ජැකී චෑං බුදු අම්මෝ ගෑවලු…

ඉබ්බා එකතු වෙච්ච පොඩි පොඩි කතා ගොඩක් ලියන්නයි යන්නේ.

ජැකී චෑං බුදු අම්මෝ ගෑවලු

O/Lවලිං ඉබ්බලගේ ඉස්කෝලෙට ආපු හිත හොඳ කොල්ලෙක් තමා ප්‍රගති. ප්‍රගති හරියට දම්මි සුගත් කතාවෙ(ගොළු හදවත) සුගත් වගේ ඩයල් එකක්.ජෙනුයින් බුවා.දවසක් ෆ්‍රී පීරියඩ් එකක් වෙලාවෙ ප්‍රගති මිනිහා බලපු ෆිල්ම් එකක් ගැන රස කර කර කට්ටියට කියනවා.යාළුවෝ ටික වට වෙලා හුස්ම ගන්නෙත් නැතුව අහං ඉන්නවා.ඒ කාලෙ ඉතිං දැං වගේ හිතුනා, ඩවුන්ලෝඩ් කළා, බැළුවා සීන් නෑනෙ.කතා අහලත් කොච්චර සැනසුනාද?දැං ෆිල්ම් එකේ හොඳම සීන් එකක්.ප්‍රගති මවලා කියනවා.

ප්‍රගති: ජැකී චෑංගෙ ඔලුව ගහේ අත්තක හැප්පුණා.ජැකී චෑං බුදු අම්මෝ ගෑවා.

සීනි කූරත් කතාව අහගෙන හිටියා. ඉබ්බ හිටියේ ඉස්සරහා. ඒ වුනාට ඇන්ටනාව ඒ පැත්තෙ.

සීනි කූරා: නෑ…ජැකී චෑං බුදු අම්මෝ ගෑවෙ සිංහලෙංද?

තත්පරෙනුත් සීයෙං පංගුවයි ගියේ.කූරා නැගිට්ටා.පන්තිය දෙවනත් වෙන්න කෑ ගැහුවා.

සීනි කූරා: ඒයි…අඩෝ…මෙන්න අළුත් ෆිල්ම් එකක් ඇවිල්ලා…ජැකී චෑං සිංහලෙං බුදු අම්මෝ කියලා කෑ ගහන සීන් එකකුත් තියනවලු….ප්‍රගතියා බලලා…

ප්‍රගතියා ලැජ්ජාවෙං ඇඹරෙනවා.පන්තියේ කට්ටිය හිනා වෙනවා.ඊට පස්සෙ ප්‍රගති මොනා කිවුවත් ගොඩ දාන්න බැරි වුනා 🙂 .

හොරර් ෆිල්ම් එක

කාලයක් තිබ්බා කට්ටිය ගෙදරදි බලපු සිරා ෆිල්ම්(ඒ කාලෙ සිරා කියලා හිතං හිටපු) ඉස්කෝලෙ ඇවිත් අනික් සෙට් එකට ෆ්‍රී පීරියඩ් වලදි කියන. ඒ කාලෙ කරපු ඒ වගේ වැඩ මතක් වෙලා දැං නම් හිනාත් යනවා 😀 .දවසක් සීනි කූරා ෆිල්ම් එකක් කියන්න පටං ගත්තා.

සීනි කූරා: මේක මචං හැබැයි හොරර් ෆිල්ම් එකක්

ප්‍රගති: හොර ෆිල්ම් එකක් නැතුව හොඳ එකක් කියපංකෝ

කට්ටිය මොහොතකට නිෂ්ශබ්ධ වුනා.ප්‍රගතියා හොරර්(horror) කියලා වචනයක් ඒ දවස් වල දැනං ඉඳලා නෑ.ඒ නිෂ්ශබ්ධ වෙච්ච ක්ෂණයෙන් පස්සෙ ප්‍රගතියා කම්බස් වුනා.ඊට පස්සෙ කට්ටිය ප්‍රගතියගෙං ඉඳලා හිටලා අහනවා හොරර් ෆිල්ම් එකක් බලමුද කියලා 😛 .

කළුම කළු සුද්දා

හැරියාත් ඉබ්බලගේ පන්තියට ආවෙ O/L වලිං.හැරී ඉස්සර ගිහිං තියෙන්නෙ මීගමුවේ හරිස්චන්ද්‍රෙට.හරිස්චන්ද්‍ර තමා කෙටි වෙලා හැරී වුනේ.හැරියා ඉතිං මීගමුවෙනේ.දවසක් හැරියා සුද්දෙකුගේ කතාවක් කියනවා. රස කර කර.කට්ටිය කට ඇරගෙන කෙළ හලාගෙන අහං ඉන්නවා.

හැරී: සුද්දි මචං සුදුම සුදුයි.ඒකට සුද්දා කළුම කළුයි.

සීනි: කූරා ඈ යකෝ?කළුනං ඌ කොහොමද සුද්දෙක් වුනේ?

හැරියා ඇන ගත්තා 😛 .සීනි කූරා පන්තිය දෙවනත් වෙන්න කෑ ගහනවා.

ඒ…අඩෝ…මීගමුවේ සුද්දෝ කළුයිලු…හෙහ්…හෙහ්… 🙂

හැරියට විනාඩි කීපයක් යනකං කට අරින්නවත් බැරි වුනා.

සීනි කූරගේ ප්‍රියතම විෂය කෙමිස්ට්‍රි. කූරා කෙමිස්ට්‍රි බීලා හිටියේ.ඉබ්බලගෙ ඉස්කෝලෙට කෙමිස්ට්‍රි තරගෙකිං සමස්ත ලංකා පළවෙනි තැන දිනලා දීපු ටීම් එකේ සීනි කූරත් සාමාජිකයෙක්.කෙමිස්ට්‍රි ලැබ් එක තිබ්බෙ සෙක්ෂන් එකේ පහළ කොනේම.ප්‍රැක්ටිකල් වලට මුලිංම ලැබ් එකට දුවගෙන යන්නෙ සීනි කූරා. ලැබ් එක මැද හරියේ කට කැඩුනු ටැප් එකක් තිබ්බා. ඒක ඇරපු ගමං ගානට දොර ගාවට චූස් ගාලා වතුර පාරක් විදිනවා.කූරා මුලිංම ගිහින් එතන වාඩි වෙනවා. එකා එකා දොර ගාවිං එනකොට ටැප් එක ඇර ඇර වහනවා. ප්‍රැක්ටිකල් පටංගන්න කොට ඔක්කොමලා බාගෙට නාලා ඉන්නේ :D. ඊට පස්සෙ කූරා චූෂන බෝතලේට වතුර එකක් පුරෝගෙන හිමීං එක එකා ගාවට ඇවිත් කතාවක් දාගෙන ඉන්න ගමං චූෂන බෝතලේ අර දිග බටේ සාක්කුවට දාලා එක පාරම මිරිකනවා.කට්ටියගේ කකුල දිගේ වතුර පාර යනකොට තමා වැඩේ ක්ලික් වෙන්නෙ.එතකොට ඉතිං කූරව ඇල්ලිලි බොරු.ප්‍රැක්ටිකල් ඉවර වෙනකොට ලැබ් එකේ මී හරක් ලැගලා වගේ මඩ වෙලා.හැමදාම ඉබ්බලගෙ කෙමිස්ට්‍රි මැඩම් ලැබ් එක භාර සර්ගෙං බැණුං අහනවා ළමයි ටික කන්ට්‍රෝල් කරගන්න බෑ කියලා.

සීනි කූරා හැමදාම ලැබ් එකේ තියන මොනාහරි පොඩි රසායන ද්‍රව්‍ය ටිකක කොලේක ඔතාගෙන ගෙදර ගෙනියනවා ගෙදරත් ලැබ් එකක් දාන්න කියලා.කල් යනකොට කල් යනකොට ලැබ් එකේ බඩු මදිවෙනකොට සීනි කූරගේ ගෙදර ලැබ් එකෙනුත්  බඩු ගෙන්න ගන්න සිද්ධ වුනා.

කෙමිස්ට්‍රි ප්‍රැක්ටිකල් වෙලාවේ පරීක්ෂණ කීපයක් කළාම සීනි කූරා හැමදාම සාරාංශ පරීක්ෂණයක් කරනවා.ඒකෙදි කරන්නෙ දවසෙම හදපු ද්‍රාවන එක ටෙස්ට් ටියුබ් එකකට දානවා.සමහරදාට ටෙස්ට් ටියුබ් පුපුරනවා.සමහරදාට ගිනි ගන්නවා.සමහරදාට කළු වෙලා ගඳ ගහලා පළාතෙවත් ඉන්න බැරි වෙනවා.මේ වැඩේ නිසා නම් ටෙස්ට් ටියුබ් බර ගාණක් ආපහු පාවිච්චි කරන්න බැරි වෙලා ගියා 🙂 .

දවසක් කෙමිස්ට්‍රි මැඩම් පන්තියේ උගන්නන කොට සීනි කූරා පත කොළයක් තියාගෙන මොනවදෝ කරනවා.

මැඩම්: මොනාද කූරා ඔය කරන්නෙ? පාඩම අහගන්නෙත් නැතුව.

කූරා කොලේ ඔසවා පෙන්වමින් මේ උඩ තියෙන්නෙ මැඩම් ‘මේ’ කියපු වාර ගාණ, පහළ තියෙන්නෙ පීරියඩ් එකහමාරක් තුල ‘අනේ’  කියපු වාර ගාණ.කූරා පත කොලයක් පිරෙන්න පහේ ගොඩවල් කපලා.කූරගේ සංගණනය අනුව මැඩම් එකසිය ගාණට ‘මේ’, ‘අනේ’ කියලා. හිහ්…මැඩම් බණිනවා හෝ ගාලා.බනින අස්සෙ තියන ‘මේ’ , ‘අනේ’ඒවත් කූරා මාර්ක් කරනවා.හිහ්… 😛

Advertisements

ප්‍රතිචාර 26

  1. Hasitha said,

    ජූනි 25, 2010 at 10:02 ප.ව.

    බිපෙසි 🙂
    දැන් සීනි කූරා මොකද කරන්නේ ?

    • ජූනි 25, 2010 at 10:34 ප.ව.

      සීනි කූරා දැං සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් කෙනෙක්.තාම ඉබ්බත් එක්ක කන්ටැක්ට් තියනවා.ඉබ්බගේ තව හොඳම යාළුවෙක් සීනි කූරා එක්ක වැඩ කරනවා.මිනිහා කියනවා කූරා ඉන්නවනං පාළු නෑ කියලා.එහෙම වෙන්න එපෑ 😛 .සීනි කූරට දැං පොඩි සීනි කූරු පැටියෙකුත් ඉන්නවා 🙂

  2. ජූනි 25, 2010 at 11:41 ප.ව.

    එල මචන් එල….

  3. හෙළයා said,

    ජූනි 26, 2010 at 1:57 පෙ.ව.

    :D:D:D:D:D

  4. Vampire said,

    ජූනි 26, 2010 at 2:39 පෙ.ව.

    නියමයි ඉබ්බා.. දිගටම ලියන්න..

  5. Londonboy said,

    ජූනි 26, 2010 at 3:26 පෙ.ව.

    අදයි මේ බ්ලොග් එක දැක්කෙ. එක හුස්මට ඔක්කොම කියෙව්ව. පට්ටම සිරා මචං. උඹ කියල තියෙන ජාතියෙ කතා ගොඩක් මටත් ඔය විදිහටම වෙලා තියෙනව. මමත් උඹේ අවුරුද්දෙම තමයි උ. පෙ කලේ ( හැබැයි වෙන ඉස්කෝලෙක ). දිගටම ලියපන් මචන්. මේව අපි කාගෙත් කතා. උඹ සිරාවට ලියනව. මම දැන් ඉන්නෙ ලංකාවෙන් ගොඩක් දුර රටක. මේව කියවද්දි ආයෙ අතීතෙට යැවෙනව. ජය වේවා!!!

  6. ජූනි 26, 2010 at 6:48 පෙ.ව.

    කෙමිස්ට්‍රි ප්‍රැක්ටිකල් සම්බන්ධයෙන්නං මගෙයි ඉබ්බගෙයි වැඩි වෙනසක් තිබිල නෑ වගේ!! 😀

  7. tharindu said,

    ජූනි 26, 2010 at 9:31 පෙ.ව.

    අපිටත් ඔය වගේ කාලයක් තිබුණා.

  8. Rajitha said,

    ජූනි 26, 2010 at 10:55 පෙ.ව.

    නියමයි ඉබ්බො…දිගටම ලියන්න…

  9. RanDil said,

    ජූනි 26, 2010 at 12:01 ප.ව.

    සීනි කූරා දැන් මේවා කියවනවාද දන්නේ නැහැ නේද? ඇත්තට ළමයි ඔහොම වුනේ නැත්නම් ළමයි නෙමෙයි කියලායි මට හිතෙන්නේ. වෙලාවට අපිට තාම ඉන්නේ දුවෙක් විතරයි. මම පතනවා අපිට පුතෙක් ලැබේවා කියලා. එතකොට සීනි කූරෙක් හරි ඉබ්බෙක් හරි පූස් ගම ළමයෙක් වගේ හරි හැදෙනවා දකින්න මම හරි ආසයි.

    • RanDil said,

      ජූනි 26, 2010 at 12:02 ප.ව.

      (ඔහොම දැන් නම් කියයි නේද? හැදුනාම ර‍ඟේ තේරෙයි මට නේද? :D)

      • ජූනි 26, 2010 at 12:32 ප.ව.

        අනිවාර් යයෙන්ම. ඒ කාලෙට තදට ඉන්න වෙයි.නැත්තං ළමයි බ්‍රේක් නැතුව යන්න බලනවානෙ. එහෙම බැලන්ස් එක නැතුව ගිහිං දැං පසුතැවෙන යාළුවොයි නෑයොයි සැළකිය යුතු පිරිසක් ඉබ්බට ඉන්නවා. ඉබ්බට කණගාටුයි 😦 .ඒත් ඉතිං දැං මොනවා කරන්නද.ඒ කාලෙ වෙනකොට රන්දිල් අක්කා ඇලට් එකේ ඉඳියි කියලා රන්දිල් අක්කක්ගේ බ්ලොග් එක බලපුවාම හිතා ගන්න පුළුවං.සමහරුන්ට තේරුමක් නෑනෙ.ළමයි දෙමාපියො දෙපිරිසටම.

        ඉබ්බනම් පොඩි කාලෙ කරදරයක් නෑ.අම්මගෙං ගුටිකාලා තියෙන්නෙ ජීවිතේටම එක පාරළු.තාත්තගෙං නම් ගුටි කාලම නෑ.බැණුං අහලා නම් තියනවා.කොල්ලන්ට කාලයක් එනවනේ ඔය සමහර අයව නොරුස්සන.ඉබ්බටත් එහෙම කාලයක් තිබ්බා. ගොඩක්ම 10, 11, 12 දී තමා.හරිම ඇග්‍රෙසිව්.ඒ කාලෙ පහු වුනාම නං ඉතිං ෂේප්.දර්ශනේ පහළ වෙන්න ගන්නවා 😀 .ට්‍රැක් පිට පනින්න හදන කාලෙ හොඳ යාළුවෙක් හරි, අම්මා තාත්තා හරි, හොඳ ගුරුතුමෙක් ඉන්නවානම් අත්වැල් බැඳගන්න ජීවිතේ අසාර්ථක වෙන්න තියන ඉඩකඩ අඩුයි.

        රන්දිල් අක්කයි හබීයි හොඳ අවබෝධෙං ඉන්න වග පේනවා(රන්දිල් අක්කගේ කතාවක් තියනවා මට කොමෙන්ට් එකක් දාන්න. වෙලාවක් අල්ලලා මම ඒක කරනවා).එහෙම වුනාම වරදින්න හේතුවක් නෑ.සම්මා සතිය තියනවනේ.

    • ජූනි 26, 2010 at 12:20 ප.ව.

      නෑ…සීනි කූරා දන්නෙ නෑ ඉබ්බා බ්ලොග් ලියනවා කියලා.අපි පතනවා රන්දිල් අක්කට පුතෙක් ලැබෙන්න කියලා.
      ඉබ්බගේ ලොකු අක්කට ඉන්නවා සීනි කූරෙක් වගේ පොඩි මොඩල් එකක් 😛 .යකබණ්ඩාට ඒ පුතාට වඩා වැඩිමල් දුවෙකුත් ඉන්නවා.දුව සයිලන්ට් (ගෑනු ළමයිනෙ). ඒ වුනාට පොඩි යක් පැටියගෙ වැඩ ඔක්කොටම අක්කත් හවුල්.යකබණ්ඩා බනින්නෙ මේකා සද්ද නැති වුනාට මල්ලිටත් හපං කියලයි.පොඩි බට්ටා කරන වැඩ ඉබ්බා පොඩි කාලෙට වඩා හෙන ඇඩ්වාන්ස්ඩ්.ඉබ්බගේ අම්මයි තාත්තයි ඒ කියන්නඑ බට්ටගේ ආච්චියි සීයයි ඇහැ ගහගෙනමයි ඉන්නෙ.බට්ට ට්‍රැක් එක වරද්ද ගත්තොත් ලෙඩේනෙ.යකබණ්ඩටයි හස්බන්ඩ්ටයි ඕවා ඔක්කොම මුල ඉඳලා බලන්න වෙලාවක් තියන එකක් යෑ.ඉබ්බනම් පොඩි කාලෙ අහින්සකයි.දැං නම් ඒ තරම්ම අහිංසක නෑ. හිහ්.. 😛 .

  10. RanDil said,

    ජූනි 26, 2010 at 12:45 ප.ව.

    දන්නවාද මල්ලී වෛරස් එකක් වුනත් අළුත් පරම්පරාව පරන එකට වඩා ඇඩ්වාන්ස් වෙනවානේ. ඒකනේ අලුත් අලුත් බෙහෙත් හොයන්න වෙන්නේ. ඒ වගේ ඇති මල්ලිගේ පොඩි බෑනා පොඩ්ඩ. 😀

  11. palaamalla said,

    ජූනි 26, 2010 at 3:30 ප.ව.

    හික් හික්… නියම කතා ටික. දිගටම ලියපන්….

    ඔව් 8 – 13 කාලෙදි තමා පස්සෙන්ම ඉන්න ඕනි. හොද යාලුවො සෙට් එහෙකට හම්බුනොත් හරි. නැත්තම් ඇන තමා.

  12. ජූනි 26, 2010 at 3:48 ප.ව.

    ඔය සීනි කූරා කියන එකානම් මරු පොරක් තමා… එල එල..!!!

  13. Alchemiya said,

    ජූනි 26, 2010 at 6:07 ප.ව.

    මම නම් ඉතිං සීනි කූරා තරම්ම මොලේ නැහැ. ඒත් මමත් ඹය වගේ අවලම් වැඩ කරන්න දස්සයා. ඒකම නිසා ඒ කාලේ බඩුවක් වත් දාගන්න බැරි වුනා…. චාටර් පොරවල් වලට කවදද බඩු වැටෙන්නේ….. මම ආසාවෙන් හිටිය දැරිවි දැන් දොස්තර කෙනෙක්.. උණවටුනෙ මානසික රෝහලේ….

    ඔන්න දවසක් මම මිලි ලීටර 25 පිපෙට්ටුවක් පුරවලා එච් ටූ ඕ අරගෙන අපේ මැඩියගෙ සාක්කුවට දාලා අතෑරියෙ නැතෑ මදාවිකාර කමට. මැඩියත් කකුල දිගේ වතුර බේරෙනකොට අත ගසා දැම්මා. මගේ කරුමෙට පිපෙට්ටුව ඇටමයිස් වුනා…. අපේ කෙමිස්ට්‍රි සර් ” හූණා” මගේ කණෙන් ඇදලා ස්ටේජ් එකට ගෙනිහින් කියපි…
    “මූ තමයි අපේ ලැබ් එකේ ඉන්න වල් පැලෑටිය… මූට කවමදාකවත් කෙමිස්ට්‍රි ඉගෙන ගන්න බෑ” කියලා…… මගේ කණ තාම රිදෙනවා ඒක මතක් වෙලා… හොඳ වෙලාවට මම ඒ කාළේ කෙට්ටුයි බරත් අඩුයි… නැත්නම් මගේ කණ හූණා අරගෙන යනවා සුවනියර් එකකට තියා ගන්න…

    කොහොමින් නෙහොම හරි මම කෙමිස්ට්‍රි වලින් පී එච් ඩී එකකුත් ගත්තා… මට හූණා හම්බ වුනොත් මේ කතාව කවදා හරි අනිවාර්යයෙන්ම මතක් කරලා දෙනවා දෙනවා මයි….

  14. namila007 said,

    ජූනි 26, 2010 at 9:42 ප.ව.

    මරු සීනි කූරෙක් තමයි..ඉබ්බ කෝයි කාලෙද al කරේ?? මමනම් 2012 al 😛 කරන්නේ..කොහොම හරි එල බ්ලොග් එක 😀

  15. nimna said,

    ජූනි 30, 2010 at 7:51 ප.ව.

    මං ආසාවෙන්මකියවපු බ්ලෝග් එක

  16. සහන් said,

    ජූලි 4, 2010 at 2:30 ප.ව.

    අඩේ…. මාරයි, මාරම මාරයි.
    මේ සීනි කූරාගෙ ජාතියෙම බඩු දෙකක්ම අපේ පන්තියේ හිටියා, එකෙක් ‘තෙයියා'[නැටුම් කරපු නිසා] අනිකා ගෝනගම ඉන්දික [නිකං පාතාලෙ පොරක් වගේ නේ ඒ උගෙ ගම ඒකයි]
    ඔය වගේම වැඩ තමා කරන්නේ.
    මේ බ්ලොග් එක බලනකොට ආපහු උ/පෙළ කරන්න හිතෙනවා… [සා.පෙ නං මලත් එපා]
    දිගටම ලියන්න… මම හැමදාම බලනවා පුලුවන් වෙලාවට කොමෙන්තුවකුත් දාන්නම්.

  17. Bakki said,

    පෙබරවාරි 23, 2011 at 3:57 ප.ව.

    මේක නම් නියමයි. සීනි කූරායිය කලා වගෙ වැඩ අපිත් කලා 8 වසරෙදි. මැඩම් කියන ඔක්කොම වචන පොතේ ලියන වැඩේ මාර ජොලි. පස්සෙ කියවනකොට තමා ෆන් එක.

  18. සීනි කූරා said,

    මැයි 15, 2012 at 1:31 ප.ව.

    ඔන්න සීනි කූරා ඉබ්බාගේ බ්ලොග් එකට ආවා..ඉබ්බා බ්ලොග් ලියන බව කූරා දන්නවා…ඒත් මෙහෙම චරිත ඝාතනයක් සිද්ද වෙන බව කූරා දන්නේ නෑ. ඉබ්බෝ උඹට බොහොම ස්තුති ඒ සුන්දර මතකයන් අවදි කලාට..


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: