සර්, ඇතුලෙන් පත්තු වෙනවනෙ… 

ඉබ්බගෙ යාළුවෙක් ඉන්නවා පතී කියලා.පතී කාලයක් ඔෆිස් ආවෙ ස්ටාෆ් සර්විස් වෑන් එකක.ඔන්න දැං වෑන් එක උදේම ඇවිත් කොම්පඤ්ඤවීදියේ ඇහැළ මාවතට හරවන්න බලාගෙන ඉන්නවළු පාර මැද ලේන් එකේ නවත්තගෙන.තත්පර කීපෙකින් ට්‍රැෆික් රාළහාමි කෙනෙක් වේගෙන් එනවළු වෑන් එක දිහාට.

රාළහාමි: කෝ මනුස්සයෝ සිග්නල් ලයිට්?

රියදුරා දොර කවුළුවෙන් එබී නොදන්නා නියාවෙන් සිග්නල් ලයිට් එක දෙස බලයි.

රියදුරා: සර්(යටහත් පහත් ලෙස), ඇතුලෙන් පත්තු වෙනවනෙ…

රාළහාමි: මොකක්ද ඕයි? මේකත් හරියට තමුසෙගෙ ජීවිතේ වගේ. ඇතුලෙන් පත්තු වෙනවා, ඒත් පිටින් කිසි එළියක් නෑ.

පතී කරකෝලා ගියාළු.කොහොමද රාළහාමිගෙ සාහිත්‍ය?ලංකාවේ පොලිසියෙත් තාම සිරා මිනිස්සු ඉන්න පාටයි.

Advertisements

ප්‍රතිචාර 16

  1. වැප් said,

    ජූලි 13, 2011 at 12:47 ප.ව.

    හික් හික් කාලෙකට පෂ්ෂේ ඉබ්බා ඇවිත් …

    ඇ බොල ඉබ්බෝ තෝත් ඉන්නේ ඇහැල මාවතේ ඔෆීසියක දෑ?

  2. The Lion said,

    ජූලි 13, 2011 at 1:03 ප.ව.

    මරු කතා තමයි පොලිස්සියේ රළහාමිලත් කියන්නේ……….හිහ් හිහ්……….

  3. සමීර said,

    ජූලි 13, 2011 at 1:32 ප.ව.

    කාලෙකට පස්සේ…

    මරු කතාඅව තමයි පොලිස් රාලහාමිගේ.

  4. deeps said,

    ජූලි 13, 2011 at 2:07 ප.ව.

    පොලිස් අයටත් සිංහල පුලුවන්ද?

  5. ජූලි 13, 2011 at 3:32 ප.ව.

    ආ ගිබ්බා කාලෙකට පස්සෙ ඇවිත් . කොහෙද මෙච්චරකල් මකබෑවිලා හිටියෙ. හාවෙක් එක්ක රේස්වත් දිවුවද ?

  6. ජූලි 13, 2011 at 3:43 ප.ව.

    අම්මපා ස්කෝලෙ ගිය පොලිස් කාරයෙක් ගැන ඔය ඇහුවමයි…

  7. ජූලි 13, 2011 at 5:22 ප.ව.

    හපුච්චියේ දැක්ක කල්…. පොලෝසිය ගැන නම් මාත් ලඟදි ලිව්ව… සුපිරි බුවෙක් නේ… මොකද බන් පේන්න නැත්තෙ

    • ජූලි 13, 2011 at 8:24 ප.ව.

      ගිය අවුරුද්දෙම මාර කොටි වලිගයක් අල්ලගෙන හිටියෙ. ගැලවෙන්න බැරිම තැන අන්තිමට රස්සවෙනුත් අස් වුනා. දැං අළුත් තැනක වැඩ. තාම සති 2යි. කොහොම වෙයිද දන්නෙ නෑ. එන විදියක් බලනවා.දැකලා පුරුදු නම් දකින්නත් ආසයි. මම ආයිත් හදිසියේම උඹේ අර කතාවෙ(දිනිති) අන්තිම කොටස හදිස්සියෙන් කියෙවුවා.මට තාමත් ඒක නිකන් මොකක්ද මොකක්ද වගේ.කොහොමද තොරතුරු? බ්ලොග් කෙරුවාව නැගලා යනවා ඇති නේද? කොහොමද පූසො සෙට් එකයි රන්දිල් අක්කයි. තාම ගජරාමෙට ලියනවද? ඉක්මනටම වෙලාවක එන්නම් කට්ටියව බලන්න.

  8. blog gadol said,

    ජූලි 13, 2011 at 9:27 ප.ව.

    හික් හික්!! මමනං ඔහොම එඩියුකේටඩ් පොලිස් බුවෙක් ගැන ඇහුවමයි ඔය

  9. සාතන් said,

    අගෝස්තු 13, 2011 at 9:04 පෙ.ව.

    ඉබ්බ අයිය ආපහු ලියන්න පටන් අරන් නේද?…. එල එල… හොඳ කතා ටිකක් බලාගන්න පුළුවන්…

  10. හා පැටික්කි (MS) said,

    අගෝස්තු 20, 2011 at 6:49 ප.ව.

    මෙන්න ඇවිත් ගිහින් ඉබ්බා අයියා………. මං අදනේ දැක්කේ……….

  11. අගෝස්තු 31, 2011 at 10:53 ප.ව.

    මගෙ අම්මේ දැක්ක කල්! අද අහම්බෙන් ලින්ක් එකක් දැකල ආවෙ. ඒ දවස් වල එක එක නම් වලින් කොමෙන්ට් කරා මොකෝ මට ඒ දවස් වල බ්ලොග් එකක් තිබ්බේ නෑ. ආයෙත් ලියන්ඩ පටන්ගත්ත එක හොඳයි. දිගටම ලියන්ඩ.

  12. දුකා said,

    ඔක්තෝබර් 6, 2011 at 2:31 ප.ව.

    කලාත්මක පොලොස් රාළහාමි කෙනෙක් . . හික්ස්

  13. දුකා said,

    ඔක්තෝබර් 6, 2011 at 2:32 ප.ව.

    ඇත්තටම ඉස්සර හෙනම ආසාවෙන් බලපු බ්ලොග් එකක් . .

    ආපහු ආවේ බොහොම කාලෙකින් ඒකත් අර කොමෙන්ටුව නිසා . .

    මක්කැයි බන් වෙලා තිබ්බේ . . .

    කොහේද ගිහින් හිටියේ?

    • ඔක්තෝබර් 7, 2011 at 5:05 ප.ව.

      වැඩ ගොඩකට අහු වුනා. ජොබ් එක එපා වුනා. වෙන ජොබ් එකකට මාරු වුනා. ආපහු ඉගන ගන්නත් පටං ගත්තා. සතියෙ දවස් 7ම වැඩ 😦 . ඉතිං කොහොම බ්ලොග් ලියන්නද? අළුත් ජොබ් එකට ආවට පස්සෙ තමා ඉඳලා හිටලා වත් ඉස්සර බලපු බ්ලොග් වලට යන්නවත් වෙලාවක් ලැබුණෙ.ලියන්න දේවල් නම් ටිකක් තියනවා.ඒත් වෙලාව තමා පුරස්නෙ.පුළුවන් විදියට ඇවිත් යන්න එන්නම්කො.නැවත හමු වුණාට සතුටුයි 🙂


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: