විනිවිදිමි වීදුරුව…

සිරිපාල තමා ඉබ්බගෙ ක්ෂීරපථ විද්‍යාලෙ ඉඳලම යාළුවා. සිරිපාල ගැන ඉබ්බා කලිනුත් ලියල තියනවා. සිරිපාලගෙ සම්පූර්ණ නම ශෝන් සිරිපාල. සිරිපාල පොෂ් ලලනාවියන්ට බැල්ම හෙලනකොට අපි ශෝන් කියලා කතා කරනවා. ඒ ලෙවල් එකට නොහිටියොත් වැඩේ කර ගන්න බෑනෙ. දෙකේ කොලේට දාලා බයිට් කරන්න ඕනෙ වුනාම නිකම්ම නිකං සිරිපාල වෙනවා.

සිරිපාල ක්ෂීරපථ විද්‍යාලෙට ඇවිත් මුලින්ම සෙට් වුනේ අතඋඩයි, චම්ලියි, බ්‍රහ්මයයි එක්ක. සිරිපාල ඒ කාලෙ නිකං ප්‍රොෆෙසර් කෙනෙක් වෙයි වගෙ තමා හිටියෙ. ඉබ්බත් බැළුවා කවුද යකෝ මේ හෙන විද්වත් සාකච්ඡා පවත්වන බුවා කියලා.කොහොම කොහොම හරි සිරිපාලයා ඉබ්බට සෙට් වුනා. ඒක තමා සිරිපාලයගෙ අවසානය. පාප මිත්‍ර සේවනය. ප්‍රොෆෙසර් කෙනෙක් වෙන්න හිටපු සිරිපාලයගේ ගමන ඔක්කොම කඩා කප්පල් වුනා.

ඉබ්බයි සිරිපාලයි මුලින්ම වැඩට ගියෙත් එකම කොම්පැනියකට. එතන ඉතිං දවල් කෑමට කැෆේ එකට යනවා. එකතු වෙලා දවල් කෑම කන 10ක ඉතර සෙට් එකක තමා ඉබ්බයි සිරිපාලයිත් හිටියේ. ඔන්න සිරිපාල ඉබ්බට ටිකකට කලින් බෙදා ගෙන ඉඳ ගන්න අනිත් කට්ටිය ඉන්න තැනට යනවා. ඉබ්බත් බෙදාගෙන ඉවර වෙලා බැළුවා කෝ සිරිපාල කියලා. සිරිපාල කඩාගෙන බිඳගෙන අනිත් යාළුවෝ ඉන්න ටේබල් එකට තියන කෙටිම මග ඔස්සේ ගමන් කරනවා. සිරිපාල එහෙම තමා. හෙනට ප්‍රොසෙස් කරළා ඔප්ටිමම් විදියට තමා වැඩ කරන්නෙ.

එක පාරටම පොඩි ඩප්පියක් ගැහුව වගේ පටෝර් ගෑවා.මුළු කැෆේ එකේම හිටපු මිනිස්සු උඩ ගිහින් සද්දෙ ආපු පැත්ත බැලුවා.හත් ඉලවුවයි.සිරිපාලයා අර සුපර් මෑන් බිත්ති අස්සෙන් කන්නාඩි දාලා බලනවා වගේ කෑම පිඟානත් අරන් වීදුරුවකින් එහාට යන්න ගිහින්.

කෑම බාගයක් උගේ ඇඟේ, කාලක් වීදුරුවේ, ඉතුරු ටික පිඟානත් එක්ක බිම. එක පාරට කඩි ගුලක් ඇවිස්සුනා වගේ කිචන් එකේ වැඩ කරන මිනිස්සුයි, වේටර්ලයි ඇයි ඇයි සර් මොකද වුනේ… සර්ට තුවාලද අරකද මේකද කිය කිය දුවගෙන එනවා සිරිපාල ගාවට. උන් සිරිපාලව පිහිදනවා. එක වැඩයි.ඉබ්බා හිමීන්සීරුවේ සිරිපාලව දන්නෙ නෑ වගේ එතනින් ගිහින් අනිත් කට්ටිය ඉන්න ටේබල් එකෙන් ඉඳගත්තා (පාප මිත්‍රයෝ කියන්නෙ නිකං යැ).

දැං කට්ටිය කතාව. අප්පා… සිරිපාලයා අදත් අපේ ටේබල් එකට එයිද? එහෙම වුනොත් ලැජ්ජාවේ බෑ බං කිය කිය කනවා.මෙන්න යකෝ විනාඩි 5 කින් ඉතර මුකුත් වුනේ නෑ වගේ තවත් දඩාර බත් එකක් බෙදාගෙන සිරිපාලය ඇවිත් ඒ ටේබල් එකෙන්ම වාඩි වෙන්න. අනිත් කට්ටිය ඔක්කොම එතන සිරිපාලයා නෑ වගේ මූණු ඔබාගෙන බත් කනවා. කැෆේ එකේ අනිත් කට්ටියගේ අවධානය අයින් වෙනකම් ඉඳලා ටේබල් එකේ වාඩි වෙලා ඉන්න සිරිපාලයගෙන් ජුන්ඩා අහනවා මොකක්ද බං උඹ ඒ කරන්න හැදුවෙ කියලා. සිරිපාලයා කියනවා ඌ හිතුවේ එතන වීදුරු දොරක් තියනවා කියලළු. ඒකළු ඌ ඒක ඇතුලෙන් යන්න හැදුවේ.

ඉබ්බා නම් හිතුවේ අර ඉස්සර කතාවක් තිබ්බෙ සමනල්ලු පියාඹගෙන ගිහින් සිරීපාදෙ ඔළුව ගහගෙන මැරෙනවා කියලා. අන්න ඒ වගේ සිරිපාලත් ඔෆිස් එකේ වීදුරුවක ඔළුව ගහගෙන මැරෙන්න හදනවා කියලයි.හිහ්… 😀

Advertisements

ප්‍රතිචාර 6

  1. දුකා said,

    ජනවාරි 3, 2013 at 2:41 ප.ව.

    අපේ ගෙදර උන්දෑ කියනව දවසක් එයාලගේ ක්ලාස් එක ඇතුලට කපුටෙක් ඇවිත් ඌත් ඔය වගේ වීදුරුවක හැපිලා කලන්තේ හැදිලා වැටුනළු . . ළමයි ටික සෑහෙන වෙලාවක් ඉගෙන ගන්නේ නැතුව හිනා වෙවී හිටියලු . . 3

    මට මැවිල පේන්වා බන් සිරිපාලයා වීදුරුවේ හැප්පිලා ඥන්පචඥන් වෙලා ඉන්න හැටි . . හික් හික් හික්

  2. indika27 said,

    ජනවාරි 3, 2013 at 3:11 ප.ව.

    ඇක්සස් ටවර් එකේ තියෙන ලංකා බැංකු ශාකාවෙ මනුස්සයෙක් දොර කියලා හිතාගෙන වීදුරුවක් මැදින් යන්න ගිහින් නාහෙ තලාගත්ත මං දවසක් එහෙ ඉන්න කොට..

  3. Gold fish said,

    ජනවාරි 3, 2013 at 7:05 ප.ව.

    හික්ස්… මල් වීදුරු දැම්මනම් හරි… 😀

  4. abeetha said,

    ජනවාරි 8, 2013 at 8:42 පෙ.ව.

    මම කලින් වැඩ කරපු ඔෆිස් එකේදි රටේ ගරු කටයුතු ඇමතිතුමෙක්ගේ ඔළුවටත් ඔය සිද්ධිය වුනා…

    ඉබ්බව දැකපු කල්….

  5. Bunny said,

    ජූලි 3, 2013 at 12:52 ප.ව.

    ඉබ්බෝ ඉක්මනට එනවද නැද්ද? Post එකක් දානකම් කොච්චර කල් බලා ඉන්නද?

  6. අත උඩ said,

    ජූලි 23, 2013 at 11:31 පෙ.ව.

    එල කිරි මචං. අසන්ගය ගෙ cafe ස්ටෝරි එකත් ලියමුකො


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: