මේකත් වුනේ ඉබ්බගෙ A/L පන්තියෙදි. ඔන්න දවසක් බූරු පියාට කාර්ඩ් ගේම් එකේ තැනක් නැති වුනා. එච්චරට ප්ලේයර්ස්ලා. බූරු ක්‍රීඩාවේ පියාටත් ඉතිං තැනක් නෑ කිවුවම හිතා ගන්නකො. දැං පියාට කේන්තියි. පියා බණිනවා.
“යකෝ, මමයි පැක් එක ගෙනාවේ. මටත් ප්ලේස් එකක් නෑ. මේකටනං මොකක් හරි කරන්න ඕනෙ”
පියා පන්තියේ එහාට මෙහාට ගියා. පන්තිය මැද හරියෙ ඩෙස්ක් එකක් යට තිබිලා පියාට සතියක් ඉතර පරණ වෙච්ච පාං මුලක් හම්බුනා.දැං ඉබ්බත් සීන් එක බලාගෙන ඉන්නෙ. පියාට හිනාවක් ගියා.
“ඒයි, වරෙං සිරා වැඩක් කරන්න” කියලා පියා තව දෙතුන් දෙනෙක්ව එකතු කරගත්තා.
කට්ටිය පරණ පාං මුලත් අරං ගියා පන්තියේ ඉස්සරහම කොනට. ගිහිං වට වුනා. පාං මුල මේසෙ උඩ තියලා දිග අරින ගමං
“ඒයි, පාං…පාං…පාං…පාං…” කියලා කෑ ගගහා පොරකන්න ගත්තා.
කාර්ඩ් ගහපු කට්ටිය මේ මොකුත් දන්නෙ නෑ. ඔළුව උස්සල බැළුවම, අප්පටසිරි පාං මුලක් දිග ඇරලා. මතකනේ ඒ කාලෙ කෑම මුලක් දිග ඇරියම. සමහරු උසේන් බෝල්ට්ටත් වඩා වේගෙන් දුවගෙන ආවා. සමහරු ඩෙස්ක් උඩින් ආවා. තව අය ගුවන් ගතවෙලා උඩිංම ආවා.තත්පර කීපෙකිං බූරු පියා ඇතුළු පිරිස පැත්තකට තල්ලු කරපු කට්ටිය පොරකකා පුස් පාං කනවා. වැඩේ අති සාර්ථකයි. දැං බූරු පියාට හොඳටම හිනා 😛 . මේක කට්ටියට කියන්නත් ඕනෙ. පුස් පාං බඩට යවන්න පුළුවං යැ. කොහෙ කියන්නද? කට්ටිය රස කර කර පොරකකා පුස් පාං කනවා දැකලා අනිත් අය හුස්ම ගන්නෙත් නැතුව හිනා වෙනවා. අමාරුවෙන් හිනාව නවත්ත ගත්ත පියා කිවුවා ඕයි ඔය පරන පුස්කාපු පාං මුලක් කියලා. එතකොට තමා කට්ටියට පුස් රහ දැනෙන්න පටං ගත්තෙ 🙂 .
දැං සමහරු ජනේලෙ ගාවට ගිහින් කටේ තිබ්බ පාං විසි කරලා එළියට කෙළ ගහනවා. තව අය වතුර බෝතල් හොයාගෙන කට හෝදනවා. තවත් අය උගුරට ඇඟිල්ල දාලා වමනෙ දාන්න උත්සාහ කරනවා(පාං ගිලපු අය 😛 ). තවත් අය පියාගෙං අහනවා ඒයි, බොරු නේද? ඒක හොඳ පාං මුලක් නේද? කියලා. සිද්ධිය මුල ඉඳලා බලං හිටපු අය බිම පෙරළි පෙරළි හිනා වෙනවා. එදායිං පස්සෙ නම් බූරු පියාට කාර්ඩ් ගේම් එකේ අනිවාර් යයෙන්ම ප්ලේස් තිබ්බා 🙂 .
ilandhariya said,
ජූනි 16, 2010 at 11:07 පෙ.ව.
hikzzzzzzzzz
හසී said,
ජූනි 16, 2010 at 12:36 ප.ව.
he he 😀
හා පැටික්කි (MS) said,
ජූනි 16, 2010 at 6:46 ප.ව.
😀 😀 😀 😀 😀 😀
palaamalla said,
ජූනි 18, 2010 at 9:51 පෙ.ව.
හික් හික් ඒ කාලේ මතක් වෙනවා බන්. බත් මුල් කාපු හැටි… දිග අරිනව විතරයි වෙච්ච දෙයක් නැහ. ලස්සන කාලේ
ඉබ්බා said,
ජූනි 18, 2010 at 9:19 ප.ව.
හ්ම්…කාලෙ ඉබ්බලගේ A/L පන්තියේ තමා සෙක්ෂන් එකේ කීර්තිමත්ම බත් මුල තිබ්බේ. ඒක දිග අරින වෙලාවට එහා පන්ති වල එවුනුත් ඉබ්බලගේ පන්තියේ හිටියේ 😛 .බත් මුල ඉන්ටර්වල් එකට විනාඩි 10කට ඉතර කලිං උණුවෙං ඉස්කෝලෙට එනවා.එදිරියා තමා බත් මුලේ අයිති කාරයා.එදිරියගේ තාත්තා ලොකු කකුලක්.ඒකෙ මස්, මාළු, බිත්තර, සොසේජස් ඔක්කොම තිබ්බා. ඒත් අනේ, අහිංසක එදිරියා හැමදාම කෑවෙ එක්කො බිත්තරේ, නැත්තං සොසේජ් 1ක් විතරයි.තත්පරයක් ඇතුලෙදී බත් එක අතුරුදහං වෙනවා.ඩෙස්ක් එක උඩට එන්නෙ පොලිතින් කොලේ ඉතරයි.අන්තිමට කන්න සෙට් වෙන එවුං පොලිතින් කොලෙත් කනවා 😛 .
මහසෝණා said,
ජූනි 21, 2010 at 7:08 ප.ව.
මරු බන්… ෆට්ට කාලේ….!! එහෙම කනකොට මාර සිරා….!!!
සිරිමල් said,
මැයි 24, 2012 at 3:52 ප.ව.
ඒ කාලෙ වාෂ්පශීලී ද්‍රව්‍ය අතරින් ඉහලින්ම තිබ්බෙ බත් තමා.
ඉබ්බා said,
මැයි 24, 2012 at 4:01 ප.ව.
හිහ්… ඇත්ත තමා 🙂
ගයන්ත said,
ජූනි 25, 2010 at 6:09 ප.ව.
position එක නැති කරගෙන කොහොමද.. 😀