හෙල්මට් රාළහාමි

මේ ලියන කතාවෙනම් සම්පූර්ණ ගෞරවේ හිමිවෙන්න ඕනෙ ඉබ්බගෙ දෙවෙනි ජොබ් එකෙන් හම්බුවෙච්ච අතිජාත යාළුවෙක් වෙන වන සරාට. සරා කතා ලෝකයක්. රඟ පාලා තමා කතා කියන්නෙ. හැමදාම දවල්ට කනකොට සරා කතා කියනවා.කට්ටිය නම් කියන්නෙ අපි කන ගමන් කත කරනවා නෙවෙයි කතා කරන ගමන් කනවා කියලයි. හිහ් 😀 . ප්‍රධාන කාර්‍රය කතා කිරීම. දෙවනුව තමා කෑම.

කොහොම කොහොම හරි ඔන්න එක දවසක් සරාගේ කැම්පස් එකේ යාළුවෝ දෙන්නෙක් ගමේ ගිහිල්ලලු. දෙන්නත් එක්ක මෝටර් බයික් එකක නැගලා දැං වේගෙන් යනවළු. හැබැයි කම්මැලි කමට හෙල්මට් නොදා හෙල්මට් දෙක අතේ (වැලමිට හරියෙ) පටලෝගෙන වෙලක් මැද්දෙ පටු පාරක කෙළගෙන යනවළු.මාර වැඩේ. ඉස්සරහට එනවළු පොලිස් ජීප් එකක්. යාළුවෝ දෙන්නට කරගන්න දෙයක් නෑ.ආපහු හරෝගන්න වෙලාවකුත් නෑ. අතුරු පාරකුත් නෑ දාලා බේරෙන්න. ඇයි වෙල මැද්දනෙ.ජීප් එක ඉස්සරහට ඇවිත් පාර හරස් කරළා නැවැත්තුවළු.දැං යාළුවෝ දෙන්නත් නවත්තගෙන ඉන්නවා.රාළහාමි කෙනෙක් ජීප් එකෙං බැහැලා වේගෙන් එනවළු.ඇවිත් බැලුවළු දෙන්න දිහා.වචනයක් වත් කිව්වෙ නෑළු.ගත්තළු හෙල්මට් දෙක අතින් උදුරලා.වීසි කරළා දැම්මළු වෙල මැද්දෙ මඩ ගොඩකට.ඊට පස්සෙ රාළහාමි මුකුත් වුනේ නෑ වගේ සද්ද නැතුව හරිලා ගිහින් ජීප් එකට නැගලා යන්න ගියාළු.

කොහොමද රාළහාමිගෙ ටිකිරි මොළේ.නරකම නෑ නේද? 😛 හිහ්…

මඩ සෝදාගත් හෙල්මට් වැලමිටේ දැමීමට පවා සුදුසුය”

Advertisements

ප්‍රතිචාර 7

  1. ජූලි 13, 2011 at 12:37 ප.ව.

    ඇත්තනෙ ඉතින්. ඕක ඔලුවෙ දාගන්නෙ නැත්තන් අහවල් එකකටද තියාගෙන ඉන්නෙ.

  2. The Lion said,

    ජූලි 13, 2011 at 12:58 ප.ව.

    හිහ් හිහ්…. නියම වැඩේ දෙන්නට වෙලා තියෙන්නේ.හරිනේ රාලහාමි කරපු වැඩේ.ඔලුවේ නොදාන හෙල්මට් මොකටෙයි…….නේද……..හිහ් හිහ්…….. අදටත් ඒ දෙන්නා හෙල්මට් නැතුවද යන්නේ.

  3. ජූලි 13, 2011 at 2:41 ප.ව.

    එල කිරි රාළහාමියෙක් නෙ. හොඳම වැඩක් කරල තියෙන්නෙ.

  4. ජූලි 13, 2011 at 5:25 ප.ව.

    ඔලුවක් තියෙන පොලෝසියේ මහත්තැන් කෙනෙක්… මට නම් පේන්න බෑ ඔය වැලමිටේ දාන් යෑම හෙල්මට් ඔලුවෙ නොදා

  5. ජූලි 13, 2011 at 8:06 ප.ව.

    යකෝ..පොලෝසියෙත් මොලේ තියෙන එවුන් ඉන්නවනේ…

  6. GNS said,

    සැප්තැම්බර් 6, 2011 at 7:51 ප.ව.

    ඔව් ඉතින්, ට්‍රැපික් බාප්පලා නෙමෙයි නම් ඉතින් දඩ කොලයක් ලියන්නත් බෑ නෙ.. කරන්න පුළුවන් හොඳම දේ තමයි කරල තියෙන්නෙ.. 😀

  7. දුකා said,

    ඔක්තෝබර් 6, 2011 at 2:31 ප.ව.

    අඩේ අපේ පොලෝසියේ මොලේ තියෙන පොලිස් කාරයොත් ඉන්නවා එහෙනම් ඈ


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: