පත්තරේ මාට්ටු

ඔන්න ඉතිං ඉබ්බා A/L  කාලෙ හැමදාමත් වාඩි වුනේ පන්තියේ හරි මැද පළවෙනි පේළියේ නැත්තං දෙවෙනි පේළියේ. හේතුව තමා අනිත් කට්ටිය මැරුවත් ඉස්සරහ පේළියට නම් එන්න බෑ කීම. ඒක නිසා ඉබ්බයි වූෂු මැස්සයි, හොර අලියයි, ජින්නයි, එදිරියයි, විජේයි තමා මුළු අවුරුදු දෙකම ඉස්සරහා පේළියේ ඉන්න කට්ට කෑවෙ. ඉබ්බලගේ පන්තියට ජෙනරල් ඉංග්ලිෂ් ඉගැන්නුවේ ඒ තරම් වයස නැති ඇහැට කනට පේන මැඩම් කෙනෙක්. මැඩම් එන්නෙ ෆුල් මේකප් එහෙමත් දාලා.මැඩම් පන්තියේ ඔක්කොමල්ලත් එක්කත් හෙන ෆිට්.මොකක් හරි හේතුවක් හින්දා ඉබ්බා මැඩම්ගෙ හොඳ ගෝලයෙක් වෙලා හිටියේ.කට්ටිය මේකට ඉතිං නෝන්ඩි දානවා. දන්නවනෙ ඒ කාලෙ හැටි. හිහ්… හිහ්.. 🙂 හිනාත් යනවා මතක් වෙනකොට.

ඔන්න දවසක් සීනි කූරා ග්‍රෑන්ඩ් ප්ලෑන් එකක් ගහලා ඉබ්බගේ ලකුණු ටිකක් කපලා දාන්න. දවසක් ඉංග්‍රීසි පීරියඩ් එක වෙලාවෙ 30කට ඉතර නවපු විදුසර පත්තරයක් පන්තිය පිටිපස්සෙ ඉඳලා ආවා ඉබ්බට. එදිරියා තමා දුන්නෙ.

එදිරියා: මචං ඉබ්බා…මේකෙ මාර ලිපියක් තියනවා. ඩෙස්ක් එක අස්සෙ දාගෙන බලපංකෝ…

ඉබ්බත් ගත්තා 30ට නමලා තිබ්බ පත්තරේ. අරගෙන තියා ගත්තා ඩෙස්ක් එක අස්සෙන්. දැං ඉංග්‍රීසි මැඩම් කෙලින්ම ඉන්නෙ ඉබ්බට මූන ලා ගුරු මේසෙ ගාව. මැඩම් ඉඳගෙන පොත් වගයක්ද කොහෙද බල බල හිටියේ. මෙන්න බොලේ එක පාරට පිටි පස්සෙ පේළියක හිටපු සීනි කූරා කෑ ගහනවා.

සීනි කූරා: මැඩම් මැඩම්… බලන්නකො ඉබ්බා ඩෙස්ක් එක අස්සෙ දාගෙන නරක පත්තරයක් බලනවා….

මැඩම් පොඩ්ඩක් පුටුවෙ ඉස්සිලා බැලුවා. ඉබ්බා මොකක්ද පත්තර කෑල්ලක් අතේ තියාගෙන ඉන්නවා. මේ අනපේක්ෂිත ප්‍රහාරය නිසා ඉබ්බට කරන්න දෙයක් ක්ෂණිකව හිතා ගන්න බැරි වුනා.

මැඩම්: ෂිකේ පුතේ… මම හිතුවේ ඔයා හොඳ ළමයෙක් කියලා.(ඉබ්බට හොඳට මතකයි, ඉංග්‍රීසි මැඩම් ඔය ටික සිංහලෙන්මයි කිව්වෙ 🙂 )

දීපංකෝ දැං උත්තර! ඊට පස්සෙ මොනා කිව්වත් මැඩම්ව ගොඩ දාන්න බැරි වුනා. සීනි කූරගෙයි එදිරියගෙයි ප්ලෑන නියමෙටම වැඩ කළා. එදා පන්තියේ කට්ටියට මාර ජොලි. ඉබ්බගෙ ලකුනු කැපුනනෙ. අපි ඉතිං ඉස්කෝලෙ ගියේ පත්තර යුගයකනෙ. සී ඩී, ඩී වී ඩී බොහෝම අඩුවෙන් තමා තිබ්බෙ. ඒ කාලෙ විඳපු දුකක් හිහ්… 😀

ඛන්නා සහ ගෝනි බිල්ලා

ඉබ්බට මතක ඉස්කෝලෙ කතා දැං සියට 99ක් ඉතරම ඉවරයි වගේ. තව ඔය එහෙ මෙහෙ මග ඇරුනු කීපයක් ඇති.ඒවත් මතක් වෙන විදියට ලියන්නංකො. මේ මාතෘකාවනං කතා දෙකකටයි අයිති.

ඉබ්බලගේ පන්තියට අල්ලපු පන්තිය බයෝ පන්තියක්.ඒකෙ හිටපු හොඳ මැන්ටලයක් තමා ඛන්නා. මැත්ස් පන්ති වගේ නෙමේ බයෝ පන්ති.හොඳට අතු ගාලා, ගුරු මේසෙටත් රෙද්දක් එහෙම දාලා, මල් වාස් එකකුත් තියලයි තියෙන්නෙ 🙂 .ඛන්නගෙ වැඩේ මුළු සෙක්ෂන් එකේම තියන කොසු උදේ පාන්දරම එකතු කරලා උංගෙ පන්තියේ තියන ස්ටෝර් රූම් එකට දානවා.කට්ටිය යනවා ඉතිං කොසු ඉල්ලන්න.ඛන්නා ඉන්නවා අර කහපාට රබර් ග්ලවු එකක් එක අතක දාගෙන.කොසු ඉල්ලන්න යන යන එවුං හූ තියාගෙන දුවගෙන එනවා.බලනකොට ඛන්නා කොල්ලංගේ වටිනාම වස්තුව අල්ලලා කරකවලා කඩාගන්න හදනවලු 😛 .ඉදිරි පරම්පරාව ගැන ආදරයක් ඇති කට්ටිය ඒ පැත්ත පළාතෙවත් යන එක අතැරියා.මේ සීන් එක නිසා තමා ව* කන්නා, ඛන්නා වුනේ 😛 .අනික නම ප්‍රසිද්ධියේ කියන්න අමාරුනේ.කොල්ලො බයෝ පන්තිය පැත්තෙ නොයන නිසා පස්සෙ පස්සෙ ඛන්නා ග්ලවු එක දාපු අත පිටිපස්සට කරලා හංගගෙන කොරිඩෝර් එක පැත්තෙත් සැරිසරන්න ගත්තා.ඉබ්බත් පරපුර බේරගත්තෙ බොහොම අමාරුවෙං.

ඉස්සර ඉබ්බලගේ ඉස්සරහා පේළියයි දෙවෙනි පේළියයි ඉතරයි පේළි මාරු වෙන්නෙ.අනික් එවුං ඉන්න තැන් වලම ඉන්නවා.මාරු වෙන්නෙ ඉබ්බයි හොර අලියයි වූෂු මැස්සයි හිටපු පේළියයි, විජේයි එදිරියයි ජින්නයි හිටපු පේළියයි.එදිරියා ඉස්සරහා පේළියේ ඉන්නකොට ජින්නා ලොකු පොත් බෑග් එකක පොත් අස් කරලා එදිරියට පේන්නෙ නැති වෙන්න ඔළුවට දානවා. පන්තියේ හැම තැනම ඉන්න කට්ටිය දූවලා ඇවිල්ලා එදිරියට නෙලනවා. ඇයි ඌට පේන්නෙ නෑනෙ කවුද නෙලන්නෙ කියලා.එදිරියා දඟලනවා ඔළුවට දාපු බෑග් එක ගලව ගන්න. ගැලවෙන්න ඔන්න මෙන්න තියෙද්දි කවුරු හරි එකෙක් ආයිත් ඒක ඔළුවට දාලා අල්ලනවා.එදිරියා කොහොමහරි ඩම් දාලා බෑග් එක ගලෝගන්නවා.ඒ වෙනකොට එදිරියට නෙලපු ගොඩ දෙනෙක් එහෙම එකක් වුනේ වත් නැති විදියට තම තමංගේ පාඩුවේ වැඩ.

