ඉබ්බට මතක ඉස්කෝලෙ කතා දැං සියට 99ක් ඉතරම ඉවරයි වගේ. තව ඔය එහෙ මෙහෙ මග ඇරුනු කීපයක් ඇති.ඒවත් මතක් වෙන විදියට ලියන්නංකො. මේ මාතෘකාවනං කතා දෙකකටයි අයිති.
ඉබ්බලගේ පන්තියට අල්ලපු පන්තිය බයෝ පන්තියක්.ඒකෙ හිටපු හොඳ මැන්ටලයක් තමා ඛන්නා. මැත්ස් පන්ති වගේ නෙමේ බයෝ පන්ති.හොඳට අතු ගාලා, ගුරු මේසෙටත් රෙද්දක් එහෙම දාලා, මල් වාස් එකකුත් තියලයි තියෙන්නෙ 🙂 .ඛන්නගෙ වැඩේ මුළු සෙක්ෂන් එකේම තියන කොසු උදේ පාන්දරම එකතු කරලා උංගෙ පන්තියේ තියන ස්ටෝර් රූම් එකට දානවා.කට්ටිය යනවා ඉතිං කොසු ඉල්ලන්න.ඛන්නා ඉන්නවා අර කහපාට රබර් ග්ලවු එකක් එක අතක දාගෙන.කොසු ඉල්ලන්න යන යන එවුං හූ තියාගෙන දුවගෙන එනවා.බලනකොට ඛන්නා කොල්ලංගේ වටිනාම වස්තුව අල්ලලා කරකවලා කඩාගන්න හදනවලු 😛 .ඉදිරි පරම්පරාව ගැන ආදරයක් ඇති කට්ටිය ඒ පැත්ත පළාතෙවත් යන එක අතැරියා.මේ සීන් එක නිසා තමා ව* කන්නා, ඛන්නා වුනේ 😛 .අනික නම ප්‍රසිද්ධියේ කියන්න අමාරුනේ.කොල්ලො බයෝ පන්තිය පැත්තෙ නොයන නිසා පස්සෙ පස්සෙ ඛන්නා ග්ලවු එක දාපු අත පිටිපස්සට කරලා හංගගෙන කොරිඩෝර් එක පැත්තෙත් සැරිසරන්න ගත්තා.ඉබ්බත් පරපුර බේරගත්තෙ බොහොම අමාරුවෙං.
ඉස්සර ඉබ්බලගේ ඉස්සරහා පේළියයි දෙවෙනි පේළියයි ඉතරයි පේළි මාරු වෙන්නෙ.අනික් එවුං ඉන්න තැන් වලම ඉන්නවා.මාරු වෙන්නෙ ඉබ්බයි හොර අලියයි වූෂු මැස්සයි හිටපු පේළියයි, විජේයි එදිරියයි ජින්නයි හිටපු පේළියයි.එදිරියා ඉස්සරහා පේළියේ ඉන්නකොට ජින්නා ලොකු පොත් බෑග් එකක පොත් අස් කරලා එදිරියට පේන්නෙ නැති වෙන්න ඔළුවට දානවා. පන්තියේ හැම තැනම ඉන්න කට්ටිය දූවලා ඇවිල්ලා එදිරියට නෙලනවා. ඇයි ඌට පේන්නෙ නෑනෙ කවුද නෙලන්නෙ කියලා.එදිරියා දඟලනවා ඔළුවට දාපු බෑග් එක ගලව ගන්න. ගැලවෙන්න ඔන්න මෙන්න තියෙද්දි කවුරු හරි එකෙක් ආයිත් ඒක ඔළුවට දාලා අල්ලනවා.එදිරියා කොහොමහරි ඩම් දාලා බෑග් එක ගලෝගන්නවා.ඒ වෙනකොට එදිරියට නෙලපු ගොඩ දෙනෙක් එහෙම එකක් වුනේ වත් නැති විදියට තම තමංගේ පාඩුවේ වැඩ.
එදිරියගෙ පළමු සැකකරු එහා පැත්තෙ ඉන්න ජින්නා.එදිරියා ජින්නගෙ බෙල්ලෙං අල්ලලා හොලෝනවා තෝ තමා කියලා.ජින්න කෑ ගහනවා නෑ යකෝ…මම මේ වැඩ…උඹට පේන්නෙ නැද්ද? (ජින්නා බාගෙට පෙරළපු පොතක් පෙන්නයි).
සමහරදාට එක පාරට එදිරියා ඔළුවෙං බෑග් එක ඉක්මනටම ගලෝ ගන්නවා.එදාට අත් උස්සගෙන ගහන්න ආපු එවුං එකෙක් දෙන්නෙක් එදිරියට අතටම අහුවෙනවා 🙂 . එදාට නං ඉතිං හරි තමා.එදිරියා උංව මුළු පන්තිය වටේම එළවලා අල්ලගෙන දෙනවා හොඳට.අඩුගානෙ සතියකට පාරක් වත් ඒ දවස් වල එදිරියව ගෝනි බිල්ලට අහු වෙනවා.ගෝනි බිල්ලට අහු වෙලා එදිරියා බලන්න ලස්සනයි.රතු වෙලා, කොණ්ඩෙ අවුල් වෙලා, අර කාර්ටුන් වල පූසට කරන්ට් වැදිලා වගේ ඉන්නවා 😛 .
ඉස්සර තව සෙල්ලමක් තිබ්බා එහා පැත්තෙ ඉන්න එකාගෙ පෑනක් හිමීට අත වද්දලා බිමට දානවා.පෑන ගන්න බිමට නැමුනම ඌව බිමට තියලා අල්ලගෙන ඉන්නවා නැගිටින්න බැරි වෙන්න. පන්තියෙ මෙහෙ හෝ ගාල උඩන්නනවා.විනාඩි පහකිං ඉතර අත අරිනවා.බිම හිටි එකා උඩ එනවා රතු වෙලා, දාඩිය දාලා.
ඒ කාලෙනං ඉතිං පිස්සු තමා හොඳම එකෙං 😀 .
මයියා said,
ජූනි 30, 2010 at 4:54 ප.ව.
මයියට ඉබි කතා සෙට් එක සීන් කෝස් උනේ දැන්ය..ඔක්කොම ටික එක හුස්මට කියවලා දැම්මාය. කියලා වැඩක් නැත. වැඩේ එලම් එලය.
පරණ කාලෙ ඉබ්බා කට නිසා නැසුනු නමුත් මේ ඉබ්බානම් මාරම එකෙක්ය. මුගේ මතකය අති දියුණුය. භාෂා හැසරිවීමද ලගන්නා සුලුය. කථා බිණීමේ හා කීමේ අති සමර්ථයේක්ය. මේ ඉබ්බාත් ඒ ඉබ්බාගේ කතා ගැනත් මයියාට ඇත්තේ ඉතා ප්‍රසන්න වු හැගීමක්ය..
ඉබ්බා said,
ජූනි 30, 2010 at 6:17 ප.ව.
ඈ බං මයියෝ, උඹ රෑට රෑට උම්මග්ග ජාතකේවත් කියෝනවද?කොහෙන්ද බොලේ මේ වචන සැට් එක හොයා ගත්තෙ? ඉස්තූතියි දිරිගැන්වීමට 🙂
ඉබ්බා said,
ජූනි 30, 2010 at 6:38 ප.ව.
ඉබ්බා ඉතිං මේ කතා රඟපාලා තමා කිරි ඉබ්බිට කියන්නෙ.කිරි ඉබ්බි උඩ පැන පැන හිනා වෙනවා.කිරි ඉබ්බිගෙ ප්‍රධාන ඉල්ලීම තමා ඒ විදියටම ලියන්න කියලා.ඉබ්බ කිවුවා බ්ලොග් එක ඇතුලේ රඟපන්න බෑනෙ කියලා 😛 .කිරි ඉබ්බිගෙ යෝජනාවට අනුව තමා මෙහෙම ලිවුවෙ.තව…අපේ බ්ලොග් ගඩොල් මලයගෙනුත් අදහස් ගත්තා.
tharindu said,
ජූනි 30, 2010 at 5:43 ප.ව.
හැම ඉස්කෝලෙම ඔහොමද දන්නෙ නෑ. අපේ බයෝ එකෙත් ඔය ඛන්න වගේ ඩයල් එකක් හිටියනෙ. මේක කියෙව්වාම තමයි ඌවත් මතක් වුණේ.
ilandhariya said,
ජූනි 30, 2010 at 6:01 ප.ව.
ඔයා හදන්නෙ ආපිව අයෙත් ඉස්කොලේ යවන්න වගේ…..
ඉබ්බා said,
ජූනි 30, 2010 at 6:27 ප.ව.
සතුටුයි, තව කෙනෙකුටත් ඒක ප්‍රිය හැඟීම් ඇති කළා නම් 🙂
isimbuwa said,
ජූනි 30, 2010 at 6:50 ප.ව.
පව් අසරණ ජින්නා……. හොඳ හැටි ගුටි කන්න ඇති ඒ දවස් වල.
nimna said,
ජූනි 30, 2010 at 7:01 ප.ව.
ගොඩක් ලස්සනට ලියලා තියෙනවාGOOD LUCK
බ්ලොග් ගඩොල් said,
ජූනි 30, 2010 at 7:12 ප.ව.
හික් හික්!! අපේ පන්තිවලත් හිටිය නේන්නං ඔය වගේ ඛන්නලා!
ඒක නෙවෙයි ඉබ්බයියේ,අපේ ඉස්කෝලෙනං බයෝ පන්ති තමයි වැඩිම අපිලිවෙලට තිබුනෙ
ළමයා said,
ජූනි 30, 2010 at 7:18 ප.ව.
ඛන්නා වගේ පොරක් හිටියා අපේ ඉස්කෝලේත්. ඌ මැත්ස් කලේ.. හොදකට තිබුණේ ඌ හොදම යාලුවොන්ට ඕක කලේ නෑ.. ඒ නිසා මම බේරිලා.. හැබැයි බූතයා ගැසීම ජයටම තිබුණා.. ගුරුමේසේ රෙද්ද තමා ඔලුවට දාන්නේ.. මට නම් දවසක් බූතයා ගැහීම නිසා පොලීසියටත් යන්න වුනා..
ඉන්දික උපශාන්ත said,
ජූනි 30, 2010 at 7:21 ප.ව.
ඉබ්බ..උඹනං අදහන්න වටින ඉබ්බෙක් බං..ලඟක හිටියනං ඉටිපන්දමක් ගහල තියන්න තිබ්බ කට්ට පිට.
ඇත්තටම..මම කතා ටික එක දිගට කියෙව්වෙ නෑ..stress වැඩි වෙලාවට ටික ටික කියෝනව. ඊට පස්සෙ ගෙදර ගිහින් රිපීට් ටෙලිකාස්ට්..then no stress at all.
උඹට ගොඩක් පිං මලේ….තව ලියහං…
ඉබ්බා said,
ජූනි 30, 2010 at 9:58 ප.ව.
සයිබර් යාළුවෝ ගොඩක් දෙනෙක් ලෝභ නැතුව අදහස් ප්‍රකාශ කරළා තිබුනා 🙂 . ඒවා නොවෙන්න ඉබ්බ මෙච්චර වේගෙං කතා ලියන එකක් නෑ.හැමෝටම ගොඩක් ස්තූතියි ඉබි කතා එකට හයියක් වුනාට 🙂 .
rava said,
ජූනි 30, 2010 at 11:00 ප.ව.
හැමදාමත් වගෙ ඇවිල්ලා කියවල යනවා. පිස්සු වැඩ , මගෙත් තියනවා උසස් පෙල වැඩ එත් එවා හිනායන එවා මතක් වෙද්දි විතරක් කියන්න බැහැ.
nimanthi said,
ජූලි 1, 2010 at 12:04 පෙ.ව.
හයියෝ ඉබ්බෝ ඒ වැඩේ නම් හරි යන්නේ නැහැ.
කතා ඉවරයි කියලා .
දැන් ඉතිං හදලා හරි ලියන්න වෙයි..
හුදී ජනයාගේ සිත් පිනවීම පිණිස 🙂
ඉබ්බා said,
ජූලි 1, 2010 at 7:28 පෙ.ව.
ඉවරයි කිවුවට ඉවරම නෑ…තව තියනවා…හී…හී… 😛
හැබැයි ඉස්කෝලෙ කාලෙ ගොඩක් ඒවා නම් ඉවරයි 😦
Hasitha said,
ජූලි 1, 2010 at 12:41 පෙ.ව.
ඉබි කතා පෙළට අපේ මනාපය 🙂
මහසෝණා said,
ජූලි 1, 2010 at 11:03 පෙ.ව.
අපිනම් ඔය නවල දෙන වැඩේට කියන්නෙ 123 දෙනවා කියල,,,!! ෆට්ට වැඩේ…!! හැබයි බුතයා ගහනවා කියන නම නම් සිරා…!! ලොල්….
කොහොම කොහොම උනත් ඔයා කතා ලියන එක නම් නවත්තන්න එපා…!! අයියෝ…!! එහෙම කරොත් මම මැරෙනවා…!!! ලොල්.. 😛
හදල හරි ලියන්න හොදේ….!!!!
සුදු අයියා නේ…!!!
palaamalla said,
ජූලි 1, 2010 at 11:54 පෙ.ව.
ඉබ්බො ස්කෝලෙ කතා ඉවරද ?? අනේ මේ උබ භාවනා කරල හරි මතක් කරගෙන ආයෙ ලියහන්. එතකල් කැම්පස් එව්ව ලියහන්කො…
ඉබ්බා said,
ජූලි 1, 2010 at 1:25 ප.ව.
😀
වැම්පයර් said,
ජූලි 1, 2010 at 1:44 ප.ව.
උපරිමයි ඉබ්බා!
RanDil said,
ජූලි 1, 2010 at 4:35 ප.ව.
අනේ මන්දා මේකත් දැක්කේ දැන්නේ බොලේ. මං හිතන්නේ ඛන්නා ජීව විද්‍යාව ප්‍රැක්ටිකල් එකක් වෙන්න ඇති කරන්න ඇත්තේ. මෙඩිකල් කොලීජියට යන්න කලින්ම ඒවා දැනගෙන යන එක හොඳයි කියපා හිතෙන්න ඇත.
ගයන්ත said,
ජූලි 2, 2010 at 2:11 ප.ව.
බෑග් එක ඛන්නටත් දාන්න තිබ්බනෙ.. 😉
ඉබ්බා said,
ජූලි 2, 2010 at 2:50 ප.ව.
ඇත්ත නේන්නං බොලේ.ඒ කාළේ අපේ ගොං මොළ වලට ඕක කළ්පනා වුණේ නෑනෙ.ඒත් ඉතිං ඕක ඛන්නට දාන්න ගට්ස් තියන එකෙක්ව හොයා ගන්නත් එපෑ.පොඩ්ඩක් හරි මිස් වුනොත් ඉතිං පරම්පරාව මෙතනිංම ඉවරයි 😀 .ගයන්ත මහත්තයගෙ මොළේ තමා මොළේ.ටිකිරි මාරි නිතරම කනවා වගෙ. හිහ්… 😛
Ansh Lucky Sri Jay said,
ජූලි 2, 2010 at 8:36 ප.ව.
නියමයි..!