හාවා සහ විට කුමාර

අදනං කියන්නේ පියතිලක සර්ගේ පන්තියට යන දවස් වල වෙච්ච ඇබැද්දි ටිකක්.

පන්ති පටං හන්නේ හවස 6ට. සඳුදා applied සිකුරාදා pure.ඔෆිස් වෙලාවට බස් එකේ හෙන කට්ට නිසා ඉබ්බා කලිංම පන්ති යනවා. පහයි කාල පහයි විස්ස වෙනකොට ඉබ්බ සර්ගේ ගේට්ටුව ගාව.ඊට පස්සේ ඔය එක්කෙනා දෙන්නා හිමීට එන්න පටං ගන්නවා.සර්ගේ තාප්පේ අයිනෙං පාරක් තිබ්බා පිටිපස්සෙ හිස් ඉඩමකට යන. එතන අයිනෙම හෙන හෙලක් වගේ කාණුවකුත් තිබ්බා.පන්තියේ යාළුවෙක් හිටියා මයියා කියලා.මයියාට පිස්සු උපරිමේට.මයියා කාලයක් මවුන්ටන් බයිසිකලේක තමා ක්ලාස් ආවෙ.දවසක් අටට ක්ලාස් ඇරියා.කට්ටිය දැං කතාව දාගෙන එළියට එනවා. සමහරුන්ගේ අම්මලා තාත්තලාත් ඇවිත් එක්කං යන්න.හාවාගේ තාත්තත් ඇවිත් හාවාව එක්කං යන්න. හාවා පේන්න නෑ.දැං කට්ටිය හාවව හොයනවා. තාප්පෙ පැත්තට ගිය පැංචි කියනවා

අඩෝ මයියා, උඹේ බයිසිකලේ වගේ රෝදයක් පේනවා කාණුව අස්සෙ, පොඩ්ඩක් බලපං කියලා.

දැං ඔක්කොමල්ල වගේ ඒ පැත්ත බලනවා.මෙන්න බොලේ කළුවරේම හාවා අත පය පිහිද පිහිද කාණුව අස්සෙං එනවා.හාවා මයියගේ බයිසිකලෙං වටයක් යන්න ගිහිං කළුවරේම කාණුවට අල්ලලා.ඊට පස්සෙ ඉඳලා හාවාගෙ තාත්තා හාවව හොයන කොට කට්ටිය කරන්නෙ හිමීට කාණුව හරියට ගිහිං

බලපං මචං හාවා ඉන්නවද කියලා කාණුවට එබෙනවා 😛 .

ඔන්න තව දවසක් හාවව එක්ක යන්න තාත්තා ඇවිල්ලා. වෑන් එක ස්ටාර්ට් වෙන්නෙ නෑ.කට්ටිය සෙට් වුනා තල්ලු දාන්න.හාවත් බොක්කෙන්ම තල්ලු දානවා. වෑන් එක ස්ටාර්ට් වුනා.අංකල් ඇදලා ගියා අඩි දෙක තුනක්.වෑන් එක ස්ටාර්ට් එකේම තියලා බැහැලා ආපු අංකල් ඇහුවා පුතා කෝ හාවා කියලා.කට්ටියත් එක්ක මේ හිටිය හාවා නෑ. අඩි තුන හතරක් පස්ස බැලුවම මෙන්න බොලේ හාවා කළුවරේම බිම වැතිරිලා ඉන්නවා අර ආර්මි කෝස් වල බඩගානවා වගේ.අංකල් ඇදපු පාර හාවා ගෙමබා ගැහුවා වගේ බිම වැටිලා.කට්ටිය බඩ පැළෙන්න හිනා වෙන ගමං හාවව නැගිට්ටලා වෑන් එකට නැග්ගුවා 🙂 .

පියතිලක සර්ගේ පන්තියේ ඉබ්බලගේ පේළියට පිටිපස්සේ පේළියේ හිටියේ විට කුමාරයි, භරණයි, බන්ඩියි. විට කුමාරට ඒ නම වැටුනෙත් පියතිලක සර්ගේ පන්තියේදි.පන්තියේ බාලිකාවක් හිටියා දිකා කියලා.එදා සිංහල අවුරුද්දට පස්සෙ මුලින්ම පන්ති තිබ්බ දවස. කට්ටිය සල්ලි දාලා පැළවත්තෙ පෙරේරා මහත්තයගෙයි පුතාගෙයි කඩෙං කේක් ගෙඩි 2කුයි තව බුලත් අතකුයි අරගෙන පන්ති ගියා.කේක් එහෙම කාලා දැං සර්ට වඳින වෙලාව.දිකා බුලත් අතත් අරගෙන පන්තියේ පිටි පස්සෙ ඉඳලා ඉස්සරහට ආවා.මෙන්න බොලේ විටයාත් ඒ පස්සෙං යනවා.මේක දැකපු ඉබ්බයි සීනි කූරයි ඇහුවා මොකෝ පස්සෙං යන්නෙ කියලා.මූ කියනවා බුලත් අත ඉල්ල ගන්නලු.අපි නොදන්න චෙස් 🙂 .කූරයි ඉබ්බයි එකතුවෙලා ඒ වෙනකොටත් ගෙදරිං දාලා තිබුන කුමාර කෑල්ලට ඉස්සරහින් බුලත් විට කුමාර කියලා දැම්මා.හරියට තෙල් බාලා වගේ.බුලත් විට කුමාර කියන එක දිග වැඩි නිසා ඒ වෙලාවෙම ඒක මොඩිෆයි කළා විට කුමාර කියලා.විටේ එදා නං දිකා පස්සෙං ගිය එකට චාටර් වෙලා රතුත් වුනා.

පියතිලක සර්ගේ පන්තිය ඇරුනම ගොඩ දෙනෙක් බොරැල්ල පැත්තට තමා ගියේ. සීනි කූරයි, විට කුමාරයි, රෝෂිනීයි කොට්ටාව පැත්තටයි ගියේ.ගෙදර යන්න හදිස්සි වුනාම විටේ ඉක්මණටම පාර උඩිංම 174ක එල්ලෙනවා. සීනි කූරා ජනේලෙං ජනේලෙට එළියේ ඉඳං විටේ බස් එක ඇතුලේ ඉන්න හරියට කිට්ටු වෙනවා. කිට්ටු වෙලා ඒ හරියේ ඉන්න තරුණ කෙනෙක්ව හොයාගෙන මෙහෙම කියනවා.

සීනි කූරා: මේ අක්කෙ (කාන්තාව බලයි), අර අරයා (විටේව අතින් පෙන්වයි. කාන්තාව ඒ දෙස බලයි), ඕකා ජැක් කාරයා.

විටයත් අක්කාත් හෝ ගාලා ලැජ්ජාවෙං ඇඹරෙනවා. බස් එකේ ඉන්න මිනිස්සු හෝ ගාලා හිනාවෙනවා 😛 .ඊළඟ දවසේ විටයා සීනි කූරට පලු යන්න බණිනවා.

තව සමහර දාට ගෑනු කෙනෙක් ළඟපාත නොහොටියොත් කූරා අංකල් කෙනෙක්ට කතා කරලා විටයව පෙන්නලා කියනවා ඕකා පොකට් කාරයෙක් කියලා.විටයට මේ වැඩේ කීප පාරක්ම වුනා 😛 .

හිහ් හිහ්…කූරගේ වැඩ තමා ඉතිං. අපි බඩ පැළෙන්න හිනා වෙනවා.

Advertisements

ප්‍රතිචාර 7

  1. palaamalla said,

    ජූනි 22, 2010 at 4:28 ප.ව.

    නියම කතා ටික… හපොයි එහෙමත් කාලයක් ….. මේ කොල්ලො අහ් සොරි ඉබ්බො හික් හික් අකුරු ලොකු වට දාන්න බැරිද මචන් අනික් දවසේ.

    • ජූනි 22, 2010 at 7:24 ප.ව.

      මේ අද කාළෙ හැදෙන කොල්ලන්ට මක්ක වෙලාද මංදා? මෙච්චර නාකි මට අගේට පේනවා. මුංට තාම 20ක් වත් නෑ, කොහේ…දැංමම හතලිස් ඇඳිරිය. ඕං එහෙනං ලොකු කරා බොලාට බලාගන්න 😛 .

  2. isimbuwa said,

    ජූනි 22, 2010 at 6:23 ප.ව.

    එක පාරටම කතා ගොඩක්ම කියල තියෙන්නෙ. මාත් එක හුස්මටම කියවල දැම්ම.

  3. ජූනි 23, 2010 at 10:26 පෙ.ව.

    අනේ ඇත්තට ඉබ්බෝ මාත් ගියා කාලයක් මේ සර්ගේ පංතියට. අන්තිමට දුර වැඩි නිසා නතර වුනා. මට ඉතිං ඔය කියලා තියෙන කථා ටික මැවිලා මැවිලා පේනවා.

  4. nimanthi said,

    ජූනි 23, 2010 at 3:36 ප.ව.

    අකුරු ලොකු කරාට නම් බොහෝම පින් 🙂


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: