කරනවනං ජාවා තමා කරන්න ඕනෙ

මේකත් මේ දඩ බුවාගෙම කතාවක්.දඩ බුවා ගියාලු ගමේ.ඒ කිඅයන්නෙ මාතර, නැත්තං දෙවුන්දර, එහෙමත් නැත්තං තංගල්ලෙ, ඒත් නැත්තං හම්බන්තොට. කොහොම හරි ඉතිං ගමේ කට්ටියත් දන්නවා ඇතිනෙ මේ කොල්ලා ශිෂ්‍යත්තෙ පාස් වෙලා තුම්මුල්ලෙ ඉස්කෝලෙටත් ගිහිං A/Lලුත් පාස් වෙලා කැම්පසුත් ගිහිං වැඩිදුර ඉගන ගන්නවා කියලා.ගං වල ඉතිං එහෙමනෙ. දඩ බුවාත් ඉතිං ඔය වගේ ක්‍රෙඩිට් වැටෙනවටත් කැමතියිනෙ 🙂 .

ඔන්න අපේ බුවා දවසක් උදේම එළියට බැස්සලු අවට සිරි නරඹන්න කියලා.අල්ලපු ගෙදර අංකලුත් ඉන්නවළු එළියේ.

අංකල්: ආ…පුතා, මොකද දැං කරන්නෙ?

දඩ බුවා: දැන් මම කැම්පස් යනවා අංකල්

අංකල්: පුතා මොනාද කැම්පස් එකේ ඉගන ගන්නෙ?

දඩ බුවා: (ටිකක් ඉතර ආඩම්බරෙං)කම්පියුටර් අංකල්(දඩ බුවා හිතුවා මෙච්චර මෙහෙ ඉන්න අංකල් ඕවා වැඩිය දන්නෙ නෑනෙ. ඒක නිසා සරළව කියන්න ඕනෙ කියලා)

අංකල්: කම්පියුටර් මොනාද?

දඩ බුවා: (අංකල්ට තේරෙන විදියට කියන්නත් එපෑ) ඔය අර ටී වී එකේ එහෙම තියෙන්නෙ අංකල්, අර මල් පිපෙනවා, එකේක ඒවා කැරකෙනවා, ඒ වගේ ග්‍රැෆික්ස් එහෙමත් කරනවා.

අංකල්: (මුහුණ බැරෑරුම් කරගෙන දෙනෙත් බිමට යොමයි)ඒවා කරලා වැඩක් නෑ පුතා. කරනවනං ජාවා තමා කරන්න ඕනෙ. 😉

හෙන ගහපිය ගණං බලාපිය.දඩ බුවාගෙ සරම එතනම වැටුනලු.බුවාට හිතුණලු යකෝ කියපු මෝඩකං කියලා.දඩ බුවා කට පියාගෙන තොල් විකාගෙනම හිටියලු ටික වෙලාවක් ගිහිං පියවි සිහිය එනකං.බුවාට කළිං අංකල්ව සෙට් වෙච්ච කවුරු හරි ෆුල් ජාවා මාර්කටිං පාරක් දාලා තිබුන නිසා දඩ බුවාට අංකල් ඉස්සරහා චොර වෙන්න සිද්ධ වුනාලු 😛 .

දැං තේරුනානෙ, කරනවනං ජාවා තමා ඉතිං. ආයෙ වෙන මොනාද? 😛

Advertisements

ප්‍රතිචාර 32

  1. Namila said,

    ජූලි 3, 2010 at 10:25 ප.ව.

    😀 hikz… java thamai ithin 😀

  2. ජූලි 4, 2010 at 5:50 පෙ.ව.

    පට්ට කතාව ඉබ්බෝ…

  3. ජූලි 4, 2010 at 8:30 පෙ.ව.

    හික්Z java තමා කොරන්න ඕනෑ 😀

  4. isimbuwa said,

    ජූලි 4, 2010 at 9:21 පෙ.ව.

    අනේ අනේ දඩ බුවෝ………….

  5. ජූලි 4, 2010 at 10:20 පෙ.ව.

    හික්zz පට්ට කතාව….මුලදිම බර ටෝකක් දැම්මනම් ඉවරයිනෙ 😉

  6. malith said,

    ජූලි 4, 2010 at 10:42 පෙ.ව.

    අංකල්ට කලින් Dr. Ishantha Siribaddana හම්බවෙලා ඇති ඒකයි

    • ජූලි 4, 2010 at 5:31 ප.ව.

      හාපෝ මලිත් මලේ, මතක් කරන්න එපා ඔය පිනාචාර් යව. ඔන්න ඉබ්බ කමෙන්ට් එකක් හැටියට අතුරු කතාවක් කියන්නයි යන්නෙ.අකමැතිනම් නොකියවුවත් තරහක් නෑ.

      ඔන්න ඉතිං ඉබ්බට කැම්පස් එකෙං හම්බුන හොඳම අතිජාත මිත්‍රයා තමා සිරිපාල(සිරිපාල ගැන කතාත් හිමීට ලියන්නම්. හිහ්… 😛 )සිරිපාලටයි ඉබ්බටයි ආරන්චි වුනා මෙන්න මේ ඉෂාන්ත කියලා සිරා පොරක් සන් සර්ටිෆයිඩ් ජාවා වලට කට්ටියට උගන්නනවා කියලා.ඉතිං ඉබ්බලගෙ යාළුවො සෙට් එකකුත් මිනිහා ගාවට ගිහිං ඉබ්බලට හෙන තෙලක් බෙදුවා.අනේ ඉතිං එක දවසක් ඉබ්බයි සිරිපාලයිත් පන්තියකට සෙට් වුනා.පළවෙනි දවසෙම සිරිපාලයා මෙන්න මෙහෙම කිවුවා.

      සිරිපාල: මචං, මගේ නැන්දගෙ පුතෙක් ඉන්නවා මූ වගේම කොටෙක්.මූණත් මේ වගේමයි.කතාවත් මෙහෙමමයි.හැබැයි මචෝ ඌ නං රට කාපු ඇම්ඩන් කෙනෙක්.මටනං හිතෙනවා මූත් එහෙම එක්කෙ වෙන්න ඕනෙ.පෙනුම නං හරි නෑ.

      කිවුවත් වගේ ටික දවසක් යනකොට ඉබ්බට හිතුනා සිරිපාලයගෙ කටේ මසුරං ඔබන්න ඕනෙ කියලා.පන්ති තිබ්බෙ ලොන්ඩන් ප්ලේස් එකේ ස්ලීඩා එකේ.ඒකෙ හොඳ ලැබ් එකක තමා ක්ලාස් කළේ.ඉෂාන්ත කිවුවේ මේ ෆැසිලිටීස් පාවිච්චි කරන්න දීලා තියෙන්නෙ වෙන දේකට ඒත් එයා අහිංසක අපි වෙනුවෙන් මේවා මේ වැඩේට යොදාගන්න කතා කරලා සලසගෙනයි තියෙන්නෙ කියලා.

      මිනිහගේ තියනවනේ දුවේ පුතේ, මේ මිහිතලය ඔබටයි ටෝක්ස්.කොහොම හරි මිනිහා කට්ටියව කන්වින්ස් කෙරෙවුවා සන් සයිට් එකේ රුපියල් ලක්ෂ ගාණක් ගන්න කෝස් එකක් මිනිහා රුපියල් 17, 000ට උගන්නනවා කියලා.බලනකොට වෙලා තියෙන්නෙ වර්ල්ඩ් බෑන්ක් එකෙං මිනිහට ඔක්කොම ෆැසිලිටීසුත් දීලා, හෙන පඩියකුත් ගෙවලා(ඩොලර් වලිං) අරගෙන දුප්පත් ළමයින්ට කැරියර් ගයිඩන්ස් ප්‍රෝග්‍රෑම් එකක් කරන්න.මිනිහා ඔය අර කුමා ඉද්දමල්ලෙන කියන හාදයගේ වර්ක්ෂොප් වලට එහෙම ගිහිල්ලනෙ හිටියෙ.වර්ල්ඩ් බෑන්ක් එකේ සුද්දංටත් බෝලෙ බස්සලා උංවත් අන්දන්න ඇති මේක කරන්න මට පුළුවං කියලා.සල්ලි ගෙවපු අපි කිසිම කෙනෙකුට හරි හමං රිසිට් එකක්වත් ලැබුනෙ නෑ අහවල් වැඩේටයි මේ සල්ලි ගත්තෙ කියලා.ක්ලාස් එක තිබුනා උදේ අටේ ඉඳං හවස එක වෙනකං.ඕනෙනං පැය භාගයක් ජාවා උගන්නන්න ඇති.ඉතුරු මුළු කාලෙම තමංගෙ පම්පෝරියි, ලෝකෙ නැති කතායි, උඩ පනින්නයි, හූ තියන්නයි තමා තිබ්බෙ.මේවයේ සමහර හොඳ දේවල් තිබ්බා.මේ සීන් ගැන කිසි අවබෝධයක් නැති O/L, A/L වලිං අවුට් වෙච්ච ළමයින්ට ගෲප් වර්ක්, පොසිටිව් තිංකිං කියල දෙයක් තියනවා වගේ යම් අදහස් ඔළුවට යන්න ඇති.ඒත් ඉෂන්තගෙං ජාවා ඉගන ගන්න එකනං තේරුමක් වුනේම නෑ.මිනිහත් ඔය යංතං අතපත ගාලා තිබුනා මිසක් හරියට දැනං හිටියේ නෑ.හිරවේගෙන එනකොට මල්ලෙ පොල් උත්තරයක් දීලා ලෙස්සනවා.එක්කො ජාවා ප්‍රශ්නෙට කෙමිස්ට්‍රි වලිං උත්තරයක් දීලා අහිංසක ළමයින්ව කරකෝලා අත අරිනවා.මිනිහා ලෝකයා.මිනිහා දන්නවා ක්ලාස් එකේ කැම්පස් එහෙම ගිහිං ජාවා දන්න කීප දෙනෙකුත් ඉන්නවා කියලා.මිනිහා ඒගොල්ලංව බෙදලා ගෲප් හදලා උංගේ පානෙං අනිත් ළමයින්ට එළි පෙන්නනවා.අරුංගෙ හම යනවා.මුගේ නම යනවා.හැබැයි මිනිහගෙ ක්වෙස්ෂන් 500 කියලා සිරා පොතක් තිබුනා.ඒකත් ඔය ඉන්ටර්නෙට් එකෙං එහෙං මෙහෙං දාලා තමා හදලා තිබ්බෙ.මිනිහා ඒක මාර්කට් කළේ හරියට මිනිහම තනියෙං හැදුවා වගේ.ඒක නං හොඳයි.ඒ දවස් වල ඉබ්බයි, සිරිපාලයිත් සෑහෙන්න ජාවා දන්නවා.ඇරත් දෙන්නම කැම්පස් එහෙම යනකොට ටිකක් විතර අංකූරො වෙලයි හිටියේ.ඒක නිසා තේරුනා ගොනා හැරෙන්නෙ පොල් පැළේට ගේම දෙන්න තමා කියලා 🙂 .ඉබ්බයි සිරිපාලයි අල්ලගන්න ඉෂන්ත දැල දැම්මට ඒ වැඩේ කවදාවත් හරි ගියේ නෑ.

      මිනිහා තව කපටි වැඩක් කළා.මිනිහා මාර්කටිං ගැන පොඩි කොල්ලො කෙල්ලන්ට තියරියක් කිවුවා.ඒ තමා ඕගොල්ලො මෙතනට තව කට්ටිය ගෙනල්ලා ඒ අය කිවුවොත් ඕගොල්ලොයි එවුවේ කියලා ඒ එක්කෙනාට යම් මුදලගානේ ඕගොල්ලංගේ නමින් මේන්ටේන් කරන එකවුන්ට් එකකට දාලා, ඕන වුන දවසක ඕගොල්ලන්ට ගන්න සලස්වනවා කියලා.මේ මාර්කටිං ස්ට්‍රැටජි අහිංසක පොඩි ළමයින්ට තේරුමක් නෑනෙ.ඉබ්බලගෙ යාළුවෙකුත් මේ වැඩේට බැහැලම හිටියා.මේ යාළුවගේ නෑදෑ අයියා කෙනෙක් ඉෂාන්තගේ කෙරුවාව දන්නෙ නැතුව මිනිහගෙ සපොර්ර්ට් එකට මුල ඉඳලම හිටියා.ඒ අයියා තවමත් ලංකාවේ අති ප්‍රසිද්ධ සොට්ටෙයාර් කොම්පැනියක ලොක්කෙක්.ඉෂාන්ත මිනිහව මාර විදියට මාර්කට් කරලා ළමයිංව අල්ල ගත්තා.මිනිහා ටිකක කාලයක් අහු වුනා.පස්සෙ මිනිහට තේරුනා.දැං නං මිනිහගෙං ඉෂාන්ත ගැන ඇහුවොත් දැන ගතෑකි හොඳ විස්තර ටිකක්.ඉතිං අපේ යාළුවා ගියා ඕනෙ කමකට අර ගන්න පුළුවං කියපු මුදල ගන්න.ඉෂාන්ත රටේ ලෝකෙ නැති ටෝක් දීලා කීප පාරක්ම මග ඇරියා.අ වෙනකං වත් දුන්නෙ නෑ.ඉබ්බටයි සිරිපාලටයි මේවා වෙලාවට දුර තියා පෙනුනා.

      ඊට පස්සෙ මිනිහා අතේ පත්තු වෙන කෙබර කීපයක්ම ඇද බෑවා.එකක් තමා මිනිහා කැම්පස් යන කාලෙ මැර පාර්ට් එකෙං කරපු වැඩ කිඩ කීපයක් ගැන.ඒ කතාව ඇත්ත.ඒත් ඒ පුද්ගලයා ඉෂාන්ත නෙමේ.මිනිහා හිතුවා ඕකෙ ඇත්ත නැත්ත හොයන්න ඔය පන්ති එන ඇච්චො කිච්චන්ට කනෙක්ෂන් නෑනෙ.ඒක නිසා ක්‍රෙඩිට් එක මම දාගෙන ලොකු ඉමේජ් එකක් ගොඩ නගන්න පුළුවං කියලා.දන්නෙ නැද්ද, පොඩි කොල්ලන්ට කෙල්ලන්ට සර් මෙහෙමයි, සර් අරොහොමයි කියන ඒවත් මාර ලොකුයිනෙ.ඉෂන්ත කියපු ඒ කතාවල සැබෑ චරිතෙ තමා අද ඉබ්බගෙ බොස්. බොස් අයියා ඉස්සර ඉබ්බ වැඩ කරපු පළවෙනි කොම්පැනියෙත් ඉබ්බ එක්කම වැඩ කළා.බොස් අයියගෙ සින්නෙක් තමා කතාව ඉබ්බට කිවුවේ.ඒ සින්න තමා බොස් අයියගෙත් බොස්(අර මුල් කොම්පැනියෙ).බොස් අයියට තාම කතා කරන්නෙ ඒ කාඩ් එකෙං තමා.කොහොමද ඉෂන්තගේ ටොම් පචේ?ඔය කියන තරං සාධාරණ කෙළිං බුවෙක් නං මොකටද මේ වගේ පච කෙළින්නෙ.ඒක ඊටත් ආතල් එකට කියපු පචයක් නෙවේ.පොර ටෝක් එකක්.

      ඊට පස්සෙ තව දරුණු කෙබරයක් ඇද බෑවා.ඒ දවස් වල ඉෂන්ත කොලඹ කැම්පස් එකේ කම්පියුටර් එම් එස් සී එකක් කරනවා.ඉෂන්තගේ බී එස් සී එක කොළඹ කෙමිස්ට්‍රි වලිං තියෙන්නෙ.ඊට පස්සෙ කෙමිස්ට්‍රි වලිංම තව පෝස් ග්‍රැජුවට් ඩිප්ලෝමා එකක්ද කොහෙදත් තියනවා.ඔය සිංගප්පූරුවේ ගිය වෙලාවකද කොහෙද සන් සර්ටිෆිකේෂන් එක කරලා තියෙන්නෙ.කවදාවත් ජාවා වලිං සරළ සොට්ටෙයාර් එකක්වත් ලියල එක්ස්පීරියන්ස් තියන වගක් පේන්නෙ නෑ.කටිං තමා ඔක්කොම බතල හිටවිල්ල.පන්තියෙදී ඉෂාන්ත හෙන පොර ටෝක් එකක් දුන්නා කැම්පස් එකට තාම බෑ රිසල්ට්ස් ටිකවත් වෙලාවට එළියට දාගන්න.මට තිබ්බනං මම දනී මුළු ලංකාවේ වැඩ ඔක්කොම ජාවා වලිංම ගොඩ දාන හැටි කියලා.එතන එහෙං මෙහෙං අහුලගත්ත වචන කෑලි ටිකක් ඇදබාලා ඒවා දන්නෙ නැති ළමයි ගොඩේ එදා හෙන වීරයෙක් වගේ හැසිරුනා.කැම්පස් එකේ ඩොක්ටර්ස්ලට වැඩ බැරි හැටිත් තමං ඒවට කොච්චර දක්ෂද යන වගත් මිනිහා කීප පාරක්ම කිවුවා.මේ කතා ටික සිරිපාලයා සර් කෙනෙක්ගෙං ඇහුවා.ඇයි රිසල්ට්ස් දෙන්න පරක්කු කියලා.සර් කිවුවා, හරි වැඩේනෙ පුතා තිස් ගානක්ද කොහෙද ඉන්න බැච් එකෙං හතරනෙ පාස්.අපි මේ මොකද කරන්නෙ කියලා ඩිස්කස් කරනවා.සෙනෙට් එකට දැම්මොත් එහෙම එම් එස් සී එක කැන්සල් කරන්න කියයි.මේ මෝඩයෝ රොත්තක් මොකට එම් එස් සී කරනවද මන්දා කියලා.කොහොමද ඒක ඉෂන්ත තමංගෙ වාසියට හරෝලා පන්තිය ඉස්සරහා වීරයා වෙච්ච හැටි.කතා කරන තුරු මෝඩයා පන්ඩිතයාය කියලනේ කියලත් තියෙන්නෙ.

      මිනිහා තව කතාවක් කිවුවා කැම්පස් එකේ යුනියන් එකේ ප්‍රසිඩන්ට් කමක් කරපු විදිය ගැන.හොයාගෙන හොයාගෙන ගියාම එහෙම කරපු මිනිහවත් ඉබ්බට හම්බුනා ඩාන්සිං පන්තියකදි.කොහොමද ඉෂාන්තගෙ ප්‍රතිරූප හදා ගැනිල්ලට බොරු කීමේ තරම?

      තව සීන් එකක් තමා ඉෂාන්ත ගාව ළගින්ම ඉන්න කට්ටිය ටික කාලෙකිං කැඩිලා යන වග ඉබ්බයි සිරිපාලයි දැක්කා.දීපු සල්ලි වලට හිලවු වෙන්න වත් කියලා ඉබ්බයි සිරිපාලයි පොත් ටික ඔක්කොම දෙනකං ඉඳලා එතනිං මාරු වෙලා තනියම පාඩං කරලා විභාගෙ කරගත්තා.ටික දවසකිං ආරන්චි වුනා මිනිහගේ හොර වැඩේ අහු වෙලා වර්ල්ඩ් බෑන්ක් එක මිනිහව ප්‍රොජෙක්ට් එකෙං දොට්ට දැම්මා කියලා.මිනිහට ස්ලීඩා එකෙනුත් යන්න වුනා.ඊට පස්සෙ තමා මිනිහා ඔය තුම්මුල්ලෙ ෂාන්ති විහාර් එක ගාව සෙට් වුනේ.ඒ දවස් වල ඉෂාන්ත ආවෙ ගියේ සුදු පාට පොඩි ස්ටාර්ලට් එකකිං.ඉබ්බලට ආරන්චි වුනා මිනිහා බෙන්ස් එකකිං ගමං බිමං යනවා කියලා.අසරන ළමයින්ට වර්ල්ඩ් බෑන්ක් එකෙං දීපු සල්ලිත් ගහලා, ඒ ප්‍රොජෙක්ට් එකත් කොට උඩ යවලා, තව එතනම රිසෝර්සස් මිස් යූස් කරළා වංක කමිං හම්බ කරලා මිනිහා ගමන බිමන බෙන්ස් එකේ.අප්පිරියයි.ඊට පස්සෙ ආරන්චි වුනා මිනිහට ඔය ඉන්දියාවේ තියන මොකක්දෝ යුනිවර්සිටියකිං පිනාචාර්ය කමක් ලැබිලයි කියලා.මිනිහගේ කතාවනං කොහොමද?ඒ දවස්වල දීපු ටෝක්ස් හැටියට මිනිහට තිබුනනෙ ඔහොම එකක් මට එපා.මම හැකියාව පෙන්නලයි ආචාර්ය වෙන්නෙ කියලා රියල් පී එච් ඩී එකක් කරන්න.මිනිහා කියන විදියට මිනිහා හෙන දක්ෂයනෙ.ඊටත් ඔන්න තිස්ස අබේසේකර මහත්තය වගේ කට්ටියටනං ආචාර්ය කම් දෙන්න වටිනවනෙ.වැඩක් කරපු මිනිස්සුනෙ.මෙයා මොනාද කරලා තියෙන්නෙ.ජාවා වලිං හෙලෝ වර්ල්ඩ් ලියපු එවුංටත් ආචාර්යකම දෙන ඉංදියාවෙ යුනිවර්සිටය මොකක්ද දන්නෙ නෑ.ඒකත් අර බැන්ගලෝර් වල ලකුනු 50ක් තියන එවුන්ට ෆස්ට් ක්ලාස් දුන්න වගේ එකක් වෙන්න ඕන මගෙ හිතේ.අදෝමැයි.

      ආ…මිනිහා තව වැඩක් කළා.ඔය තුම්මුල්ලට යන කාලෙ මිනිහා නෙමේ හම්බ කරපු සතයක්වත් වියදම් කළේ.මිනිහා ඒකටත් අහිංසක ළමයින්ව ඇන්දුවා.ඉෂාන්ත කිවුවා මේ වගේම නෙට්වර්කිං කෝස් එකක් කරනවා කියලා.පම්පෝරියකුත් ගැහුවා.දන්නවනේ මේ ඉෂාන්තගෙ වැඩ.ප්‍රැක්ටිකල් ඇප්ප්ලිකේෂනුත් තියනවා.දැනට ලොකු කොම්පැනීස් කීපයක් කැඩෙන මැෂින් හදන්න මිනිහට දෙන්න පොරොන්දු වුනා කියලත් කිවුවා.හාර්ඩ් වෙයාර් කෝස් එකක් පටං ගන්න බවත් කිවුවා.හැබැයි ඉක්මනට සල්ලි දීලා ජොයින් වෙන්න කිවුවා.මිනිහා අර තැන හදා ගන්න සල්ලි එකතු කළේ එහෙමයි.මිනිහව අදහගෙන හිටපු අහිංසක ළමයි මේ ගැටේට අහු වුනා.ඉබ්බටයි සිරිපාලටයි මේවා ඒ දවස් වලම තේරුනා.ඒත අර ළමයින්ට ඕවා කියලා දෙන්න ගියානං ඉබ්බට කට්ටත් කුඩු කරගන්නයි වෙන්නෙ.ඊට පස්සෙ අර කෝස් එක ගැන ඇහුවම මිනිහා අද පටං ගන්නවා, හෙට පටං ගන්නවා කිය කිය කල් අරිනවලු.බැරිම තැන ළමයි සල්ලි ඉල්ලුවම මිනිහා මග අරිනවලු.ඒ ළමයි පාඩුත් විඳගෙන එහෙම්මම හැලුනා.

      ඉෂාන්ත කියන්නෙ කිසිම හර්ද සාක්ෂියක් නැති මිනිහෙක්.අහිංසක දෙමාපියන්ගෙ සල්ලි හූරගෙන මේ වගේ වැඩ කරන මිනිස්සුන්ට හදවතක් තියෙයිද සාක්කි අහන්න?ඇරත් ඔය පිනාචාර්ය කම ඔය තරං ලැජ්ජ නැතුව මාර්කට් කරයිද?ආරන්චි හැටියට ඒ යුනිවර්සිටියට ලක්ෂ පනහක මුදලක් දීලයි ඒක අරං තියෙන්නෙ.මේ දවස් වල ඔය ජයවර්ධනපුර කැම්පස් එකෙත් අලි හුට පටයක් යන්නෙ ජර්මන් සල්ලි කාරයෙක්ට වී සී සල්ලි වලට හොරෙංම ආචාර්ය කමක් දීලා.ඉෂාන්තත් ඕකම කරන්න ඇති.අනේ කාලේ වනේ වාසේ කිවුවලු.ඕවට තමා ඉතිං කියන්නෙ බොක්කේ දඩ මස් හක්කේ බුදු රැස් කියලා.කරන අසමජ්ජාති වැඩ නිසාදෝ මිනිහට අඩු වයසෙංම බයිපාස් එකක් කරන්න වුනා කියලත් ආරන්චි වුනා.

      කළ දුටු කළ වළ ඉහ ගන්න මිනිහා දස්සයා.දේශපාලඥයෝ අල්ලගෙන, ටී වී එකේ බෙල්ල දාගෙන මිනිහා අර සක්විති වගේ ප්‍රතිරූප මවනවා.දවසක් ටී වී ප්‍රෝග්‍රෑම් එකකට මිනිහා ගෙනාව ගෝලයෙක් ලියපු ජාවා ගේම් එකක් කියලා අර ට්‍රයිෂෝ ගේම් එක(ඒක මං හිතන්නෙ නෙට් එකෙං බාපු එකක්).මිනිහා හෙන පම්පෝරියක් ගහලා හත් අට පාරක් ඒක දුවවන්න හැදුවා, බෑ.හරි හමං ජාවා ඔස්තාද් කෙනෙක් නං ඕකට මොනාහරි ට්‍රයි කරලා බලන්න තිබ්බනෙ.මිනිහා දැනං හිටියේ ස්ටාර්ට් බොත්තම ඔබන්න ඉතරයි.කිසිම ට්‍රබල් ෂූටිං කරන විදියක් දන්නෙ නැති වග පෙනුනා.අඩු ගානෙ බලපිය තව ඉන්ස්ටන්ස් එකකට හැන්ඩ්ල් එක ගිහිල්ලද කියලවත්.මිනිහා සුපුරුදු පරිදි කටිං ගොඩ දාලා ලෙස්සලා ගියා.බලං හිටපු ඉබ්බට නිකං කිචි ගැවිලා ලැජ්ජ හිතුනා.නොදකිං.

      ඊට පස්සෙ ඉෂාන්තයි තව කීප දෙනෙකුයි මොකක්දෝ අටෝගත්ත යුනිවර්සිටියක් දාගෙන ඩිග්‍රී දෙනවා.සිරා වැඩේ කියන්නෙ මේ යුනිවර්සිටිය ඔන්ලයින් ඉතරද කොහෙදලු තියෙන්නෙ.ඉබ්බට නං මේක ගැන තාම හරියට හොයන්න බැරි වුනා.මේ වගේ මිනිස්සු මැරෙන මොහොතෙ කොහොම විඳවයිද කියලා ඉබ්බට හිතෙනවා.

      මෙතන ඉබ්බ කියපු බොහොමයක් ඉබ්බගෙ පුද්ගලික එක්ස්පීරියන්ස්.නැත්තං ඉබ්බා ගොඩක් ළඟින් ආශ්‍රය කරපු යාළුවන්ට අත් විඳින්න වුන දේවල්.ඉෂාන්තගේ සැබෑ ප්‍රතිරූපය එළිකරන ෆෝරම් ඕනෙ තරම් ඉබ්බට හම්බු වෙලා තියනවා.මේ ඔක්කොම වගේ විස්තර ඉබ්බගෙ සැබෑ නමිං ඉංග්‍රීසියෙං ඒ ෆෝරම් වල ඇති.ඉබ්බට කණගාටු අහින්සක ළමයින්ට කෙළවෙන එකටයි උඩ යන්න සුදුසු මිනිස්සු ගොඩාක් ඉන්දැද්දි මේ කොහෙවත් නැති හිපාටුවෝ කටිං බතල හිටෝලා බැබලෙන එකටයි.

      මලිත් මලයාDr. Ishantha Siribaddana කියලා ලියපු එක දැකලා ඉබ්බගේ ලේ ටිකක් ඉතර රත් වුනාද මන්දා.ගණං ගන්න එපා මලේ.උඹගෙයි මගෙයි ආතල් මොකටද ඔය කොහෙවත් ඉන්න ඉෂන්ත නිසා කුඩු කර ගන්නේ 🙂 .නිකං කියන්න ඕනෙ කියලා හිතුනා.අමනාප නෑ නේද?අපිට කරන්න පුළුවං හරියක් තියනවනම් උත්සාහයක්වත් දරන්න එපෑ.එතකොට හිතට සැහැල්ලුයි 🙂 .

      • ජූලි 4, 2010 at 9:59 ප.ව.

        සමා වෙන්න ඕනේ. උඩ තියෙන්නෙ යූ එන් නෙවේ වර්ල්ඩ් බෑන්ක් වෙන්න ඕනෙ. මම ඒක උඩ රිප්ලයි එකේම වෙනස් කරනවා.

      • Malith said,

        ජූලි 5, 2010 at 11:21 පෙ.ව.

        හෙහ් හෙහ් ඉබ්බො මොකට තරහ ගන්නවද ඉෂාන්ත ගැන ඔය ටික දන්න නිසයි මම මිනිහගෙ නම සටහන් කරල කොමෙන්ට් කලේ නැතුව ගෞරවයකට නෙම්යි. මට උඹ ලියපු ටික ටයිප් කරන්න බැරි කමටයි කියල කෙටියෙන්ම Dr. Ishantha Siribaddana කියල ලිව්වෙ එතකොට කව්රු හරි ඔය ටික මෙතන ලියන බව දන්න නිසයි

        ඔය නමට ඉස්සරහයින් Dr කියල දැක්කම මගෙනම් ලේ රත් වෙන්නෙ නැහැ පස්සපැත්තෙන් හිනා යන්න එනව මම දන්න හැටියට නම් ඔය phd එක හම්බ වෙල තියෙන්නෙ ලොකෙ කොහෙවත් නැති යුනි එකක්කින් ඔය යුනි එකෙන්ම තමයි මර්වින් සිල්වටත් PHD එක දීල තියෙන්නෙ කොහොමද ක්ලාස් මේට්ල ඒකෙන්ම තෙරෙනවනෙ PHD එක තරම

      • ජූලි 5, 2010 at 11:30 පෙ.ව.

        ජය වේවා!
        ඔවු මචෝ, ඕවට තද වෙලා මොකට නිකං ප්‍රෙෂර් වැඩි කර ගන්නවද? උඹ කරන වැඩේ කරන්න පුළුවන්නං හොඳයි තමා. ට්‍රයි කරලා බලන්න ඕනෙ. හිහ්… 😛

      • Sasika said,

        ජූලි 10, 2010 at 10:00 ප.ව.

        මචන් මමත් ඔය පොර ගේ තුම්මුල්ලේ තියන ජාවා class ගියා.
        පොර නම් පට්ටම හොරෙක්.ටික දවසක් යනකොට තමඊ මටත් එක තේරුනේ.
        එතන හිටිය වෙන ජාවා දන්නා පොරක්(Rajitha) හින්ද මන් ජාවා ඉගෙන ගත්ත.SCJP ගොඩ ගියා.

      • chanakalin said,

        අගෝස්තු 16, 2011 at 6:52 ප.ව.

        ආං අද අපේ ඉස්කෝලෙ ඉස්සරහ බැනර් කටුවක් දාල තිබුන. දැං උඩ දාගෙන යන්නෙ Java Robotics කියල. අපේ කට්ටියත් මේ දවස්වල http://sliit.lk/robofest යන්න රොබෝ උණක් තියන නිසා ඉස්සරහ මූණවල් වලට රජ පාට් දාගෙන කතාව නිකං තේයි, කෑමයි දෙන සෙමිනා එකට යන්නයි ගිහින් Java Robotics කරන්නයි. මම කට්ටියට වැඩේ කීව. උන් මාව විශ්වාස කලා. නැත්නම් අපේ කට්ටියටත් හොඳ ගාණක් කෙලවෙනව. රණරාල බ්ලොග් එකත් ඩිලීට් කරලනෙ. සාක්ෂි දැං ක්ලියර් කරල.. සේරම ඒව.. දැං සර්වර් එකේ තියන සයිට් බලන්න reverse lookup එකක් දැම්මත් වැඩක් නෑ. සේරම පැකේජ් හොස්ටින් දෙන තැනකට මාරු කරල. ඩොමේනුත් GoDaddy වලින්ම ගත්ත කියල whois වෙනස් කරල. අනේ කාලේ වනේ වාසේ කිව්වලු. මේකයි රණා අයියයි නැත්නම් අනිත් උන් කෙසේවෙතත් මුලින්ම කෙලවෙන්නෙ අපේ තාත්තගෙ සාක්කුවට. ලංකාවෙ බ්ලොග් කියනව අය ඉන්නෙ කීයෙන් කී දෙනාද ? නොදන්න උන් කීයක් අහුවෙනව ඇද්ද ?

        මිලියන සිහිනෙ දෙවනි පාර උ/පෙ කරල හරි ගොඩයන්න පුළුවන් අයගෙ සල්ලියි, කාලයයි සේරම විනාශ කරනව. අන්තිමේ රටට වැඩක් කරන්න පුළුවන් කෙනෙක් හැදෙන්න තියන ඉඩ නැති වෙනව. ඉඩම් ගන්නයි කම්පැනි දාන්නයි පුළුවන් වෙච්ච කීප දෙනා ඇරෙන්න කී දෙනෙක් අතරමං වෙලා ඇද්ද ? ඒ අය ගැන කතා කරන්න කවුරුවත් නෑ.

  7. nimanthi said,

    ජූලි 4, 2010 at 2:50 ප.ව.

    අන්කල්ට සිංදුවක් මතක් වෙන්න ඇති
    මල් පිපේ….ect.

  8. palaamalla said,

    ජූලි 4, 2010 at 5:41 ප.ව.

    අඩේ අද තමා මම මේ පොර ගැන ඇහුවෙ. උබේ පොස්ට් එක නෙමෙයි කොමෙන්ට් එක තමා බැලුවෙ. සක්විතිය ටයිප් බුවෙක් වගේ.

    තාම ඉන්නවද පොර සීන් එකේ… මේක පොස්ට් එකක් විදියට දාපන් ඉබ්බො. අහුවෙන්න යන එකෙක් හරි බේරුනොත් පිනක් නෙ බන්.

  9. ඉන්දික උපශාන්ත said,

    ජූලි 9, 2010 at 2:29 පෙ.ව.

    අරූට ඇහුන්නැද්ද දන්නෑ අංකල් කියපු කතාව හරියට. මිනිහ කියන්නැත්තෙ ” කරනවනං ජාවා රං තමා කරන්න ඕන” කියල වෙන්නැත්. ඒකනෙ බලං ගියාම අර “ඩොකා” කරන්නෙත්.

  10. ashen said,

    ජූලි 27, 2010 at 6:53 ප.ව.

    @ Namila , networking kalanam moko ? 😛

  11. PRASANNA said,

    අගෝස්තු 23, 2010 at 3:53 ප.ව.

    NICE MACHAN

  12. arti said,

    සැප්තැම්බර් 25, 2010 at 10:19 පෙ.ව.

    http://aluthlowak.blogspot.com/2008/11/blog-post_25.html

    මිනිහාගැන ආපු රිසල්ට් එකක්.

    දැන් මිනිහා මොනවද කරන්නේ කියන එක කියන්න පුලුවන්ද?

  13. su said,

    ඔක්තෝබර් 8, 2010 at 9:12 පෙ.ව.

    @ibba,
    ඉෂාන්තට තියෙන්නෙ Medicina Alternativa ආචාර්ය පට්ටමක් නේද ? ඒක Prof. Anton Jayasuriya ගෙ චීන කටු ගහන්න උගන්වන එකෙන් දීපු එකක්. Open International University කියන්නෙ මහාචාර්ය ඇන්ටන් ජයසූරියගෙම එකක් කියලයි වෙබ් එකේ තියෙන්නෙ. චීන කටුයි ජාවායි අතරෙ සම්බන්ධය මට නම් තේරෙන්නෙ නෑ තාමත්..හැබැයි ජාවා ස්කෝලෙට ශිරන්ති රාජපක්ෂ ආර්යාවගේ ආශීර්වාදය නම් තියෙන පාටයි. මමත් රාජකාරි වැඩකදි ඉෂාන්තගෙ පොර ටෝක් අහල ඒත් පොඩි වැඩක්වත් හරියට කර ගන්න බැරි වුණ විදිහ අත්දැකල තියෙනවා. ඉන්පස්සේ එයාගෙ හිස්ට්‍රිය මෙතනත් නම යාන්තමට සඳහන් වෙන කෙනෙක්ගෙන් අහලම දැනගත්ත

  14. ඔක්තෝබර් 11, 2010 at 8:47 පෙ.ව.

    […] නමක් නෙවෙයි. ඔහු ගැන මුලින්ම ලිව්වේ ‘සමනළ තටු ආපු ඉබ්බා’ තමන්ගේම පෝස්ට….  ඉන්පසු රණරාළ තමන්ගේ එපිණිසම ආරම්භ […]

  15. namal said,

    ඔක්තෝබර් 12, 2010 at 7:47 ප.ව.

    INFOTEL Exhibition Eka hariyta Unity Plaza Giya wage. Ane ape IT Karmantheta Giya Kala

  16. gemba said,

    ඔක්තෝබර් 19, 2010 at 11:46 ප.ව.

    Mala Math ahu unane.. mata dan meka therenne na.. ethakota denawai kiyana degree enne Greece walin nemeida? Chamber of Charted java professional kiyala ekak nadda? :O Kannath ba wage.. 😥 java karanna wena koheda thiyenne.. help meeeeeeeeeeeeeeeeeeeeeeeeeee

  17. ඔක්තෝබර් 22, 2010 at 9:26 පෙ.ව.

    මොකට කියනවද මෙව්ව ගැන නම්.
    අපරාදෙ මගෙ රුපියල් හැටදාහ.

    මම මහනුවර හොර ගුලට ගියෙ.

    ඒකෙ උගන්නන ටීක් ගෙ පුතා මම මොනව හරි අහපුවහම “මම බලල කියන්නම් ක්යනව.”

    වෙන එකෙක් මොනව හරි අහපුවහම “බුද්ධික ගෙන් පොඩ්ඩක් අහල බලන්න කියනව.”

    අනේ අම්මප මම දන්නෙ නෑ මුන්ගෙ දරුවන්ට වත් මෙව්ව යා දෙයි ද කියල.

  18. ijtstruth said,

    නොවැම්බර් 11, 2010 at 12:28 ප.ව.

    විලිලැජ්ජාවේ සංතෝසේ බෑ..
    http://ranarala.blogspot.com/2010/11/2-2-chamber-of-charted-java.html#comment-form

    අපි ඔකේ නේ බං.

  19. නොවැම්බර් 20, 2010 at 12:00 පෙ.ව.

    ටීක් ටීක් ටීක් !!!
    රට හදන ටීක් බලකාය !!!

  20. shan said,

    නොවැම්බර් 21, 2010 at 7:27 පෙ.ව.

    රනරාලගෙ අති ජාත මිත්‍ර මහසෝනා ඊයේ 20 Nov. සවස පොලිස් අත් අඩංගුවට පත් වී ඇති බව රණරාල මට දුරකථනය මගින් දැනුම් දුනි. ඔහු ඩි ඇස් සේනානායක විදුහලේම තමාගේ මිත්ත්‍රයෙක් බවත් දැනට NIBM ආයත්නට්යේ ඩිප්ලෝමා පාඨමාලාව හදාරන බවත් ඔහු මට ප්‍රකාශ කලේය.
    ශ්‍රී ලංකාව තුල අනුන් ගේ වැඩ ගැන හොඳ හෝ නරක විවේචන කිරීම සිංහල බ්ලොග් කරුවන් ගේ සංගමය තාවකාලිකව නතර කීරීම්ට තීරනයක් ගෙන ඇත. මා විසින් ලියන ලද සියලුම බ්ලොග් හා කමෙන්ට්ස් තාවකාලිකව ඉවත් කර ගන්නා ලෙස රණරාල මට දන්වන ලදී.

  21. Siveresurre said,

    දෙසැම්බර් 20, 2010 at 5:11 ප.ව.

    Post එකට වඩා Comment එකයි වටින්නේ!


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: