සරාගේ ෆැමිලි ප්ලෑනිං

ඉබ්බට තාම ලියන්න බැරි වුන සරාගෙ කතා කීපයක් තියනවා. ඒවා නම් නොලියම බෑ. ඔන්න ඉතිං සරාලගෙ රට මැද ක්ෂීරපථ විද්‍යාලෙ සෙට් එකෙං මුලින්ම පිළිවෙලක් වෙච්ච කොල්ලෙක් තමා සරා.ඊට පස්සෙ පිළිවෙලක් වෙන යාළුවෝ ඒ සඳහා සියළු උපදෙස් ගත්තෙ ඉතිං සරාගෙං තමා. සරාගේ හොඳ යාළුවෙක් ඉන්නවා ඩොටා කියලා. දැං ඔන්න ඩොටාත් පිළිවෙලක් වෙන්නයි යන්නෙ. සුපුරුදු පරිදි කල් වේලා ඇතුව ඩොටා කෝල් එකක් දුන්නළු සරාට.

ඩොටා: මේ සරා…

සරා: ඔවු මචං කියපං

ඩොටා: මේ… පිළිවෙලක් වෙන්න කළිං උඹෙං ඇඩ්වයිස් එකක් ඕනෙ ෆැමිලි ප්ලෑනිං වලට. කොහොමද බං ප්ලෑන් කර ගන්නෙ.

සරා: ආ… ඒක මචං සුළු දෙයක්. ඕකට ඔය ඩොක්ටර් කෙනෙක් ගාවට ගිහින් කතා කළාම අවශ්‍යතාවය අනුව බේත් එහෙම දීලා ඇඩ්වයිස් කරනවා. දැංමම ඩොක්ටර් කෙනෙක් ගාවට පලයං.

ඩොටා: හා… එළ කිරි සරා අපි එහෙම කරන්නං.

ඩොටාගෙ ප්‍රියම්භිකාව ඩොටාව බඳින්න යන්නෙ A/L ඉවර වුන ගමන්. තාම පොඩි ළමයා ඉතිං. එකපාරට ළමයි හදලත් බැහැ නොවැ. කොහොම වුනත් ඩොටාට අන්තිම මොහොත වෙනකං අමතක වෙන සීන් එකකුත් තියනවා. පිළිවෙලක් වෙන්න කළින් දවසෙ ඩොටා සරාට කෝල් කරනවළු.

ඩොටා: මේ සරා… මාර වැඩේනෙ. අපිට ඩොක්ටර් කෙනෙක් ගාවට යන්න අමතක වුනානෙ. දැං මුකුත් කරන්න බැරිද මචං.

සරා: යකෝ… උඹ මාර යකෙක් නෙ… නෑ ඉතිං… ඕවා එහෙම එක පාරටම වෙන්නෙත් නෑ. ඒවට දවස් එහෙම තියනවා. මම කියන්නද… උඹ භය වෙන්න එපා. ඕන එකක් කරපං. අවුලක් වෙන එකක් නෑ. මාසයකට ඉතර පස්සෙ ඩොටා ගෙං කෝල් එකක් එනවා.

සරා: හලෝ ඩොටා

ඩොටා:!@#$% මොනාද යකෝ තෝ කරේ

සරා: ඇයි මං දැං මොකද කරළා තියෙන්නෙ.

ඩොටා: තොගෙ ඇඩ්වයිස් අරං ___(ඩොටාගෙ වයිෆ්) ප්‍රෙග් නන්ට් වෙලා. !@#$%.යකෝ ඒ පොඩි කෙල්ල ඉස්කෝලෙං අවුට් වුනා ඉතරයි.!@#$%.

ඊට පස්සෙ මාස කීපයක් යනකං ඩොටා සරාගෙ කෝල් වලට අන්සර් කළෙත් නෑළු. මේ සිද්ධියෙන් පස්සෙ සරා ෆැමිලි ප්ලෑනිං වලට උපදෙස් දෙන එක නැවැත්තුවා.හිහ්…ඒත් සරාගේ යාළුවෝ ඔක්කොම වගේ අනිත් ඕනෙ කෙනෙක්ට උපදෙසක් දෙනවා. ඒ හැමෝම දෙන්නෙ එකම උපදෙස. ඒක තමා කාගෙං ඇඩ්වයිස් ගත්තත් කමක් නෑ සරාගෙන් නම් ෆැමිලි ප්ලෑනිං වලට උපදෙස් ගන්න එපා කියලා 🙂 .

දැං පොඩි ඩොටීට අවුරුදු 2කටත් කිට්ටුයි මගෙ හිතේ. කාටද ආඩම්බර. (සරාට තමා… හිහ්… 😀 )

Advertisements

ප්‍රතිචාර 4

  1. Gold fish said,

    මැයි 27, 2012 at 8:11 ප.ව.

    හික්ස්… පවු වැඩේ ඩොටා​ට එන්ජෝයි කරන්න තිබුන කාලේ…

  2. මැයි 28, 2012 at 12:17 පෙ.ව.

    තව මාසෙකින් විතර ඩොටාගෙන් සරාට ආපු කෝල් එක වගේ එකක් එයිද දන්නෙ නෑ මටත්… අපේ උන් ගේ හදල ඉවරවෙලානෙ ප්ලෑන කොහොමද වෙන්න ඕන අහන්නෙ… 😉

  3. hasithag said,

    මැයි 28, 2012 at 7:17 ප.ව.

    අපිට ඕවා ඕනේ වෙන්නේ තව ඉස්සරහට 😀

  4. Prashan said,

    ජනවාරි 14, 2013 at 10:17 ප.ව.

    සරාගේ නොම්මරේ නෑද්ද මටත් ඈඩවඉස් ටිකක් ගන්න


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: