ඇඳ කඩා වැටුනනෙ…

ඔන්න ඉතිං ඉබ්බගේ හොඳ යාළුවෙක් වෙන පතී බැන්දා. පතී ඉස්සර සතර සති පඨ්ඨානෙ කියෝ කියෝ හිටියේ. අපිටත් ජීවිතේ අනිත්‍ය ගැනමයි දේශනා කළේ. හැබැයි හදිස්සියෙම බඳින්න හිතිලා බැන්දා. හිහ්… 🙂 ඔන්න ඉතිං පතී බැඳලා හා හා පුරා කියලා අළුත් ගෙදරකටත් ගියා. දැං ඉතිං සරා දුන්නළු පතීට කෝල් එකක්. සැප දුක් බලන්නටත් වඩා පොඩි කීචොක් පාරක් දාන්න තමා ඉතිං සරා කෝල් කරළා තියෙන්නෙ. ඔන්න තොරතුරු කතා කර කර ඉන්නකොට පතී කිවුවළු නියම නිවුස් එකක්.

පතී: මාර වැඩක් වුනානෙ මචං

සරා: ඇයි මොකද වුනේ?

පතී: අර අළුතෙං ගත්ත ඇඳ කඩා වැටුනනෙ

සරා: බකස්… 😀

සරාත් ඉතිං පතීට නෝන්ඩියක් එහෙම දාලා කෝල් එක ඉවර කළාළු. ටික වෙලාවකට පස්සෙ පතීට දිගට හරහට කෝල් එනවළු. ටිකක් වෙලා ගියාට පස්සෙ මෙන්න මෙහෙමළු කොන්වර්සේෂන් එක.

යාළුවා:හලෝ පතී… කො… (කොහොමද එකේ ඉතුරු ටික සම්පූර්ණ කරන්න හම්බ වෙන්නෙ නෑළු 🙂 )

පතී: ආ… ඔවු ඔවු ඇඳ කඩං වැටුනා, දැං උඹට තව මොනාද දැන ගන්න ඕනෙ

යාළුවා: හික්..හික්.. හී….

පතී: දැං ඕක තියපං. වද නොදී….

සිරි යහන ගිනි ගනී කියලා නං ෆිල්ම් එකක් ආවා. ඒත් සිරි යහන කඩා වැටෙයි කියල නං තාම ෆිල්ම් එකක් ආවෙ නෑ. පතී මම හිතන්නෙ අනාගතේදි එහෙම එකක් අධ්‍යක්ෂණය කරයි. එතකොට චිත්‍රපටි විචාරෙක ප්‍රධාන අමුත්තා හැටියට ඇවිත් උජාරුවෙන් කියන්න බැරියැ මේක මගේ තරුණ කාළෙ සැබෑ අත්දැකීමක් පාදක කරගෙන හදපු චිත්තරපටියක් කියලා. හිහ්… හිහ්… 🙂

Advertisements

ප්‍රතිචාර 7

  1. මැයි 28, 2012 at 5:39 ප.ව.

    මේ කාලෙ සන්නිවේදනය මාර ඉක්මන් නේද බන්…

  2. hasithag said,

    මැයි 28, 2012 at 7:19 ප.ව.

    ගමරාළ කාක්කෝ හත් දෙනෙක් වමනේ කළා වගේ තියරියද මෙතන් ඇප්ලයි වුණේ ? එහෙමත් නැත්නම් ඇඳ කඩන් වැටුණු එක විතරද කටින් කට ගියේ 😀

  3. Gold fish said,

    මැයි 28, 2012 at 9:08 ප.ව.

    බාල ඇඳක් වෙන්න ඇති… ලයන්කෝ මෙට්ටයක් දාලා බිම නිදියන්න තිබු​නේ…

  4. ජූනි 8, 2012 at 12:12 පෙ.ව.

    මොකද කතා මැෂිම නතර වුනේ ???

  5. දුකා said,

    දෙසැම්බර් 4, 2012 at 4:28 ප.ව.

    අහ් ඌ අනිත් උන්ට අනගාරික වෙන්ට උපදෙස් දීලා ඌ උපදෙස් හොඳින්ම පිලිපැදලා වගේ . . නෑ මම කිව්වේ වෙන මොකුත් නොකර ඇඳ උඩ පිනුම් ගහන්න ගිය නිසා ඇඳ කඩන් වැටිලා කියලා බන් . . හික් හික් හික්

  6. ජූනි 2, 2015 at 1:27 ප.ව.

    සිරා කතාටික…අදයි මේ පැත්තේ ‍ගොඩවැදුනේ.අද මේ ඔක්කොම කතා ටික කියවල ඉවර කරන්න ඉන්නේ..


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: