වින්ධ්‍යා

කොහොම කොහොම හරි ඉබ්බත් A/L කරන්න පටං ගත්තා.ඒ කාළෙනම් ඉතිං කොහොම අමතක කරන්නද?ඉබ්බලගේ පන්ති නිකං ගුහා වගේ.ඇතුලට ඇතුලට යන කොරිඩෝර් දිගේ ගියාම තමා පන්ති තියෙන්නෙ. හොඳට වට කරලා ජනෙල් දාලා. දොරේ පොඩි කොටුවක් ඉතරයි එළිය බලන්න තිබ්බෙ. ඔක්කොම වැහිලා. පන්තියෙ පරණ ෆෑන් 2යි, ටියුබ් ලයිට් 4යි. පිනුං ගහන්න තරම් ඉඩ තිබුනා.

ඉබ්බලගේ පන්තිය පිස්සං කොටුවක්.එකේක ජාතියේ පිසො හිටියා.ඉස්සරහා කොනෙං පටං ගත්තම ප්‍රජා, චෑං, ලලා, හොර අලියා, වූෂු මැස්සා, ජින්නා, එදිරියා, විජේ, අයියා, ජූඩෝ, ඩිකා, ගංජා මල්ලි, වවුලා, ගාමින්ද,ඇලට්,හැරී,ප්‍රගති,අයින්ස්ටයින්,මාල්, ගමයා, බූරු පියා,කනිෂ්ඨ,ගුජ්ජික,වින්ධ්‍යා,අයි සී,වයිටා,බෝප විජේ,ධර්මාලෝක,දිලිප් කුමාර්,බාලෙ, තොලා,සිරා, මීඩියා මිනිස්ටර්, කූරා මේ ඔක්කොම ඉබ්බගෙ පන්තියේ යාළුවෝ. ඒ දවස් වල ග්‍රෙගරි මහත්තයගෙ පාරෙ තියන ඉස්කෝලෙ A/L කරන්න අළුතෙං ළමයින්ව ගන්න කාළෙ. අළුත් කට්ටිය අරං මාසයක් විතර ඇති. යාළුවො සෙට් වේගෙන එන කාලෙ. අල්ලපු බයෝ පන්තියට ආපු යාළුවෙක් Maths කරන්න ඕනෙ කියලා ඉබ්බලගේ පන්තියට මාරු වුනා.ඉබ්බල මුලින්ම ඒ යාළුවට කිවුවේ බයෝ කියලා.දන්නවනේ ඒ කාලෙ. හරි ස්ටයිල්නෙ.කලිසමේ කුණු ගෑවෙනවට පුටුවට ලේන්සුත් දාලනෙ ඉඳගන්නෙ.බයෝත් එහෙම තමා.නීට් එකට ඇඳලා, හොඳට කොණ්ඩෙ එහෙම පීරලා තමා හිටියේ.තාම මිනිහා අනික් අයත් එක්ක වැඩි කතාබහ නෑ.

ඔන්න දවසක් පණිවිඩයක් ආවා.පණිවිඩේ ගෙනාවේ අයි සී.

“සර්ලා ප්‍රිෆෙක්ට්ලා එක්ක පන්ති වලට පනිනවා.තියන දේවල් ඉක්මණට දීපල්ලා.හංගලා ආපහු දෙනවා”

එහෙම තමා අයි සී කිව්වේ.කොල්ලො දනි පනි ගාලා හංගගෙන හිටපු පත්තර කෑලියි, මැගසින් පිටුයි අයි සී අතට පත් කළා.දැං කඩා පනින හමුදාව ළඟ ළඟම එන බව තේරෙනවා.අයි සී සහ පිරිස දඩ බඩ ගාලා පත්තර ටිකයි මැගසින් ටිකයි නමලා ගුරු මේසෙ ලාච්චුව එළියට ඇදලා එහා කොනෙංම තියලා ලාච්චුව තද කළා. එදා කාර්ඩ් පැකුත් 4ක් ඉතර තිබ්බ. ඉක්මණට ඉස්සරහා ෆෑන් එක ඕෆ් කරළා ගුරු මේසෙට නැගලා අතිං අල්ලලා ෆෑන් එක නැවැත්තුවා.ඊට පස්සෙ තට්ට උඩ කාර්ඩ් පැක් ටික පේළියට පහළට නොපෙනෙන්න තිබ්බා. කට්ටිය හරිබරි ගැහෙන්නත් කළිං මෙන්න බොලේ සර්ලා හතර පස් දෙනෙකුයි ප්‍රිෆෙක්ට්ලා කට්ටියකුයි පන්තියට කඩා පැන්නා.

ඒ දවස් වල විනය භාර හිටියේ සෝගා.සර්ට යකා නැගලා.බනිනවා පළු යන්න.සර් පහළ පන්ති වලිං අල්ලගත්ත අසභ්‍ය පත්තරයි මැගසිනුයි මිටියක් උස්සගෙනයි ආවෙ.අංශභාර ෂොක්මන් සර්ගෙ මූණෙ නම් උපහාසාත්මක හිනාවක් තමා තිබුණේ. දැං ප්‍රිෆෙක්ට්ලයි සර්ලයි එක එක්කෙනාගෙ බෑග් චෙක් කරනවා. තව කට්ටියක් පන්තිය ඇතුලෙ කණ්ඩියි ඩෙස්ක් අස්සවලුයි චෙක් කරනවා.සෝගා හෝ ගාලා බණිනවා.කට්ටිය මීයට පිම්බා වගේ.ඉස්සරහා ටික චෙක් කරලා ඉවරයි.ගෙනාපු ද්‍රව්‍ය තාම සුරක්ෂිතයි.සෝගා පන්තිය පිටි පස්සට යනවා.ඉබ්බා හිටියෙ ඉස්සරහා පේළියේ මැද.සෝගා ගිහින් සීනි කූරගේ උඩු කය චෙක් කළා. ෂර්ට් එක අස්සෙ මොනාවත් තියනවද බලන්න. නෑ. මුකුත් නෑ.ඊට පිටි පස්සෙ පේළියෙ කොනේ බයෝ කිසි හැල හොල්ම්නක් නැතිව වාඩි වෙලා ඉන්නවා.දැං ඉබ්බ පිටි පස්ස හැරිලා ඇන්ටනාව දාගෙන ඉන්නෙ.සර් ගියා බයෝ ගාවට.

සර්: තමුසෙ ගාව මොනාද තියෙන්නෙ?

බයෝ: මුකුත් නෑ සර්

සර්: ලේන්සුව අහකට ගන්නවා (බයෝ කලිසමේ කුණු ගෑවෙනවට හැමදාම ලේන්සුවක් දාලයි ඉඳ ගන්නෙ)බයෝ පැකිළෙයි.සර් ලේන්සුව ඉවත් කර අලි පත්තර මිටියක් රෝල් කර අතට ගනු ඉබාට පෙනෙයි.

සර්: මේ මොනාද යකෝ මේ? චට… පට… චට… පට…

බයෝට පත්තර මිටියෙන්ම කම්මුලටත් හිසටත් පහර වැදෙයි.

තෝ ගාව මුකුත් නෑ කිවුවා නේද? මේ මොනාද? මෙහෙ එනවා යන්න.

අනේ සර්, බෑ සර්… නෑ සර්… කියමින් බයෝ බැගෑපත් වෙයි. සර් බයෝව යුනිෆෝර්ම් එකෙංම ඇදගෙන ගියා. දැං බයෝට කඳුළුත් ඇවිල්ලා. පන්තියේ කට්ටිය ෂොක් වෙලා.

සර්: කෝ තව කවුද ඉන්නෙ?

කට්ටිය මීක් සද්දයක්වත් නෑ. මුළු පන්තියම අනික් පැත්ත ගහලා හෙවුවත් මුකුත් හම්බුනේ නෑ.කඩා පනින හමුදාව ගියා.අයි සී ට යකා නැගලා. අයි සී කෑ ගහනවා

“ඇයි යකෝ මෙච්චර කිවුවා මූ දුන්නෙ නෑනෙ” කිය කිය අයි සී බයෝට පළුයන්න බණිනවා.

කට්ටිය ගියා විස්තර හොයං එන්න. අහු වෙච්ච යාළුවො ටික මූණු කොටු කරගෙන ස්ටාෆ් රූම් එක ඉස්සරහා ඉන්නවලු. කට්ටියට ගෙවල් වලිං එක්කං එන්න කියලා.ටික වෙලාවකිං අයි සී බිම පෙරළි පෙරළි හිනා වෙවී එනවා.

“ඕයි, ඌ ගාව තිබිලා තියෙන්නෙ වින්ධ්‍යා පත්තර මිටියක්. හරි හමං දෙයක් තිබ්බනං දුක නෑ ඕයි” කිය කිය අයි සී හිනා වෙනවා.

ඕගොල්ලන්ට මතකද ඒ කාලෙ වින්ධ්‍යා කියලා කාන්තා පත්තරයක් තිබ්බා.බයෝ ගාව තිබිලා තියෙන්නෙ ඒවා මිටියක්.පන්තියේ කට්ටිය පෙරළි පෙරළි හිනා වුනා 😛 .ඊට පස්සෙ බයෝගෙ කාර්ඩ් එක වින්ධ්‍යා කියලා රෙජිස්ටර් වුනා.ඊට පස්සෙ නං වින්ධ්‍යා පන්තියේ කට්ටිය එක්ක ෆිට් වුනා. පන්ති භාර මැඩම් ඇහුවමත් කට්ටිය බයෝව හැඳින්වුවේ වින්ධ්‍යා කියලා.එහෙම කිවුවම බයෝටත් වඩා ලැජ්ජාවෙන් ඇඹරුනේ මැඩම් 😛 .

සමහර විට ඒවා කළේ කුතුහලය නිසා වෙන්න ඇති. නැත්තම් නිකං දාංගලේට වෙන්න ඇති.වෙන වෙන හේතුත් තියෙන්න ඇති.අන්තිමට කොහොම හරි අහු වුන අයට දෙමාපියන්ව ඉස්කෝලෙ එක්කන් එන්නම වුනා. එදා නම් අපිට කණගාටු හිතුණා 😦 .දරුවන් දැනුවත්ව හෝ නොදැනුවත්ව කරපු දේ නිසා ඒ අය මහත් අපහසුතාවකටත් ලජ්ජාවකටත් පත් වුන වග ඉබ්බලා දැක්කා.ඒත් එතන හිටපු සැළකිය යුතු පිරිසක් අද හොඳ පුරවැසියෝ වෙලා ඉන්නවා.ඉංජිනේරුවොත් කීප දෙනෙක්ම ඉන්නවා.වින්ධ්‍යාත් ඉහළ අධ්‍යාපනේ ලැබුවා.තාමත් ඉඳලා හිටලා ඉබ්බට මුණගැහෙනවා.

හිහ්… 🙂 වින්ධ්‍යා!

Advertisements

ප්‍රතිචාර 13

  1. ilandhariya said,

    ජූනි 15, 2010 at 4:49 ප.ව.

    හිකිස්……පාසල්කාලය මතක් වුනා…..

  2. blog gadol said,

    ජූනි 15, 2010 at 6:36 ප.ව.

    hik hik!! elakiri 😀

  3. tharindu said,

    ජූනි 15, 2010 at 7:33 ප.ව.

    පොඩි කාලෙ මතක් උණා හලෝ. අපි ඒකාලෙ බැලුවෙ ප්‍රියාදරී, A ටූ Z වගේ ඒව. ඔව්ව ඉතිං ඒ ඒ කාලෙට හැදෙන ලෙඩනේ. ඔව්ව නොකරපු උන් තමයි …………………

  4. ජූනි 16, 2010 at 10:03 පෙ.ව.

    මම නම් බලාගෙන හිටියේ සර්ලාට ඒවා මේවා සොයලා සොයලා මහන්සි වෙලා ෆෑන් එක දාන කම්………….. 😀

    • ජූනි 16, 2010 at 10:30 පෙ.ව.

      සර්ලට ස්ටාෆ් රූම් එකට යන්න පුදුම හදිස්සියක් තිබ්බෙ 😛 හිහ්…

      • ජූනි 19, 2010 at 2:06 ප.ව.

        ඒකෙන් මට තේරුනේ ළමයි බලපු ඒවා බලන්න සර්ලාට හදිස්සියක් තිබුණා වගේ අදහසක්, ඒක එහෙමද? 😀

      • ජූනි 19, 2010 at 10:57 ප.ව.

        හ්ම්…එහෙම වෙන්නත් පුළුවං 😛 .
        එහෙම කතාවකුත් තියනවා.ඒක කිවුවේ මීයා.ඉබ්බලා 11හේ ඉන්දැද්දී කේවට්ටයා මීයටයි තව කාටදෝයි කිවුවලු ස්ටාෆ් රූම් එකට ඇවිත් පොඩ්ඩක් අස් කරලා දෙන්න කියලා.අස් කරගෙන අස් කරගෙන යනකොට මෙන්න බොලේ මිටියක් හම්බුනාලු. මේ අනපේක්ෂිත සොයා ගැනීමෙන් මීයා මදකට ගල් වුනාලු.කේවට්ටයා ඇහුවලු මොකද පුතා කියලා. මීයා කිවුවලු සර්…මේ… කියලා ඔළුව කැසුවලු.ආ… මේ පරණ ළමයිගේ දඟ වැඩ කියලා සර් මිටිය ගන්නකොටම ස්ටාෆ් රූම් එකට ආපු රාජාලියා සර්ගෙං මිටිය එකපාරට අරගෙන බ්‍රීෆ් කේස් එකේ දාගෙන සුටුස් ගාලා මාරු වුනාලු.මීයා තමා ඉබ්බට කිවුවේ 🙂 හිහ්.

  5. palaamalla said,

    ජූනි 18, 2010 at 10:01 පෙ.ව.

    මට නම් ඔය පත්තර සීන් එච්චර මතක නැහ. අපිට ඉතින් සීඩි වල පිහිට තමා. 7 – 8 දි වගේ නම් පත්තර හුවමාරු උනා. හපොයි ඒව බලන්න වින්ද දුකක් හික් හික්

  6. Nishacharaya said,

    ජූනි 19, 2010 at 1:15 ප.ව.

    මට මතකයි ඔය වින්ද්‍යා පත්තරේ ආපු ගමන්ම පළවෙනි කළාපෙ අපි අරන් බැලුවා, ඊට පස්සෙ ඒක බැලුවෙ නෑ, මෙලෝ රහක් නැති පත්තරයක්… 😀 😀

  7. Ansh Lucky Sri Jay said,

    ජූනි 24, 2010 at 1:45 ප.ව.

    ලොල්… 😀

  8. haxim shinoda said,

    අගෝස්තු 20, 2010 at 12:46 ප.ව.

    mamath oya kiyana iskole M3 Maths class eke thama jeewath wune…habai apinam tikak diyunu widihata wiyapaaraya ragena giya!!!!….okkoma watina kiyana bhanda science society eke room eke thama hanguwe…mokada eke yathura mage langa thibba hinda!!!!!…..
    kiyanada watinawa,eka paarak mamai mage yaaluwo dennekui,10 wasare building eke ceiling eka athule thibila hoya gaththa nidhanayak.oya wagema paththara 30k withara…2004 thama awurudda…..hama ekakma oya wage hadissiyata hanagala ganna bari wunu dewal….kohomada tikiri moley??????
    hiks!!!!!

  9. dsandun said,

    ජූලි 12, 2011 at 11:38 ප.ව.

    hikz.. maath ithin oya ihatha nama sandahan iskole thama.. wede kiyanne ape panthi nam kawadawath check karala naha.. maath issara staff room eka clean karanna giya welawata ohoma ewa set wenawa.. shape eke sakkuwe dagena awilla kollo set eka ekka balanawa.. vindya awe 99 di 😀 math oya paththare gaththa 2001 wage wenakal

  10. මැයි 22, 2012 at 5:53 ප.ව.

    […] වුනේ අර කලින් ඇබැද්දියකදි කිව්ව වින්ධ්‍යාටම තමා. ඔන්න ඉතිං ඉබ්බයි සීනි කූරයි […]


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: