කෝ මන්දෙ බෑග් එක?

ඉබ්බගෙ පන්තියෙ හිටපු අමතක නොවෙනම චරිතයක් තමා මන්දෙ. මතකනේ ඉබ්බා මන්දෙගෙ පොඩිකාලෙ කතාවකුත් කිවුවා. ඉබ්බගෙ 10, 11 පන්තියෙත් මන්දෙ හිටියා. මන්දෙ හොඳ මීටරේ. මන්දෙ හිටියේ ශක්තිය අවම මට්ටමේ. අත පය හකුළුවාගෙන ශක්තිය අවම විදියට වැය කරගෙන තමා මන්දෙ ඉන්නෙ. පවර් එක ඕන වුනාම මන්දෙගේ ස්ටෝරේජ් එකේ හොඳට පවර් තිබ්බා.

ඉබ්බගෙ පන්ති භාර සර් සෑම්. සෑම් නියම ගාණට ගෝලයන්ව ආශ්‍රය කළා. අඩුත් නෑ, වැඩිත් නෑ.ඉබ්බට ජීවිතේ හම්බ වුනු හොඳම, මතක හිටිනම ගුරුතුමා තමයි සෑම්. සෑම් ගැන ලොකු කතාවක් තියනවා ඉබ්බට කියන්න. ඒත් ඒක පස්සෙ කියන්නම්.

ඉතිං මන්දෙගේ සිරා සිරා වැඩ තිබ්බා. පන්තියේ ඩෙස්ක් 5-6ක් යට මන්දෙගෙ පොත් තිබ්බා. ඒවා මන්දේ කවදාවත් ගෙදර ගෙනියන්නේ නෑ. එදාට ඉඳ ගත්ත තැන ඩෙස්ක් එකේ තියන පොතේ ඔක්කොම සබ්ජෙක්ට් ලියනවා. ඉස්සරහ ඉඳං පිටි පස්සට සිංහල. පිටි පස්සෙ ඉඳලා ගණං, මැද ඉඳලා ඉස්සරහට සමාජ අධ්‍යනය, මැද ඉඳලා පස්සට විද්‍යාව. ඔය වගේ තමා මන්දෙගේ වැඩ.

දවසක් උදේම පළවෙනි පීරියඩ් එකේ සෑම් රෙජිස්ටරේ මාර්ක් කරනවා. මන්දෙ ටිකක් පරක්කු වෙලා අත් 2ක වන වන පන්තියට එනවා. සෑම් බැළුවා මන්දෙ දිහා. මන්දෙ හිනාවක් දාලා ආ… සර්… කිවුවා.

සෑම්: මන්දෙ කෝ බෑග් එක?

මන්දෙ: අම්මටසිරි, අමතක වුනානෙ (හිසට අත ගසා ගනියි).

මන්දෙගෙ හැටි දන්නා සෑම් ආයාසයෙන් සිනහව මැඩගෙන

සෑම්: දුවනවා. ගිහින් අම්මගෙන් ලියුමක් අරන් එනවා (සැරෙන්)

මන්දෙ: සර් මොනවා කියලද?

සෑම්: සමාව ඉල්ලලා.

මන්දෙ සිය මව උගන්වන උසස් පෙළ පන්ති බලා පිටත් වෙයි. මන්දෙ යනතුරු සිටි සෑම් “අනේ මේ කොල්ලො නිසා අම්මලටත් රස්සාවක් කරගන්න නෑ” යයි කියයි. විනාඩි 20කින් පමණ මන්දෙ කොල කෑල්ලක් අතැතිව පැමිණෙයි. සෑම් හඩ නගා ලියුම  කියවයි.

“මගේ පුතා අතපසු වීමකින් පාසල් පොත් බෑගය ගෙදර දමා පැමිණ ඇත. අදට ඔහුට සමාව දෙන්න. මීට මව” කියා අත්සන යොදා ඇත.

සිනහව මැඩ පවත්වා ගන්නා සෑම් තදින් “හ්ම්… ගිහින් වාඩි වෙනවා” යයි මන්දෙට කියයි. මන්දෙ “එහෙනං හරි නේද සර්” යයි කියමින් පුටුවට යයි.

ඉබ්බට එතෙක් මෙතෙක් කොහේදිවත් පාසල් පොත් බෑගය අමතක වී පැමිණි සිසුවෙකු මන්දයා හැර හමු වී නැත 🙂 .

Advertisements

ප්‍රතිචාර 5

  1. Hasitha said,

    ජූනි 7, 2010 at 10:44 ප.ව.

    අපිත් P/L කාලේ ඔහොම තමා අයියා. අච්චු පොත් ටික ඉස්කෝලේ තමා දාලා ගියේ. ගණන් අච්චු පොත එහෙම හෙණ Size .

    අපෙන් පස්සේ ගණන් අච්චු පොත 1 හා 2 කිය්ලා කොටස් දෙකක්ට කඩලා දුන්නේ ඉස්කෝලේ ගේන්න පහසු වෙන්න 🙂

  2. ilandhariya said,

    ජූනි 7, 2010 at 10:47 ප.ව.

    niyamai…..kathawa…..

  3. MPTalks said,

    ජූනි 8, 2010 at 6:15 ප.ව.

    Mandeta thibunane “kalinma iskole ewith poth tika panthiyen thiyala podi wedakata eliyata gihin enawa” widiyata at karanna.

    • ජූනි 8, 2010 at 6:28 ප.ව.

      ඔවු 🙂 . ඒත් මන්දෙ එහෙම කළේ නෑ.මන්දෙ ජෙනුයින් බුවා. මන්දෙ බොරු කිවුවත් කිව්වෙ ආතල් එකට 😛 .මන්දේ අම්මත් එක්ක අම්මගේ වාහනේ ඉස්කෝලෙ ආවේ. ඒ වෙලාවට තමා හැමදාම එන්නේ. ඒක නිසා සර් දැනං හිටියා මිනිහා මේ ගෙදර ඉඳලමයි එන්නේ කියලා.

  4. haxim shinoda said,

    අගෝස්තු 20, 2010 at 3:48 ප.ව.

    mey kathawa kiyawanakota andenawa,,,,Sam sir ada jeewathun athara nathi nisa….2006 sir melowin samu gaththa….


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: