සේ ඉතුරුවෙන ලැවරියා ටිකත් අරං ෆ්‍රී වෙලාවක ඉස්සරහට යන සීනි කූරා ලැවරියා පොඩි කෑලි වලට කඩලා යාළුවන්ට උඩිං එවනවා. ඕනෙ කට්ටිය උඩ පන්දු රැකගෙන කටේ දාගන්න ඕන. මේ අතර පැණි නැති ලැවරියා කොන් වලින් සීනි කූරා වෙන වැඩ කර කර ඉන්න එවුන්ට පටාර් ගාලා දමලා අරිනවා.දවසක් ඉබ්බා මේසෙ උඩ ඔළුව තියාගෙන හිටියා.සීනි කූරා ගුලි කර කර හිටපු ලැවරියා කෑල්ල එකපාරට විදුලි වේගෙන් ඉබ්බට එවුවා.ඉබ්බ මිකක්දෝ කියන්න හැදුව ඉතරයි ඉබ්බගේ මූණ ඉස්සරහම ඩෙස්ක් එකේ බම්ප් වුන ලැවරියා ගුලිය බහ් ගාලා ඉබ්බගේ කට ඇතුලටම ගියා.ඉබ්බා දඩ බඩ ගාලා ලැවරියා ගුලිය දැලෙන් එළියට දැම්මා.සීනි කූරා පෙරළි පෙරළි හිනා වුනා.

සීනි කූරා වතුර ගේන්නෙ පොඩි ප්ලාස්ටික් බෝතල් වල. එකක් රුපියල් 5යි කියලයි සීනි කූරා නම් කිවුවේ. ඉස්කෝලේ ඇරෙන්න කිට්ටු වෙනකොට සීනි කූරාට මෝල් තද වෙලා ඉන්නේ. බෝතලේට වතුර පුරෝගෙන එන සීනි කූරා එකපාරට කොල්ලෝ ගාවට ඇවිත් මුලු බෝතලේම කලිසමට හලනවා. කොල්ලෝ ඉස්කෝලෙ ඇරිලා ගෙදර යන්නේ නිල් කලිසමේ චූ ගිහිල්ල වගේ. දවසක් ඉබ්බට මළ පැනලා සීනී කූරට දුන්න එකක්. සීනි කූරා කිවුවා “උඹලට අනිත් එවුන්ට කරන කොට නම් හිනා, උඹලට කළාම ගෑස්” කියලා. ඉබ්බා කල්පනා කළා කතාව ඇත්ත නේන්නම් කියලා. ඊට පස්සෙ ඉබ්බ ඒවගේ කළේ නෑ.

ඩෙස්ක් පේළි අතරින් යන්න තියන පැසේජ් එක කිට්ටුවෙන්ම තියන ඩෙස්ක් එකේ දාරෙ සීනි කූරා චෝක් කානවා. කොල්ලෝ එතනින් යනකොට සීනි කූරා හිමීට ඩෙස්ක් එක තල්ලු කරලා කලිසමේ ගාවනවා. කට්ටිය දන්නෙම නැතුව හුණු නාගෙන ගෙදර යනවා. සමහර දාට සීනි කූරගේ ඉස්සරහා පේළියේ ඉන්න යාළුවා නැගිටපු ගමන් සීනි කූරා ටක් ගාලා පුටුවට ගම් දාලා චෝක් කුඩු ටිකක් ඉහිනවා. සීනි කූරට මේ වැඩේට යන්නේ තත්පර කීපයයි. යාළුවට මළ පහවෙලා වගේ හුනු නාගෙන ගෙදර යනවා 🙂 .

කුදාව ඉබ්බ එකේ ඉඳලම දන්නවා. කුදාට කුදු පියුමිණී කියලා දැම්මෙත් සීනි කූරා. කුදා ඉන්නේ කුදු වෙලා. පියුමිණී කියන්නේ කුදා අටේදි කැමති වෙලා හිටපු සීනි කූරලගේ ඉංග්‍රීසි පන්තියට එන ගෑණු ළමයෙක් 😛 . කුදා හිටියේ හරියටම සීනි කූරට පිටිපස්සෙ.එක පාරට පිටිපස්ස හැරෙන සීනි කූරා කෙළිං වෙයංකො මං කියලා පිට පුරෝලා කුදාගෙ පිට මැද්දට කෙළිනවා. කුදා අම්මෝ ගාගෙන මොහොතකට කුදු ඇරලා කෙළිං වෙනවා.සීනි කූරගේ අඩම්තේට්ටම් වලට වැඩියම අහුවුනේ කුදා. සමහර දාට කුදා මළ පැනලා සීනි කූරව පන්තිය වටේ එලෝගෙන යනවා.සීනි කූරා සමහර දාට කුදාගෙන් ගුටිත් කනවා.

11 වසරේ ඉන්නකොට 10, 11 භාර සහකාර විදුහල්පති ගඩ්ඩා(එහෙම කිවුවම එදා මෙදාතුර ග්‍රෙගරි මහත්තයගෙ පාරෙ තියන ඉස්කෝලෙට ගිය ගොඩ දෙනෙක් දන්නවා) හූනාගම ස්කූල් බස් එක බලාගන්න භාර දීලා තිබුනේ සීනි කූරට. සීනි කූරා අවුරුදු 3ක් ඉතර බස්නායක තනතුර දැරුවා.සමහර දාට කම්ප්ලේන් එනවා හූනාගම ස්කූල් බස් එකේ කට්ටිය කෙල්ලන්ට වතුර ගහලා, නැත්තම් ඔෆිස් වෑන් වලට විහිළු කරලා වගේ ඒවා. උදේ එසෙම්බ්ලි එකේදි

ගඩ්ඩා: හූනාගමයා, මෙහෙ එනවා…

සීනි කූරා ළමයි අතරින් ඉදිරියට එයි.

මොකද මේ කට්ටිය කෑ ගහනවා කියන්නේ. ලියලා දෙනවා මට නම් ටික. මම කරන්නම් වැඩක්.

සීනි කූරා ඔළුව කසමින් හා කියයි.

ටික දවසකින් යාළුවො අහනවා අර ස්කූල් බස් එකේ සීන් එකට මොකද වුනේ කියලා.

සීනි කූරා: ආහ්…මම සතියක් ඉතර කෑගහන්නැතුව හිටියා. එතකොට ඉබේඑම හරි ගියා.

සර් පේන ඇහුවේ හොරාගෙ අම්මගෙන් කියලා සර් දැනං හිටියේ නෑ. සීනි කූරා බස්නායක කම සිරාවට කළා.මාසෙකට ඉතර පාරක් කට්ටිය එක්ක වීක් එන්ඩ් එකේ ස්ටෑන්ඩ් එකට ගිය සීනි කූරා බස් එක හෝදලා ඇතුල අතුගාලා ඔක්කොම කළා.හැමදාම කලෙක්ෂන් දාලා ඩ්‍රයිවර්ටයි කොන්දොස්තරටයි දුන්නා. ඒක නිසා හූනාගම ස්කූල් බස් එක කවදාවත් නෑවිත් හිටියේ නෑ.සීනි කූරා ඉස්කෝලෙං අවුට් වුනාට පස්සේ ඒවා අභාවයට ගිහිල්ලා බස් එක යලට මහට එන බව ඉබ්බගේ A/L මැඩම් කිවුවා.

සීනි කූරා ආයිත් A/L කරද්දී ඉබ්බට හම්බුනා. ඉබ්බලගේ පන්ති තිබ්බේ හොඳට ඉඩ පහසුව තියන ටිකක් පරණ බිල්ඩින් එකක. ඒවා නිකං ගුහා වගේ. සෑහෙන privacy එකක් තුබුණා. දොර වැහුවම එළියට මුකුත්ම පෙන්නෙ නෑ.ෆ්‍රී පීරියඩ් වලට පන්තිය එකම පිස්සු ගොඩක්. පන්තියට කාඩ් පැක් එක මුලින්ම ගෙනාවේ සීනි කූරා. ඒක නිසා සීනි කූරට තවත් ප්‍රසිද්ධ කාඩ් එකක් තිබුනා බූරු පියා කියලා. ඒ, පන්තියේ බූරු ක්‍රීඩාවේ උපත සීනි කූරා නිසා. බූරු කිවුවට කට්ටිය වැඩියම ගැහුවේ ඕමි තමා. ඒක ගැන ලියන්න තව ගොඩක් රස කතා තියනවා. සීනි කූරට ඒ නම වැටුනෙත් A/L කාලෙදි.

දවසක් මෙන්න මෙහෙම කතාබහක් ඇතු වුනාලු.

සීනි කූරා: ඒයි, මාර වැඩක් වුනානෙ බං

අප්‍රේලයා: මොකක්ද?

සීනි කූරා: මගේ අහවල් එක කඩියෙක් කෑවනේ

අප්‍රේලයා: ආ…ඒ මොකෝ උඹේ එක කඩියෙක් කෑවේ? උඹට සීනි කූරක්ද තියෙන්නෙ?

එදා ඉඳලා තමා සීනි කූරා කාඩ් එක රෙජිස්ටර් වුනේ.

තව ගොඩාක් රස කතා තියනවා සීනි කූරා ගැන ලියන්න. ඒවත් ලියන්නම්.

Advertisements