විජේ, ගහමුද බූරු අතක්?

ඉබ්බලගේ පන්තියේ හැමදාම අඩුම ගානෙ කාර්ඩ් පැක් 2ක් වත් තිබ්බා.එක කාර්ඩ් පැක් එකක් තිබ්බා ඒක අතටම දිය වෙලා.ඔක්කොම ප්‍රින්ට් මැකිලා.කොල ටික ඔක්කොම සුදු පාටයි.ලාවට වෝටර් මාර්ක් වගේ යාන්තං පේන ප්‍රින්ට් එකක කෑලි ටිකක් ඉතරයි කාර්ඩ් වල තියෙන්නෙ.ඒත් කට්ටිය දන්නවා කොලේ මොකක්ද කියලා.පැක් එක අතට ගත්තම කොල 52න් එකක් හරි අඩු නං කට්ටිය ටක් ගාලා කියනවා ඒයි…මේක කොල අඩුයි වගේනෙ බං කියලා. හාරත,කලාබර,රුයිත, ඉස්කෝප්ප,රෙපෝරු,කපෝති ඕවා තමා පන්තිය පිටිපස්සෙං ඇහෙන වචන.පන්තියේ පැක් 2ක් තිබුන දවසක පන්තියේ චන්ඩි සෙට් එක 100, 200 බෙට් දාලා බූරු ගහනවා.අනිත් ඔක්කොමලට එක පැක් එකයි තියෙන්නෙ.ඒක නිසා කට්ටිය අර ජූස් කියලා සෙල්ලමක් තියෙන්නෙ.ඒක ගහලා.සත පනහා, සත 25 තමා බෙට්.

ඊළඟට තිබ්බෙ විනය භාර සෝගාගෙ ෆිසික්ස් පීරියඩ් 2.කට්ටිය කාර්ඩ් ගගහා ඉන්නකොට සෝගා එකපාරම ආවා.චන්ඩි ටික 100, 200 බෙට් ටක් ගාලා සාක්කු වලට දාගෙන පැක් එකත් අතුරුදහං කරලා පොතුත් පෙරළගෙන.අහිංසකයෝ ටිකට සත පනහේ විසිපහේ ඒවා හංග ගන්නයි පැක් එක එකතු කරගන්නයි වෙලා ගියා.කෙළිංම කට්ටිය සෝගට මාට්ටු.

සෝගා: ආ… බූරු ගහනවා නේද? මෙහෙ එනවා මෙහෙ එනවා…කෝ ගන්නවා කාඩ් කුට්ටම.

සෝගා මාල්වයි, ගුජ්ජිකවයි, විජේවයි ඇදගෙන ආවා ඉස්සරහට.මේ ඔක්කොම තත්පර කීපයක් ඇතුලෙ තමා වුනේ.ජූස් ගහපු අනික් කට්ටියේ සීනි කූරා ඇතුලු කීප දෙනෙක්ට ඉන්න තැනට යාගන්නවත් වෙලාවක් ලැබුනෙ නෑ.සීනි කූරා එහෙම දැං බාගෙට ඩෙස්ක් එකකට හෙත්තු වෙලා  ඉස්සරහා වෙන්නෙ මොකක්ද කියලා බලං ඉන්නවා.ඉස්සරහ මුලින්ම ඉන්නේ ගුජ්ජික, ඊළඟට මාල්.ඊටත් පස්සෙ විජේ.පන්තියේ අනික් කට්ටිය මීයට පිම්බා වගේ. අදනං ඉතිං කෙළිංම ඇක්ෂන් මූවි තමා.

සෝගා: තුන් දෙනෙක්ට බූරු ගහන්න බෑනෙ.කෝ අනිත් එකා.

සර් දන්න දන්න ජූස් එකක් නෑනෙ.සර් හිතන විදියට දැං කට්ටිය බූරු තමා ගහලා තියෙන්නෙ.

සෝගා: කවුද අනික් එකා? සර් ගුජ්ජික දිහා බලයි.

ගුජ්ජික: දන්නෙ නෑ සර්.කලබලේට දැං මතක් වෙන්නෙ නෑ.

සෝගා: ආ…ඒකත් එහෙමද? එහෙනං කියන්නෑ නේද? ඉන්නවා වැඩක් කරන්න.

සෝගා වට පිට බලා පන්තිය පිටුපසට ගොස් කොස්ස ගෙන එයි.

සෝගා: කියපං කවුද අනික් එකා…සෝගා ගුජ්ජිකට කොස්සෙං ගහයි.ගුජ්ජික කොසු ප්‍රහාරය වළකන ගමං

කිව්වනෙ සර්…මතක නෑ කියලා(ගුජ්ජිකට මළත් පැනලා)

සෝගා විජේ දෙසට හැරෙයි. විජේ අහිංසකයා.

සෝගා: තමුසෙටත් මතක නැද්ද?

විජේ: මතක නෑ සර්…

සෝගා විජේට කොසු මිටි පහරක් දෙයි.විජේ උඩ පැන අතින් වළකයි.විජේගෙ මූණ චොර වෙලා.සෝගා තවත් පහරක් එල්ල කරන්නට කොස්ස ඔසවයි.

විජේ: ගහන්න එපා සර්… අරයත් ගැහුවා…අරයත් ගැහුවා…

හත්වලාමයි.සර් එකාවයි ඇහුවේ.මෙන්න යකෝ මූ දෙන්නෙක් පෙන්නපි 😀 .සර්ටත් වැඩේ මීටර් නෑ.සෝගට ජයග්‍රාහී හිනාවක් ගියා.

සෝගා: ආ…ඔය එන්නෙ…ඔය මතක් වුනේ.

සර් අලුත් සොයාගැනීම දෙස බලයි.

සෝගා: එනවලා, එනවලා ඉස්සරහට.

ඉබ්බට මතක විදියට ඇලටුයි, හැරියයි වෙන්න ඕනෙ දෙවනියට මාට්ටු වුනේ.හරියටම කවුද කියලා මතක නෑ.

සෝගා: කවුද බූරු කුට්ටම ගෙනාවෙ? ඒකත් මතක නැද්ද?

සෝගා මාල්ට කොසු මිට ඔසවයි.

මාල්: දන්නෙ නෑ සර්. පැක් එක තිබ්බා. අපි ගැහුවා.

සෝගා: ආ…ඒකත් එහෙමද?

සෝගා මාල්ට ගහන්න ඔන්න මෙන්න තියෙද්දි ගුජ්ජික කතා කළා.

ගුජ්ජික: සර්, අපි කට්ටිය සල්ලි දාලයි ගෙනාවෙ.

සෝගා: ආ… ඔය එන්නේ…

සර් හැමෝටම කොසු මිටෙං ආයිත් පාර පාර ගැහුවා.ඊට පස්සෙ කිවුවා ගිහිං ඉඳ ගන්න කියලා.පැක් එක රාජ සන්තක වුනා.තාම සීනි කූරා ඩෙස්ක් එකට බාගෙට හේත්තු වෙලා. සර් දැං සීනි කූරා දිහාවට ඇවිදං යනවා.පන්තියේ කට්ටිය බලං ඉන්නවා ඊගාවට මොකෝ වෙන්නෙ කියලා.සර් කූරගේ ඉස්සරහට ගියා.

සර්: ඇත්ත කියනවා…තමුසෙත් ගැහුවා නේද?

කූරා සිනහා මුසු මුහුණින්. නෑ සර්, මම ගැහුවේ නෑ. සෝගා සර් දන්නවා කූරත් මේ සෙට් එකේ ඉන්න ඕනෙ වග.

සෝගා: හොඳටම ෂුවර්ද?

සර් අත් දෙක අරගෙන සීනි කූරගෙ පපුවට තිබ්බා. නෝන්ඩි හිනාවක් දාලා කිවුවා තමුසෙත් ගහලා තියනවා ඕයි, හා…හා… ගිහිං වාඩි වෙනවා කියලා. කූරත් හිනා වෙවී ගිහිං වාඩි වුනා.

ඊට පස්සෙ කට්ටිය ඉඳලා හිටලා අහනවා විජේ, ගහමුද බූරු අතක් කියලා.

Advertisements

ප්‍රතිචාර 24

  1. හෙළයා said,

    ජූනි 26, 2010 at 12:00 ප.ව.

    මේක එළ බ්ලොග් එක දිගටම කරමු.

  2. lankanhero said,

    ජූනි 26, 2010 at 12:33 ප.ව.

    පට්ට කතාව සහෝදරයා

    • ජූනි 26, 2010 at 12:46 ප.ව.

      ස්තූතියි.සයිබර් ලෝකෙ ඉන්න ඉබ්බගෙ යාළුවෝ ඔක්කොටම ස්තූතියි.

      මට කතාවක් මතක් වුනා. මේක මේ මැක්සිම් ගෝර්කිද මන්දා කියලා තියෙන්නෙ.පුද්ගලයා වැරදි නම් සමාවෙන්න ඕනෙ.

      ගෝර්කිගෙං ඇහුවලු ඇයි ඔයා පොත් ලියන්නෙ කියලා.ගොර්කි කිවුවලු මම පොඩි කාලෙ ඉඳලා හරියට දුක් විඳපු කෙනෙක්.මම හිටපු කිසිම තැනක මට අවංක, කරුණාවන්ත කෙනෙක් මුණගැහිලා නෑ.මම කොහොමහරි කතාවක් අහං හිටියා එක සීය කෙනෙක් කියපු.එයා ඉතරයි අඩුමගානෙ මම චිමිනි සුද්ද කරන කාලෙ මට අසභ්‍ය නොවන වචන වලිං කතා කරපු එකම කෙනා.ඒ කතාවෙ හිටියා හරිම ශ්‍රේෂ්ට, අවංක, කරුණාබර මිනිස්සු.මට ආස හිතුනා.මම පොත් කියවන්න ඉගන ගත්තා.මම ඒ සිහින ලෝකෙ අතරමං වුනා.පොත් වල හිටපු අවංක මිනිස්සු මගේ යාළුවෝ වුනා.මම පොත් ලියන්නත් පටං ගත්තා.අවංක මිනිස්සුන්ව හම්බු වෙන්න හිතාගෙන.

      ඒක තමා ගෝර්කිගෙං අහපු ප්‍රශ්නෙට එතුමා දීපු උත්තරේ.ඉබ්බට නම් සැබෑ ජීවිතේ සැබෑ මිත්‍රයෝ අතලොස්සක් ඉන්නවා. මේ බ්ලොග් කෙරුවාවෙං තව ලස්සන, නොදුටු යාළුවෝ ගොඩාක් හඳුන ගන්න ලැබුනා.ස්තූතියි ඔක්කොමල්ලට.

      • සිරිමල් said,

        මැයි 24, 2012 at 4:44 ප.ව.

        Pack එක ගෙනාවෙ මම . සෝගා මගෙන්ම අහනවා එක කාගෙද කියලා. මගේ කියන්නයැ. Basket ball court එකක දන ගහගෙන ඉන්න කොට මාර සනීපයක් තියෙන්නෙ කියලා එදා තමයි දැන ගත්තෙ.
        මොනා වුනත් එදා සෝගා sir ගුජ්ජික ව නම් හොදටම අතු ගෑවා.

      • giravi said,

        ජනවාරි 15, 2013 at 12:47 ප.ව.

        ගෝර්කි මහත්මයාගේ කියමනක් තමයි ඒ. එතුමගේ ජීවිත කතාව ඇසුරෙන් ලියපු ” ළමා විය, මිනිසුන් අතර සහ මගේ සරසවි ” කියන පොත් ත්‍රිත්වයෙන් එකක ඔය සංකල්පනාව තිබුනා මටත් මතකයි ඉබ්බො.

  3. සුළඟ said,

    ජූනි 26, 2010 at 12:51 ප.ව.

    මම මේ කම්පනා කොලේ…මේ කතා සීරීස් එකේ ඉබ්බට මොකුත්ම වෙලා නෑ නෙ!!!
    (මතකේ හැටියට නම් කිසිම කතාවක ඉබ්බට මොකුත්ම වෙලා නෑ…)

    මට පේන්නෙ… මෙයා කොලේ වහල ගහනවද කොහෙද!!! 😛

    • ජූනි 26, 2010 at 12:56 ප.ව.

      ඇයි මං කිවුවේ. ඉබ්බා පොඩි කාලේ ඉස්කෝලෙ නීති වලට අකුරක් වත් පිටිං ගියේ ඉතාමත් කලාතුරකිං.
      මෙතන කතා දෙක තුනක් ඇති ඉබ්බට වෙච්ච. හී…හී… 😛 ඉස්සරහට නම් තියෙයි කීපයක්… 🙂

      • RanDil said,

        ජූනි 28, 2010 at 3:39 ප.ව.

        ඇයි අනේ ෆාති, නෝ මෑන්ගේ මැණික, මන්දේගේ පියාගේ කථාව යන සියල්ලේම ඉබ්බා නේද කථානායක?

        මේ මල්ලී අද කථාවක් නැතෙයි. ?

        කෑවේ බීවේ නැහැ වගෙයි අප්පා

      • ජූනි 29, 2010 at 7:34 පෙ.ව.

        හාවොත් එක්ක තරඟෙට දුවලා ඉබ්බට මහන්සිද මන්දා 😛 . කොහොම වුනත මග ඇරුනු කතා කීපයක් ඇර ඉබ්බගේ ඉස්කෝලෙ කතා ඔක්කොම වගේ කියලයි තියෙන්නෙ. තව එකතු වුනු කතා 20ක් 25ක් තියනවා. ඒ ටිකත් හිමීට ලියන්නම්කෝ 🙂 .

        ඉබ්බට හම්බුනා රහස් සිතියමක්. ඒක ගන්න නැවේ කප්පිත්තා දඟ දැම්මා. නැව මුහුදුබත් වුනා. ඉබ්බයි කිරි ඉබ්බියි පා වෙලා ආවා පාළු දූපතකට. ලිලිපුට්ටෝ කුරුමිට්ටෝ…
        රහස් සිතියමේ කතාවත් දාන්නයි ඉබ්බා ඉන්නේ.හැබැයි ඒක මේ කෙරුවවට වඩා ටිකක් ඉතර වෙනස්. කමක් නෑ. කැමති අය බලයිනෙ නේද? 😀

  4. indika said,

    ජූනි 26, 2010 at 1:39 ප.ව.

    නියමයි මචං..උඹ නම් සිරාම කතා කාරයෙක්..
    ජය වේවා!!

  5. ජූනි 26, 2010 at 2:14 ප.ව.

    මටත් ඉස්කොලේ කාලේ කාඩ්ගහල මාට්ටු වෙච්ච කතාවක් තියෙනවා, පස්සෙ ලියන්නම්.

  6. රවා said,

    ජූනි 26, 2010 at 2:27 ප.ව.

    ඉබ්බා අපිව උගෙ ඉස්කොලෙට එක්කන් ගිහින් ඉට පස්සෙ අපිව අපෙ ඉස්කොලෙ පැත්තෙත් යවනවා.. හරිම ඉතාම රසවත් කතා ගොඩකි. A/L. හරිම සන්තොසයි නෙද මතක් කරද්දිත්

  7. palaamalla said,

    ජූනි 26, 2010 at 3:24 ප.ව.

    උබ ලියන විදිය දැක්කම මමත් ඔන්න ස්කෝලෙ කාලේ කතා ටිකක් ලියන්න ගත්තා. කියල වැඩක් නැහ නේ ඒ කාලේ…

    සීනි කූරා නම් පිස්සු කොල්ලෙක් වගේ හික් හික්

  8. ජූනි 26, 2010 at 7:20 ප.ව.

    හික් හික්!! ඉබ්බලගෙ පන්තිය නිකං ප්‍රොෆෙෂනල් සූදු පොලක් වගේ තියෙන්න ඇති ඒ දවස්වල!! 😀

  9. namila007 said,

    ජූනි 26, 2010 at 9:23 ප.ව.

    එල බන්z. අපිත් clz එකෙ බූරු ගහනවා.හික්z..මරු තමයි.තාම මට්ටු උනෙ නම් නෑ…එල එල..දිගටම කරගෙන යන්න

  10. tharindu said,

    ජූනි 26, 2010 at 9:58 ප.ව.

    බලාගෙන ගියහම අපි හැමෝටම ලස්සන ඉස්කෝල කතා තියනවනේ…

  11. දිනේෂ් සිල්වා said,

    ජූනි 27, 2010 at 3:33 පෙ.ව.

    ගුරුවරයෙක් ගෝලයකුට කොස්සෙන් ගැහුවොත් මෙහෙ නම් prime time news වලටත් දවස් 2, 3 පෙන්නාවි. ඊට පස්සෙ වෙනම talk show තියාවි සති 2,3 ක් යනකම්.

  12. ජූනි 27, 2010 at 5:07 පෙ.ව.

    හි හි..අප්පේ අපිත් ඒ දවස් වල බුරු ගහපු තරO..වැඩේ එච්චර හොද නැති උනත් අපි ඇත්තටම ගැහුවේ බුරුවා තමයි…ස්කුල් බස් එකේ තෝම එකතු කරපු එකා අද එOගලන්තේ ඉOජිනේරුවෙක්

  13. isimbuwa said,

    ජූනි 27, 2010 at 9:34 පෙ.ව.

    අනේ ඇත්තට මේ සීනි කූරල කරන වැඩ. කොහොම උනත් සීනි කූරට සර්ල ආදරෙයි වගේ නේද?

  14. අශේන් said,

    ජූනි 27, 2010 at 7:26 ප.ව.

    @ namila , උඹල බූරුද ගහන්නෙ නැත්තන් ඕමිද ??? 😛

  15. ජූනි 27, 2010 at 8:23 ප.ව.

    කොහෙද ඔය ඉස්කෝලෙ ආ? 😀

  16. namila007 said,

    ජූනි 29, 2010 at 9:49 ප.ව.

    @ashen- buuruth gahanawa 😀 omith gahanawa

  17. nimna said,

    ජූනි 30, 2010 at 7:38 ප.ව.

    කියවන්න ආසයි.ඹයාගේ බ්ලෝග් එක මාර නීට්


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: