ආවා…ආවා…සමනළ තටු සමග ඉබ්බා ආවා…(පොඩ්ඩ වෙලාවකට)

යාළුවනේ, පහුගිය මාස 3ක් 4ක් ඉතරම ඉබ්බා අම්බානක් බිසී වෙලා හිටියේ. බ්ලොග් යාළුවො බලන්න පැත්ත පළාතෙ එන්න බැරි වුනා. යාළුවෝ ගොඩ දෙනෙක් විස්තර අහලා එවලා තිබුනා. ඔක්කොමල්ලට ස්තූතියි.

හැමෝගෙම බ්ලොග් කෙරුවාවල් නැගලා යනවා ඇති නේද?බලන්න නං ආසයි. ඒත් වෙලාව තමා ප්‍රශ්නෙ 😦 .ලබන අවුරුද්දෙ පෙබරවාරි ඉතර වෙනකං වැඩිය ලියන්න වෙන්නෙ නැති පාටයි. වෙලාවක් ලැබුන ගමං අනිවාර්යයෙන්ම ඉස්සර වගේ රවුමක් දාලා යන්න එන්නං.

සැප දුක් අහලා එවුවට ස්තූතියි. හොඳින් ඉන්නවා. රැකියාවේ වගකීම් ටිකාක් ඉතර වැඩි වුනා. තව පොඩි අධ්‍යාපන කටයුත්තකුත් පටං ගත්තා.

මේ දවස් වල සමනළ තටු ආපු ඉබ්බෙක් නෙවේ ඉන්නෙ. වෙඩි කාපු ඌරෙක් වගේ එකෙක්. හිහ්… 🙂 (ලියන ස්ටයිල් එකත් අමතක වෙලාද මන්දා)

එහෙනං යාළුවනේ, අපි ආයිත් බ්ලොග් අවකාශයේ හම්බු වෙලා බඩ පැළෙන්න හිනා වෙමු, නැත්තං ඔබටයි මේ මිහි තලය ටෝක්ස් දෙමු, ඒත් නැත්තං ඔය මොකක් හරි එකක් තෝරගන්න බැරුව මරා ගමු. හිහ්… 🙂

එතකං… තාවකාලික සමුගැනීම! (ඉස්සර සිරසෙ තිබ්බ ප්‍රෝග්‍රෑම් එකකින්ග් මේ කැල්ල කොපි කලේ)

මීට හිතවත් ඉබ්බා

Advertisements

ඉබ්බට ඇයි ආයෙත් සමනළයෙක් වෙන්න හිතුනෙ?

අපි රජ ඉබ්බො

අපි රජ ඉබ්බො

මට දැං ටික කාලෙක ඉඳලා හිතෙනවා අපේ පොඩි කාලෙ හරිම ලස්සනයි කියලා. අපිට උඩ පරම්පරාව කියනවා ඒගොල්ලෝ පොඩි කාලෙයි තරුණ කාලෙයි තමා ලස්සනම කියලා. තව අවුරුදු 10කින් ඉතර පස්සෙ ඉන්න තරුණයොත් ඒ ටිකම කියයි. මට නම් හිතෙන්නේ ලෝකේ රවුමෙ යනවා කියලයි.

මීට ටික කාලෙකට කලින් මට හිතුනා ඒ කාලෙ සිද්ධ වෙච්ච මතක හිටින දේවල් ලියන්න ඕනෙ කියලා. පසුගිය දවස් වල බ්ලොග් පිටු වල සැරිසරන අතරදි මට හිතුණා තවත් මම වගේ අය ගොඩාක් ඉන්න බව. ඊයෙ කියෝපු පිස්සගෙ පලා මල්ලයි, බ්ලොග් ගඩොලුයි නිසා මට මේ වැඩේට ගොඩක් ආස හිතුනා. සමහර විට කවුරුත් මේවා කියවන එකක්වත් රස විඳින එකක්වත් නෑ.ඒත් කමක් නෑ. සමහර විට තව කල් ගිහිල්ලා මේවා දකින එක මට සතුටක් වෙන්න බැරි නෑ.

ඉබ්බට තකහනියක්ම සමනළ තටු ආවෙ ඒකයි 🙂

කොහොම වුනත් ඒගොල්ලො නොදන්නවා වුනාට ඉබ්බව මේ කාරියට දිරිමත් කරපු පිස්සටයි ඤාව්වා ප්‍රමුඛ පූස් කැළටයි ස්තූතියි.

ත්ත්