උඹේ යට කෑල්ලත් ඔහොමද?

මේකත් ඉතිං ඉබ්බට කිවුවේ සරා තමා. ඉබ්බගේ කතා වගේ නෙවෙයි සරාගෙ කතා. කියලා වැඩක් නෑ. එකම අවුල සරා බ්ලොග් ලියන්න අදහසක් නැති එක තමා. සරා රඟ පාලා තමා කතා කියන්නෙ. හිහ්… 🙂

ඔන්න දවසක් සරා හෝගි අයියට මෙහෙම කියනවළු.

සරා: මොනාද හෝගියා… උඹේ හැටි බලපං

හෝගි අයියා: ඇයි මොකද? 

සරා: බැනියමක් ඇඳලා ඔය ෂර්ට් එක ඇඳපංකෝ

හෝගි අයියා අර ඒ දවස් වල ජනප්‍රිය වුන පොඩ්ඩක් සී තෲ කොට්න් ෂර්ට් එකක් බැනියම නැතුව ඇඳං ඇවිල්ලා. ඒකනේ ඒ දවස් වල හොට් හොට් ස්ටයිල් එක.

හෝගි අයියා: සරා… හරි… උඹ කියපං බැනියමක ගාන කීයද කියලා…

සරා: ම්ම්ම්… අ…අ….අ… බැනියමකට… කීයද?

හෝගි අයියා: හරි… අපි කියමු රුපියල් 200යි කියලා. දැං මේ ෂර්ට් එක කීයද? රුපියල් 1500යි. කීයද?රු..පි..ය..ල්.. එක්දා…ස් පන්සී…යයි. උඹ කැමති රුපියල් දෙසීයක් වටින බැනියම ඇඟේ ගෑවෙනවටද? රුපියල් එක්දාස් පන්සීයක් වටින ෂර්ට් එක ඇඟේ ගෑවෙනවටද?

සරා: හරි හරි හරි… (තත්පරයක විරාමයක්)
මේ… දැං උඹේ යට කෑල්ලත් ඔහොමද?

හෝගි අයියා කට තද කරගෙන සිනා සෙනවා පමණි (ඔබ ඇමතූ අංකයෙන් ප්‍රතිචාරයක් නොමැත. කරුණාකර ඉදිරියට 2ක යොදා නැවත අමතන්න…) හිහ්… හිහ්… 😀

ප. ලි. හැබැයි ඒ දවස් වල ඇත්තටම හෝගි අයියා ඒ ෂර්ට් එක ඇන්දම අර දෙහිවල සත්තු වත්තෙ ඔරං ඔටංට සවුකොලයක් ඇන්දුවා වගේ තිබ්බේ හිහ්… 🙂

Advertisements

ප්‍රතිචාර 4

  1. Gold fish said,

    මැයි 27, 2012 at 10:43 පෙ.ව.

    ///ඔරං ඔටංට සවුකොලයක් ඇන්දුවා වගේ/// හික්ස්… මරු කතාව ඉබ්බයියේ…

  2. මැයි 28, 2012 at 12:10 පෙ.ව.

    අඩේ ඇත්තට මරු තියරිය…

  3. මැයි 28, 2012 at 10:46 පෙ.ව.

    හික් හික්..
    ඌට කියමු අපි වීඩියෝ බ්ලොග් එකක් කරන්න කියලා..

  4. hasithag said,

    මැයි 28, 2012 at 7:21 ප.ව.

    අනේ මන්දා ෆැෂන් කියන එව්ව තමන්ට ගැලපෙන්න එපැයි. ඒත් දවසක් කතන්දර නම් කිව්වේ “මයිල් වැඩි පිරිමින්ට ගැහැණු ගොඩක් කැමතියි” කියලා 😀


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: