වින්ධ්‍යාගේ නම…?

මේ කතාවත් වුනේ අර කලින් ඇබැද්දියකදි කිව්ව වින්ධ්‍යාටම තමා. ඔන්න ඉතිං ඉබ්බයි සීනි කූරයි ක්ෂීරපථ විද්‍යාලෙත් එකම කෝස් එක කරන්න තමා සෙට් වුනේ. දවසක් ක්ෂීරපථ විද්‍යාලෙ කැන්ටිමට යන්න කියලා ඔන්න දෙන්නම ඇවිදගෙන යනවා. මෙන්න බොලේ ඉස්කෝලෙ එකම පන්තියේ හිටපු වින්ධ්‍යා එනවා හිනා වේගෙන ඉස්සරහට. ඉතිං කූරයි ඉබ්බයි දැං නැවතිලා කතාව වින්ධ්‍යා එක්ක.

වින්ධ්‍යා: මාර වැඩක් වුනානෙ මචං

කූරා: මොකක්ද සීන් එක?

වින්ධ්‍යා: බලපංකො… මට ගෙන්දගමයව හම්බුනා

(ගෙන්දගමයා නොහොත් කන්දේ චෑං හිටියෙත් ඉබ්බලගෙ ඉස්කෝලෙ එකම පන්තියේ)

කූරා: ඉතිං මොකද වුනේ?

වින්ධ්‍යා: බලපංකෝ… ඌට මේ ටික දවසට මගේ නම අමතක වෙලානෙ

කූරා: යකෝ… ඌ මාර පොරක් නෙ.

කූරා ඉබ්බා දෙස බලයි. සිදු වන්නට යන්නේ මහත් විනාශයකි. ඉබ්බටත් වින්ධ්‍යාගේ රියල් නම මතක් වෙන්නේ නැත. ඉබ්බගේ කොටු වෙච්ච මූන දැක්කම කූරා දැන ගත්තා අද නම් වැඩේ හරි කියලා. ඊට පස්සෙ වින්ධ්‍යා එක්ක ටිකක් වෙලා ඔය ආගිය තොරතුරු කතා කර කර හිටියා. දැං ලෙක්චර්ස් යන්නත් එපෑ. කූරා ඔලුව කස කස මෙන්න මෙහෙම කියනවා (කූරාගෙ තිබ්බ නියම මහපටඟිල්ලෙන් ඔලුව කසන අයිඩෙන්ටිටියක්)

කූරා: මචං, අපිත් එහෙනං යන්නං… මේ… ඇත්තටම උඹේ නම මොකක්ද මචං…. අපි දෙන්නටම මතක නෑනෙ…. (ටොයිං ටොයිං ටොයිටොයීං…)

වින්ධ්‍යා: !@#$%^&

Advertisements

ප්‍රතිචාර 9

  1. මැයි 22, 2012 at 6:40 ප.ව.

    ඕක නම් වෙනව… කාඩ් විතරයි මතක හිටි‍න්නෙ.. දැන් මේ ඉබ්බා තව කොච්චර කාලෙකට අතුරුදහන් වෙනවද?…

  2. මාරයා... said,

    මැයි 22, 2012 at 7:04 ප.ව.

    දැන්නං මේකේ දාන්න වෙන්නේ “ඉබ්බෙක් හීනෙන් අවදි වෙයි” කියලා තමා…

  3. මින් said,

    මැයි 23, 2012 at 9:33 පෙ.ව.

    බුදු හම්බේ මේ කොච්චර කාලෙකට පස්සෙද දැක්කේ…….

  4. මැයි 24, 2012 at 3:00 ප.ව.

    ආයෙ ආපු එක සතුටක්…

  5. Gold fish said,

    මැයි 24, 2012 at 7:29 ප.ව.

    හික්ස්… මටත් අනන්ත වෙලා ඇති…. අන්තිමේ මචං කියලා තමා මාත් බේරිලා යන්නේ…

  6. hasithag said,

    මැයි 28, 2012 at 8:06 ප.ව.

    මටත් කැම්පස් එකේ හෙණ ගොඩක් එවුන්ගේ කාඩ් තියා නමවත් මතක නැහැ. ඒත් ඒක නොදැනෙන්න කතා කරලා එනවා.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: