හෝගි අයියාගේ අත පිහදැමිල්ල

මේ කතාවෙ කැමරා ඈංගල් දෙකක් තියනවා. පළවෙනි ඈංගල් එක තමා හෝගි අයියාගේ ඈංගල් එක. දෙවෙනි එක සරාගේ කැමරා ඈංගල් එක. ඉබ්බා මුලින්ම බ්‍රෝඩ්කාස්ට් කරන්නෙ හෝගි අයියාගේ ඈංගල් එකෙං කතාව. ඔන්න ඉතිං සුපුරුදු පරිධි හවසට මොනා හරි කමු කියලා හෝගි අයියයි සරායි ගියාළු ඇහැළ මාවතේ තිබ්බ කඩේකට. ඒ දවස් වල හෝගි අයියා තනිකඩයා. සරා ඉතිං බෝඩිං කාරයා. දැං දෙන්නම ගිහින් කෑවළු ඇහැළ මාවතේ හිනාල්ගෙ කඩෙං.කාලා, වතුර බීලා, එතන තිබ්බ අත පිහිදන්න කොල කඩා ගන්න පොතෙං කොලයක් කඩාගෙන අතත් පිහිදගෙන දෙන්නම එන්න පිටත් වුනාළු. දැං ඒ ඈංගල් එකෙං රෙකෝර්ඩ් කරපු කතාව ඉවරයි.

දැං ඔන්න සරාගේ කැමරා ඈංගල් එකෙං කතාව. හෝගි අයියා ආහාර බුදිමින් සිටියි. ටියුෂන් යන පෙනුමැති කොල්ලෙක් කඩේට පැමිණෙයි. පොත් මිටිය කෑම පිළිගන්වන කඩේ කණ්ඩිය මත තබයි. කඩෙන් යමක් ගන්නා ඔහු එහි රස බලයි. හෝගි අයියා ආහාර අනුභව කොට ඉවර කරයි. වතුර බොයි. ටියුෂන් මල්ලීගේ පොත් මිටිය උඩම තිබූ පොතක් උගේ වගේ පෙරළයි. පොතේ මැද හරියේ පිටු 2ක් හෝගියාට අහු වෙයි. හෝගි අයියා බරාස් ගා මොනාදෝ ලියා තිබූ පිටු දෙක ඉරාගෙන මෙලෝ ගානක් නැතුව අත පිසදා එය ගුලි කොට කුණු බක්කියට විසි කරයි. සරා ටියුෂන් මල්ලී දෙස බලයි. ඔහු සිද්ධිය නොදකියි.

දැං සරාට හීන් දාඩියත් දාගෙනළු එන්නෙ. ඇයි යකෝ මේකා කොම්පඤ්ඤවීදියේ කොහේ හරි වත්තක මරුසි පොරක් නම් මේක දැන ගත්තොත් එහෙම විනාඩි 5ක් වත් බිම වැටෙන්න දෙන්නෙම නැතුව නෙලයිනෙ උගේ නෝට් පොතට කරපු වැඩේට. හෝගි අයියට මෙලෝ ගානක් නෑළු. කොහොම කොහොම හරි කඩේට ගණං බේරලා දෙන්න දැං ආයිත් ඔෆිස් එනවළු.

සරා: මොකක්ද යකෝ තෝ අර කළේ?

හෝගි අයියා: ඇයි මොකක්ද?

සරා: තෝ අර ක්ලාස් යන කොල්ලෙක්ගෙ පොතක මැද පිටුවක් ඉරලා අත පිහදැම්මෙ

හෝගි අයියා: නෑ… මම එහෙම එකක් කළාද? උඹ මට ඒ වෙලාවෙ කියන්න එපැයි.

සරා: කියන්න…කොහෙ කියන්නද? තෝ එක පාරම බරාස් ගාලා කොලේ කඩාගෙන අත පිහදලා ඒක විසික්කරානෙ…

හිහ්… හිහ්… ටියුෂන් මල්ලි විභාගෙට පාඩං කරන කොට කොල දෙක ඉරපු එකාගෙ අම්ම මුත්තා මතක් කර කර පාඩං කරන්න ඇති 😀 .

Advertisements

ප්‍රතිචාර 5

  1. වැප් said,

    මැයි 24, 2012 at 11:51 පෙ.ව.

    හික්හික්

    කලකට පස්සේ ඉබ්බා වැවකට බැහැලා වගේ

  2. මැයි 24, 2012 at 3:39 ප.ව.

    “ඉබ්බා දියට දැම්ම ම දැන්නෑවේ කිව්වලු……”

    කොල්ලා අනාත වෙන්ඩැති

  3. මැයි 24, 2012 at 10:05 ප.ව.

    පව් පොඩි එකා…

  4. hasithag said,

    මැයි 28, 2012 at 7:55 ප.ව.

    ඉස්කෝලේ යන්නේ නැතුව ක්ලාස් ගිහින් ගොඩ යන්න ගිය කොල්ලට හැළිය


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: