ආ… එහෙනං මට දෙන්න පැණි කජු එකක්…

ඉස්සර ඉබ්බ කාලයක් හිටියෙ ඇහැළ මාවතේ ඔෆිස් එකක. එතනම එහා පැත්තෙ පොඩි කඩයක් තිබ්බා. දවල්ට කොහේ හරි කඩේකිං ජරාව කාලා අතුරුපසට මේ කඩෙං මොනා හරි නොකෑවොත් ඉතිං පුදුම අඩුවක් තිබ්බෙ :). ඔන්න දවසක් සරායි, ඉබ්බයි, හෝගි අයියයි, රමායි ගියා මේ කඩේට අතුරුපසට යමක් කන්න.

සරා: අංකල්, මොනාද තියෙන්නෙ. යෝගට්? අයිස්ක්‍රීම්?

අංකල්: අයිස්ක්‍රීමුයි යෝගටුයි තියනවා.

සරා: යෝගට් කමු නේද?
ඉබ්බා සහ හෝගි අයියා දෙස බලයි. ඉබ්බාත් හෝගි අයියාත් ඔළුව වනයි.

රමා: උඹලා ගනිංකො. මම ගන්නං.

සරා: අපිට දෙන්න යෝගට් 3ක්

රමා: පැණි කජු තියනවද?

අංකල්: පැණි කජු නෑ

රමා: ආ… එහෙනං මට දෙන්න පැණි කජු එකක්… (දීපංකො උත්තර… හිහ්… 😀 )

අර කතාවක් තියෙන්නෙ හාවෙක් හාඩ්වෙයාර් එකකිං කැරට් ඉල්ලපු. රමා ඒ හාවගේ ළඟම නෑයෙක් කියලා අපි තීරණය කළා… 😀

Advertisements

ප්‍රතිචාර 3

  1. මැයි 24, 2012 at 9:50 පෙ.ව.

    මේ දවස් වල පැණි කජු වල රෙසිපිය වෙනස් වෙලා රස ම රසායි ලු…. කාලාම බලන්න ඉබ්බෝ…… 😀

  2. kpgtharaka said,

    මැයි 24, 2012 at 3:55 ප.ව.

    කාගීල්ස් එකට නඩු දානවලු.. මොනවද අන්තර්ගතයි කියලා..

  3. hasithag said,

    මැයි 28, 2012 at 7:57 ප.ව.

    මිනිස් මළ තිබුණා කිව්ව නිසා පැණි කජු ඉල්ලුම අඩු වෙයිද දන්නේ නැහැ


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: