අන්තර්ජාතික මැඩම්

ඉබ්බා උසස් පෙළ කරන කාලෙ අන්තර්ජාතික විෂය උගන්නන්න ආපු මැඩම් ඉබ්බලගෙ පන්තියේ කට්ටිය එක්ක හොඳට ෆිට්. දවසක් මැඩම් කිවුවා අළුතෙං ඉංග්‍රීසි පොත් ඇවිල්ල තියෙන්නෙ දෙන්නෙක් එන්න පහළ ස්ටාෆ් රූම් එකේ ඉඳං ඒවා අරන් එන්න කියලා. වූෂු මැස්සයි සීනි කූරයි ගියා මැඩම්ගේ පස්සෙන්. ටික දුරක් යනකොට සීනි කූරයි වූෂු මැස්සයි මැඩම්ගේ පස්සෙන් මැඩම් යන විදියට පැද්දි පැද්දි යනවලු.එක පාරට මැඩම් හැරිලා බැළුවලු! වූෂු මැස්සයි සීනි කූරයි අට පට්ටං වෙලා හිටපු විදියටම හිටියළු කරගන්න දෙයක් හිතා ගන්න බැරුව.

මැඩම්: (සිංහලෙං) හනේ හනේ ළමයි. යනවා මගේ ඉස්සරහෙං.

සීනි කූරයි වූෂු මැස්සයි සද්ද නැතුව බිම බලාගෙන මැඩම්ගේ ඉස්සරහෙන් ඇවිදං ගිහින් පොත් ටිකත් අරං ඉස්සරහෙන්ම ඇවිදගෙන ආවා.හරියට ඉස්සරහෙන් යන හරක් සෙට් එකයි පිටිපස්සෙන් යන ගොපල්ලයි වගේ.

ඉබ්බලගෙ අල්ලපු බයෝ පන්තියට අන්තර්ජාතික විෂය ඉගැන්නුවෙ මිටි තරුණ මැඩම් කෙනෙක්. ඒ දවස් වල මැඩම්ට දාල තිබ්බ කාඩ් එක තමා සුදු චූටි.ඉබ්බලගෙ පන්තියයි බයෝ පන්තියයි වෙන් කරලා තිබ්බෙ ලී පාටිෂන් එකකින්.ඒකෙ එක තැනක පොඩි සිදුරක් තිබ්බා.ඒකෙන් බැළුවම කෙලින්ම එහා පන්තියේ ගුරු මේසෙ පේනවා.ඉතින් සුදු චූටි බයෝ පන්තියට උගන්නන්න ආවම සීනි කූරා යනවා එතනට.ගිහින් සිදුරෙන් බලනවා.බලලා සිදුර ගාවට ලං වෙලා චූටී කියලා කෑ ගහලා දූවගෙන ඇවිත් පුටුවෙ වාඩි වෙලා මුකුත් වුනේ නෑ වගේ ඉන්නවා.හැබැයි සුදු චූටි කවදාවත් මේවට සැළුනේ නෑ.එහෙම වුනා නම් මේවා තව වැඩි වෙන බව මැඩම් දැනගෙන ඉන්න ඇති.කොල්ලො ඉස්කෝලෙක කාන්තාවකට උගන්නන එකත් බලාගෙන යනකොට ලේසි නෑ.මතක් වෙනකොට හිනාත් යනවා ඒ කාළෙ වැඩ ගැන.

Advertisements

ප්‍රතිචාර 11

  1. blog gadol said,

    ජූලි 8, 2011 at 3:32 ප.ව.

    ආ…ඉබ්බයියේ!!! කලකට පස්සේ වෙලකට බැස්සේ නේද? නියම කතාව. දිගටම ලියයි කියලා හිතනවා.

  2. Hasitha said,

    ජූලි 8, 2011 at 8:31 ප.ව.

    අම්මෝ ආෆ්ටර් ලෝන්ග් ලෝන්ග් ටයිම් නේ අයියා 🙂

  3. ජූලි 11, 2011 at 7:01 පෙ.ව.

    ඇති යන්තං… ආයෙම ලියන්න ගත්ත එකනම් හොඳයි…

  4. ජූලි 11, 2011 at 10:38 පෙ.ව.

    අපෙත් මිස් කෙනෙක් හිටියා සුදු චූටි කියලා. එයත් කොල්ලොන්ව පිස්සු වට්ටලා හිටියෙ. අම්මෝ ඉබ්බව දැක්ක කල්.

  5. dsandun said,

    ජූලි 12, 2011 at 11:42 ප.ව.

    හානේ .. සුදු චුටිව දැකපු කාලයක් මතක නෑ..

  6. The Lion said,

    ජූලි 13, 2011 at 12:50 ප.ව.

    දැන් ඉතින් ආයෙත් දිගටම ලියන්න ඉබ්බයියේ………..

  7. සමීර said,

    ජූලි 13, 2011 at 1:36 ප.ව.

    වෙල්කම් බැක්

  8. දුකා said,

    ඔක්තෝබර් 6, 2011 at 2:38 ප.ව.

    ටීචර්ලත් ඕවැයින් පොඩි ජොලියක් ගන්නවා ඇති බන්z. .


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: