නිවුටන්ගේ 6 වෙනි නියමෙ

මේ දවස් වල ඉබ්බා වැඩ ගොඩක හිර වෙලා. කොනක් පේන්නවත් නෑ :(. ඒත් හදිසියේම හිතුනා මතක් වෙච්ච පොඩි කතාවක් ලියන්න ඕනෙ කියලා.මේකත් වුනේ ඉබ්බගේ කතා ගොඩක් වර්ණවත් කරපු සීනි කූරටම තමා.සීනි කූරා 10 වසරෙ ඉතර ඉන්න කාළෙ(9දි ද මන්දා) ඒ පැත්තෙම බාලිකාවියක් එක්ක යාළු වුනා.කට්ටිය කතාවට නං කිවුවේ සීනි කූරා ළමයගෙං ඇහුවම ළමයා කිවුවළු ශිෂ්‍යත්තෙං පස්සෙ උත්තරයක් දෙන්නං කියලා 😛 .ඔහොම කිවුවම කූරට අසූ හාරදාහට නගිනවා.කොහොම කොහොම හරි ඒ දවස් වල දැං වගේ මොබයිල් ෆෝන්, ඉන්ටර්නෙට් අනං මනං නෑනෙ.ගෙවල් වල මිනිස්සු කෝල් එකක් ගන්නෙත් බඳිනවා කියනයි, මළා කියන්නයි ඉතරනෙ 🙂 .ඉන්කමිං වලටත් හිටු කියලා ගාණ කපපු කාලෙනෙ.

ඉතිං මේ බාධක මැද්දෙ කූරට සුවඳ කැවූ පෙම් පත් එනවා.මේ A/L කරන කාළෙ.ධූතයා ඉස්කෝලෙ එහා කොනේ තියන වාණිජ මණ්ඩලේ ඉඳලා මෙහා කොණේ තියන ගණිත සභාවට ඇවිත් තමා සංදේශෙ භාර දෙන්නෙ.මේක ආපු වෙලේ ඉඳලා යාළුවෝ පොර කනවා ඒක කියවන්න.බේරෙන්න බැරිම තැන කූරත් ප්‍රසිද්ධියේ කියවන්න පුළුවන් තෝරාගත් ඡේද කීපයක් ශබ්ධ නගා පන්තියටම ඇහෙන්න කියවනවා.නොකියවපු ඡේද බලන්න පොර කන එවුන්ව කූරා එලෝනවා උඹලා තාම පොඩි වැඩියි මේවා කියවන්න කියලා.එතකොට කීප දෙනෙක් අයිඩෙන්ටිය පෙන්නනවා මේ මට දහ අටයි පෙන්නපංකො කියලා.කූරා කොහොම හරි එලෝගන්නවා.ලස්සනම වැඩේ තමා පිළිතුරු ලිපිය ලියන්න හත් අට දෙනෙක්ම සෙට් වෙනවා.ඔක්කොමලා අදහස් දාලා තමා ලස්සනට ලියන්නෙ.සංස්කාරක මණ්ඩලේ රිවීව් කරළා සුමටනය කරපු ලියුම තමා කූරගෙ ප්‍රියම්භිකාවට යන්නෙ.

මේ ලියන කතාව ඉබ්බට කිවුවේ ඉතිං කූරම තමා.කූරාගෙ ගෙවල් පැත්තෙ හෙන සෙට් එකක් හිටියා කූරට.එක යාළුවෙකුත් කූරත් අතර තමා මේ සංවාදෙ සිද්ධ වෙලා තිබුනෙ.

කූරා: මචං, උඹ දන්නවද වැඩක්?

යාළුවා: මොකක්ද?

කූරා: හැම ලස්සන කෙල්ලගෙම යාළුවා කැතයිළු

(තත්පර 10ක් ඉතර යනකං යාළුවා සද්ද නැතුව බිම බලාගෙන ලොකු කල්පනාවකළු)

කූරා: මොකෝ උඹ කල්පනා කරන්නෙ?

යාළුවා: නෑ මචං මේ…උඹේ කෙල්ලගේ යාළුවා ලස්සනද?

කූරට සවලක් අරගෙන පොලව හාරගෙන බහින්න හිතුනළු.කං දෙකත් නිකං කීං ගෑවලු.ඇයි යකෝ මම මූට මේ වගේ එකක් කිවුවේ කියලත් හිතුනලු.කූරත් ඉතිං ඉඳලා හිටලා ඇන ගන්නවා හොඳම එකෙං.හිහ්… 😀

මතකනේ…කෙල්ලගේ යාළුවා ලස්සනනං ඉතිං බඩුම තමා 😛 .ඉබ්බට හිතෙන විදියට මේක නිවුටන්ගේ 6 වෙනි නියෙමෙට වගේ දාන්න පුළුවං.මුල් 3 නං අපි ඔක්කොමලා වගේ දන්නවනෙ. 4 වෙනි එකයි 5 වෙනි එකයි ඕගොල්ලො දන්නවද? 4 වෙනි එක නැවත හොයා ගත්තෙ ඉබ්බගෙ තවත් හොඳ යාළුවෙක් වෙන වූෂු මැස්සා.මේක මේ සියවස් කීපයක් අස්ථානගත වෙලා තිබිලා මැස්ස තමා ආයෙත් කරළියට ගෙනාවෙ. ඔන්න එහෙනං නිවුටන්ගේ 4 වෙනි නියමේ ඉබ්බා ලියන්නයි යන්නෙ.

සද්ද ප* ගඳ නෑ…ගඳ ප* සද්ද නෑ…
(නියමෙ ටිකක් අප්සට්ද මන්දා.ඒක නිසා තමා මම හිතන්නෙ පාඩං පොත තුන්වෙනි නියමෙට පස්සෙ කතාව නවත්තන්නෙ. හිහ්… 😛 )

5 වෙනි නියමෙත් සියවස් ගාණක්ම මග ඇරිලා තිබිලා ඉබ්බලා A/L කරන කාළෙ ඩිකාද මන්දා නැවත හොයා ගත්තෙ. එහෙනං 5 වෙනි නිවුටන් නියමෙත් කියන්නංකෝ.මේක හැබැයි පිරිමි කට්ටියට ඉතරයි වලංගු(කාන්තාවට සම තැන නෑ කියලා කේස් වෙයි කියලා තමා මම හිතන්නෙ මේක පාඩං පොතට දාලා නැත්තෙ 😛 ). ඔන්න එහෙනං නිවුටන්ගේ 5 වෙනි නියමය

චූ කළ පසු, සොලවන තුරු, අවසාන බින්දුව ගුරුත්වාකර්ශනයට හසු නොවේ. ( 😀 )

හයවෙනි නියමෙං පැහැදිලි කළ හැකි ප්‍රායෝගික අවස්ථාවක් තමා ඔය උඩ කතාවෙ අපේ කූරට වුනේ. 6 වෙනි නියමෙට අනුව

හැම ලස්සන කෙල්ලගෙම යාළුවා කැතය.

දැං ඉතිං කෙල්ලො ඉන්න කවුරු කවුරුත් 6 වෙනි නියමෙ දාලා බැලුවනම් හොඳයි නේද? හිහ්… 😛 කොහොමද මලේ රිසල්ට්ස්?

ප්‍රතිචාර 23

  1. අගෝස්තු 1, 2010 at 12:10 පෙ.ව.

    😀 😀 😀 😀 😀 😀 😀 😀

    කොයි ලෝකෙද බන් ගිහින් හිටියේ.
    උඹේ පිහාටු ටික ගලවන්න හිටියේ අපි සෙට් වෙලා.

  2. blog gadol said,

    අගෝස්තු 1, 2010 at 12:42 පෙ.ව.

    අම්මෝ ඉබ්බයියා කාලෙකට පස්සෙ ඇවිත් තියෙන්නෙ!පස්වෙනි නියමයට එකගයි.මේකත් කියවන්නකො..
    http://bloggadol.blogspot.com/2010/07/blog-post_29.html

  3. Londonboy said,

    අගෝස්තු 1, 2010 at 2:08 පෙ.ව.

    ඇති යන්තං අලුත් පොස්ට් එකක්. මම ඒත් බැලුව ඉබ්බා බ්ලොග් කරන එක නවත්තලවත් ද කියල. 4 වන නියමයනන් පට්ට. ලොල්!!!

  4. h said,

    අගෝස්තු 1, 2010 at 2:09 පෙ.ව.

    පට්ට ඉබ්බෝ… නියම නියම තුනක්. බලං යද්දි නිව්ටන් සීයා නොකියපු ඒව ගොඩක් තියෙනව නේද?

  5. අගෝස්තු 1, 2010 at 3:11 පෙ.ව.

    පටේ පට්ට ඈ.. එල කිරි.. උඹ නැතුව පාලුවෙ හිටියෙ…

  6. අගෝස්තු 1, 2010 at 10:56 පෙ.ව.

    හෙළයා,
    බ්ලොග් ගඩොල්,
    ලන්ඩන් බෝයි,
    එච්,
    වෑම්පයර්,
    ඇතුළු යාළුවෝ හැමෝටම ස්තූතියි ඉබ්බත් එක්ක රැඳිලා ඉන්නවට. බ්ලොග් ගඩොල් මලයගෙ
    http://bloggadol.blogspot.com/2010/07/blog-post_29.html පෝස්ට් එකෙ ඉබ්බව හම ගහපු තැනක උත්තරය් ලිවුවා 🙂 .ඒක තමා හේතුව.කිරි ඉබ්බිගෙං නං බර බරයක් නෑ.උඩ පැන පැන පෙරළි පෙරළි කතා අහං ඉන්නවා. හිහ්… 😀

  7. පුතා said,

    අගෝස්තු 1, 2010 at 3:55 ප.ව.

    හිකිස්… නිව්ටන්ගේ නිය…ම තුන.. මං කිව්වේ පරණ තුනට වඩා අලුත් නියම තුනනම් නියමයි මචං…

  8. palaamalla said,

    අගෝස්තු 1, 2010 at 4:01 ප.ව.

    හපොයි මේ ඉන්නේ ඉබි නය්දේ… උබ නැතිවෙලා අර ගඩොල් මලයා පොලිසියටත් කියන්න හිතන් හිටියෙ මයේ හිතේ…

    කතාව නම් උපරිමයි. නියම ටික හික් හික් හික්…. එලම තමා. නිවටන් ගෙ නියම වගේද මේවා… හික් හි

  9. GNS said,

    අගෝස්තු 1, 2010 at 10:32 ප.ව.

    නිවුටන් අයියා/මාමා/සීයා මැරෙන්න කලින් නියම තුනට වඩා කියල තියෙනවා ඒ කියන්නෙ.. 😀

  10. Alchemiya said,

    අගෝස්තු 2, 2010 at 2:05 පෙ.ව.

    එතකොට “එල්ලෙන සියල්ල පොළවට ලම්භක වේ” කියලා කිව්වේ නිවුටන්ගෙ තාත්තද ඉබ්බෝ ?

    මට මතක හැටියට මම කියපු එක ඇවිල්ලා හතර වැනි නියමෙ….

    කොහොම වුනත් කමක් නෑ නියම නියම ටික…. නියමයි…

  11. Zak said,

    අගෝස්තු 2, 2010 at 12:07 ප.ව.

    Ela Ela ASthi yanthan Ibi malaya post ekak dala………….

  12. Ansh Lucky Sri Jay said,

    අගෝස්තු 5, 2010 at 4:29 ප.ව.

    කොහෙද ඉබ්බො හිටියෙ?

  13. Prasanna said,

    අගෝස්තු 10, 2010 at 9:01 පෙ.ව.

    එල එල, ඉබ්බයියේ දවස් දෙක තුනක් නිවාඩු දාල හරි කමක් නැහැ තව බ්ලොග් ටිකක් දැම්මානම් නියමයි.

  14. amila said,

    අගෝස්තු 20, 2010 at 6:35 ප.ව.

    එළ මචන්
    මම අද තමයි බ්ලොග්ගඩොල් එකෙ ලින්ක් එකක් තිබිල උඹගෙ බ්ලොග් 1 ට ගොඩ වුනේ. පෝස්ට් ඔක්කොම ටික කියෙව්වා. මරේ මරු.
    තව ලියපන්.
    ජය වේවා

  15. ashen said,

    අගෝස්තු 23, 2010 at 10:10 පෙ.ව.

    6 weni niyame prathilomayath bawitha karanna puluwan neda ?

  16. ඔක්තෝබර් 12, 2010 at 3:10 පෙ.ව.

    Ibba..Umba saneepen innawada??

  17. chamidu said,

    ඔක්තෝබර් 12, 2010 at 7:00 පෙ.ව.

    @ Alchemiya
    nea machun..
    7 wena niyame…
    Sulu sparshayakin pawa, polawata lamba atham de samanthara we.

  18. Londonboy said,

    ඔක්තෝබර් 13, 2010 at 2:45 ප.ව.

    ඉබ්බො, මොකෝ බං සද්දයක් නැත්තෙ? උඹෙ තටු හැලිලයි? ඉබි කතා අහන්ට අපි බලාන ඉන්නෙ.ඉක්මනට තව කතාවක් දාමු.

  19. tiny said,

    ඔක්තෝබර් 13, 2010 at 4:46 ප.ව.

    අයියෝ ඉබ්බා…මේ බ්ලොග් එක ආයෙ ලියන්නෙ නැද්ද?හැමදාම ඇවිත් අලුත් post එකක් දාලද බලලාම ඇති වෙලා දැන්.

  20. RanDil said,

    ඔක්තෝබර් 26, 2010 at 4:16 ප.ව.

    ඉබ්බා නුඹ කොයි දියේ සැඟවීද?

  21. චන්දන said,

    ඔක්තෝබර් 30, 2010 at 9:12 පෙ.ව.

    ඉබ්බො, උඹ ඉන්නවද බං?

  22. SD said,

    ඔක්තෝබර් 30, 2012 at 4:19 ප.ව.

    6වෙනි එකට දාපුවහම කතාවනම් ඇත්ත..එතකොට ප්‍රතිලෝමය?


Ansh Lucky Sri Jay වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න