එදිරියගෙ පළමු සැකකරු එහා පැත්තෙ ඉන්න ජින්නා.එදිරියා ජින්නගෙ බෙල්ලෙං අල්ලලා හොලෝනවා තෝ තමා කියලා.ජින්න කෑ ගහනවා නෑ යකෝ…මම මේ වැඩ…උඹට පේන්නෙ නැද්ද? (ජින්නා බාගෙට පෙරළපු පොතක් පෙන්නයි).

සමහරදාට එක පාරට එදිරියා ඔළුවෙං බෑග් එක ඉක්මනටම ගලෝ ගන්නවා.එදාට අත් උස්සගෙන ගහන්න ආපු එවුං එකෙක් දෙන්නෙක් එදිරියට අතටම අහුවෙනවා 🙂 . එදාට නං ඉතිං හරි තමා.එදිරියා උංව මුළු පන්තිය වටේම එළවලා අල්ලගෙන දෙනවා හොඳට.අඩුගානෙ සතියකට පාරක් වත් ඒ දවස් වල එදිරියව ගෝනි බිල්ලට අහු වෙනවා.ගෝනි බිල්ලට අහු වෙලා එදිරියා බලන්න ලස්සනයි.රතු වෙලා, කොණ්ඩෙ අවුල් වෙලා, අර කාර්ටුන් වල පූසට කරන්ට් වැදිලා වගේ ඉන්නවා 😛 .

ඉස්සර තව සෙල්ලමක් තිබ්බා එහා පැත්තෙ ඉන්න එකාගෙ පෑනක් හිමීට අත වද්දලා බිමට දානවා.පෑන ගන්න බිමට නැමුනම ඌව බිමට තියලා අල්ලගෙන ඉන්නවා නැගිටින්න බැරි වෙන්න. පන්තියෙ මෙහෙ හෝ ගාල උඩන්නනවා.විනාඩි පහකිං ඉතර අත අරිනවා.බිම හිටි එකා උඩ එනවා රතු වෙලා, දාඩිය දාලා.

ඒ කාලෙනං ඉතිං පිස්සු තමා හොඳම එකෙං 😀 .

<p style=”text-align: justify;”><span style=”font-size: medium; text-align: justify;”>

ඩස්ටරේ කොහොමද අතනට ගියේ?

ඉබ්බලගේ combined maths සර්ගේ නම ටාර්සන්.ඉබ්බලට උගන්නපු පළවෙනි අවුරුද්දෙ හැමදාම සර් ඇන්දෙ ක්‍රීම් පාට කලිසමක්.දෙවෙනි අවුරුද්දෙම ඇන්දෙ කොළ පාට කලිසමක්.කොල්ලන්ට හරි ප්‍රශ්නෙ.ඇයි හත්වලාමෙ පලවෙනි අවුරුද්දෙ ඇඳපු ක්‍රීම් පාට කලිසම එක්ක මාරු කර කරවත් අඳින්න තිබ්බනෙ.සර් කවදාවත් සපත්තු පොලිෂ් කළේවත් ලේස් ගැටගැහුවෙවත් නෑ.කොණ්ඩෙත් කවදාවත් තෙල් ගෑවෙවත් පීරුවෙවත් නෑ.කැපුවෙත් මාස 6කට ඉතර සැරයක්.ඒ සර්ගේ හැටි.සර් මාර pure maths මීටරේ.සර්ගේ බොරු වංචා නෑ.එක පැත්තක් එහෙම වුනාට ඉබ්බා නම් හිතන්නේ සර් හොඳ මනුස්සයෙක් කියලයි.හැබැයි කේන්ති යන වෙලාවට සර්ට ඉහ වහා කේන්ති ගියා.පාළනයකින් තොරව.මේක දිගටම වෙලා සර්ට පසු කාළීනව බොහෝම බරපතල ප්‍රතිවිපාක වල මුහුණ දෙන්න සිද්ද වුනා 😦 .කරුමෙ තමා ඉතිං.සර්ට හඩ්ඩා(හඩ්සන්) කියලත් කාර්ඩ් එකක් තිබ්බා.තව වයිල්ඩ් බෝයි කියලත් කිවුවා.

කොහොම කොහොම හරි දවසක් ඉන්ටර්වල් එකට පස්සේ ඩබල් පීරියඩ්ස් තිබ්බෙ සර්ට.සර් ආවා.තාම පන්තිය කලබලයි.ඉන්ටර්වල් ඉවරවුන ගමන්නෙ.සර් ආයුබෝවන් කියලා කට්ටියට වාඩි වෙන්න කිවුවා.දැං සර් පාඩමට අදාල නෝට්ස් වගයක් බෝඩ් එකේ ලියනවා.පොඩි තැනක් වැරදුනා.සර් ඩස්ටරේ බැළුවා මේසෙ උඩ තියනවද කියලා. ඩස්ටරේ නෑ.ඉන්ටර්වල් එකට කළිං පීරියඩ් එකේ බෝඩ් එකේ චෝක් කෑල්ලකින් ඇඳලා ඒක ඩස්ටරෙං මකලා සීනි කූරා කොල්ලන්ට පටාර් ගාලා ගහ ගහ හිටියේ.හිටපු ගමං හයියෙන් කැරකෙන ඉස්සරහා ෆෑන් එකට ඩස්ටරේ දැම්මාම ඒක තට්ටට අහුවෙලා රැන්ඩම් ගිහිං එකෙක්ට වදිනවා.ඩස්ටරේ හොඳට හුණු ගාලනේ තියෙන්නෙ.වැදුනම හරියට අර ටී වී එකේ දිවියලෝකේ පෙන්නනකොට දුං අතරිං දෙයියෝ පෙන්නනවා වගේ තමා ඩස්ටරේ වැදිච්ච එකාව පේන්නෙ.හුණු විමානයයි 😛 .

සර්: කෝ මේසෙ උඩ තියෙන්න ඕනෙ ඩස්ටරේ?

කට්ටිය සද්දයක් නෑ.

සර්: මං අහන්නෙ කෝ ඩස්ටරේ? හොයනවලා ඩස්ටරේ.

සර්ට දැං ටිකක් ඉතර මළ පැනලා. දැං හැමෝම ඩස්ටරේ හොයනවා.ටික වෙලාවකිං පිටි පස්සෙ පේළියට කළිං පේළියේ ඩෙස්ක් එකක් අස්සෙ තිබිලා ඩස්ටරේ හම්බුනා.හම්බුන යාළුවා සර් මේ තියෙන්නෙ කියලා ගෙනත් දුන්නා.

සර්: ඩස්ටරේ කොහොමද එතනට ගියේ?

කවුරුත් සද්දයක් නෑ.සර් දැං බලං ඉද්දි යකා වේගෙන එන්නෙ.

සර්: හොඳයි දැං එකෙක්වත් කියන්නෙ නෑනෙ ඩස්ටරේ කොහොමද එතනට ගියේ කියලා,ඔක්කොමල්ල ගුටිකන්න ලෑස්ති වෙනවලා.

සර් ඉස්සරහා කොනේම ප්‍රජා ගාවටයයි.

සර්: නැගිටිනවා.

ප්‍රජා බයෙන් නැගිටියි.

සර්: තමුසෙ දන්නවද මේක (අතේ තියන ඩස්ටරේ පෙන්වයි) කොහොමද අතනට ගියේ කියලා?

ප්‍රජා නොදන්නා වග පෙන්වීමට හිස දෙපසට වනයි.

ටෝර්…

සර්: තමුසේ?

කන්දෙ චෑං නැගිටියි.නොදන්නා වග අඟවයි.ටෝර්…

සර්: තමුසේ? ලලා නැගිටියි. ටෝර්…

දැං සර් මැද ඉස්සරහා පේළියටත් ඇවිත්.එදිරියා කෑවා.ජින්නා නැගිට්ටා කන්න ලෑස්ති වෙලා.හරියට රඤ්ඤා වැලක් පුපුරනවා වගේ.කොල්ලො පේළියට නැගිටිනවා.සර් අත පුරෝලා කම්මුලට දෙනවා.මැද දෙවෙනි පේළියේ මැද පුටුවේ ඉන්නෙ ඉබ්බා.එහා පැත්තේ හොර අලියා.මෙහා පැත්තේ වූෂු මැස්සා.ඉබ්බගේ පපුව ඩිග් ඩිග් ගානවා.ඇඩ්‍රිනලිනුත් හෝ ගාලා වැඩ.

මේ වෙලාවෙ තමා පිටිපස්සෙම පේළියේ හිටපු මාල්ට හරි ඇලට්ට හරි හැරියට හරි(තුං දෙනාගෙං හරියටම කවුද කියලා ඉබ්බට දැං මතක නෑ) ගණදෙවි නුවණ පහළ වුනේ. යාළුවා නැගිට්ටා(අපි ඇලට් කියමුකෝ)

ඇලට්: සර් ඉන්ටර්වල් එකට එළියට ගිය තව කට්ටියක් තාම ආවෙ නෑ.සමහර විට ඒගොල්ලෝ දන්නවා ඇති

සර්: (සර්ට දැං ටිකක් හති වගේම කේන්ති අඩු වෙලා අනුකම්පාත් හිතිලයි හිටියේ.ඒ සර්ගේ හැටි.සෝඩා බෝතලේ වගේ තමා ඉතිං 🙂 ) ආ ඒ කතාවත් ඇත්ත තමා. අපි ටිකක් ඉඳලා බලමු.

සර් එහෙම කියනවාත් එක්කම සීනි කූරයි තව දෙන්නෙක් ඉතරයි දොර ඇරගෙන පන්තියට ආවා.

සර්: ආ… මේගොල්ලොද එන්න හිටියේ? කියමින් සීනි කූර දිහා බැලුවා.

සර් දන්නවා සීනි කූරා දඟලනවා කියලා.ඒ වගේම සීනි කූරා මීටරේ කියලත් දන්නවා.එහෙම කියපු ගමං සීනි කූරා සර් දිහායි කට්ටියගේ මූණු දිහායි බැළුවා.කොල්ලංගේ මූණු කොටු වෙලා, චොර වෙලා තියනවා දැක්කම සීනි කූරට තේරුණා මොකක් හරි හුටපටයක් කියලා.

සර්: තමුසෙ දන්නවද මේ ඩස්ටරේ කොහොමද අතනට ගියේ කියලා. සර් අතින් ඩස්ටරේ තිබුණ පිටුපස පේළිය පෙන්වයි.

සීනි කූරා: ආ… මේකනේ සර් වුනේ.ඉන්ටර්වල් එකට කලිං මං බෝර්ඩ් එක මක මක හිටියා.ඉන්නකොට ඉන්ටර්වල් බෙල් එක ගැහුවා.එතකොට අතන බත් එකක් දිග ඇරියා(ඩස්ටරේ තිබුන තැන අතින් පෙන්වයි).මම ටක් ගාලා එතනට ගියා බත් එක කන්න.ඩස්ටරේ මගේ අතේනෙ තිබ්බෙ.ඒකත් අරං යන්න ඇති.මතකනං නෑ සර්.( 😛 )

සර්: බලනවකො මේ මනුස්සයගේ වැඩෙං අහිංසකයෝ ටිකක් ගුටිකෑවා.හ්ම්…යනවා යනවා.ගිහිං වාඩි වෙනවා.

සීනි කූරාගේ ස්ථානෝචිත ප්‍රඥාව බිඳින්න ලොජික් එකක් ඔච්චර ගණං දන්න සර්ටත් හිතා ගන්න බැරි වුනා.එතකොට තමා ගුටිකන්න හිටපු කට්ටියට හුස්ම වැටෙන්න පටංගත්තේ 😀 .

කූරගේ මොළේ තමා මොළේ!

ක් ට