Excuse me, ඔයා ප*යක් ඇරියද?

ඉබ්බා ඉතිං වැඩිදුර අධ්‍යාපනයට ගියේ තුම්මුල්ලේ ක්ෂීරපථ විද්‍යාලෙටනෙ. මේ කාලෙ විජ්ජා පීඨෙ හිටියා සුරුස් බුරුස් ගාලා ඉංගිරිසියෙන්ම කතා කරන බුල්ටෝ ලලනාවියෝ ටිකක්. මේ කතාවත් සිද්ධ වෙලා තියෙන්නෙ ඉබ්බලගේ ඒ ජාතියේ ජ්‍යේෂ්ඨ උත්තමාවියකට තමා.

ඔන්න දවසක් හවස තිබ්බළු ටියුට් ක්ලාස් එකක්. ඉබ්බලගේ ජ්‍යේෂ්ඨ උත්තමයෙක් හිටියා මිනිහා ටිකක් ඔඩ් පොරක්. ඉබ්බා දන්න විදියට මිනිහා මීටරේ. පොෂ් බුවා. හැබැයි බොරු සෝබන නෑ. ඉතිං ටියුට් ක්ලාස් එකෙ මිනිහත් ඉස්සරහම පේළියේ ඉඳගෙන ඉන්නවළු. එහා පැත්තෙ ඉන්නෙ බුල්ටෝ අක්කා කෙනෙක්ළු. ටික වෙලාවකින් අපේ මීටර් අයියා මූන ඇඹුල් කරගෙන බුල්ටෝ අක්කාගෙන් මෙහෙම අහනවළු.

මීටර් අයියා: Excuse me, ඔයා ප*යක් ඇරියද?

මේ අනපේක්ෂිත ප්‍රශ්නයෙන් අපේ බුල්ටෝ අක්කා තුෂ්නිම්භූත වුනාළු. එයා රෝස පාට වෙලා මූන කොටු වෙලා ගියාළු. ඊට පස්සෙ අපේ මීටර් අයියා මෙහෙම කිවුවළු.

මීටර් අයියා: නෑ මේ bad smell එකක් ආවා ඒකයි බැළුවේ කවුද කියලා.

එහෙම කියලා බුවා මුකුත් නොවෙච්ච ගානට ඉස්සරහ බලාගෙන පාඩම අහගන්න පටං ගත්තළු. හිහ්… 🙂 ඊට පස්සෙ ටිකක් දවස් යනකං කවුරු හරි කඩ්ඩෙං කතා කරනකොට මේ කතාව දන්න අය අහන්නෙ ඔයා ප*යක් ඇරියද කියලයි හිහ්… 😀

Advertisements

ප්‍රතිචාර 14

  1. මැයි 24, 2012 at 2:12 ප.ව.

    අපොයි මාර රැගක්නෙ.
    අපේ බැච් එකේ කෙල්ලෙක්ට අපේම එකෙක් දුන්නා ඔය වගේ රිටන් එකක්.කෙල්ලට කතා කරලා නවත්තන්නෙ නැතුවම ෆුල් ස්පීඩ් එකෙන් කඩ්ඩෙන් කතා කලා.එදා ඉදලා කෙල්ල නෝමල්…

  2. kpgtharaka said,

    මැයි 24, 2012 at 3:54 ප.ව.

    හික් හික්.. දැන් අපට කොමෙන්ට් දාන්නවත් වෙලාවක් තියන්නෑ වගේ.. පිට පිට පෝස්ට් ලියන්නේ

  3. මැයි 24, 2012 at 4:07 ප.ව.

    පිස්සු ඉබ්බෝ……….. එක්කෝ ටයිප් කරලා ෂෙඩියුල් කරලා තියන්න වෙයි… නැත්තං ආයේ සංක්‍රාන්ති සමයක් ආවාහම අපට බ්ලොග් පෝස්ට් ලියන්න වෙනවා, මෙන්න මෙහෙම එකක් තිබුනාය, මෙහෙම ඉබ්බෙක් හිටියාය, ඉබ්බා තරු ඉබ්බාය… ගිය අතක් නෑය කියලා… 🙂

  4. kpgtharaka said,

    මැයි 24, 2012 at 4:28 ප.ව.

    ඒක නෙවෙයි කෝ ආම්ස්ට්‍රෝං කාරයගේ කතාව

    • මැයි 24, 2012 at 4:32 ප.ව.

      දැං සෑහෙන තොගයක් අමතකයිද මන්දා… 
      අයියෝ, මට ඇල්සයිමර්වත්ද? 
      ඒකයි මේ දඩ බඩ ගාලා මතක මතක ටික ලිවුවෙ 😦

      • kpgtharaka said,

        මැයි 24, 2012 at 4:38 ප.ව.

        අප්පට සිරි.. එහෙමද? හැබයි මට ඔච්චරවත් ඒ කාලේ මතක නෑ ඉබ්බෝ. ඒ අතිං බැලුවම උඹේ මතකේ සුපිරි

  5. Nish said,

    මැයි 24, 2012 at 4:54 ප.ව.

    යකෝ මුගේ ස්පීඩ් එක හාවෙක්ට සමනල් තටු ලැබිල වගේ නේ

  6. Gold fish said,

    මැයි 24, 2012 at 7:18 ප.ව.

    ආයි ලියන එක හොඳයි… ඉතිං ඉබ්බගෙන් එහෙම ඇහුවේ නැද්ද..?

  7. මැයි 24, 2012 at 9:33 ප.ව.

    නියමයි නියම පරිප්පුව

  8. මැයි 24, 2012 at 10:00 ප.ව.

    ටිකක් හිමීට පෝස්ට් දාමු… කියවන්න බැරි ස්පීඩ් එකෙන් ඒ පාර පෝස්ට් දානවනෙ… පහුගිය කාලෙ වේලුනා 🙂

  9. මැයි 27, 2012 at 12:05 ප.ව.

    //තුම්මුල්ලේ ක්ෂීරපථ විද්‍යාලය// දන්න කියන තැනක්නෙ! ඉබ්බා අයියේ!


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: