විජේ, ගහමුද බූරු අතක්?

ඉබ්බලගේ පන්තියේ හැමදාම අඩුම ගානෙ කාර්ඩ් පැක් 2ක් වත් තිබ්බා.එක කාර්ඩ් පැක් එකක් තිබ්බා ඒක අතටම දිය වෙලා.ඔක්කොම ප්‍රින්ට් මැකිලා.කොල ටික ඔක්කොම සුදු පාටයි.ලාවට වෝටර් මාර්ක් වගේ යාන්තං පේන ප්‍රින්ට් එකක කෑලි ටිකක් ඉතරයි කාර්ඩ් වල තියෙන්නෙ.ඒත් කට්ටිය දන්නවා කොලේ මොකක්ද කියලා.පැක් එක අතට ගත්තම කොල 52න් එකක් හරි අඩු නං කට්ටිය ටක් ගාලා කියනවා ඒයි…මේක කොල අඩුයි වගේනෙ බං කියලා. හාරත,කලාබර,රුයිත, ඉස්කෝප්ප,රෙපෝරු,කපෝති ඕවා තමා පන්තිය පිටිපස්සෙං ඇහෙන වචන.පන්තියේ පැක් 2ක් තිබුන දවසක පන්තියේ චන්ඩි සෙට් එක 100, 200 බෙට් දාලා බූරු ගහනවා.අනිත් ඔක්කොමලට එක පැක් එකයි තියෙන්නෙ.ඒක නිසා කට්ටිය අර ජූස් කියලා සෙල්ලමක් තියෙන්නෙ.ඒක ගහලා.සත පනහා, සත 25 තමා බෙට්.

ඊළඟට තිබ්බෙ විනය භාර සෝගාගෙ ෆිසික්ස් පීරියඩ් 2.කට්ටිය කාර්ඩ් ගගහා ඉන්නකොට සෝගා එකපාරම ආවා.චන්ඩි ටික 100, 200 බෙට් ටක් ගාලා සාක්කු වලට දාගෙන පැක් එකත් අතුරුදහං කරලා පොතුත් පෙරළගෙන.අහිංසකයෝ ටිකට සත පනහේ විසිපහේ ඒවා හංග ගන්නයි පැක් එක එකතු කරගන්නයි වෙලා ගියා.කෙළිංම කට්ටිය සෝගට මාට්ටු.

සෝගා: ආ… බූරු ගහනවා නේද? මෙහෙ එනවා මෙහෙ එනවා…කෝ ගන්නවා කාඩ් කුට්ටම.

සෝගා මාල්වයි, ගුජ්ජිකවයි, විජේවයි ඇදගෙන ආවා ඉස්සරහට.මේ ඔක්කොම තත්පර කීපයක් ඇතුලෙ තමා වුනේ.ජූස් ගහපු අනික් කට්ටියේ සීනි කූරා ඇතුලු කීප දෙනෙක්ට ඉන්න තැනට යාගන්නවත් වෙලාවක් ලැබුනෙ නෑ.සීනි කූරා එහෙම දැං බාගෙට ඩෙස්ක් එකකට හෙත්තු වෙලා  ඉස්සරහා වෙන්නෙ මොකක්ද කියලා බලං ඉන්නවා.ඉස්සරහ මුලින්ම ඉන්නේ ගුජ්ජික, ඊළඟට මාල්.ඊටත් පස්සෙ විජේ.පන්තියේ අනික් කට්ටිය මීයට පිම්බා වගේ. අදනං ඉතිං කෙළිංම ඇක්ෂන් මූවි තමා.

සෝගා: තුන් දෙනෙක්ට බූරු ගහන්න බෑනෙ.කෝ අනිත් එකා.

සර් දන්න දන්න ජූස් එකක් නෑනෙ.සර් හිතන විදියට දැං කට්ටිය බූරු තමා ගහලා තියෙන්නෙ.

සෝගා: කවුද අනික් එකා? සර් ගුජ්ජික දිහා බලයි.

ගුජ්ජික: දන්නෙ නෑ සර්.කලබලේට දැං මතක් වෙන්නෙ නෑ.

සෝගා: ආ…ඒකත් එහෙමද? එහෙනං කියන්නෑ නේද? ඉන්නවා වැඩක් කරන්න.

සෝගා වට පිට බලා පන්තිය පිටුපසට ගොස් කොස්ස ගෙන එයි.

සෝගා: කියපං කවුද අනික් එකා…සෝගා ගුජ්ජිකට කොස්සෙං ගහයි.ගුජ්ජික කොසු ප්‍රහාරය වළකන ගමං

කිව්වනෙ සර්…මතක නෑ කියලා(ගුජ්ජිකට මළත් පැනලා)

සෝගා විජේ දෙසට හැරෙයි. විජේ අහිංසකයා.

සෝගා: තමුසෙටත් මතක නැද්ද?

විජේ: මතක නෑ සර්…

සෝගා විජේට කොසු මිටි පහරක් දෙයි.විජේ උඩ පැන අතින් වළකයි.විජේගෙ මූණ චොර වෙලා.සෝගා තවත් පහරක් එල්ල කරන්නට කොස්ස ඔසවයි.

විජේ: ගහන්න එපා සර්… අරයත් ගැහුවා…අරයත් ගැහුවා…

හත්වලාමයි.සර් එකාවයි ඇහුවේ.මෙන්න යකෝ මූ දෙන්නෙක් පෙන්නපි 😀 .සර්ටත් වැඩේ මීටර් නෑ.සෝගට ජයග්‍රාහී හිනාවක් ගියා.

සෝගා: ආ…ඔය එන්නෙ…ඔය මතක් වුනේ.

සර් අලුත් සොයාගැනීම දෙස බලයි.

සෝගා: එනවලා, එනවලා ඉස්සරහට.

ඉබ්බට මතක විදියට ඇලටුයි, හැරියයි වෙන්න ඕනෙ දෙවනියට මාට්ටු වුනේ.හරියටම කවුද කියලා මතක නෑ.

සෝගා: කවුද බූරු කුට්ටම ගෙනාවෙ? ඒකත් මතක නැද්ද?

සෝගා මාල්ට කොසු මිට ඔසවයි.

මාල්: දන්නෙ නෑ සර්. පැක් එක තිබ්බා. අපි ගැහුවා.

සෝගා: ආ…ඒකත් එහෙමද?

සෝගා මාල්ට ගහන්න ඔන්න මෙන්න තියෙද්දි ගුජ්ජික කතා කළා.

ගුජ්ජික: සර්, අපි කට්ටිය සල්ලි දාලයි ගෙනාවෙ.

සෝගා: ආ… ඔය එන්නේ…

සර් හැමෝටම කොසු මිටෙං ආයිත් පාර පාර ගැහුවා.ඊට පස්සෙ කිවුවා ගිහිං ඉඳ ගන්න කියලා.පැක් එක රාජ සන්තක වුනා.තාම සීනි කූරා ඩෙස්ක් එකට බාගෙට හේත්තු වෙලා. සර් දැං සීනි කූරා දිහාවට ඇවිදං යනවා.පන්තියේ කට්ටිය බලං ඉන්නවා ඊගාවට මොකෝ වෙන්නෙ කියලා.සර් කූරගේ ඉස්සරහට ගියා.

සර්: ඇත්ත කියනවා…තමුසෙත් ගැහුවා නේද?

කූරා සිනහා මුසු මුහුණින්. නෑ සර්, මම ගැහුවේ නෑ. සෝගා සර් දන්නවා කූරත් මේ සෙට් එකේ ඉන්න ඕනෙ වග.

සෝගා: හොඳටම ෂුවර්ද?

සර් අත් දෙක අරගෙන සීනි කූරගෙ පපුවට තිබ්බා. නෝන්ඩි හිනාවක් දාලා කිවුවා තමුසෙත් ගහලා තියනවා ඕයි, හා…හා… ගිහිං වාඩි වෙනවා කියලා. කූරත් හිනා වෙවී ගිහිං වාඩි වුනා.

ඊට පස්සෙ කට්ටිය ඉඳලා හිටලා අහනවා විජේ, ගහමුද බූරු අතක් කියලා.

Advertisements

ඩස්ටරේ කොහොමද අතනට ගියේ?

ඉබ්බලගේ combined maths සර්ගේ නම ටාර්සන්.ඉබ්බලට උගන්නපු පළවෙනි අවුරුද්දෙ හැමදාම සර් ඇන්දෙ ක්‍රීම් පාට කලිසමක්.දෙවෙනි අවුරුද්දෙම ඇන්දෙ කොළ පාට කලිසමක්.කොල්ලන්ට හරි ප්‍රශ්නෙ.ඇයි හත්වලාමෙ පලවෙනි අවුරුද්දෙ ඇඳපු ක්‍රීම් පාට කලිසම එක්ක මාරු කර කරවත් අඳින්න තිබ්බනෙ.සර් කවදාවත් සපත්තු පොලිෂ් කළේවත් ලේස් ගැටගැහුවෙවත් නෑ.කොණ්ඩෙත් කවදාවත් තෙල් ගෑවෙවත් පීරුවෙවත් නෑ.කැපුවෙත් මාස 6කට ඉතර සැරයක්.ඒ සර්ගේ හැටි.සර් මාර pure maths මීටරේ.සර්ගේ බොරු වංචා නෑ.එක පැත්තක් එහෙම වුනාට ඉබ්බා නම් හිතන්නේ සර් හොඳ මනුස්සයෙක් කියලයි.හැබැයි කේන්ති යන වෙලාවට සර්ට ඉහ වහා කේන්ති ගියා.පාළනයකින් තොරව.මේක දිගටම වෙලා සර්ට පසු කාළීනව බොහෝම බරපතල ප්‍රතිවිපාක වල මුහුණ දෙන්න සිද්ද වුනා 😦 .කරුමෙ තමා ඉතිං.සර්ට හඩ්ඩා(හඩ්සන්) කියලත් කාර්ඩ් එකක් තිබ්බා.තව වයිල්ඩ් බෝයි කියලත් කිවුවා.

කොහොම කොහොම හරි දවසක් ඉන්ටර්වල් එකට පස්සේ ඩබල් පීරියඩ්ස් තිබ්බෙ සර්ට.සර් ආවා.තාම පන්තිය කලබලයි.ඉන්ටර්වල් ඉවරවුන ගමන්නෙ.සර් ආයුබෝවන් කියලා කට්ටියට වාඩි වෙන්න කිවුවා.දැං සර් පාඩමට අදාල නෝට්ස් වගයක් බෝඩ් එකේ ලියනවා.පොඩි තැනක් වැරදුනා.සර් ඩස්ටරේ බැළුවා මේසෙ උඩ තියනවද කියලා. ඩස්ටරේ නෑ.ඉන්ටර්වල් එකට කළිං පීරියඩ් එකේ බෝඩ් එකේ චෝක් කෑල්ලකින් ඇඳලා ඒක ඩස්ටරෙං මකලා සීනි කූරා කොල්ලන්ට පටාර් ගාලා ගහ ගහ හිටියේ.හිටපු ගමං හයියෙන් කැරකෙන ඉස්සරහා ෆෑන් එකට ඩස්ටරේ දැම්මාම ඒක තට්ටට අහුවෙලා රැන්ඩම් ගිහිං එකෙක්ට වදිනවා.ඩස්ටරේ හොඳට හුණු ගාලනේ තියෙන්නෙ.වැදුනම හරියට අර ටී වී එකේ දිවියලෝකේ පෙන්නනකොට දුං අතරිං දෙයියෝ පෙන්නනවා වගේ තමා ඩස්ටරේ වැදිච්ච එකාව පේන්නෙ.හුණු විමානයයි 😛 .

සර්: කෝ මේසෙ උඩ තියෙන්න ඕනෙ ඩස්ටරේ?

කට්ටිය සද්දයක් නෑ.

සර්: මං අහන්නෙ කෝ ඩස්ටරේ? හොයනවලා ඩස්ටරේ.

සර්ට දැං ටිකක් ඉතර මළ පැනලා. දැං හැමෝම ඩස්ටරේ හොයනවා.ටික වෙලාවකිං පිටි පස්සෙ පේළියට කළිං පේළියේ ඩෙස්ක් එකක් අස්සෙ තිබිලා ඩස්ටරේ හම්බුනා.හම්බුන යාළුවා සර් මේ තියෙන්නෙ කියලා ගෙනත් දුන්නා.

සර්: ඩස්ටරේ කොහොමද එතනට ගියේ?

කවුරුත් සද්දයක් නෑ.සර් දැං බලං ඉද්දි යකා වේගෙන එන්නෙ.

සර්: හොඳයි දැං එකෙක්වත් කියන්නෙ නෑනෙ ඩස්ටරේ කොහොමද එතනට ගියේ කියලා,ඔක්කොමල්ල ගුටිකන්න ලෑස්ති වෙනවලා.

සර් ඉස්සරහා කොනේම ප්‍රජා ගාවටයයි.

සර්: නැගිටිනවා.

ප්‍රජා බයෙන් නැගිටියි.

සර්: තමුසෙ දන්නවද මේක (අතේ තියන ඩස්ටරේ පෙන්වයි) කොහොමද අතනට ගියේ කියලා?

ප්‍රජා නොදන්නා වග පෙන්වීමට හිස දෙපසට වනයි.

ටෝර්…

සර්: තමුසේ?

කන්දෙ චෑං නැගිටියි.නොදන්නා වග අඟවයි.ටෝර්…

සර්: තමුසේ? ලලා නැගිටියි. ටෝර්…

දැං සර් මැද ඉස්සරහා පේළියටත් ඇවිත්.එදිරියා කෑවා.ජින්නා නැගිට්ටා කන්න ලෑස්ති වෙලා.හරියට රඤ්ඤා වැලක් පුපුරනවා වගේ.කොල්ලො පේළියට නැගිටිනවා.සර් අත පුරෝලා කම්මුලට දෙනවා.මැද දෙවෙනි පේළියේ මැද පුටුවේ ඉන්නෙ ඉබ්බා.එහා පැත්තේ හොර අලියා.මෙහා පැත්තේ වූෂු මැස්සා.ඉබ්බගේ පපුව ඩිග් ඩිග් ගානවා.ඇඩ්‍රිනලිනුත් හෝ ගාලා වැඩ.

මේ වෙලාවෙ තමා පිටිපස්සෙම පේළියේ හිටපු මාල්ට හරි ඇලට්ට හරි හැරියට හරි(තුං දෙනාගෙං හරියටම කවුද කියලා ඉබ්බට දැං මතක නෑ) ගණදෙවි නුවණ පහළ වුනේ. යාළුවා නැගිට්ටා(අපි ඇලට් කියමුකෝ)

ඇලට්: සර් ඉන්ටර්වල් එකට එළියට ගිය තව කට්ටියක් තාම ආවෙ නෑ.සමහර විට ඒගොල්ලෝ දන්නවා ඇති

සර්: (සර්ට දැං ටිකක් හති වගේම කේන්ති අඩු වෙලා අනුකම්පාත් හිතිලයි හිටියේ.ඒ සර්ගේ හැටි.සෝඩා බෝතලේ වගේ තමා ඉතිං 🙂 ) ආ ඒ කතාවත් ඇත්ත තමා. අපි ටිකක් ඉඳලා බලමු.

සර් එහෙම කියනවාත් එක්කම සීනි කූරයි තව දෙන්නෙක් ඉතරයි දොර ඇරගෙන පන්තියට ආවා.

සර්: ආ… මේගොල්ලොද එන්න හිටියේ? කියමින් සීනි කූර දිහා බැලුවා.

සර් දන්නවා සීනි කූරා දඟලනවා කියලා.ඒ වගේම සීනි කූරා මීටරේ කියලත් දන්නවා.එහෙම කියපු ගමං සීනි කූරා සර් දිහායි කට්ටියගේ මූණු දිහායි බැළුවා.කොල්ලංගේ මූණු කොටු වෙලා, චොර වෙලා තියනවා දැක්කම සීනි කූරට තේරුණා මොකක් හරි හුටපටයක් කියලා.

සර්: තමුසෙ දන්නවද මේ ඩස්ටරේ කොහොමද අතනට ගියේ කියලා. සර් අතින් ඩස්ටරේ තිබුණ පිටුපස පේළිය පෙන්වයි.

සීනි කූරා: ආ… මේකනේ සර් වුනේ.ඉන්ටර්වල් එකට කලිං මං බෝර්ඩ් එක මක මක හිටියා.ඉන්නකොට ඉන්ටර්වල් බෙල් එක ගැහුවා.එතකොට අතන බත් එකක් දිග ඇරියා(ඩස්ටරේ තිබුන තැන අතින් පෙන්වයි).මම ටක් ගාලා එතනට ගියා බත් එක කන්න.ඩස්ටරේ මගේ අතේනෙ තිබ්බෙ.ඒකත් අරං යන්න ඇති.මතකනං නෑ සර්.( 😛 )

සර්: බලනවකො මේ මනුස්සයගේ වැඩෙං අහිංසකයෝ ටිකක් ගුටිකෑවා.හ්ම්…යනවා යනවා.ගිහිං වාඩි වෙනවා.

සීනි කූරාගේ ස්ථානෝචිත ප්‍රඥාව බිඳින්න ලොජික් එකක් ඔච්චර ගණං දන්න සර්ටත් හිතා ගන්න බැරි වුනා.එතකොට තමා ගුටිකන්න හිටපු කට්ටියට හුස්ම වැටෙන්න පටංගත්තේ 😀 .

කූරගේ මොළේ තමා මොළේ!

ක් ට