කතුරුමුරුංගා

මේ වැඩේ වුනේ ඉබ්බගෙ හොඳම ගජ යාළුවෙක් වෙන ජුන්ඩයියට.

ඔන්න ඉතිං ජුන්ඩයි දඩ බුවායි තව කීප දෙනෙකුයි කැම්පස් එකට කිට්ටුව බෝඩිමක ඉන්නවලු.දවසක් උදේ පන්න්දරම ජුන්ඩා නැගිට්ටලු නිදි මරගාතෙම පාන්දරම ලෙක්චර්ස් දාපු එවුන්ට හිතිං බැන බැන ජුන්ඩා ආවලු තේ එකක් හදාගෙන බොන්න කියලා.රස කර කර උදේ තේ එක බොන්න හිතාගෙන උගුරක් බිවුවම තිත්තේ බෑලු.ජුන්ඩා කල්පනා කළාලු යකෝ මේ ඊයෙ රෑත් හොඳට හිටපු මට උණ හැදිලා කට තිත්ත වුනාවත්ද කියලා.ජුන්ඩා අත නලලට තියලා බැලුවලු උණද කියලා.මොන…උදේ පාන්දර ඌ මළ මිනියකටත් වඩා සීතලයිලු.ඒ ගමන බැලුවලු යකෝ මේ ඊයෙත් හොඳට තිබිච්ච කිරි පිටි එක එකපාරට අද වෙද්දි නරක් වුනාවත්ද කියලා.ඒ වෙන්න විදියකුත් නෑනෙ. මේ එක දවසට.කොහොම හරි තේ එක බොන්නත් එපෑ.නිදි මරගාතෙ නිසා තිත්තට දැනෙනවා ඇති කියලා අර කටේ තියන්න බැරි රසම රස තේ එකෙං උගුරු කීපය බීපු ජුන්ඩා ලෙක්චර්ස් ගියාලු.

මොකකද දන්නවද සීන් එක?ඉබ්බ අර ඉස්සෙල්ල කතාවකත් කිවුවේ දඩ බුවා හිතිං දඩ වුනාට ගතිං ඇනෝෆිලස් මදුරුවෙක් වගේ කියලා.දඩ බුවා බැරිම තැන ගිහිල්ලලු සිංහල වෙදෙක් හම්බුවෙන්න මහත් වෙන හැටි අහන්න.වෙදා කියලලු උදේ පාන්දරම කතුරුමුරුංගා කොටලා බොන්න කියලා.ඉතිං දඩ බුවා උදේම(ජුන්ඩා කියන විදියටනම් පාන්දර පහමාරට ඉතර) කතුරුමුරුංගා කොටලා බීලා හෝදන්නෙ නැතුව තියලා ගිය කෝප්පෙට තමා ජුන්ඩා තේ එක දාගෙන තියෙන්නෙ 😛 . ජුන්ඩා බණිනවා වෙදාගෙ අම්මගෙ මුත්තගෙ ඉඳලා.කොහොමත් වෙදාව ජුන්ඩා මතක් කරන හැටියට කිවිසුම් නවත්ත ගන්න පීනස් බේත් ගන්න සිද්ද වෙන්න ඇති 🙂 .දඩ බුවා ඇඟ හදාගන්න හැමදාම උදේට උදේට කතුරුමුරුංගා බීලා තියෙන්නෙත් බෝඩිමේ කට්ටියට හොරෙං.මේ කතාවෙං පස්සෙ දඩ බුවාට සතියක් ඉතර කැම්පස් එක පැත්තෙ එන්නත් අමාරු වුනා.ඇයි කට්ටිය කතුරුමුරුංගා පොවන්න හදනවනෙ 😛 .

මේ කතාව කියවන ඇඟ හදා ගන්න කැමති කට්ටිය ඉන්නවා නං උදේම කතුරුමුරුංගා කොටලා බිවුවට වරදක් නෑ ඕං.හිහ්…. 😀

ප්‍රතිචාර 10

  1. blog gadol said,

    ජූලි 4, 2010 at 11:39 පෙ.ව.

    හික් හික්!! එළ කතාව ඉබ්බයියේ.අපේ එකෙකුත් හිටියා කං කුං කන්න පුරුදු වෙලා හිටපු.හැබැයි මහත් වෙන්නනං නෙවෙයි, වෙන වැඩකට.ඒ කතාව පස්සෙ ලියන්නංකෝ.:)

  2. isimbuwa said,

    ජූලි 4, 2010 at 12:24 ප.ව.

    දඩ බුවා කරන වැඩ. පව් ජුන්ඩගෙ තේ එක.

  3. ilandhariya said,

    ජූලි 4, 2010 at 12:33 ප.ව.

    සිරා කතාව…මහත් වෙන්න කතුරු මුරුඟා…

  4. ජූලි 4, 2010 at 12:58 ප.ව.

    හික්zzz…….ජුන්ඩයියට මාර වැඩේනේ වෙලා තියෙන්නෙ…මැක්සා කතාව අයියේ

    ට්‍රයි එකක් දාල බලන්න ඕනේ කතුරුමුරුංගා කොටලා බොන්න…ලොල්

  5. nimanthi said,

    ජූලි 4, 2010 at 2:49 ප.ව.

    දඩ බූවට කට්ටිය සලකලා තියනවා මදිනේ.. 😛
    කොයි තරම් දක්ෂයෙක්ද ඇත්තට..
    උදේ පාන්දර කතුරු මුරුංගා කොටලා බොනකන් ඒ බෝඩිමේ අය මැරිලා හිටියද හැබෑටම ??? 🙂 🙂

  6. palaamalla said,

    ජූලි 4, 2010 at 5:28 ප.ව.

    ඉතින් දඩ බුවා මහත් උනාද බන් ?

  7. ජූලි 4, 2010 at 9:13 ප.ව.

    කෙට්ටු වෙන්න බේතක් දඩ බුවා දන්නවද දන්නෑ.. 😉

  8. Dinesh Silva said,

    ජූලි 6, 2010 at 2:28 පෙ.ව.

    ගන බලන එක නවත්තලා බැලුවා නම් සමහර විට ප්‍රතිඵලයක් ගන්න තිබ්බා. ඒක නවත්තන්නේ නැතුව කතුරුමුරුංගා නෙමයි මොනවා බිව්වත් ඒවා අතටම දිය වෙලා යනවා ඇති.


ilandhariya වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න