හෝර්තගේ වතුර මල

9 වසරෙදි හෝර්තා හිටියෙත් ඉබ්බ හිටපු පන්තියෙමයි. හෝර්තට ලෝටස් කියලත් කිවුවා.

ජූලි මාසෙ ටර්ම් ටෙස්ට් එක ඉවර වෙලා ටීචර්ස්ලා පේපර්ස් බලලා දෙනකම් ඉබ්බලට දවසෙම සෙල්ලම් කරන්න ලැබුනා. ඒ දවස්වල තිබුණනෙ වතුර ගහන සෙල්ලමක්. ඉබ්බත් ඉතිං හෝර්තට වතුර ගෝප්පෙකිං ගැහුවා. ටිකක් දවල් වෙලා හෝර්තා පන්තිය එහා පැත්තේ දැල ගාවට ඇවිත් ඉබ්බට කතා කරනවා. හෝර්තා ගොළු භාෂාවෙන් තමා කතා කළේ. ඉබ්බට අමුත්තක් නොතේරුනු නිසා ඉබ්බත් පන්තිය ඇතුලෙං දැල ගාවට කිට්ටු කරා. හෝර්තා තව ළඟට කතා කරනවා(අතින්). ඉබ්බ හිතුවා හෝර්තා කටේ කෑම පුරෝගෙනයි ඉන්නෙ කියලා. ඉබ්බ තව ටිකක් ඉස්සරහට ගියා ඉතරයි හෝර්තා පෲස් ගාලා කටේ පුරෝගෙන හිටපු වතුර මලක් වගේ ඉබ්බට පිම්බා. ඉබ්බා නෑවා. කොහොමද හෝර්තගෙ ටිකිරි මොළේ? 😛

Advertisements

ප්‍රතිචාර 5

  1. වැප් said,

    ජූනි 7, 2010 at 2:42 ප.ව.

    ෂෑක් ඉඳලා හිටලා ඉබ්බාත් අහුවෙනවා නෙව… හිකිස්

  2. Hasitha said,

    ජූනි 7, 2010 at 8:03 ප.ව.

    ඉබ්බාටත් වඩා ගල් ඉබ්බෝනේ ඉදලා තියෙන්නේ 🙂

  3. Nishacharaya said,

    ජූනි 8, 2010 at 4:41 පෙ.ව.

    අපිත් එක්කත් හිටියා ‘හෝර්තා’ කියලා එකෙක්… ඌ නම් හරිම හිත හොඳ අහිංසකයෙක්. ඔය නමේ තේරුම දන්නවා නේද?

    • ජූනි 8, 2010 at 7:28 පෙ.ව.

      හ්ම්…දන්නෙ නෑනෙ 😦 .  කීප දෙනෙක්ගෙං ඒ දවස් වල ඉබ්බ ඇහුවා. ඉබ්බා ඇමතූ අංකයේ ප්‍රතිචාරයක් නොමැත 😛 .

      • Nishacharaya said,

        ජූනි 8, 2010 at 7:46 පෙ.ව.

        “K.G. කරුණාතිලක” මයා සිංහලට පරිවර්තනය කරපු ‘Tarzan’ කතා මාලාව කියවලා තියෙනවද? අපි 8 වසර 9 වසර ඉන්න කාලෙ ඔය පොත් සෑහෙන ජනප්‍රියයි. ඒ පොත්වල තියෙන විදියට වානරයන්ගෙ භාෂාවෙන් ‘හෝර්තා’ කියන්නෙ ‘ඌරා’ට 😛 අපේ හෝර්තා ටිකක් විතර මහත එකෙක්… 😀
        අනික තව එකෙක් හිටියා ඌරා කියලම කාර්ඩ් එක තියෙන, ඉතින් ඌරො දෙන්නෙක් වැඩක් නැති නිසා මූ ‘හෝර්තා’ උනා, අදටත් ඉස්කෝලෙ හිටපු හැමෝම ඌව දන්නෙ ඔය නමින් තමයි…. 😀 😀


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: