ගෑස් කාමරේ

ඉබ්බ හිටපු 9 වසරෙ පන්තිය තිබ්බේ අනෙක් 9 වසරෙ පන්ති තිබුන බිල්ඩින්  එකට එහා බිල්ඩින් එකේ. ඒක ටිකක් පරණ, සෞන්දර් ය විෂයන් උගන්නපු පන්ති තිබුන බිල්ඩින් එකක්. පහළම තට්ටුවේ තිබ්බෙ කැඩෙට් ප්ලැටූන් එකේ රූම් එකයි ඉබ්බ හිටපු පන්තියයි විතරයි. ඉබ්බගේ පන්තිය කැඩෙට් රූම් එකෙන් වෙන් වෙන්නේ ලී පාර්ටිෂන් එකකින්. ඉබ්බගේ පන්තියේ හිටපු මුත්තගෙ අයියා තමා ඒ දවස් වල සාර්ජන්ට්. ප්ලැටුන් එකටත් ඉතිං ඒ දවස් වල ආර්මි උණ. හොස්ස ළඟින් මැස්සා ගියත් තර්ජන ගර්ජන වලට මූණ දෙන්න වෙනවා.

ඉබ්බගෙ පන්තියේ පිටිපස්සෙම හිටපු යාළුවො සෙට් එක කවදාවත් පුටුවෙ කකුල් 4ම පාවිච්චි කළේ නෑ. නිතර කකුල් 2න් පැද්දි පැද්දි තමා හිටියේ. පොඩ්ඩ ලෙස්සපු ගමං ඩෝං ගාලා ගිහින් ලී පාර්ටිෂන් එකේ වදිනවා. ගුරුවරයෙක් හිටියොත් පුටුවෙ කකුල් 2න් හිටියා කියලා බැණුම් අහන්නත් දදඩුවම් වලට ලක් වෙන්නත් සිද්ධ වෙනවා. කැඩෙට් රූම් එකේ කවුරුහරි හිටියත් එච්චරම තමා. සමහරවිට ගුටි කන්නත් වෙනවා.

දවසක් ෆ්‍රී පීරියඩ් එකක් වෙලාවේ දඩ බඩාං ගාලා පන්තිය පිටි පස්සෙන් වෙනදට වඩා ලොකු සද්දයක් ආවා. ලොකු ගෑස් සිලින්ඩර් වගයක් පෙරලිලා රෝල් වෙන සද්දෙකුත් ඇහුනා. ඉබ්බත් ඉතිං පිටිපස්ස හැරිලා බැලුවා. බලනකොට පිටිපස්සෙ පේළියෙ හිටපු යාළුවො 3න් දෙනාගෙන් දෙන්නෙක් පේන්න නෑ. පිටිපස්සෙ තිබ්බ පාර්ටිෂන් එකත් නෑ. යාළුවො දෙන්නා පාටිෂන් එක කඩාගෙන වැටිලා කැඩෙට් රූම් එක ඇතුලට. රූම් එක අඳුරුවට ගල් ගුහාවක් වගේ පේනවා(ඒකෙ කර්ටන්සුත් දාලයි තිබ්බේ). තත්පර කීපයකින් පිටිපස්සෙ හිටපු එක යාලුවෙක් ඔලුවෙ ඉඳං එතිල තිබ්බ රෙද්දක් ගසලා දාලා අතපය පිහිද පිහිද විවරයෙන් එළියට ආවා. ඒ වෙලාවෙම වගේ තවත් යාළුවෙක් දනිපනි ගාලා නැගිටලා බිම වැටිලා තිබ්බ සිලින්ඩර් ටික කෙළිං කරලා පේළියට හිටෝනවා. කැඩෙට් රූම් එකේ කඩාවැටිලා තිබ්බ රෙද්දත් අනික් යාළුවා අහු වෙච්ච තැනක එල්ලුවා. දඩිබිඩියේ පන්තිය ඇතුලට පැනගත්ත දෙන්නා පාර්ටිෂන් එක යාන්තම් අලෝල වගේ සෙට් කරලා තිබ්බා.

මට දැං මතක නෑ කාටද මේක වුනේ කියලා. මුත්තා හිටියා වගේ ලාවට මතකයි. කොස් ගෙඩියක් කඩලා බිමට දැම්මා වගේ මූණත් ඤොක් වෙලා හිටපු දෙන්නව දැකලා කට්ටිය බඩ පැලෙන්න හිනා වුනා. අකරතැබ්බයට මූණදුන්නු දෙන්නත් ලැජ්ජාවෙන් ඇඹරුනා වගෙත් මතකයි.

Advertisements

ප්‍රතිචාර 5

  1. Hasitha said,

    ජූනි 7, 2010 at 8:05 ප.ව.

    කැඩ්ඩන්ට අහුවුණේ නැද්ද වැඩේ ?

    • ජූනි 7, 2010 at 8:45 ප.ව.

      හ්ම්…පොඩි පුරස්නයක් තියනවා 😦 . මට සිද්ධිය හරියටම මතක නෑනෙ. අපේ පන්තියෙත් හිටියා කැඩ්ඩො දෙතුන්දෙනෙක්. මුත්තයි, අයි. සී. යි, බෝප විජේයි. මම හරි නම් උන් තුන්දෙනාට වගකියන්න වුනා. උන් තුන්දෙනා අනික් කට්ටියට බර බරයක් දැම්මා වගේ මතකයි.

  2. harshana said,

    ජූනි 26, 2010 at 1:37 පෙ.ව.

    ඉබ්බා අයියා ඔයා 2002 බැච් එකේ නේද?

  3. rishitha said,

    නොවැම්බර් 21, 2010 at 8:49 ප.ව.

    මරු මචං…..


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: