සීනි කූරා

මේක නම් පොඩි පොඩි කතා ගොඩක එකතුවක්. සීනි කූරා ගැන තමා කියන්නේ.

ඉස්කෝලේ යන කාලේ ඉබ්බට මුලින්ම සීනි කූරව හම්බුනේ අටේදි. ඒ වුනාට ඉබ්බ සීනි කූරව හයේ ඉඳලම දන්නවා. සීනි කූරා බ්‍රයිටා. සීනි කූරා හිටියේ ඉබ්බ හිටපු සෙට් එකේ නෙවෙයි. ඒ වුනාට සීනි කූරා ඉබ්බත් එක්ක යාළුයි.ඉස්සර අටේදී සීනී කූරා නිතරම ලැවරියා ගේනවා. ඉන්ටර්වල් එකෙං පස්සේ ඉතුරුවෙන ලැවරියා ටිකත් අරං ෆ්‍රී වෙලාවක ඉස්සරහට යන සීනි කූරා ලැවරියා පොඩි කෑලි වලට කඩලා යාළුවන්ට උඩිං එවනවා. ඕනෙ කට්ටිය උඩ පන්දු රැකගෙන කටේ දාගන්න ඕන. මේ අතර පැණි නැති ලැවරියා කොන් වලින් සීනි කූරා වෙන වැඩ කර කර ඉන්න එවුන්ට පටාර් ගාලා දමලා අරිනවා.දවසක් ඉබ්බා මේසෙ උඩ ඔළුව තියාගෙන හිටියා.සීනි කූරා ගුලි කර කර හිටපු ලැවරියා කෑල්ල එකපාරට විදුලි වේගෙන් ඉබ්බට එවුවා.ඉබ්බ මිකක්දෝ කියන්න හැදුව ඉතරයි ඉබ්බගේ මූණ ඉස්සරහම ඩෙස්ක් එකේ බම්ප් වුන ලැවරියා ගුලිය බහ් ගාලා ඉබ්බගේ කට ඇතුලටම ගියා.ඉබ්බා දඩ බඩ ගාලා ලැවරියා ගුලිය දැලෙන් එළියට දැම්මා.සීනි කූරා පෙරළි පෙරළි හිනා වුනා.

සීනි කූරා වතුර ගේන්නෙ පොඩි ප්ලාස්ටික් බෝතල් වල. එකක් රුපියල් 5යි කියලයි සීනි කූරා නම් කිවුවේ. ඉස්කෝලේ ඇරෙන්න කිට්ටු වෙනකොට සීනි කූරාට මෝල් තද වෙලා ඉන්නේ. බෝතලේට වතුර පුරෝගෙන එන සීනි කූරා එකපාරට කොල්ලෝ ගාවට ඇවිත් මුලු බෝතලේම කලිසමට හලනවා. කොල්ලෝ ඉස්කෝලෙ ඇරිලා ගෙදර යන්නේ නිල් කලිසමේ චූ ගිහිල්ල වගේ. දවසක් ඉබ්බට මළ පැනලා සීනී කූරට දුන්න එකක්. සීනි කූරා කිවුවා “උඹලට අනිත් එවුන්ට කරන කොට නම් හිනා, උඹලට කළාම ගෑස්” කියලා. ඉබ්බා කල්පනා කළා කතාව ඇත්ත නේන්නම් කියලා. ඊට පස්සෙ ඉබ්බ ඒවගේ කළේ නෑ.

ඩෙස්ක් පේළි අතරින් යන්න තියන පැසේජ් එක කිට්ටුවෙන්ම තියන ඩෙස්ක් එකේ දාරෙ සීනි කූරා චෝක් කානවා. කොල්ලෝ එතනින් යනකොට සීනි කූරා හිමීට ඩෙස්ක් එක තල්ලු කරලා කලිසමේ ගාවනවා. කට්ටිය දන්නෙම නැතුව හුණු නාගෙන ගෙදර යනවා. සමහර දාට සීනි කූරගේ ඉස්සරහා පේළියේ ඉන්න යාළුවා නැගිටපු ගමන් සීනි කූරා ටක් ගාලා පුටුවට ගම් දාලා චෝක් කුඩු ටිකක් ඉහිනවා. සීනි කූරට මේ වැඩේට යන්නේ තත්පර කීපයයි. යාළුවට මළ පහවෙලා වගේ හුනු නාගෙන ගෙදර යනවා 🙂 .

කුදාව ඉබ්බ එකේ ඉඳලම දන්නවා. කුදාට කුදු පියුමිණී කියලා දැම්මෙත් සීනි කූරා. කුදා ඉන්නේ කුදු වෙලා. පියුමිණී කියන්නේ කුදා අටේදි කැමති වෙලා හිටපු සීනි කූරලගේ ඉංග්‍රීසි පන්තියට එන ගෑණු ළමයෙක් 😛 . කුදා හිටියේ හරියටම සීනි කූරට පිටිපස්සෙ.එක පාරට පිටිපස්ස හැරෙන සීනි කූරා කෙළිං වෙයංකො මං කියලා පිට පුරෝලා කුදාගෙ පිට මැද්දට කෙළිනවා. කුදා අම්මෝ ගාගෙන මොහොතකට කුදු ඇරලා කෙළිං වෙනවා.සීනි කූරගේ අඩම්තේට්ටම් වලට වැඩියම අහුවුනේ කුදා. සමහර දාට කුදා මළ පැනලා සීනි කූරව පන්තිය වටේ එලෝගෙන යනවා.සීනි කූරා සමහර දාට කුදාගෙන් ගුටිත් කනවා.

11 වසරේ ඉන්නකොට 10, 11 භාර සහකාර විදුහල්පති ගඩ්ඩා(එහෙම කිවුවම එදා මෙදාතුර ග්‍රෙගරි මහත්තයගෙ පාරෙ තියන ඉස්කෝලෙට ගිය ගොඩ දෙනෙක් දන්නවා) හූනාගම ස්කූල් බස් එක බලාගන්න භාර දීලා තිබුනේ සීනි කූරට. සීනි කූරා අවුරුදු 3ක් ඉතර බස්නායක තනතුර දැරුවා.සමහර දාට කම්ප්ලේන් එනවා හූනාගම ස්කූල් බස් එකේ කට්ටිය කෙල්ලන්ට වතුර ගහලා, නැත්තම් ඔෆිස් වෑන් වලට විහිළු කරලා වගේ ඒවා. උදේ එසෙම්බ්ලි එකේදි

ගඩ්ඩා: හූනාගමයා, මෙහෙ එනවා…

සීනි කූරා ළමයි අතරින් ඉදිරියට එයි.

මොකද මේ කට්ටිය කෑ ගහනවා කියන්නේ. ලියලා දෙනවා මට නම් ටික. මම කරන්නම් වැඩක්.

සීනි කූරා ඔළුව කසමින් හා කියයි.

ටික දවසකින් යාළුවො අහනවා අර ස්කූල් බස් එකේ සීන් එකට මොකද වුනේ කියලා.

සීනි කූරා: ආහ්…මම සතියක් ඉතර කෑගහන්නැතුව හිටියා. එතකොට ඉබේඑම හරි ගියා.

සර් පේන ඇහුවේ හොරාගෙ අම්මගෙන් කියලා සර් දැනං හිටියේ නෑ. සීනි කූරා බස්නායක කම සිරාවට කළා.මාසෙකට ඉතර පාරක් කට්ටිය එක්ක වීක් එන්ඩ් එකේ ස්ටෑන්ඩ් එකට ගිය සීනි කූරා බස් එක හෝදලා ඇතුල අතුගාලා ඔක්කොම කළා.හැමදාම කලෙක්ෂන් දාලා ඩ්‍රයිවර්ටයි කොන්දොස්තරටයි දුන්නා. ඒක නිසා හූනාගම ස්කූල් බස් එක කවදාවත් නෑවිත් හිටියේ නෑ.සීනි කූරා ඉස්කෝලෙං අවුට් වුනාට පස්සේ ඒවා අභාවයට ගිහිල්ලා බස් එක යලට මහට එන බව ඉබ්බගේ A/L මැඩම් කිවුවා.

සීනි කූරා ආයිත් A/L කරද්දී ඉබ්බට හම්බුනා. ඉබ්බලගේ පන්ති තිබ්බේ හොඳට ඉඩ පහසුව තියන ටිකක් පරණ බිල්ඩින් එකක. ඒවා නිකං ගුහා වගේ. සෑහෙන privacy එකක් තුබුණා. දොර වැහුවම එළියට මුකුත්ම පෙන්නෙ නෑ.ෆ්‍රී පීරියඩ් වලට පන්තිය එකම පිස්සු ගොඩක්. පන්තියට කාඩ් පැක් එක මුලින්ම ගෙනාවේ සීනි කූරා. ඒක නිසා සීනි කූරට තවත් ප්‍රසිද්ධ කාඩ් එකක් තිබුනා බූරු පියා කියලා. ඒ, පන්තියේ බූරු ක්‍රීඩාවේ උපත සීනි කූරා නිසා. බූරු කිවුවට කට්ටිය වැඩියම ගැහුවේ ඕමි තමා. ඒක ගැන ලියන්න තව ගොඩක් රස කතා තියනවා. සීනි කූරට ඒ නම වැටුනෙත් A/L කාලෙදි.

දවසක් මෙන්න මෙහෙම කතාබහක් ඇතු වුනාලු.

සීනි කූරා: ඒයි, මාර වැඩක් වුනානෙ බං

අප්‍රේලයා: මොකක්ද?

සීනි කූරා: මගේ අහවල් එක කඩියෙක් කෑවනේ

අප්‍රේලයා: ආ…ඒ මොකෝ උඹේ එක කඩියෙක් කෑවේ? උඹට සීනි කූරක්ද තියෙන්නෙ?

එදා ඉඳලා තමා සීනි කූරා කාඩ් එක රෙජිස්ටර් වුනේ.

තව ගොඩාක් රස කතා තියනවා සීනි කූරා ගැන ලියන්න. ඒවත් ලියන්නම්.

ප්‍රතිචාර 19

  1. Hasitha said,

    ජූනි 9, 2010 at 6:45 ප.ව.

    අයියලා සෙට් එක මාර ෆන් එකක් අරන් තියෙනවා A/L කාලේ 🙂

    • ජූනි 9, 2010 at 7:22 ප.ව.

      හිහ්.. 😛 .බූරු පියා ඉපදුන ගමං ඇඳෙං බැහැලා පියවර 7ක් ගියාළු. ගිහිං ගත්තලු පැක් එක අතට. කොළ හතරක් ඇදලා අත උස්සලා පෙන්නුවළු. හයියෙන් කෑ ගහලා කිවුවලු රුයිත, ඉස්කෝප්ප, හාරත, කලාබර කියලා. ඒක තමා උත්පත්ති කතාව 😛 .

  2. dhananjaya said,

    ජූනි 9, 2010 at 9:17 ප.ව.

    aththa thamai.. seeni koorage… wada amthka wenne na

  3. ජූනි 10, 2010 at 10:32 පෙ.ව.

    මම හිතන්නේ පිරිමි ළමයි වුනහම ඒ විදිහට තමයි හැදෙන්න ඕනේ කියලායි. දඟ නැති පිරිමි ළමයි පිරිමි ළමයි නෙමෙයි මට නම්. බලන්න සීනි කූරා දඟ වැඩ කලාට බස්නායක තනතුර කරලා තියෙන විදිහ. හොඳ අවබෝඳයකින් ජීවත්වෙන මිනිස්සු ‍එහෙම තමයි මට හිතෙන්නේ.

    • ජූනි 10, 2010 at 11:25 පෙ.ව.

      එකඟයි.
      සීනි කූරා පොඩිකාලෙ ඉඳලා තමං කවුද කියලා හරියට අඳුරගෙන හිටියා. සෙල්ලම් කරන්න, පාඩම් කරන්න වෙලාව හරියට කළමනාකරණය කළා. ඒත් අවුල ගොඩාක් යාළුවෝ එහෙම නොකර එක පැත්තකට ඉතරක් බර වෙච්ච එක. එක්කො සෙල්ලම ඉතරයි, නැත්තං පාඩම ඉතරයි 🙂 .

      • සිරිමල් said,

        මැයි 24, 2012 at 3:31 ප.ව.

        සීනි කූරා කියන්නෙ මගේ නිත්ය ඕමි partner . නහය ඇල්ලුවොත් ඉස්කෝප්ප තමා නැද්ද මචෝ.
        මූට පුදුම කටක් තිබ්බෙ පොඩි කාලෙ ඝාණ්ටාර පූජ කරපු එකෙක් ට වත් එහෙම කටක් එන්නෙ නෑ. ඇත්ත තමා ඌ සද්දෙ වැහුවම ඉතුරු වෙන්නෙ බස් එකේ සද්දෙ විතරයි.

      • මැයි 24, 2012 at 3:41 ප.ව.

        ඔය අහු වෙන්නෙ උඹලා කරළා තියන හොර වැඩ 🙂

  4. AD said,

    ජූනි 10, 2010 at 10:43 පෙ.ව.

    Ela…

    Best part: ආහ්…මම සතියක් ඉතර කෑගහන්නැතුව හිටියා. එතකොට ඉබේඑම හරි ගියා.

  5. palaamalla said,

    ජූනි 18, 2010 at 10:12 පෙ.ව.

    ඔක්කොමත් හරි සීනි කූර උපන් එක තමා පටාම කෑල්ල හික් හික්

  6. මහසෝණා said,

    ජූනි 21, 2010 at 7:28 ප.ව.

    නියමයි…. ගඩ්ඩා එල සර් කෙනෙක්නේ…. හික් හික්…..!! ඔයා DS නේ මමත් DS …!!! මට බ්ලොග් වල සෙට් උන පලවෙනි DS කොල්ල ඔයා තමා……!!!

  7. harshana said,

    ජූනි 26, 2010 at 2:11 පෙ.ව.

    අම්ම්ම්මෝ ගඩ්ඩා, ඔය කාගෙ හරි බුරියෙන් අල්ලලා තියනවා ද?

    • ජූනි 26, 2010 at 9:37 පෙ.ව.

      හෙහ් හෙහ්…ඉස්සර කට්ටියට චූ යවන්න ඕනෙ වුනාම කවුරු හරි එකෙක් ස්ටාෆ් රූම් එක පැත්තට ගිහිං කටහඩේ බේස් වැඩි කරලා මෙහෙම කියනවා
      ඕයි…ඕයි…පිස්සු කොල්ලෙක්…
      පන්තියේ කට්ටිය දණි පණි ගාලා වාඩි වෙලා පොත් පෙරළගෙන එක විනාඩියට පාඩං වල මැද පිටුවට එනකනුත් කියෝලා ඉවරයි 🙂 .ඒ වයසටත් හාර්ට් ඇටෑක් එනවා නං මෙලහට බැච් එකේ 400න් 200ක් ඉතරම ඉස්කෝලෙදි මැරිලා. හිහ්… 😛
      කොහොමද ගඩ්ඩගෙ ඩබල් ඩොමිනෝස්?අර අත් දෙකම මිටි කරලා ඔළුවේ දෙපැත්තට එක පාර ටොකු දෙකක් අනින සීන් එක. එලෝ පොල් පේනව ඕයි කෑවම.තාමත් පපුව ඩිග් ඩිග් ගානවා!

    • සිරිමල් said,

      මැයි 24, 2012 at 3:23 ප.ව.

      ඩබල් ද සින්ගල් ද ඔනේ

  8. සැප්තැම්බර් 11, 2011 at 4:46 ප.ව.

    මට සැකයි ඉබ්බත් අපේ පන්තියෙද කියල… ඔය බාලයයි \ඔය කියන සෙට් එකෙ එඋන් ගොඩක් අපේ සෙට් එකෙත් හිටිය. ඔය සිද්දිත් බලනකොට මැරෙන්ඩ හිනායනව මොකද ඔය සිද්දි අපේ පන්තියෙත් වෙලාතියෙනව… මට අපේ පන්තියෙ එවුන් කිඋවෙ (වයිට) කියල…

  9. සීනි කූරා said,

    මැයි 15, 2012 at 12:14 ප.ව.

    යකෝ කඩියෙක් නෙවෙයි කූඹියෙක් කෑවේ…


ඉබ්බා වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න