මයියංගනේ

ඉස්සර ඉබ්බා ඉබි පැටියා කාළේ ඉස්කෝලේ ගිහිං ආවේ ස්කූල් වෑන් එකේ. දෙක වසරෙ ඉඳලා හත් වසර ඉතර වෙනකං ආපු වෑන් එකේ හිටපු ඉබ්බගේ යාළුවෝ දෙන්නා තමා කැවුමා සහ මයියංගනේ.මයියංගනේට ඒ නම වැටුනෙත් ඔය කාලෙදි තමා. ඒකෙ ගෞරවේ යන්නේ කැවුමට.

ඔන්න ඉස්සර මයියංගනේ පොඩි කාළේ හෙන පච ගහනවා.ගොඩක් ඒවා කැවුමගේ අතේම පත්තු වෙනවා.ඊට පස්සෙ මයියංගනේ අම්බානක් බයිට් වෙනවා. ඉස්සර දෙක වසර ඇරුනෙ එකොලහමාරට. තුන වසර ඇරෙන්නෙ 12ට. හතරෙ ඉඳලා තමා එකහමාරට.ඉතිං දෙකේදි එකොලහමාරට ඇරුනට වෑන් එක එන්නෙ 12ට. ඇයි 3 වසරෙ කට්ටියවත් ගන්න එපෑ.ඔය පැය බාගෙයි වෑන් එකේ ඉන්න පැය බාගෙයි ඉතර තමා මයියංගනේ බයිට් වෙන්නෙ.කාලයක් මයියංගනේගෙ තාත්තා මයියංගනේ පැත්තේ ආර්මි කෑම්ප් එකක හිටියා. ඒ කාළේ බුවා වචන 10ක් ක්වුවොත් ඉතිං 9ක්ම මයියංගනේ තමා.ඉබ්බටයි කැවුමටයි මයියංගනේ ගැන විස්තර අහලම එපා වෙලා 😛 .එලෝගෙන ඇවිත් මයියංගනේ ගැන විස්තර කියනවා.ඔය මයියංගනේ තියන වැදි පෙරහැර ගැන කියන්න ගිහිං තමා කාර්ඩ් එකත් වැටුනේ.ඒ දවස් වල කැවුමා කවියකුත් හැදුවා. මෙන්න මෙහෙමයි ඒකෙ තිබ්බෙ

මයියංගන පිස්සා

සීනි බෝල ගත්තා

ඒක විකා ගන්න බැරුව

රැවුල හපා ගත්තා

එහෙම කියලා දිවුවම මයියංගනේ එලෝගෙන එනවා ඉබ්බටයි කැවුමටයි ගහන්න.

මයියංගනේ ඉස්සර ඇඳපු නිල් පාට ඉස්කෝල කලිසම් පොඩි වල සිප් එකේ තිබ්බා අර කී ටැග් වල තියනවා වගේ මුද්දක් අමුණලා.ඒකේ බරට කොයි වෙලෙත් සිප් එක ඔටෝ ඇරිලා තමා තියෙන්නෙ.කැවුමා අහනවා

ඒ, කඩේ ඇරලද? කියලා.

මයියංගනේ ඒ දවස් වලත් ටිකක් උස බුවා. කැවුමව එලෝගෙන යනවා ගහන්න.ඉබ්බත් කැවුමත් එක්ක ෆිට් එකට දුවනවා. පොඩි කාළෙ ආතල්නෙ 😛 .ඉස්සෙල්ලම අහු වෙන එකා මයියංගනේගෙං අම්බානක් කනවා.මයියංගනේ හී හී ගගා හිනා වෙවී තමා නෙලන්නෙ.

තව තියනවා මයියංගනේගෙ අමතක නොවෙනම පචේ. මයියංගනේගෙ මාමට තියනවලු කාර් එකක්.ඒකට ආපු පොඩි රිමෝට් එකකුත් තියනවලු.ඒකෙ එක බට්න් එකක් එබුවම ට්‍රී… ගාලා මුලු කාර් එකම වෙන පාටක් වෙනවලු.රතු පාට, කොල පාට, නිල් පාට ඔය කොයි කොයි පාටත් දාන්න පුළුවංලු.ඉබ්බයි කැවුමයි කට ඇරගෙන අහං හිටියා.කැවුම අන්තිමට ඇහුවා ඒකේ තව මුකුත් නැද්ද කියලා.ඒ බොරුවට නං මයියංගනේ සෑහෙන කාලයක් යනකං බයිට් වුනා.මම මේ කල්පනා කළේ ඒ කාලෙ අර වයිපර් පෙන්නුවෙත් නෑ ටී වී එකේ.මූට කොහොමද ඔය අදහස ආවෙ කියලා.මූ මේ පචේ කියනවා අහං හිටපු සුද්දෙක්ද දන්නෙ නෑ වයිපර් හැදුවේ. පාට මාරු වෙන්න.හිහ්… 😀

කොහොම කොහොම හරි කට්ටිය ලොකු වුනා.ඊට පස්සෙත් ඉබ්බා ගිය වෑන් එකේ මයියංගනේ හිටියා.කැවුමා පරණ වෑන් එකේම ගියා.A/L කරන කාලෙ මයියංගනේ වෙන කාර්ඩ් එකකිං අති ප්‍රසිද්ධ වුනා.ඉබ්බලගෙ ඉස්කෝලෙ ඉතරක් නෙවේ. කොළඹ ඉස්කෝල බොහොමෙක ප්‍රසිද්ධ වුනා.අන්තර් පාසල් වලි කුසලානය සඳහා එහෙම මයියංගනේ උඩිංම සෙට් වුනා.කොච්චර චණ්ඩියා වුනත් ගෑණිට බයයිලුනෙ 😛 .මයියංගනෙත් එහෙම තමා.පණ ඇරලා.මයියංගනේ ඉස්කෝලෙ යන කාලෙදිම තමා හානි එක්ක යාළු වුනේ.හානි ගියේ නුගේගොඩ කෙහෙල් ලෙලි බාලිකාවට.කොච්චර චණ්ඩි පාර්ට් දැම්මත් මයියංගනේ හානි ඉන්න තැං වල තවත් එක බෝධිසත්වයෙක් පමණයි. හානියි මයියංගනේයි ගියා නුගේගොඩ පේරු සර්ගේ හවුතික විජ්ජාව පන්තියකට.ඔන්න දැං හානි ඉන්නවලු ඉස්සරහා පේළියේ.මයියංගනේ පිටි පස්සෙ පේළියකලු.

පේරු සර්: (මයික් එකෙං) ඔයාගෙ ගෙදර ඉන්නෙ කවුද?

හානි: අම්මයි තාත්තයි මමයි මල්ලියි

පේරු සර්: මල්ලි කීය වසරෙද?

හානි: මල්ලි එකේ

පේරු සර්: ආ…මල්ලි එකේද?(බැරෑරුම් මූනක් මවාගනියි) ඔයාගෙ අම්මයි තාත්තයි එච්චර කල් රෙස්ට් කළාද?

මුලු පන්තියම දෙවනත් වෙන්න මහ හයියෙං බක බක ගාලා කොල්ලො කෙල්ලො හිනා වෙනවලු.හානි ලැජ්ජවෙං රතු වෙලා කේන්තියෙං ඔරෝනවලු.මයියංගනේ ඉතරක් පේරු සර්ට පතුරු යන්න බනිනවලු.මයියංගනේ එදා සර්ව නොමරා ආවෙ හෙන ආයාසයෙන්ලු 😛 .ඔය කතාව ඇහුවත් මයියංගනේට මළ පනිනවා.අහන එවුන්ටත් ඇඟ පත තලා ගන්න වෙනවා.දුවලා බේරෙන්නත් බෑ.ඌ අඩියක් දෙකක් තියපු ගමං අපි අහු වෙනවා. ඇයි දිගානෙ.

මයියංගනේ බැන්දෙත් හානිවම තමා.දැන් දෙන්නම කැන්ගරුවෝ ගනිනවලු.ඉබ්බට නං ළඟදි හම්බුනේ නෑ.කැවුමට නං හම්බෙලා තිබ්බා.මතකනෙ, වැඩියම රෙස්ට් කරන්න හිතන්නත් එපා ඉතිං. එතකොට ඊළඟ පරම්පරාවට නුගේගොඩ ක්ලාස් යන්න අමාරු වෙනවනෙ. හිහ්…. 😛

Advertisements

ප්‍රතිචාර 21

  1. RanDil said,

    ජූලි 8, 2010 at 12:28 ප.ව.

    “ඒකෙ එක බට්න් එකක් එබුවම ට්‍රී… ගාලා මුලු කාර් එකම වෙන පාටක් වෙනවලු.රතු පාට, කොල පාට, නිල් පාට ඔය කොයි කොයි පාටත් දාන්න පුළුවංලු.ඉබ්බයි කැවුමයි කට ඇරගෙන අහං හිටියා.”

    දැනුත් තියේද දන්නේ නැහැ ඒ කාර් එක.? අපේ රටේ දේශපාළුවන්ට විකුණන්න පුළුවන් අගේට. මොකද පිල මාරු කරද්දි ටාං ක්‍රීං ට්‍රීං කියලා රිමෝට් එකේ බට්න් එකක් ඔබන්න විතරයිනේ තියෙන්නේ.

    අනේ ඇත්තට ග්‍රේර් සර් ඔහොම කථාවක් කිව්වාද? (ඉබ්බා දන්නවානේ සර්ගේ කාර්ඩ් එක ??? මීයායායායායායායායායායායායායායා………………..) 😀

    • ජූලි 8, 2010 at 1:26 ප.ව.

      කෙළියනෙ තාප්පෙට 😛 . ඉබ්බා ක්ලාස් ගියේ නෑ මීයා ගාවට.ඒත් විස්තරනං ගොඩාක් දන්නවා.ඉබ්බගෙ ළඟම නෑයෝ තුන් දෙනෙක්ම සර්ගේ රජ ගෝලයෝ.පංති ගිහිං ඉවර වෙලා අවුරුදු 20කට ඉතර පස්සෙත් ඒ අයට තාම සර් එක්ක කන්ටැක්ට තියනවා.අමාරු කාල වලදි බොහොම උදවු කරලා තියනවලු.අගය කළ යුතු දේවල් ගොඩක් තියන කෙනෙක් වගේ තමා පේන්නෙ.ඒත් ඔක්කොම දේවල් වලට නං ඉබ්බත් එකඟ නෑ 🙂 .

  2. ජූලි 8, 2010 at 12:44 ප.ව.

    මුං ගුරුවරුද අවලම්මුද? කාලකණ්ණි! කවුද මේ පේරු?

    • ජූලි 8, 2010 at 1:29 ප.ව.

      ඕවා ඔහොම තමා. ඔය පන්ති වල ඉතිං ඉඳලා හිටලා චූන් යවන්න සර්ලත් කතා කියනවනෙ.මුලින් මුලින් පොඩි පොඩි ඒවා.කාලයත් එක්ක පටං ගත්ත තැනත් සීමාවත් මතක නෑ.පොඩ්ඩ පොඩ්ඩ බොන්න පුරුදු වුන එකා ටික කාලෙකිං සීමාවක් නැතුව බීලා අනික් ඔක්කොම එවුන්ට වාත වෙන තියරියම තමා මේවායෙත් තියෙන්නෙ 🙂 .

    • RanDil said,

      ජූලි 8, 2010 at 2:09 ප.ව.

      මං උපකල්පනය කරනවා මේ ග්‍රේරු සර් ගැනයි කියන්නේ කියලා. මෙතැන දැන් ඒ වාක්‍යය කණ්ඩය දකිද්දි ඒක හරිම අවලම් කථාවක් වගේ පේන්න පුළුවන්. ඒත් මේවාට වඩා හද්ද අවලම් කථා පෞද්ගලික පංතිවල ගුරුවරු කියනවා. මේ දැන් මේක කියවද්දි අපට එහෙම හිතුනත් ඒ සිද්ධිය වුනු මොහොතේ එච්චර තියා කොච්චරවත් බරපතල කමක් දැනෙන්න නැතිව ඇති කියලායි මට හිතෙන්නේ. මම මේ සර්ගෙන් ඉගෙන ගෙන තියෙනවා. සර් ළමයි තුන්දහකට විතර ම නොමිලේම භෞතික විද්‍යා දැනුම බෙදපු කෙනෙක්. සක්‍යා එකේ ශාලා ගාස්තු සර් දරාගෙනයි එහෙම ඉගැන්නුවේ. අමිල දැනුමක් ඇති පොත් පවා සර් අපට නොමිලේ දුන්නා. සර් සාමාන්‍යයෙන් කිසිදාක අවලම් කථා අපේ පංති වල නම් කිව්වා මට මතක නැහැ. මන්දා අවුරුදු 19ක දුවකුයි ඊට පස්සේ අවුරුදු 6ක පුතෙකුයි ඉන්න කථාවක් ඇහුනොත් අපේ කට්ටිය වුනත් ඔය වගේ නොහා ඉඳියිද?

      • ජූලි 8, 2010 at 3:54 ප.ව.

        අනිවාර් යෙන්ම. 100% ක් එකඟයි. ඒක ඉතිං තීරණය වෙන්නෙ අපි එක එක්කෙනාගේ හර පද්ධතියයි අපි හැදුනු සහ අපි එකඟවෙන පරිසරයන් අනුව තමා.ඉබ්බට නම් මේ කතාව නිසා සර් ගැන කිසිම අප්සට් හැඟීමක් නෑ.සමහර විට මේ පුද්ගලයා මෙන්න මෙවැනි කෙනෙක් කියලා ඊට බොහෝ කාලයකට පෙර සිටම හොඳ හැඟීමක් ඉබ්බට තිබුන නිසා වෙන්න පුළුවං.ඒත් සර් ගැන කළිං නොදන්න වෙනත් කෙනෙකුට මේ මනුස්සයා මෙහෙමයි කියලා හිතා ගන්න තියන එකම සාක්කිය මේක වෙන්න පුලුවං.

        ඉබ්බා සාමාන්‍යයෙන් ජාතිය, ආගම, දේශපාලනය ගැන මෙතන ලියන්නෙ නෑ.මිනිස්සුංගේ ලේ කුපිත කරන්න පුළුවං හොඳම මාතෘකා තමා ඕවා.කොයි දේත් ඉතිං තම තම නැණ පමණනේ.කාවවත් කුපිත කරන්නවත්, ප්‍රතිරූපයන් බිඳ වට්ටන්නවත් හිතාගෙන ලිවුවෙ නෑ.යහපත් අදහසිං හිනා වෙන ගමං ලිවුවේ.අප්සට්වට දැනුනා නං එදා මුළු පන්තියම හිනාවෙන එකක් නෑ නේද? රන්දිල් අක්කා කිවුවටත් වඩා තවත් එහාට ගිය සර් කරපු ගොඩාක් උදවු ඉබ්බා දන්නවා.

        පැටලෙන්න පුළුවං ගොඩාක් දේවල් වලිං ඉබ්බා ඉවත් වෙනවා. මොකද ඕවට කෑ ගහගන්න පටං ගත්තොත් ඉවරයක් නැති වෙනවා. තව කෙනෙකුට ප්‍රයෝජනවත් දේකට යොදන්න තියන කාලේ අපතේ යනවා(ඉබ්බා තර්ක කරන්නෙ යම් දුරකට ඉතරයි 🙂 ). ඉබ්බා නිතරම හිතන දෙයක් තියනවා.ලංකාවේ න-ණ ල-ළ භේදය ගැන වාදයක් කියමුකො.පළවෙනි සතියෙ එක මහාචාර්‍රයෙක් ලිපියක් ලියනවා පත්තරේට තමංගෙ මතය ගැන කියලා.ඊළඟ සතියේ අනෙක් පාර්ශවයේ මහාචාර්‍රය වරයෙක් ඊට පිළිතුරු සපයනවා.මෙහෙම සති කීපයක් ගියාට පස්සෙ ඒ ලිපි වල තියෙන්නෙ න-ණ ල-ළ භේදෙ නෙවෙයි.එක මහාචාර්‍රය වරයෙක් කැම්පස් යන කාලෙ විභාග ෆේල් වෙච්ච ඒවයි, තව කෙනෙක් කෙල්ලො අමාරුවේ දාපු ඒවයි, තව කෙනෙක් විභාග රිපීට් කරපු ඒවයි තමා වැඩියම තියෙන්නෙ.ඒවා ඇත්ත වෙන්න පුළුවං. ඒත් ඒවා ලිය වෙන්නෙ හොඳ මුල් අරමුණ වෙනුවෙන්මද?මේක මේ ලංකාවේ ඉතරක් තියන හුට පටයක් කියලා ඉබ්බා නං හිතන්නෙ නෑ.මේ වගේ සීන් ඉබ්බා පිට රට වලත් ඕනෙ තරං දැකලා තියනවා.ඒත් මානව ශිෂ්ටාචාරෙ ඉස්සරහට ගෙනියන හයිය තියන හොඳ පිරිසක් පිට රටවල් තාක්ෂණා අතින් ඉදිරියට ගෙනිහින් තියනවා. හොඳ දර්ශනයක් අපේ රටේ හැංගිලා තිබ්බට ඒ වගේ හයිය තියන කට්ටිය ඉස්සරහට ඇවිත් අපේ රටේ මිනිස්සුංට යහපත් හෙටක් ඇති කරන්න ටිකක් ඉතර ප්‍රමාදයි කියලා ඉබ්බට හිතෙනවා.ඉබ්බා ඉතා සුළු පුර වැසියෙක්. ඒ වුනාට පුළු පුළුවං පොඩි දේවල් කරන්න ට්‍රයි එකක් දෙන්න ඉබ්බා කැමතියි. අරය අරවා කරනවා මෙයා මේවා කරනවා කියලා අපිත් පොලියුට් වෙලා හිටියොත් මේ රට නෙමේ කොයි රටවත් දියුණු වෙන එකක් නෑ.අපිත් මෙහෙ හරි නෑ කියලා කවුරු හරි දියුණු කරපු රටකට ගියොත් කවුද මේවා කරන්නෙ?ඒ රටවල් දියුණු වෙන කාලෙත් ඒ රටවල හිටපු කට්ටිය වෙන රටවල් වලට ගියා නං අද ඒ රටවල් ඒ තත්වෙං තියෙයිද?ට්‍රැක් එක ටිකක් පැන්න වගේ 🙂 .

        ඉබ්බ ඔය උඩ කියපු සර් තමන්ට කියලා දැක්මක් තියන කෙනෙක්.වෙනත් පරිබාහිර අරමුණු කීපයක් හින්දා සර්ගේ දර්ශනය අපතේ යයිද කියලා පොඩි සැකයක් ඉබ්බට තියනවා. පේරු සර් ලෝකෙට වැඩක් කරන්න පුළුවන් මනුෂ්‍යයෙක්(ඇඟේ දුවන්නෙ රතු ලේ නං ජාතිය, ආගම, රට, භාෂාව ඉබ්බා සළකන්නෙ රතු පාටට දෙවෙනි කරළා. ඒක කොමියුනිස්ට් වාදෙ නෙවෙයි. ඒක මනුස්සකම.හැබැයි පොඩි පොඩි එක්සෙප්ෂන් තියනවා.දන්නෙ නැද්ද, පෘථග්ජන මිනිස්සුනේ 🙂 ).ඉබ්බගෙ කතාවෙං සර් ගැන වැරදි චිත්‍රයක් මැවුනා නම් ඒක ක්ලියර් වෙයි කියලා ඉබ්බා පතනවා.

  3. palaamalla said,

    ජූලි 8, 2010 at 12:59 ප.ව.

    කව්ද බන් ඒ සර්…. ?? මොනා උනත් චාටර් ඒ අහපු කතාව නම්..

  4. වෙරංගා said,

    ජූලි 8, 2010 at 1:11 ප.ව.

    ඔන්න ඉබි මල්ලි,
    අද මුල්ම comment මගෙන්.
    හැමදාම ආසාවෙන් කියවනවා ඔයාගෙ බ්ලොග් 1.
    හරිම රසවත්.
    ඉස්කොලේ කාලෙට යනවා හැමදාම.

    හානි ගැන කියනවා නම් ඉතින්
    හපොයි පව්…..
    තමයි

  5. ඉන්දික උපශාන්ත said,

    ජූලි 9, 2010 at 2:11 පෙ.ව.

    අපිනං එතුමට කිව්වෙ “ජවහල්ලාල් නේරු” කියල. ඒ 90 මුල කාලෙදි අපි දැක්ක ගුරුතුමාටයි. කතන්දරට මේක මේ තරම් තද වෙන්න හේතුවක් උනේ ඇයි කියල මට හිතාගන්න බෑ. මොකද එහෙමනං ධන සෘණ මහත්තය පන්තිවල කියපු කතා (” දෙහිගැට රන්තැඹිලි” , “පාස්පෝට් එකේ හිස් ඉඩ’ වගේ කතා ) වලට උන්දැ එල්ලලත් මදි නිසාත් උපකාරක පන්තිවල භාවිත වන සමහර අවර ගනයේ බාල විහිලු ගැන හිතද්දි මේ මොනාද කියල හිතෙන නිසාත්!
    ඒත් ඒව නිකන් කට්ටියගෙ අවධාන රැක ගන්න කරන බාල වැඩ බව අපිට ඒකාලෙම තේරුං ගිහිං තිබ්බ නිසා අපිනං ඕව අර “තරුනිය කර තියන් ආපු හාමුදුරුවො ” වගේ පන්තියෙම තියලයි එළියට බැස්සෙ.

    ඉබ්බො උඹෙ කතා නං මල් හතයි…සිනා ගඟයි…

    ඔය ඉස්කෝලෙට මමත් ඇවිත් තීනව. මම තමයි බොලාගෙ රණවිරු ස්මාරකේ හදපු සබ් කොන්ට්‍රැක්ටර්..ඔන්න මං කූඹි කැලේට ගිය හැටි…හික්ස්…

  6. RanDil said,

    ජූලි 9, 2010 at 3:01 ප.ව.

    නැහැ මලේ ඔයාගේ කථාවේ කිසි වැරැද්දක් නැහැ. ඒත් කතන්දර සූරින් කියලා තිබ්බ දේ නිසා හිත පොඩ්ඩක් රිදුනා. එච්චරයි. 😉

  7. Hasitha said,

    ජූලි 16, 2010 at 6:49 ප.ව.

    ග්‍රේරු සර්ගේ කතා හොඳයි සන්නස්ගල සර්ගේ කතා එක්ක බලද්දී 🙂

  8. SL said,

    ජූලි 17, 2010 at 7:09 පෙ.ව.

    Why the long silence………….

    • ජූලි 17, 2010 at 9:32 පෙ.ව.

      A bit busy at office and getting ready(or rather getting prepared) for something else too. Will write as soon as I get time 🙂 (Has had been posting to another blog in last week)

      • RanDil said,

        ජූලි 19, 2010 at 9:06 පෙ.ව.

        ආ…….ඒක නම් වෙනත් එකක් වගෙයි. 🙂 කිරි ඉබි පැටියෙක්වත් දෝ හෝයි මා හට සිතේ.

      • ජූලි 20, 2010 at 2:39 ප.ව.

        හී…හී…:) ඒක නෙමේ.අල වෙලා අල වෙලා මොළේ මළකඩ කාගෙන යන්නෙ.ආයිත් පොඩ්ඩක් ඉගන ගන්න කියලා බැළුවේ.තාම හරිගියේ නෑ 🙂 .

  9. පුතා said,

    ජූලි 18, 2010 at 6:27 ප.ව.

    අනේ ගමෙ නම තිබ්බ හින්දා කරන්ට තියෙන වැඩත් දාලා කියවන්ට ගත්තේ ඕං… බලනකොට තනිකරම මඩ ගොඩක්නේ… 😀
    ඒ මොනව වුනත් කතා ටිකනම් සිරාමය… පට්ටමය.. තව මොනවද… ආතල්ය… එලම එලය…..
    තව පොඩ්ඩෙන් හිනා ඉස්පොල්ලෙත් යනවාය….

  10. Ansh Lucky Sri Jay said,

    ජූලි 25, 2010 at 5:00 ප.ව.

    නියම කතාව.

  11. su said,

    ඔක්තෝබර් 8, 2010 at 9:30 පෙ.ව.

    මාත් ග්‍රේරු සර්ගෙ ක්ලාස් ගිහින් තියෙනවා. අපි යද්දි නම් හරිම සීරියස්. කොහෙන් හරි කොල බෝලයක් ආවොත් ඇනලයිස් කරලා හොයා ගන්නවා එවපු කෙනාව. එදාට ඉතින් සොරි තමයි. ලිපිනය එක්කම කියලා නැගි‍ට්ටලා යවනවා. අනෙක සර්ට මල පනින දෙයක් තමයි චිට්වල තියෙන දේවල්.. ඔය කාර් එකේ රෝද අපේ..වගේ ඒවා. අපි හොරෙන් කතා කලත් ඉතින් ඉඳලා ඉවරයි පිටි පස්සට ඇස් තියෙනවානේ.. ඉගැන්විල්ලේ නම් අවුලක් ඇත්තේම නෑ.. විහිලු නෑ.. වෙලාව උපරිමයෙන් ඉගෙනීමට ලබා දෙනවා. බොරු කෑගැහිලි, අංග චලන නෑ.. සර් ඉතින් රූප සටහන් දාලා..මේක ඇඳගන්න.. කියනවා. කොල්ලෝ හිමීට අහනවා .. මේක ගලවලා ඇඳගන්නද ?.. කියලා.. හිනාවුණොත් ඉතින් රැවිල්ලේ නම් අඩුවක් නෑ..

  12. රාජ් said,

    ඔක්තෝබර් 29, 2016 at 12:20 ප.ව.

    බ්ලොග් එකම කියෙව්ව. ඉබ්බෝ අලුත් කතා නැද්ද?


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: