හොත්තිරිපඤ්ඤං…

ඉබ්බා ගිය කෙමිස්ට්‍රි පංතිය තිබ්බේ ඉරිදා උදේ නුගේගොඩ ලයිසියම් එකේ. පන්තියට ගිහිං ඉබ්බයි හොර අලියයි පයිංම ඇවිදගෙන සුපර් මාර්කට් හන්දියට එනවා බස් එකේ නගින්න.හොර අලියට බෝ ගහ ගාවිං 176 ගන්නත් ඉබ්බටත් එතනිංම 163 ගන්නත් පුළුවං වුනාට දෙන්නම අවට සිරි නරඹමින් හෝල්ට් 2ක් ඉතර ඇවිදගෙන එන්න තමා කැමති 🙂 .අතරමගදි රොටරිය පහු වෙනවා.නුගේගොඩ කාෂ්ඨකේ මල් වැස්සක් වහිනවා වගේ පන්ති යන බාලිකාවියෝ ගැන විස්තර විචාර පවත්වමින් ඇවිදං එන එක තමා සිද්ධ වුනේ 😛 .

ඔන්න දවසක් දෙන්නම එනකොට රොටරියේ පන්තියක් ඇරලා.සූ ගාලා කට්ටිය.උස අය, මිටි අය, කෙට්ටු අය, මහත අය, සුදු අය, කළු අය, සුදුත් නැති කළුත් නැති අය(හරියට ඉබ්බ වගේ), දිගට ඇඳපු අය, කොටට ඇඳපු අය මේ ඕනෑම වර්ගයක අය හෝ ගාලා වක්කඩ කැඩුවාම වතුර එනවා වගේ එනවා.ඉබ්බත් දැං හමුදාව ජනාධිපති උත්තමාචාර පවත්වනවා වගේ මූණ දකුණට හරෝගෙන ඉස්සරහට යනවා. එක පාරට ඉබ්බගේ එහා පැත්තෙං දඩබඩාං ගෑවා. ඉබ්බ ඉස්සරහා බැළුවා.ඔක්කොම තනි අළු පාටයි.නහයත් නිකං රළු පෘෂ්ඨෙක ගෑවුනාද මන්දායි ඉබ්බට හිතුනා.හත්වලාමයි! ඉබ්බා ලයිට් කණුවක් බදාගන්න ඔන්න මෙන්න.ඉබ්බ මුකුත් නොවෙච්ච ගානට හිමීං අඩියක් පස්සට ඇවිත් බැලුවා මොකද්ද සද්දෙ කියලා.මෙන්න බොලේ හොර අලියා අර ෆොටෝකොපි කියලා පාර අයිනෙ තිබුණ බෝඩ් එකක් දණි පනි ගාල කෙළිං කරනවා.ඒ මදිවට එතන පොඩි බස් හෝල්ට් එකකුත් තියනවා.මිනිස්සු බලනවා මුං දෙන්නට මහදවාලෙ මේ මොකෝ වෙලා තියෙන්නෙ කියලා.එකෙක් ලයිට් කණුවක් බදාගෙන, අනිකා යස අගේට පාර අයිනේ තිබුණ බෝර්ඩ් එකකට පයිං ගහලා.ක්ෂණයෙන් ඌර්ධවපාතනය වෙච්ච ඉබ්බයි හොර අලියයි නැවත ඝන තත්වයට පත් වුනේ ගෙවල් බලා යන බස් 2ක් ඇතුලේ.

සිද්ධාර්ථ කුමාරයා ඉපදුණ තැන අශෝක අධිරාජ්‍යයා අශෝක ස්ථම්භෙ පිහිටෙවුවා වගේ ඉබ්බයි හොර අලියයි චාටර් වෙච්ච තැන ලංකා විදුලිබල මණ්ඩලේ හිටෝපු ලයිට් කණුව තාමත් තියනවා. 🙂 හිහ්.ඉබ්බ නුගේගොඩ ගියාම තාමත් ඒකට ආචාර කරලයි එන්නෙ. එහෙමත් අමතක කරන්න පුළුවනෑ 😛 .

ප්‍රතිචාර 14

  1. සමීර said,

    ජූනි 21, 2010 at 6:52 ප.ව.

    Ela niyama katawa! Oya kanu wala tama kollo happenawa! විදුලිබල මන්ඩලේ තමා වැරැද්ද! පාරෙ මැද්දෙ කනු හිටවලා! අපේ කොල්ලොන්ට තාම කෙල්ලො දිහා බලාගෙන පාර දිගෙ යන්න බෑ

  2. මහසෝණා said,

    ජූනි 21, 2010 at 6:56 ප.ව.

    මරු ඕයි…..!!! බඩ පැලෙනං හිනා… අම්බෝ….!!! ඔයා ලියන හැටින සුපිරි…!! ෆට්ට බන්… තාම හිනාව නවත්ත ගන්න බෑ…..!!!

    • ජූනි 21, 2010 at 8:05 ප.ව.

      කියෝල බලන්න බ්ලොග් ගඩොල් මලයගේ කෙරුවාව. මිනිහා මට වඩා දස්සයා 🙂 . හෙහ්…
      (මගේ ඒවා කියෝලා කියෝලා මට එපා වෙලාද මන්දා)

      • blog gadol said,

        ජූනි 22, 2010 at 6:39 ප.ව.

        තැන්ක්යූ වේවා ඉබ්බයියේ! ඔයාගෙ නිහතමානිකමනං මසුරං වටිනවා. ඒත් ඔයා මට වඩා අදක්ෂයි කියන එකනං ගල් පැලෙන බොරුවක්!! 😀

  3. tharindu said,

    ජූනි 21, 2010 at 7:05 ප.ව.

    මාත් දවසක් කණුවක් බදාගත්තා. මාර සැපයි…

  4. ජූනි 22, 2010 at 12:34 පෙ.ව.

    මරු මචෝ කියලා වැඩක් නෑ සුපිරි.ලස්සනට ලියලා තියෙනවා.දිගටම ලියපං.

  5. ජූනි 22, 2010 at 7:24 පෙ.ව.

    දිරි ගන්වන හැමෝටම ස්තූතියි!

  6. palaamalla said,

    ජූනි 22, 2010 at 12:45 ප.ව.

    හික් හික් මෙලෝ සිහියක් නැහ වාහනවල හැපෙන්නේ… අර කෙල්ලො ඇතුවත් බෑ සින්දුවේ තියෙන්නේ… වෙලාවට ඉබ්බගෙ කට්ට අලුතින් දාන වෙනව හැප්පුනා නම්

  7. හසී said,

    ජූනි 22, 2010 at 2:51 ප.ව.

    ඉබ්බාටත් වෙන දේවල්… හික් හික්

  8. lankanhero said,

    ජූනි 26, 2010 at 12:37 ප.ව.

    හොද වෙලාවට ඉබි කට්ට තිබ්බේ.. නැත්නම් හතර විලි ලැජ්ජාවයි නෙව

  9. Ran said,

    අගෝස්තු 9, 2010 at 3:52 පෙ.ව.

    මටත් ඔයවගේ අත්දැකීමක් තියනවා. හැබැයි ඔයිට වඩා හොඳ එකක් :). එකදවසක් මම school bus එකෙන් බැහැල ගෙවල් පැත්තට යනවා, බස් එකේ උන් මොකක් හරි කියල කෑගහයිද බලන්න මම බස් එක දිහා බලාගෙනම ටිකදුරක් ගියා. එකපාරටම මට දැනුනා මුළුසර්වාංගයම මුදු මොලොක් යමක වේගයෙන් ගැටුනු බව. බැලින්නම් මළ කෙළියයි, ඒවෙලේ විරුද්ධ අතට පාර අයිනෙන් ඇවිදගෙන ගිය ගමේ පාසලේ බාලිකාවක් අපේ බස් එකේ උන් තමන්ට කෑගහයි කියලා හිතලා බස් එකට විරුද්ධ පැත්ත බලගෙන ඇවිදගෙන ඇවිත්, දඩබඩාං ගාල දෙන්නම මූනට මූන හැපිල. බස් එකේ උන් ඇත්තටම කෑ ගැහුවෙ සිද්ධිය උනාට පස්සෙයි.

    • අගෝස්තු 9, 2010 at 1:58 ප.ව.

      හික්… 😛 මොනා වුනත් නියම ඇක්සිඩන්ට් එකක්.ඊට පස්සෙ ස්කූල් බස් එක නැති වෙලාවල් වලත් එහෙම වුනා නේද? හිහ්… 🙂

      • Ran said,

        අගෝස්තු 12, 2010 at 9:50 පෙ.ව.

        😦 අනේ ආයේ එහෙම උනේ නෑනේ 🙂


මහසෝණා වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න