ඩස්ටරේ කොහොමද අතනට ගියේ?

ඉබ්බලගේ combined maths සර්ගේ නම ටාර්සන්.ඉබ්බලට උගන්නපු පළවෙනි අවුරුද්දෙ හැමදාම සර් ඇන්දෙ ක්‍රීම් පාට කලිසමක්.දෙවෙනි අවුරුද්දෙම ඇන්දෙ කොළ පාට කලිසමක්.කොල්ලන්ට හරි ප්‍රශ්නෙ.ඇයි හත්වලාමෙ පලවෙනි අවුරුද්දෙ ඇඳපු ක්‍රීම් පාට කලිසම එක්ක මාරු කර කරවත් අඳින්න තිබ්බනෙ.සර් කවදාවත් සපත්තු පොලිෂ් කළේවත් ලේස් ගැටගැහුවෙවත් නෑ.කොණ්ඩෙත් කවදාවත් තෙල් ගෑවෙවත් පීරුවෙවත් නෑ.කැපුවෙත් මාස 6කට ඉතර සැරයක්.ඒ සර්ගේ හැටි.සර් මාර pure maths මීටරේ.සර්ගේ බොරු වංචා නෑ.එක පැත්තක් එහෙම වුනාට ඉබ්බා නම් හිතන්නේ සර් හොඳ මනුස්සයෙක් කියලයි.හැබැයි කේන්ති යන වෙලාවට සර්ට ඉහ වහා කේන්ති ගියා.පාළනයකින් තොරව.මේක දිගටම වෙලා සර්ට පසු කාළීනව බොහෝම බරපතල ප්‍රතිවිපාක වල මුහුණ දෙන්න සිද්ද වුනා 😦 .කරුමෙ තමා ඉතිං.සර්ට හඩ්ඩා(හඩ්සන්) කියලත් කාර්ඩ් එකක් තිබ්බා.තව වයිල්ඩ් බෝයි කියලත් කිවුවා.

කොහොම කොහොම හරි දවසක් ඉන්ටර්වල් එකට පස්සේ ඩබල් පීරියඩ්ස් තිබ්බෙ සර්ට.සර් ආවා.තාම පන්තිය කලබලයි.ඉන්ටර්වල් ඉවරවුන ගමන්නෙ.සර් ආයුබෝවන් කියලා කට්ටියට වාඩි වෙන්න කිවුවා.දැං සර් පාඩමට අදාල නෝට්ස් වගයක් බෝඩ් එකේ ලියනවා.පොඩි තැනක් වැරදුනා.සර් ඩස්ටරේ බැළුවා මේසෙ උඩ තියනවද කියලා. ඩස්ටරේ නෑ.ඉන්ටර්වල් එකට කළිං පීරියඩ් එකේ බෝඩ් එකේ චෝක් කෑල්ලකින් ඇඳලා ඒක ඩස්ටරෙං මකලා සීනි කූරා කොල්ලන්ට පටාර් ගාලා ගහ ගහ හිටියේ.හිටපු ගමං හයියෙන් කැරකෙන ඉස්සරහා ෆෑන් එකට ඩස්ටරේ දැම්මාම ඒක තට්ටට අහුවෙලා රැන්ඩම් ගිහිං එකෙක්ට වදිනවා.ඩස්ටරේ හොඳට හුණු ගාලනේ තියෙන්නෙ.වැදුනම හරියට අර ටී වී එකේ දිවියලෝකේ පෙන්නනකොට දුං අතරිං දෙයියෝ පෙන්නනවා වගේ තමා ඩස්ටරේ වැදිච්ච එකාව පේන්නෙ.හුණු විමානයයි 😛 .

සර්: කෝ මේසෙ උඩ තියෙන්න ඕනෙ ඩස්ටරේ?

කට්ටිය සද්දයක් නෑ.

සර්: මං අහන්නෙ කෝ ඩස්ටරේ? හොයනවලා ඩස්ටරේ.

සර්ට දැං ටිකක් ඉතර මළ පැනලා. දැං හැමෝම ඩස්ටරේ හොයනවා.ටික වෙලාවකිං පිටි පස්සෙ පේළියට කළිං පේළියේ ඩෙස්ක් එකක් අස්සෙ තිබිලා ඩස්ටරේ හම්බුනා.හම්බුන යාළුවා සර් මේ තියෙන්නෙ කියලා ගෙනත් දුන්නා.

සර්: ඩස්ටරේ කොහොමද එතනට ගියේ?

කවුරුත් සද්දයක් නෑ.සර් දැං බලං ඉද්දි යකා වේගෙන එන්නෙ.

සර්: හොඳයි දැං එකෙක්වත් කියන්නෙ නෑනෙ ඩස්ටරේ කොහොමද එතනට ගියේ කියලා,ඔක්කොමල්ල ගුටිකන්න ලෑස්ති වෙනවලා.

සර් ඉස්සරහා කොනේම ප්‍රජා ගාවටයයි.

සර්: නැගිටිනවා.

ප්‍රජා බයෙන් නැගිටියි.

සර්: තමුසෙ දන්නවද මේක (අතේ තියන ඩස්ටරේ පෙන්වයි) කොහොමද අතනට ගියේ කියලා?

ප්‍රජා නොදන්නා වග පෙන්වීමට හිස දෙපසට වනයි.

ටෝර්…

සර්: තමුසේ?

කන්දෙ චෑං නැගිටියි.නොදන්නා වග අඟවයි.ටෝර්…

සර්: තමුසේ? ලලා නැගිටියි. ටෝර්…

දැං සර් මැද ඉස්සරහා පේළියටත් ඇවිත්.එදිරියා කෑවා.ජින්නා නැගිට්ටා කන්න ලෑස්ති වෙලා.හරියට රඤ්ඤා වැලක් පුපුරනවා වගේ.කොල්ලො පේළියට නැගිටිනවා.සර් අත පුරෝලා කම්මුලට දෙනවා.මැද දෙවෙනි පේළියේ මැද පුටුවේ ඉන්නෙ ඉබ්බා.එහා පැත්තේ හොර අලියා.මෙහා පැත්තේ වූෂු මැස්සා.ඉබ්බගේ පපුව ඩිග් ඩිග් ගානවා.ඇඩ්‍රිනලිනුත් හෝ ගාලා වැඩ.

මේ වෙලාවෙ තමා පිටිපස්සෙම පේළියේ හිටපු මාල්ට හරි ඇලට්ට හරි හැරියට හරි(තුං දෙනාගෙං හරියටම කවුද කියලා ඉබ්බට දැං මතක නෑ) ගණදෙවි නුවණ පහළ වුනේ. යාළුවා නැගිට්ටා(අපි ඇලට් කියමුකෝ)

ඇලට්: සර් ඉන්ටර්වල් එකට එළියට ගිය තව කට්ටියක් තාම ආවෙ නෑ.සමහර විට ඒගොල්ලෝ දන්නවා ඇති

සර්: (සර්ට දැං ටිකක් හති වගේම කේන්ති අඩු වෙලා අනුකම්පාත් හිතිලයි හිටියේ.ඒ සර්ගේ හැටි.සෝඩා බෝතලේ වගේ තමා ඉතිං 🙂 ) ආ ඒ කතාවත් ඇත්ත තමා. අපි ටිකක් ඉඳලා බලමු.

සර් එහෙම කියනවාත් එක්කම සීනි කූරයි තව දෙන්නෙක් ඉතරයි දොර ඇරගෙන පන්තියට ආවා.

සර්: ආ… මේගොල්ලොද එන්න හිටියේ? කියමින් සීනි කූර දිහා බැලුවා.

සර් දන්නවා සීනි කූරා දඟලනවා කියලා.ඒ වගේම සීනි කූරා මීටරේ කියලත් දන්නවා.එහෙම කියපු ගමං සීනි කූරා සර් දිහායි කට්ටියගේ මූණු දිහායි බැළුවා.කොල්ලංගේ මූණු කොටු වෙලා, චොර වෙලා තියනවා දැක්කම සීනි කූරට තේරුණා මොකක් හරි හුටපටයක් කියලා.

සර්: තමුසෙ දන්නවද මේ ඩස්ටරේ කොහොමද අතනට ගියේ කියලා. සර් අතින් ඩස්ටරේ තිබුණ පිටුපස පේළිය පෙන්වයි.

සීනි කූරා: ආ… මේකනේ සර් වුනේ.ඉන්ටර්වල් එකට කලිං මං බෝර්ඩ් එක මක මක හිටියා.ඉන්නකොට ඉන්ටර්වල් බෙල් එක ගැහුවා.එතකොට අතන බත් එකක් දිග ඇරියා(ඩස්ටරේ තිබුන තැන අතින් පෙන්වයි).මම ටක් ගාලා එතනට ගියා බත් එක කන්න.ඩස්ටරේ මගේ අතේනෙ තිබ්බෙ.ඒකත් අරං යන්න ඇති.මතකනං නෑ සර්.( 😛 )

සර්: බලනවකො මේ මනුස්සයගේ වැඩෙං අහිංසකයෝ ටිකක් ගුටිකෑවා.හ්ම්…යනවා යනවා.ගිහිං වාඩි වෙනවා.

සීනි කූරාගේ ස්ථානෝචිත ප්‍රඥාව බිඳින්න ලොජික් එකක් ඔච්චර ගණං දන්න සර්ටත් හිතා ගන්න බැරි වුනා.එතකොට තමා ගුටිකන්න හිටපු කට්ටියට හුස්ම වැටෙන්න පටංගත්තේ 😀 .

කූරගේ මොළේ තමා මොළේ!

ක් ට
Advertisements

ප්‍රතිචාර 27

  1. රොයිලි ප්‍රනාන්දු said,

    ජූනි 25, 2010 at 5:03 ප.ව.

    හික් හික් පට්ට කතාව 😛

  2. tharindu said,

    ජූනි 25, 2010 at 5:25 ප.ව.

    අපේ නම් ඔහොම වුණහම සර් ම කොළ කෑල්ලක් හොයාගෙන හරි බෝර්ඩ් එක මකනව.

  3. ජූනි 25, 2010 at 5:52 ප.ව.

    ලස්සන කතාව….

  4. isimbuwa said,

    ජූනි 25, 2010 at 6:17 ප.ව.

    සීනි කූරට තව ටිකක් වේලාසනින් ආවනම් ඉවරයිනේ අපරාදෙ අර අහිංසකයො (නසරානියො තමයි ඉතින්) ටික ගුටි කෑවෙ.
    ඒක නෙවෙයි මාර ලස්සන නම් නෙ කට්ටියට දාල තියෙන්නෙ (සීනි කූරා )මම ආසයි ඒ නමට අනික්වත් නියමයි. අරිසෙන් අහුබුදු මහත්මය පරාදයි මේ නම් එක්ක බලද්දි.

  5. ජූනි 25, 2010 at 6:20 ප.ව.

    අපේ පන්තියේ නම් ඩස්ටර් එක කවදාවත් එතන තිබ්බේ නැහැ. කොහොමත් ගේන ගේන එක තියෙන්නේ සතියයි දෙකයි

  6. හසී said,

    ජූනි 25, 2010 at 6:59 ප.ව.

    හි හී මරු සීනී කූරෙක් තමා.. 😀

  7. nimantha said,

    ජූනි 25, 2010 at 7:14 ප.ව.

    උබේ කතා සෙට් එකනම් මරු මචං . මම හැමදාම තනියෙන් හිනා වෙනවා. අම්මා අහනවා මට පිස්සුද? කියලා…………………….::D

    • ජූනි 25, 2010 at 7:39 ප.ව.

      මටත් ඉස්සර තනියෙං හිනා යනවා මතක් වෙලා.මේවෑ කතානායකයෝ හිටි ගමං ඉබ්බට සෙට් වෙනවා.ඉබ්බ ඉතිං හිටලා බයිට් එක දෙනවා.උං ඉබ්බව එලෝනවා.මූත් එක්ක බෑ ඕයි.මුට ඔක්කොම මතකයි කියලා.ඉඳලා හිටලා ඉබ්බත් ටිකක් සැරට බයිට් වෙනවා. 😛 හිහ්…සතුටුයි ඕගොල්ලොත් හිනාවෙන එකට. මම හිතුවෙ නෑ කට්ටිය මෙච්චර කැමති වෙයි කියලා.වෙලාව තියනකොට මේ පැත්තේ ඇවිත් යන්න 😀 හැමෝටම ස්තූතියි අදහස් ප්‍රකාශ කරනවට.

  8. රවා said,

    ජූනි 25, 2010 at 8:35 ප.ව.

    ස්තුති අපිව ඔයාගෙ පන්තියට කැන්දාගෙන යනවට.. හා.. හා.. නියමයි.. සිනිකුරා..

  9. ilandhariya said,

    ජූනි 25, 2010 at 8:47 ප.ව.

    patta kathawa..ela……..

  10. lankanhero said,

    ජූනි 25, 2010 at 10:16 ප.ව.

    keep up the good work bro

  11. uditha said,

    ජූනි 25, 2010 at 11:42 ප.ව.

    ape class eketh ohoma thama dusteren gahagena para sara vadi kamata panthiye janele glass ekakuth biduna.
    DS ekka ape schoole maha valiyak giyakale man 8di vithara api hitiye dustere kadala ekata gal dala gahan aran yanna. Eka thama lokuma ayude anthimata api giye na 😦

  12. Vampire said,

    ජූනි 26, 2010 at 2:39 පෙ.ව.

    නියමයි ඉබ්බා.. දිගටම ලියන්න..

  13. nimanthi said,

    ජූනි 26, 2010 at 5:17 පෙ.ව.

    සීනී කූරා හින්දම හොඳයි කට්ටියට නේ.. 🙂

  14. prabath said,

    ජූනි 26, 2010 at 9:38 පෙ.ව.

    මරු කතා සෙට් එක

  15. RanDil said,

    ජූනි 26, 2010 at 10:21 පෙ.ව.

    මේ මම සාස්තරයක් කියන්නද මලේ? හරි නම් හරි කියන්න හරිද? ඉබ්බාගේ ඇත්ත නම පටන් ගන්නේ ‘T’ අකුරෙන් නේද? මග හරියේ ‘J’ අකුරක් තියෙනවා නේද? 😀

    • ජූනි 26, 2010 at 10:39 පෙ.ව.

      බෑ…බෑ…ඔට්ටු නෑ… 😛
      රන්දිල් අක්කගෙ කොමෙන්ට් එක ඇප්පෲව් කරන්නදෝයි නොකරන්නදෝයි ඉබ්බා කල්පනා කළා.රන්දිල් අක්කගෙ කමෙන්ට් එහෙම ඇප්පෲව් නොකර පුළුවනෑ.රන්දිල් අක්කා ඉබ්බගෙ කට්ට කුඩේ කුඩු කරන්නයි යන්නේ. චර පුරුෂ ජාලය ක්‍රියාත්මක කරලා.සාත්තරේ හරි 🙂 .

      • RanDil said,

        ජූනි 26, 2010 at 10:53 පෙ.ව.

        එච්චර තමයි මලේ කියන්නේ. වැඩිපුර මොකුත් කියන්නේ නැහැ සහතික ෂුවර්. බයගන්න කාරි නැහැ.

  16. ජූනි 26, 2010 at 3:26 ප.ව.

    හෆ්ෆා… ෆට්ට ෆට්ට…..!!! එල්ෆ්.. කතා ටික/……\ 😛 😛 Hail da DONZ…/..\

    මෙහෙම මීටර් DS විතරයි ඉන්නෙ නේද අය්යේ….!!!! හික් හික්…. o.O

  17. namila007 said,

    ජූනි 26, 2010 at 10:00 ප.ව.

    මරු බන්…නියම බ්ලොග් එක…තව එල කතා දාන්න 😉

  18. ජනවාරි 8, 2012 at 11:26 ප.ව.

    oya mathz sir htye colomba agamathy kenek ge namk thyna skul ekakda??

  19. ජනවාරි 8, 2012 at 11:29 ප.ව.

    ah danne uda commentz tika dakke me ape skul eke ayya kenek ne!!!
    MM MEpara A/L karapu kenek…………
    mata hithena widiyata oya ape MATHZ sir gana thamai kyanne……..
    SHAxxxx sir neda??

  20. සීනි කූරා said,

    මැයි 15, 2012 at 1:05 ප.ව.

    බොරු කීමත් කලාවක්…


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: